ඇමැතිවරයා මේ බව සඳහන් කළේ අදට යෙදෙන ලෝක දුම්වැටි විරෝධී දිනය නිමිත්තෙන් කොළඹ පැවති උත්සවයකදීය.මෙහිදී ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද කීය.
‘මේ රටේ නිදහස් සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම වගේම නිරෝගිමත් ජාතියක් බිහිකිරීමේ කාර්යයේදී 2013 වසර බෝනොවන රෝග වැළැක්වීමේ වසර විදිහට අපි නම් කෙරුවා. අපි අද ලෝක දුම්වැටි විරෝධී දිනය මුල්කරගෙන ප‍්‍රධාන වශයෙන් ගෙනයන දුම්වැටිකාරයාට විරුද්ධ සටනේ දී ජාතික ව්‍යාපාරයේදී රජයක් විදිහට අනුගමනය කළ යුතු පිළිවෙත් ප‍්‍රතිපත්තියක් සහ සැලසුම් පිළිබඳ ප‍්‍රමුඛත්වය දීලා තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යංශය විදිහටත් සෞඛ්‍ය ඇමැතිවරයා විදිහටත් ලේකම්වරයා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප‍්‍රමුඛව වගකීම් ඉටුකර තිබෙනවා.
දුම්වැටි විරෝධී ජාතික ව්‍යාපාරයේදී තමුන්නාන්සේලා සෑම කෙනෙක්ම එක් පැත්තකින් නීතිමය වශයෙන්, තවත් පැත්තකින් අපේ තිබෙන සංස්කෘතික වැදගත් කම තුළ තවත් පැත්තකින් මෙය ඉතා අත්‍යවශ්‍ය මානුෂීය කාර්යයක් විදිහට දක්වන සහයෝගය ඉතාමත් අගය කළයුතු වෙනවා’ -lanakaCnews