ලෝක සෞඛ්‍ය සංවිධානයේ පරීක්ෂණ වලට අනුව සහ දේශීය පරීක්ෂණ කණ්ඩයම් වල පරීක්ෂණ අනුව රජරට ප‍්‍රදේශයේ පැතිර යන වකුගඩු රෝගයට ප‍්‍රධානතයම හේතුව ලෙස සොයා ගනු ලැබුවේ ජලයේ ඇති කැඞ්මියම් සහ ආසනික් බවද ඔහු පවසා සිටියේය.
එලෙස පැහැදිලි කිරීම් තිබියදීත් ඒ සදහා නිසි විසදුම් ලබානොදී එක් ක් පරීක්ෂණ කණ්ඩායම් යොදවා විවිධ හේතු දැක්වීම තුළින් සිදුවන්නේ සැබෑ ප‍්‍රශ්නය යට යෑම පමණක් බවද චන්න ජයසුමන මහතා සදහන් කළේය.
ජලයේ ඇති ෆ්ලෝරයිඞ් නිසා වකුගඩු රෝග ඇතිවන බවට කිසිදු පරීක්ෂණ කණ්ඩායමක් මෙතෙක් සොයාගෙන නොමැති බවත් ඒ ආකාරයට ෆ්ලෝරයිඞ් සාන්ද්‍රණය නිසා වකුගඩු රෝග ඇතිවෙනවා නම් ලොව වැඩිම වකුගඩු රෝගිීන් ඉටිය යුත්තේ ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තයේ බවද ඔහු පවසා සිටියේය.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgDzKamDVu4apm6HIhs0gwnWyGQbJNfsL4rip6x6u_Ky1ZDrgLn9H1-HTKgy9SQnzm1mX-6LEQugeUBqfpxi0NzdBPB4RlhRALG-PEKi6qp_ZphWGzEu1a3qcPgUHjNxprXfHXXv291weYk/s1600/channa-news.png)
මේ නිසා ජලයේ ෆ්ලෝරයිඞ් සාන්ද්‍රණය ඉහළ් බව සොයාගත් කණ්ඩායම ජලයේ කැඞ්මියම් සහ ආසනික් සාන්ද්‍රණය ගැනද විශේෂ පරීක්ෂාවක් කළයුතු බවද ඒ මහතා සදහන් කළේය.
එසේ නොකර ජලයේ ඇති ෆ්ලෝරයිඞ් සාන්ද්‍රණය නිසා මෙම තත්ත්වය ඇතිවන බව පැවසීම තුළින් සිදුවන්නේ කෘෂි රසායනික සමාගම් වලට වාසි අත්වී ජනතා ජීවිත වකුගඩු රෝගයට ඉහළ යාම පමණක් බවද ජයසුමන වැඩිදුරටත් පවසා සිටියේය.
උපුටා ගෑනීම - lankaCnews