
නාගරික සංවර්ධන අධිකාරිය මගින් නවිකරණය කල මෙම දෙවන අදියරේ සුපිරි වෙළෙඳ සංකිර්ණය සඳහා වැයකර ඇති මුදල රුපියල් දශ ලක්ෂ 80 කි. මෙම වැඩපිළිවෙලේ පළමු අදියර යටතේද ඉතා මනරම් සුපිරි වෙළඳ සංකිර්ණයක් ඉදිකළ අතර අද එය දෙස් විදෙස් ජනතාවගේ ආකර්ශනය දිනාගත් ස්ථානයක් බවට පත්වි තිබේ. පෞරාණික සහ වාස්තු විද්‍යාත්මක ලක්ෂණ ආරක්‍ෂා වන පරිදි ඉදිකර ඇති දෙවන අදියරේවෙළෙඳ සංකීර්ණ ප‍්‍රදේශය ප්‍රෞඩ ඉතිහාසය සිහිගැන්වෙන අයුරින් නිර්මාණය කර ඇති අතර එහි දේශීය විදේශීය සංචාරකයින්ට සරිලන පරිදි අවන් හල්, රෙදි සහ විසිතුරු භාණ්ඩ අලෙවි සැල් සහ විවේකි ස්ථානවලින් සමන්විතය. මෙම අවස්ථාවට ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සමඟ ජේෂ්ඨ අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, ජාතික උරුමයන් පිළිබද අමාත්‍ය ආචාර්ය ජගත් බාලසූරිය, ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ, කොළඹ නගරාධිපති ඒ.එච්.එම්. මුසාමිල් යන මහත්වරුන් ඇතුළු ආරාධිත අමුත්තන් විශාල පිරිසක් සහභාගි වූහ.