POSTED ON Saturday, June 1, 2013| | Edit Post
නිවර්තන කලාපීය දිවයිනක් වන ශ්‍රී ලංකාව ජෛව විවිධත්වය අතින් අතිශයින් පොහොසත් දුපත් රාජ්‍යයකි.සත්ව සහ ශාක විවිධත්වය සහ ඒක දේශිකත්වය අතින්ද ශ්‍රී ලංකාවට ලෝකයේ ඉහලම ස්ථානයක් හිමිවේ. 2012 වසරේදී "ඇමරිකානු "ජාතික විද්‍යා පදනමේ" මුල්‍යාධාර මත ඇමරිකාවේ ජෝජ් වොෂිංටන් විශ්ව විද්‍යාලයේ සහකාර මහාචාර්ය රොබට් ඇලෙක්සැන්ඩර් පයිරන් සහ බටහිර ඕස්ට්‍රේලියාවේ Biologic Environmental Survey ආයතනයේ ආචාර්ය රුචිර සෝමවීර යන දෙපලගේ මුලිකත්වයෙන් ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ ගොඩබිම් වාසී සර්ප විශේෂ පිළිබඳව ප්‍රවේණිවිද්‍යාත්මක පර්යේෂණයක් සිදු කරන ලදී. එය මෙම වසරේ මුල් භාගයේ ලොව පිළිගත් ජාත්‍යන්තර පර්යේෂණ සඟරාවක්වන (international research journal) Molecular Phylogenetics and Evolution යන සඟරාවේ නව විද්‍යාත්මක පර්යේෂණ පත්‍රිකාවක් ලෙස පල විය. ශ්‍රී ලංකාවේ සර්පයින්ගේ ඝන මට්ටමේ වංශ ප්‍රවේණික සම්භවය පිළිබඳව සිදු කෙරුණු මෙම අධ්‍යනයේ දී ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශ තුල සිදු කරන ලද ක්ෂේත්‍ර පර්යේෂන කටයුතු සහ සර්පයින්ගේ පටක කොටස් (ජාන සාම්පල) ලබාගැනීමේ කටයුතු දුෂාන්ත කණ්ඩම්බි ඇතුළු තරුණ උරග සහ උභයජීවී පර්යේෂකයින් රැසකගේ දායකත්වයෙන් සහ විශාන් පුෂ්පමාල් ඇතුළු පරිසරවේදීන්ගේ උපකාරයෙන් සිදු කෙරිණි.

මෙරට තුල වාසය කරන ආවේණික සර්ප විශේෂ 22ක් ඇතුලත් සර්ප විශේෂ 40කින් ලබාගත් ජාන (න්‍යෂ්ටික මය ජාන සහ මයිටොකොන්ඩ්‍රියමය ජාන ) විෂලේෂණයේ ප්‍රතිඵලයක් ලෙස ගෝලීය සර්ප සංහතිය සමඟ මෙරට සර්පයින්ගේ වංශ ප්‍රවේණික බන්ධුතා පිළිබඳව නව විද්‍යාත්මක සොයාගැනීම් කිහිපයක්ම හෙළිදරව් කරගැනීමට මෙම අධ්‍යනයේදී හැකි විය.


ශ්‍රී ලංකාවෙන් දැනට හඳුනාගෙන ඇති මුළු සර්ප විශේෂ ගණන 103කි.(මුහුදු සර්පයින්ද ඇතුලත්ව.). කුල 11ට සහ ඝන 38කට අයත් ගොඩබිම් වාසී සර්ප විශේෂ 89ක් ශ්‍රී ලංකාව තුලින් දැනට විද්‍යාත්මකව හඳුනාගෙන ඇත මෙයින් විශේෂ 49ක් සහ ඝන 3ක් ශ්‍රී ලංකාවට ආවේණික වේ. Aspidura, Balanophis, Pseudotyphlops යනු එම ඝන තුනයි. අණුක වංශ ප්‍රවේණිකතාව අනුව ශ්‍රී ලාංකික සර්ප විශේෂ වල ඝන මට්ටමේ වංශ ප්‍රවේණික සම්භවය පිළිබඳව විදු ලොවට හෙළි කිරීමට මෙම පර්යේෂණයේ ප්‍රතිඵල මඟින් හැකි විය.

ශ්‍රී ලංකාවට ආවේණික මුළු සර්ප ඝන ගණන 5ක් ලෙස පෙරදී සැලකුවද එම ඝන සංඛ්‍යාව සත්‍ය වශයෙන්ම තුනක් බව මෙම අධ්‍යනයෙන් අනාවරණය කරන ලදී. මෙම පර්යේෂණය සිදු කිරීමට පෙර මේ වන තෙක්ම මෙම ඝනයන් ඇතුළු සර්ප විශේෂ වල වංශප්‍රවේණික බන්ධුතා පිළිබඳව ප්‍රවේණි විද්‍යාත්මක පර්යේෂණයක් සිදු කර නොතිබිණ. එම ඝන අතුරින් දාර රදනකයා (Cercaspis carinatus (Kuhl, 1820) -Sri Lanka Wolf Snake) අයත්ව තිබු Cercaspis ඝනය අහෝසි වී ආවේණික ඝනයක් නොවන Lycodon ඝනයට ඇතුලත් වී Lycodon carinatus ලෙස ඝන නාමය වෙනස් වීමද, රත් දණ්ඩා / කුරුන් කරවලා යන සර්ප විශේෂය (Haplocercus ceylonensis (Gunther, 1858) -Black-spined Snake) අයත් වූ Haplocercus ඝනය අහෝසි වී ආවේණික ඝනයක් වන Aspidura ඝනයට ඇතුලත් වී Aspidura ceylonensis ලෙස ඝන නාමය වෙනස් වීමද ඒ අනුව රත් දණ්ඩා පෙරදී අයත් වූ Colubridae කුලයෙන් ඉවත් වී එහිම Natricinae නම් වූ උප කුලයට එක් වීමද සිදු විය. මීට අමතරව කන උල්ලන් අයත් වන Typhlops ඝනයේ ශ්‍රී ලංකාවට ආවේණික නව සාමාජිකයෙක් සිටින බවද මෙම පර්යේෂණයේදී අනාවරණය විය.


ශ්‍රී ලංකාව ලෝකයේ සර්ප සංහතිය අතින් අතිශය පොහොසත් වංශ ප්‍රවේණිකතා Read more : මෙතනින්


Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews