POSTED ON Monday, December 23, 2013| | Edit Post
  මෙම මෘදුකාංගය නිර්මාණය කරඇත්තේ වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධතිය තළදී WiFi Hotspot සාදාගැනීම සඳහායි. මෙම මෘදුකාංගය වින්ඩෝස් 7 මෙහෙයුම් පද්ධතිය සඳහාද හොඳින් ක්‍රියා කරයි. වින්ඩෝස් 7 හා වින්ඩෝස් 8 සහිත 32bit , 64bit සියලුම මෙහෙයුම් පද්ධති වල ඉතා හොඳින් ක්‍රියාත්මක වන ආකාරයටයි නිර්මාණය කරලා තියෙන්නේ. පරිගණක ක්‍රමලේඛ භාෂාව විදියට JAVA භාෂාව යොදාගෙන ඇති නිසා වඩාත් කාර්යක්ෂමව වයර්ලස් නෙට්වර්ක් එක ඔයාලට හදාගන්න පුළුවන්. මෙම මෘදුකාංගය ධාවනය කිරීම සඳහා තිබිය යුතු අනෙකුත් අවශ්‍යතා පහළින් බලාගන්න පුළුවන්.


      1. 120 MB Hard Disk Space (for HOTzPOT 8 - 20.5MB, for JAVA - 98MB)
      2. at least 512MB RAM
      3. Windows 8, Windows 7 (32x or 64x)
      4. wi-fi enabled.(WLAN with updated Driver Software)

          ඔයාලගේ නෙට්වර්ක් එක කැමති නමකින් හා කැමති පාස්වර්ඩ් එකක් යොදාගෙන සකස් කරගන්න පුළුවන්. ඔයාලා මෙම මෘදුකාංගය ක්‍රියාත්මක කිරීමේදී අනිවාර්යයෙන්ම Run as Administrator කියන command එක පාවිච්චි කරන්න ඕන. ලොකු දෙයක් නෙවෙයි. ඩෙස්ක්ටොප් එකට එන shortcut icon එක හරි start menu එකට එන icon එක හරි රයිට් ක්ලික් කරලා Run as administrator කියන එක තෝරන්න තමයි තියෙන්නේ. මෘදුකාංගයේ දෝශ හෝ ප්‍රශ්න ආවොත් ඉතින් මට(yashodha srimal) කියන්නකෝ මම විසඳලා දෙන්නම්.

            මෙම මෘදුකාංගය ඔයාලට මෙන්න මෙතනින් බාගත කරගන්න පුළුවන්. මෘදුකාංගය පිළිබඳ වැඩිදුර විස්තර සඳහා මගේ එකතුව බ්ලොග් අඩවියට පිවිසෙන්න.

විද්‍යුත් තැපෑල - yazhodha@gmail.com




Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews