ආනයනික කිරි නිෂ්පාදනවල ‘බොටුලිනම්’ නැමැති විෂ බැක්ටීරියාව අන්තර්ගත වී තිබෙන බවට ජාත්‍යන්තර රසායනාගාර පරීක්ෂණ මගින් තහවුරුවීමත් සමග මෙරට වෙළෙඳපොළේ අලෙවිය සඳහා තබා තිබෙන ආනයනික සියලුම ළදරු කිරිපිටි වර්ග අලෙවි කිරීම වහාම අත්හිටුවීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත.
මේ අනුව වෙළෙඳපොළේ පවතින ආනයනය කරන සියලුම කිරිපිටි වර්ගද පරීක්ෂා කිරීමට අමාත්‍යංශය කටයුතු කරනු ඇති අතර මෙරට දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව උදෙසා මෙම තීරණය ගත් බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා සඳහන් කරයි.
මේ අතර කිරිපිටිවලට අදාළ වෙළඳ දැන්වීම් නැවත දැනුම්දෙන තුරු පළ කිරීමෙන් වළකින ලෙස සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සියලුම විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ප්‍රධානීන්ගෙන් ගෙන් ඉල්ලීමක්ද කර ඇත.
උපුටා ගෑනීම - ankacnews.com
Thursday, August 8, 2013
POSTED ON Thursday, August 8, 2013|
| Edit Post
