මෙය අද වන විට දශක හතරකට ආසන්න කාලයක් තුළ අනවරතව සිදුවු බැවින්ද බහුතර විශ්වවිද්‍යාල ආචාර්යවරයා යනු බටහිර මොළ සේදීමේ යාන්ත‍්‍රණයට හසුවී ඇති එහි අන්තේවාසිකයෙක් මිස විද්‍යාඥයකු නොවන්නේය. මෙම තත්වය වෛද්‍ය, පශු වෛද්‍ය, කෘෂිකර්ම, ඉංණිනේරු ක්ෂේත‍්‍ර තුළ මෙන්ම සමාජ විද්‍යා, ආර්ථික විද්‍යා ක්ෂේත‍්‍ර තුළත් ඉතා ප‍්‍රබල ලෙස දක්නට ලැබෙන්නකි.
දියුණු හා දියුණු වෙමින් පවතින රටවල නිෂ්පාදන අනවරතව දියුණු කරලීම සඳහා ඒ ඒ සමාගම් විසින් ඔවුන්ගේ සමාගම් තුළ පර්යේෂණ සහ සංවර්ධන යන ක්‍ෂෙත‍්‍රය ඉතා ඉහළින් අගයන්නකි. එය රාජ්‍ය මෙන්ම පෞද්ගලික ආයතන වලටද පොදුය. එහෙත් අප වැනි රටවල මෙම බටහිරයන්ගේ උපදේශ මත පවත්වාගෙන යන කිසිම ආයතනයක, කිසිම ක්‍ෂෙත‍්‍රයක පර්යේෂණ හා සංවර්ධන යන ක්ෂේත‍්‍රයක් දක්නට නොමැත. එය පරිපාලන හා නිෂ්පාදන ශබ්ද කෝෂයේවත් තිබෙනවාද, යන්න සැක සහිතය.
මෙම දේශපාලනික වටපිටාව මත රටේ කොඳු නාරටිය වූ කෘෂිකර්ම හා සත්ව නිෂ්පාදන ක්ෂේත‍්‍රයේත් අද පවතින තත්වය දෙස බලන්නකුට මෙහි බැ?රුම්කම හොඳින් දැක බලා ගත හැකිය.
අප මෙහිදී කතාකිරීමට බලාපොරොත්තුවන ආචාර්ය, මහාචාර්ය වරයන්ගේ පටන් ගැන්ම ගැන සලකා බලන කල, ඔවුන් පෙරදී කෙසේ හෝ තම ජ්‍යෙෂ්ඨ ආචාර්යවරයාට සුවච කීකරු ගෝලයකු වී ඔහුගේ හිත දිනා ගත් පසු තම ගුරාගේ යැපීම් මාර්ගය වූ විදේශීය බහුජාතික සමාගමක මුදල් මත යැපෙන පර්යේෂණයකට සහභාගිවීම පළමුවන අරමුණයි. දෙවනුව කෙසේ හෝ එම පදනමින් හෝ ඊට සමාන ආයතනයකින් ශිෂ්‍යත්වයක් ලබා විදේශීය ආචාර්ය උපාධියක් ලබා ගැනිම මෙම පර්යේෂකයාගේ දෙවන අරමුණයි. ඉන් පසු ටික කලකට මෙරටට පැමිණෙන මොහු (බොහෝ අය නැවත පැමිණෙන්නේ නැත) ඔහුගේ විදේශ විශ්වවිද්‍යාල පර්යේෂණයේ දිගුවක් ලෙස යමක් අරඹා එය සැලකිය යුතු ලෙස ආදායම් මාර්ගයක් බවට පත්වන්නේ නම් හා ඔහුට එමගින් ක්ෂේත‍්‍රය තුළ නමක් සාදා ගැනීමට හැකිනම් ඔහු යටතේ මෙම පර්යේෂණ කරගෙන යාමට ඔහු විසින්ද ගෝලබාලයන් පිරිසක් ඇතිකර ගන්නේය. මෙසේ පරම්පරා දෙක තුනක් තුළ බටහිරයන්ට අවශ්‍ය ආකාරයට මොළ සේදීම තුළින් ඇති කරන ඊනියා බුද්ධිමතා යනු කෙසේ හෝ අධිරාජ්‍යවාදී සමාගමක අවශ්‍යතාවය ඉෂ්ට කිරීම සඳහා දැනුවත්ව හෝ නොදැනුවත්ව සෘජුව හෝ වක‍්‍රව තෝරාගත් උපකල්පන මත පමණක් කරගෙන යන පර්යේෂණ මත ලබා ගන්නා පරීක්ෂණ, නිරීක්ෂණ හා නිගමන මත ගොඩනගා ගන්නා දැනුම් සම්භාරයකි. මෙම දැනුම ලබාගන්නා උගතා බොහෝ විට පරගැති චින්තනයෙන් පෝෂිත ඊනියා උගතකු මිස අබමල් රේණුවක තරම්වත් ඔහුගේ දැනුම රටට වැඩදායක නොවන දැනුම් පද්ධතියක් වන්නේය.
මෙම පරගැති චින්තනයෙන් පෝෂිත ඊනියා උගතා තුළ ඇති ඉලක්ක බොහෝ විට ස්වාර්ථකාමීමනසකින් උපදින සිතුම් පැතුම් මිස රටට වැඩදායක පරාර්ථකාමී සිතුම් පැතුම් නොවන්නේය. ඔහුගේ ඉලක්ක බොහෝ විට බටහිර මිනුම් දඬුවලට සාපේක්ෂව, යාන වාහන, ගේදොර හා මිල මුදල් වේ. මෙම ක‍්‍රියාවලිය දක්ෂ ලෙස කරගෙන යන ආචාර්ය මහාචාර්යවරු, නිතර විදේශ ගමන්වල යෙදීම සාමාන්‍ය කරුණකි. විශාල පර්යේෂණ ආධාර මුදල් අත ගැවසේ. එම නිසාම මෙම ජ්‍යෙෂ්ඨ ආචාර්ය මහාචාර්යවරුන් ළ`ග වැඩ කිරීමට සිහින මවන දෙවන හා තෙවන පෙලේ අයගෙන්ද අඩුවක් නැත. මෙම ආචාර්ය මහාචාර්යවරුන් බොහෝ විට එම අදාළ ක්ෂේත‍්‍රවලට අයත් දේශීය පර්යේෂණ හා පාලන ආයතනවල ඉහළ පුටුවල වැජඹෙන්නන් වන අතර ක්ෂේත‍්‍රයට සම්බන්ධ රටේ පාලන අණ පනත් සාදන හා වෙනස් කිරීමේ අධිකාරී බලයක්ද මොවුන් විසින් හොබවයි. ‘‘ගස් නැති රටවලට තුත්තිරි ගසුත්’’ ගස් බැවින් අවුරුදු හතළිහක මෙම බටහිර මොළ සේදීමට ලක්වූ දේශයක් තුළ මොවුන්ද තුත්තිරි ගස් වන්නේය. එහෙත් රටේ පාලකයන් හා එම ක්ෂේත‍්‍රයේ ගෝලයන් සිතා සිටින්නේ මොවුන් පලූ අරටු, දැනුම් අරටු යයි කියාය. බොහෝ කෘෂිකර්ම උපාධිධාරීන් තම ප‍්‍රථම රැකියාව වශයෙන් තෝරාගන්නේ බහු ජාතික පළිබෝධනාශක සමාගමක වෙළඳ ප‍්‍රවර්ධකයකු වශයෙනි. ඒ සඳහා මෙම සමාගම් ඉතා ඉහළ වැටුප් හා ප‍්‍රතිලාභයන් ප‍්‍රදානය කරයි.
මුලදී බොහෝ ක්ෂේත‍්‍රයන් තුළ විශ්වවිද්‍යාල තලයෙන් පිටවන උපාධිධාරීන්ට රාජ්‍ය සේවය හා රාජ්‍ය ව්‍යවසායකත්වය තුළ රැුකියා තිබුණද රාජ්‍ය සේවය හැකිලීමත් සමග රැුකියා වියුක්තියක් ඇති වීම සිදුවිනි. මෙම තත්වය තුළ බහුජාතික සමාගම් හා එම සමාගම්වල දේශිය එජන්සි ආයතන විසින් මෙම උපාධිධාරීන් ඔවුන්ගේ වෙළඳ ප‍්‍රවර්ධකයින් වශයෙන් බඳවාගැනීම බහුලව සිදු≥වන්නකි. සමහර පශු වෛද්‍ය උපාධිධාරීන් ආනයනික බෙහෙත් කොම්පැනියක වෙළඳ ප‍්‍රවර්ධකයෙකි, නැතිනම් බහුජාතික සත්ව ආහාර නිපදවන හෝ කිරිපිටි සමාගමක වෙළඳ ප‍්‍රවර්ධකයෙකි.
රටේ පවතින ආර්ථික මොඩලය තුළින් ලෙඩ කරනා ජනතාවට ප‍්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය වෛද්‍යවරුන් තවමත් අවශ්‍ය තරම් නැත. එම නිසා 90%ක් පමණ වෛද්‍යවරු රාජ්‍ය සේවයේ සිටිනා ගමන් පෞද්ගලික සේවයේද යෙදෙති. මොවුන් බහුජාතික බෙහෙත් නිෂ්පාදන සමාගම්වල නිෂ්පාදන බෙදාහරින සේල්ස් රෙප්ලා වේ. ඔවුන් ලියන බෙහෙත් තුණ්ඩුවක්, තුණ්ඩුවක් පාසා සමාගමෙන් සම්තෝෂම් හා වට්ටම් ලැබේ. මව්කිරි දීම නීතිගත කර ඇති රටක, බහුජාතික සමාගම් වෙනුවෙන් දරුවන්ට සකස් කළ පිටිකිරි පොවන්න බලකරන්නේ මෙම උගත් වෛද්‍යවරයා වේ. රටේ ආරක්ෂක අංශයටද සම්බන්ධ රෝහලක් වන ලංකා හොස්පිටල් ආයතනයේ ළදරු ඒකකයට ගොස් බලන්න. සෑම ඇඳ හිසක් මතම පිටිකිරි පොවන බෝතලයක් ඇත. එළියට එන මවට එක්තරා ළදරු පිටිකිරි වර්ගයක් රෙකමදාරු කළ තුණ්ඩුවක් ලබා දෙනු ලැබේ. අද වන විට ලෝකයේ සෞඛ්‍ය ආරක්ෂිත තෙල් වර්ගය පොල් තෙල් යනුවෙන් විද්‍යාත්මකව ඔප්පුකර හමාරය. ඒත් අදටත් පොල් හෝදා දියකිරෙන් කෑම කන්න යැයි කියන හෘද විශේෂඥයන් හා වරියන් කීදෙනෙකු අපට මුණගැසෙන්නේද? (මිටිකිරිවල ඇති තෙල් ‘‘වර්ණින් කොකනට් ඔයිල්’’ යනුවෙන් අද ඇමෙරිකානුවන් දිනකට හැන්ද බැගින් කොලොස්ටරෝල් අඩු කිරීම සඳහා පානය කරන ඖෂධීය ආහාරයකි) එය හෘදරෝග වැළැක්වීම සඳහා ප‍්‍රතිකාරයක් මිස අගුණ දෙයක් නොවන්නේය. එහෙත් මෙම හෘද රෝග විශේෂඥයන් විසින් පොල් තෙල් විරෝධි උපදේශන මගින් ඔප්පු කරනුයේ මොවුන් ඇමෙරිකානු සෝයා තෙල් ඒකාධිකාරියේ වෙළඳ ප‍්‍රවර්ධකයින් පමණක්ම නොව දේශීය ආර්ථිකයේ ඝාතකයන්ද වන බවය.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ පවතින බොහෝ පර්යේෂණ ආයතන, අසූව දශකයට පෙර විශාල වශයෙන් රටට වැඩදායී පර්යේෂණවල නියැලූන අතර එමගින් රටේ සංවර්ධනයට උපරිම ලෙස දායක විය. එදා හාවාඑළියේ බීජ ගොවිපොළ දේශීය ගොවියාට අවශ්‍ය බීජ අර්තාපල් නිෂ්පාදනය කළේය. මහ ඉලූප්පල්ලමින් දේශීය ගොවියාට අවශ්‍ය නව ප‍්‍රභේදයන්ගෙන් මිරිස්, බණ්ඩක්කා, මෑ, කව්පි, බඩ ඉරි`ගු සහ ඉදල් ඉරිගුත් යාපනයේ තිත්තවේලි ගොවිපළින් විවිධ වියළි කලාපීය බෝගත් බතලගොඩ ඇතුළු අනෙකුත් වී පර්යේෂණ ආයතන වලින් විවිධ නව වී ප‍්‍රභේදයන්ද හඳුන්වා දුන්නේය. එමගින් රටේ ගොවියාට අවශ්‍ය සමස්ත බීජ ප‍්‍රමාණය නිෂ්පාදනය කර කිරීමට හැකි විය. අද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සිට පහළට එදාට වඩා අචාර්ය මහාචාර්යවරුන් කීදෙනෙක් සිටීද? එහෙත් අද වියළි මිරිස් 90%කට වඩා ඉන්දියාවෙන් ආනයනය කරයි. සියලූම එළවළු බීජ ආනයනය කරන අතර දේශීය බීජ නිෂ්පාදනය නැත්තටම නැතිවන තත්වයට පත්වී ඇත. ඒ වෙනුවට හේලීස්, සි.අයි.සී, බවර්, හැරිසන්, ලංකෙම් යන බහුජාතික සමාගම් හා ඒවාට අනුබද්ධ සමාගම් විසින් ගෙන්වන බීජ සඳහා සහතික දීම පමණක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ රාජකාරිය බවට පත්කරගෙන ඇත. අද කව්පි, මුං ඇට, උඳු, බඩ ඉරිගු, කුරක්කන් පමණක් නොව කැලේට හැදෙන බජිරි පවා ආනයනය කරන්නේය. එක් අතකින් දේශීය ගොවියාට නිෂ්පාදනය කළ හැකි සෑම ද්‍රව්‍යයක්ම ආනයනය කිඣිමට ඉඩ දීමෙන්ද දේශීය ගොවියා නිපදවන සොච්චමද බහුජාතික සමාගම්වල බීජ, පොහොර, පළිබෝධනාශක හා කෘෂි උපකරණවල වහලූන් බවට පත් කිරීමට මෙම ආචාර්ය මහාචාර්ය සේල්ස් රෙප්ලාගේ දායකත්වය කොතරම් දුරට ලැබී ඇත්ද? ඒ සඳහා මෙම බහුජාතික සමාගම් විසින් මේ පරපෝෂිත ප‍්‍රාඥයන් පෝෂණය කිරීමට වියදම් කරනුයේ බොහෝ විට ගැහැනුන් සමග රට සවාරියක් නැත්නම් තමන්ට රිසිසේ වියදම් කළ හැකි සොච්චම් පර්යේෂණ ව්‍යාපෘතියකි.
මේ සියල්ල සඳහා ආර්ථික ඝාතන ක‍්‍රියාවලිය තවදුරටත් කරගෙන යාම සඳහා ජනතාව රවටමින් දේශපාලකයින්ට සීතාම්බර පට අන්දවමින් කෘෂිකර්ම ඔස්තාර්ලා ලෙස වැජඹීමට රටේ බදු ගෙවන්නන්ගේ මුදල්වලින් මොවුන් නඩත්තු කිරීම සඳහා රජය වර්ෂයකට කොපමණ මුදලක් වියදම් කරන්නේද?
1984 පමණ වන තෙක් පශු පර්යේෂණ ආයතනය විසින් ශ‍්‍රී ලංකාවේ ගවයන්ට අවශ්‍ය මුඛ, කුර රෝගය, හිමොරෙණික් සෙප්ටිසීමියාව, කාල පක්‍ෂගාත රෝගයට එන්නත් ඉතා සාර්ථකව නිෂ්පාදනය කර නොමිලේ බෙදා හැරියේය. එමෙන්ම කුකුළන් සඳහා අවශ්‍ය රැුනිකට් හා කුකුල් වසූරිය සඳහා අවශ්‍ය සියලූම එන්නත් මෙරටෙහි නිෂ්පාදනය කළහ. හිමොරෙජික් සෙප්ටිසීමියාව පිළිබඳ හොඳම පර්යේෂණ වාර්තා හා ලෝක හිමොරෙජික් සෙප්ටිසීමියාව සඳහා තිබුණේද ගන්නෝරුව පශු පර්යේෂණ ආයතනය තුළය. (ඉතා අඩු පහසුකම් යටතේ වුවද මෙම ආයතනය එකල ජාත්‍යන්තර තලයේ ආයතනයක් බවට පත්කල මහාචාර්ය මැල්කම් අල්විස් මහතාට අපගේ ප‍්‍රණාමය) එහෙත් අද දවසේ පශු පර්යේෂණ ආයතනයේ අභිනව ආචාර්ය මහාචාර්යවරුන්ගේ දක්ෂතාවය මත ඉහත සඳහන් එක≥ එන්නත් වර්ගයක්වත් නිපදවන්නේ නැති තැනට ආයතනය දියුණු වී ඇත. දැනට දශක එක හමාරක පමණ සිට මේ එන්නත් සියල්ලම ආනයනය කරනු ලබයි. ඒ සඳහා එවකට සිටි සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට හා නිලධාරීන් කිහිප දෙනකුට රට සවාරියක් හා එවකට සිටිය අධ්‍යක්ෂ ජනරාල්වරයකුගේ පුත‍්‍ර රත්නයකට ඇමෙරිකානු විශ්වවිද්‍යාලයක ශිෂ්‍යත්වයක් මේ සඳහා දොළ පිදේනි වශයෙන් ලැබුණු බවට ක්ෂේත‍්‍රයේ ප‍්‍රසිද්ධ කටකතාවක් පැතිරිණි◊.
මෙම අධ්‍යක්ෂ ජනරාල්වරයා හා ඔහුගේ අන්තේවාසිකයන් එකල රාජ්‍ය ආයතනයන්හි අලසකමට යෙදවිය හැකි හොඳම ප‍්‍රතිකර්මය පෞද්ගලීකරණය බවට වහසිබස් කියවමින් ක්ෂේත‍්‍රය තුළ ප‍්‍රසිද්ධියේ ක‍්‍රියා කලේය. සත්ව නිෂ්පාදන ක්ෂේත‍්‍රය තුළ විදේශීය බහුජාතික සමාගම්වලට රිසිසේ කටයුතු කිරීමට ඉඩදීම මගින් තමන් එම ක්ෂේත‍්‍රයේ හොඳම බහුජාතික වෙළඳ ප‍්‍රවර්ධකයා බවට ජාතියටම ඔප්පු කලේය.
ශ‍්‍රී ලංකාවේ සත්ව නිෂ්පාදන ක්ෂේත‍්‍රයේ සත්ව ආහාර නිපදවන ප‍්‍රමුඛයා වී සිටියේ ලංකා තෙල් හා මේද සංයුක්ත මණ්ඩලයයි. මෙම තෙල් හා මේද සංයුක්ත මණ්ඩලය වසා ප‍්‍රීමා සමාගමට එම ක්ෂේත‍්‍රයේ ඒකාධිකාරිය පවත්වා ගෙන යාමටත් කුකුළු පාලන ක්ෂේත‍්‍රයට අවශ්‍ය එන්නත් මෙම සමාගම මගින් ගොවියන් තුළ බෙදාහැරීමේ ඒකාධිකාරිය පවත්වාගෙන යාමටත් එදා සිටි මෙම ආචාර්ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ක‍්‍රියා පටිපාටිය සෘජුවම දායක විය. 2005දී සන්ධාන ආණ්ඩුව තුළ ජ.වි.පෙ සිටියදී හඳුන්වා ≥දුන් ‘‘කිරි ගොවි ගම්මාන’’ වැඩ පිළිවෙළ ඔවුන් ආණ්ඩුව හැරගිය පසු අමාත්‍යාංශය භාරගත් ඇමතිවරයා සමග එක්වී කිරි ඉතිරවීමේ මංගල්‍යය නමින්ම ‘‘කිරි ගොවි ගම්මාන වැඩ පිළිවෙළ’’ විනාශ කිරීමට ෆොන්ටෙරා සමාගමට භාර දීමට උපදෙස් දුන්නේද අමාත්‍යාංශයේ සිටි ආචාර්ය සේල්ස් රෙප්ලාය.
අද වන විටත් මෙම ප‍්‍රීමා සමාගම සෑම වර්ෂයකම තෝරාගත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, පශුවෛද්‍යවරුන්, ප‍්‍රධාන ගොවිපළ හිමිකරුවන්, සත්ව ආහාර වෙළෙන්දන් ඇතුළු සියදෙනකුට වැඩි ප‍්‍රමාණයක් සෑම වසරකම තායිලන්තයේ පවත්වන වෙළඳ ප‍්‍රදර්ශනයට සහභාගී වීම සඳහා රැගෙන යනු ලබයි. සතියක් නැවතීම ඇතුΩළු තායිලන්තයේ ප‍්‍රසිද්ධ සියලූ කම්සැප සඳහාද මේ තුළින් අවස්ථාව සලසා දීමෙන් ලබා දෙන සංතෝෂම සඳහා මෙහි යන ආචාර්ය මහාචාර්යවරුන් කොපමණ ≥රට තමන්ගේ බහුජාතික සමාගම සඳහා සේවයක් කරන්නේද යන්න සෘජුවම ගණන් බැලීමට නොහැකි තරම් විශාල ප‍්‍රමාණයකි.
එමෙන්ම යුද්ධයෙන් පසු මුදාගත් ප‍්‍රදේශවල ජීවත්වන ගොවියන්ගේ ඉඩම් ඇමෙරිකානු ‘ඩොල්’ සමාගමේ කෙසෙල් වැවීම සඳහා යොදා ගැනීමත් සෝමාවතිය රක්ෂිතයට මායිම්ව හා රක්ෂිතයේ අක්කර පහළොස් දහසක් මෙම පොළව වනසන විදේශිය බිං කෙහෙල් (කැවන්ඞීස්) වගාව සඳහා ලබා දීම පිටුපස සිටින සේල්ස් රෙප්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඉහළම පුටුව හොබවන්නා බවට ක්ෂේත‍්‍රය තුළ පැතිර යන කට කතාව තුළින්ද ඔප්පු වන්නේ ඒ පිටුපසද මෙම ආචාර්ය සේල්ස් රෙප්ලා ඇති බවය.
පේරාදෙණිය සරසවියේ රසායන විද්‍යා අංශයේ හිටපු මහාචාර්ය ‘‘කුමා’’ විසින් අරඹන ලද කොතල හිඹුටුවලින් පටන්ගෙන අද වන විට ඒක දේශීය ශාක වර්ග දෙසියකට වඩා දේශීය ශාකයන්ගේ ස්වාභාවික සාරයන් සඳහා බහුජාතික සමාගම් මගින් පේටන්ට් ලබා ගැනීම දක්වා කටයුතු කළේ මෙම ගණයේ ආචාර්ය මහාචාර්යවරුන් මිස ජනතාව හෝ දේශපාලකයන් නොවන්නේය. ලංකාවේ බොහෝ විශ්වවිද්‍යාලවලිනුත් මූලික අධ්‍යයන ආයතන වැනි රජයෙන් යැපෙන පර්යේෂණ ආයතනවල ආචාර්ය මහාචාර්යවරුන් මෙම ජාන මංකොල්ලයේ තැරව්කරුවන්ය.
ජාත්‍යන්තර වෙළඳාම තුළ ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර ප‍්‍රාග්ධන හිමියන්ගේ හිරකරුවකු බවට පත් කිරීමට කටයුතු කරන ආචාර්ය ගමේකැලේලා වැන්නවුන් හා ඉන්දියානු ප‍්‍රාග්ධන අධිකාරියේ හිමිකරුවන්ගේ වුවමනාවට අටවන සීපා වැනි ගිවිසුම් වෙනුවෙන් පෙනී සිටින්නේ ඔවුන්ගේ නියෝජිතයකු ලෙස මිස ශ‍්‍රී ලාංකිකයකු ලෙස නොවන්නේයයි කීම අතිශයෝක්තියක්ද?
ශ‍්‍රී ලංකාවේ උතුරු මැද පළාතේ පැතිරෙන වකුගඩු රෝගයේ පැතිරයාමේ සාධක සේවිමේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ පර්යේෂණයෙහි නියැළුණු මහාචාර්යවරයකු පසුගිය දිනක පත්තරයකට ප‍්‍රකාශකර තිබුණේ පොහොර, කෘෂි රසායන නැතිව කෘෂිකර්මය කළ නොහැකි බවය. එහෙත් මෙම මහාචාර්ය අම්මා අප්පා කාලෙදී ලංකාවේ කෘෂිකර්මය නොතිබුණේද යන්න මොහුගේ කියමන පිළිගන්නන්ට පෙර සිතා බැලිය යුතුය. එමෙන්ම අද කියුබාව, කෘෂි රසායනවලින් ඉවත්වූ ජාතික තලයේ කෘෂි නිෂ්පාදන නිපදවන රටක් යන්න ලොව සියලූ දෙනාම දන්නා කරුණක් වේ. එය නොදැන ගැනීම ඔහුගේ මහාචාර්ය පට්ටමට නොවටිනා තරම්ය. එසේනම් මේ තමාගේ මහාචාර්ය පට්ටමට මුවා වී මොහු කරන්නේ කෘෂි රසායන ගෙන්වන්නන්ගේ වෙළඳ ප‍්‍රවර්ධන වැඩසටහන මිස අන් කවරක්ද? එසේ නම් මෙහි සඳහන් කරන ඒ ගණයේ ‘‘ඩොකාලා’’ හා ‘‘ප්‍රොපාලා’’ යනු බහුජාතික සමාගම්වල ‘‘රෙපාලා’’ මිස අන් කවුරුන්ද?
අවසාන වශයෙන් මෙම තත්වය තුළ වුවද තමන්ට ලැබි ඇති අවකාශයෙන් වරප‍්‍රසාදයන්ගෙන් හා දැනුමින් රටට සේවය කිරීමට සැදී පැහැදී සිටින හා හැකි උපරිමයෙන් රටේ සංවර්ධනයට දායක වීමට කටයුතු කරන ආචාර්ය මහාචාර්යවරුන් විශාල පිරිසක් සිටින බැව්ද ආඩම්බරයෙන් ප‍්‍රකාශ කරන අතර ඔවුන්ට මෙම විවේචනය අදාළ නොවන බව අවධාරණයෙන් පවසමි. ඔවුන්ගේ දායකත්වය මේ රට වෙනුවෙන් සමස්ත ජනාතාවම අපේක්ෂාවෙන් සිටී.
වෛද්‍ය, සුමිත් වන්නිආරච්චි
සභාපති, ශ‍්‍රි ලංකා හරිත පක්ෂය
උපුටා ගෑනීම - lankaCnews