
ශ්‍රී ලංකාවට මේ අවස්ථාව ලැබී තිබෙන්නේ මෙතෙක් ලොව වයස්ගතම පුද්ගලයා ලෙස වාර්තාව හිමිකරගෙන සිටි ජපන් ජාතික ජිරෝමාන් කිමුරා (116) පෙරේදා (12දා) ජීවිතක්‍ෂයට පත්වීමත් සමඟය.
බලන්ගමුවේ පදිංචි උක්කු අම්මාගේ ජාතික හැඳුනුම්පත් අංකය 977960037ඍ ලෙස සටහන් වී තිබේ. එම දත්තවලට අනුව ඇය 1897 අගෝස්තු මස 22 දින උපත ලබා ඇත.
ඇයට දරුවන් අටදෙනෙක්ද මුනුපුරු මිනිපිරියන් ඇතුළුව සියලුම දරුවෝ 80ක් පමණද සිටිති.
ඇයට පසුව ලෝකයේ වයස්ගතම පුද්ගලයන්ගේ සටහනේ දෙවැනි ස්ථානය ජපානයේ මිසාකා ඔකාවෝට හිමිවේ.
එසේම පේරෝමාන් කිමුරාගේ මරණයත් සමඟ ලෝකයේ වයස්ගතම පුද්ගලයන්ගේ සටහනේ මුල් ස්ථාන 10 සම්පූර්ණයෙන්ම කාන්තාවන් විසින් හිමිකරගෙන තිබේ.
දැනට ඒ සටහනේ මුල් ස්ථාන 5 මෙසේය.
1. අපුලන්නලෑ උක්කු - 1897/8/22 - ශ්‍රී ලංකාව
2. මිසාවෝ ඔකාවා - 1898/3/5 - ජපානය
3. ජෙරලියන් ටෙලී - 1899/5/23 - එ. රාජධානිය
4. මුස්හට් ජොන්ස් - 1899/7/6 - එ. රාජධානිය
5. බෙන්රිස් මෙඩිගන් - 1899/7/24
‘මව්බිම’ කරන ලද හෙළිදරව්වට අනුව මේ පිළිබඳ ලෝක ගිනස් කමිටුවට වාර්තා කර තිබේ. ඒ අනුව තව නොබෝ දිනකින් මේ ගිනස් වාර්තාව පිළිබඳ අවශ්‍ය කටයුතු සිදුකිරීම සූදානම්ය.

The National Identity Card of Ukku Amma of Bulathgamuwa is 977960037 V. Based on the data in the National Identity Card (NIC), she was born on 22 August, 1897.
She has eight children, and around 80 grandchildren and great-grandchildren.
The second oldest person living in the world is Misaka Okawa of Japan.
Following Jiroemon Kimura’s death two days ago, the names of the 10 oldest living persons in the world are all of women.
Below are the names of the first five oldest women in the list:
Apullanalada Ukku – 22 August 1897 - Sri Lanka
Misaka Okawa – 5 May 1898 - Japan
Jeraliyan Tele – 23 May 1899 - United Kingdom
Mushat Jones – 6 July 1899 - United Kingdom
Benris Medigan – 24 July 1899
Based on the revelation made by our sister newspaper, Mawbima, the relevant data had been furnished to the Committee of the Guinness Book of Records, which body is expected to update its records, shortly.
Anura S. Liyanage Target-news - 2013-06-14 -ජීවන පහන් තිළිණ