මෙයට අවුරුදු 23 කට පෙර ඉතාලියට පැමිණ ඉන්න හිටින්න තැනක් නොමැතිව දුම්රීය ස්ථාන හා උද්‍යානයන්හි කල්ගෙවූ ශ්‍රී ලාංකිකයෙක් වසර 23 කට පසු අංක එකේ ව්‍යපාර කළමනාකරුවෙක් බවට පත්ව සිටියි .
මිලාන් නුවර ආසන්නයේ පිහිටි ඔහු සේවය කරනා (ඔහුගේම වැනි )මහා පරිමාන ආපන ශාලාවට හා හෝටලයට එසැණ ගොඩවන විටද 600 කට අධික ඉතාලි හා විදේශිකයින් පිරිසක් ශ්‍රී ලාංකික කෝකියෙකු අතින් හැදෙන ඉතාලි ආහාර පාන වල රස බලමින් සිටියහ.
සරල ඇදුමෙන් සැරසුණු ලාංකික කලමනාකරුද 60 කට අධික වෙටර්වරුන් පාලනය කරමින් තම ආපන ශාලාවට ගොඩ වී ආහාර ගනිමින් සිටි අයගේ අවශ්‍යතා සපුරමින් සිටින අතර ඉඩක් ලද විගසින් එසැණ සමග කතා බහට එක්විය.