POSTED ON Friday, December 13, 2013| | Edit Post
අන්තර්ජාලයේ හෝ රූපවාහිනිය ඔස්සේ රස අපගේ දිවවෙත ලබා ගැනීමේ පද්ධතියක් නිර්මාණය කිරීමට ශ්‍රී ලාංකික මෘදුකාංග ඉංජිනේරුවෙකු වන නිමේෂ රණසිංහ ප්‍රමුඛ සිංගප්පූරුවේ ජාතික විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් සමත්වී තිබේ.

නිමේශ රණසිංහ මොරටුව විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ (ගෞරව) උපාධිධාරියෙකු වන අතර සිංගප්පූරුවේ ජාතික විශ්වවිද්‍යාලයේ අධ්‍යන කටයුතු හදාරා ඉලෙක්ට්‍රෝනික හා පරිගණක ඉංජිනේරු තාක්ෂණය සම්බන්ධයෙන් වන ආචාර්ය උපාධියක්ද ලබාගෙන ඇත.


මේවනවිට ඔහු එම සරසවියේම සේවය කරමින් සිටී. මෙම උපාංගය නිපදවීමට මුල්වූ තාක්ෂණය Taste Over IP (Taste/IP) ලෙස හඳුන්වනු ලබයි.

Transmitter, form of communication, receiver යනුවෙන් එහි ප්‍රධාන මොඩියුලයන් තුනක් ඇත.



Transmitter ලෙස ක්‍රියාකරනු ලබන්නේ Android මොබයිල් ඇප් එකකි. එමගින් පණිවිඩය යවන්නා ලැබියයුතු රසය පිලිබඳ පණිවිඩය යවනු ලබයි.


Communication සඳහා TXML යනුවෙන් වෙනම පරිඝනක භාෂාවක් XML පදනම් කරගනිමින් නිපදවා ඇත.

Receiver සඳහා රස දැනීමේ උපකරණයක් නිපදවීමට ආචාර්ය නිමේශ ඇතුළු පිරිස සමත්ව ඇත.





තිත්ත,ලූණු,ඇඹුල්,පැණි ලෙස ප්‍රධාන රසයන් 4 ක් හදුනාගැනීමේ සමත් රසාංකුර වර්ග 4 ක් මිනිස් දිවෙහි පිහිටා ඇතිඅතර ආහාරවලට එකතුවන ඛේටයෙහි ඇති රසායනික එම රසඅංකුර සන්තර්පනයවීමත් සමග දිවට රසය දැනේ. 

මෙම නිපදවා ඇති උපකරණය දිවෙහි ස්පර්ශ කල විට ආහාර නොමැතිව කෘතිමව රස අංකුර මගින් අදාළ රසය දිවට දැනෙනු ලැබේ. අර්ධ සන්නායක වලින් නිර්මිත මෙම උපාංගයේ සිදුවන සියුම් උෂ්ණත්ව වෙනස් වීම් හා විද්‍යුත් ධාරාවන්ගේ වෙනස් වීම් මෙසේ දිවෙහි රස සංවේදකයන් උත්තේජනය සිදුකරනු ලැබේ.



අවශ්‍යය රසය එම උපාංගය වෙත සන්නිවේදනය ලබන්නේ පෙර කී පරිගණක වැඩසටහන මගිනි. මෙම උපකරණය සම්බන්ධයෙන් ලෝකප්‍රකට සඟරා බොහොමයක් දැනටමත් ලිපි පලකොට ඇතිඅතර මෙහි අනාගත භාවිතාවන් පිළිබඳවද බලාපොරොත්තු රැසක් ගොඩනැගී ඇත. 

ඒ අනුව දියවැඩියා රෝගියෙකුට සීනි සහිත ආහාරගනීමකින් තොරව සීනි රස විඳිය හැකිවනවා ඇත. ආහාරගනීමට අපහසු පිළිකා රෝගියෙකුට තමන්ට කෑමට නොහැකි ආහාරවල රස බැලීමට හැකිවනවා ඇත. 

අන්තර්ජාලයේ අප දකින ආහාරවල රසය ඇනවුම් කිරීමට ප්‍රථම බැලීමට හැකිවනවා ඇත. මෙම වැඩසටහනේ ඉදිරිදැක්මක් ලෙස අනාගතයේදී කෘතිමව සුවඳ විහිදීමේ උපකරණයක්ද නිර්මාණය කිරීමට සැලසුම් කර ඇති අතර එයට පෙර ඩිජිටල් සීනි බෝලයක් නිෂ්පාදනය කිරීමට මෙම පිරිස සුදානම්ව සිටී. 




උෂ්ණත්ව වෙනස් වීම් හා විද්‍යුත් ධාරාවන්ගේ වෙනස් වීම් පාලනය කරනු ලබන්නේ පරිගණක වැඩසටහනකිනි.එම වැඩසටහනද ආචාර්ය නිමේෂ රණසිංහ ප්‍රමුඛ පර්යේෂක පිරිසගේ නිර්මාණයකි. මෙම උපකරණය තවමත් පරීක්ෂණ මට්ටමේ පසුවේ.






උපුටාගැනීම - http://www.33000.lk/2013/11/nimesha-ranasinghe-creates-a-digital-simulator-that-reproduces-a-variety-of-tastes.html

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews