POSTED ON Sunday, December 29, 2013| | Edit Post
කඩෙන් රුපියල් විසිපන් දාහසකට ගත් 125 සීසි එන්ජිමට එහෙන් මෙහෙන් සොයාගත් උපකරණ සවිකැර හයිබ්‍රිඩ් කාරයක් හැදීමට ඔරුගොඩවත්තේ ජපන් ටෙක් සිසුවෙක් සමත් විය.
මොටරය ඉවත දමා තිබූ වාහනයකින් ගෙන ඇත. පරණ ටයර් 4ක් රිම් 4ක් මේ සඳහා යොදාගෙන ඇත. පරණ ලෑන්ඩ් මාස්ටරයක හෙඩ් ලයිට් දෙකක් සවිකර තිබේ. බ්‍රේක් පැඩ්ලය හා ගියර් ලිවරය බැටරිය ද වෙනත් වාහනයකින් ඉවත් කළ ඒවාය.

සාමින්ද ඉන්චේටරයක්, ඔටෝ ස්ටාර්ඩ් සර්කිට් පද්ධතියක් තනා අලුතින් වයර් කැර ත්‍රිරෝද රියක ඩිපරෙන්සල්යක් ගෙන ස්පොකට් කපල් කර සාදාගෙන ඇත.

තහඩුව චැසිය අඟල් දෙකේ යකඩ පයිප්පයකින් සාදා ඇත. 2013 වසරේ මෝටර් යාන්ත්‍රික ශිල්පය හැදෑරීම සඳහා මෙම ආයතනයට ඇතුළත් වී ඇති මේ ආධුනික සිසුවා ඇල්පිටිය බටුවන්හේන පදිංචි සමින්ද රුක්ෂාන් ගුරුසිංහයි.



ඇල්පිටිය ආනන්ද මධ්‍ය මහා විද්‍යාලයයේ ආදි ශිෂ්‍යයකු වූ ඔහු පාසල් අවධියේ දී ද දිස්ත්‍රික් මට්ටමින් විවිධ දස්කම් දැක්වීය
සහසක් නිපැයුම් 2013 වැඩසටහන වෙනුවෙන් මෙම රථය ඔහු නිපදවා ඇත.

125 සීසී එන්ජිමක් සහිතව පැයට නිකුත් මීටර් 30 -70 ක් අතර වේගයකින් ධාවනය කළ හැකි පරිදි නිපදවා ඇති මෙයින් දහනය වන වායුව අවට වායු ගෝලයට මුදා හැරීමේ ගුණාත්මක භාවය අතින් ද විශේෂත්වයක් ඇතැයි එම ඉංජිනේරු අභ්‍යාස ආයතනයේ උපදේශකවරු පවසති.

බැටරියේ වෝල්ටීයතාවය වැඩි කිරීමට පේනුවක් සවිකර තිබීම හා සූර්ය කෝෂ බල ශක්තිය ලබා ගැනීමට ඇති හැකියාවත් මෙහි ඇති විශේෂත්වයකි. එමෙන්ම හයිට්‍රිජන් වායුව උපයෝගී කොටගෙන මෙම එන්ජිම වැඩිදුරටත් දියුණු කිරීම ද මෙම ශිෂ්‍යාගේ අරමුණ වී තිබේ.
කාර්මික ක්ෂේත්‍රයේ දැනට යෙදී සිටින තම පියාගෙනුත් ආයතනයේ උපදේශකවරුන්ගේත් උපදෙස් මත දේශීය අමුද්‍රව්‍ය භාවිතයෙන් රුපියල් 70,000ක පමණ වැයකොට තමන්ට මේ රථය නිපදවීමට හැකියාව ලැබුණු බව සමින්ද පවසයි.

මේ වාහනයේ පැට්‍රල් ලීටර් 4ක ටැංකියක් ඇත. පෙට්‍රල් ලීටරයකින් කීලෝමීටර් 50ක් පමණ ධාවනයකළ හැකි බව සමින්ද පවසයි.
ඉන්ධන ඉවත් කිරීමේ හා පරිසර දූෂණය අවම කිරීමේ බලාපොරොත්තුවෙන් මෙය නිමවා ඇති බවත් තමන්ට මේ සඳහා පේටන්ට් බලපත්‍රය ලබාගත හැකි වුවහොත් ඉදිරියේදී මෙම වාහන නිෂ්පාදනයට අතගැසීමට ද ඔහු අදහස් කරයි.

http://www.lankadeepa.lk/index.php/articles/197750

මේවැනි තවත් දේ කියවන්න අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න - www.gannadeshiyade.com

අපේ රටේ දේවල් අගය කරනවා නම් Ganna ape de (ගන්න අපේ දේ) පේජ් එකට like එකක් දාන්න .....මෙය share කරන්න.....යාලුවන්ටත් දන්වන්න....සැබැ ශ්‍රී ලාංකිකයෙකු වන්න.....පහල Link එක Click කර අපව Like කරන්න.
www.facebook.com/GannaApeDe

▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
නොමිලේ ඩොමේන් එකක්.... http://slwebhost.com/

රු.3750/- කට ඔබත් බිස්නස් එකට වෙබ්සයිට් එකක්
නිර්මාණය කරවාගන්න.අමතන්න..WEBURL: 0716140520
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
අවුරුදු 6කින් කෝටිපතියෙකු වෙන්න... http://goo.gl/FNEn4i
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
මේ උත්සව සමයේ නව සෑටලයිට් ටීවී සබදතාවයක් අපෙන් අඩුම මිලකට ලබාගන්න අදම පිවිසෙන්න අපගේ වෙබ් අඩවියට http://goo.gl/91xhSy rpsat.net
මසික ගාස්තු රු.470 සිට

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews