වෙනස් යමක් කිරීමට ජෙට්වින් හි අපි තීරණය කළා, අයිතිය හා කළමනාකරණය ජෙට්වින්ග් සමාගමට අයත් වුවත්, එයට හොටේල් ජේ යන නව සන්නාම නාමය යටතේ නම්තැබූ වේ ඒ නිසයි.
මෙම සන්නාම නාමය හා සංකල්පය මෙරට තවත් ප්‍රදේශ වලට ගෙන යාමට ද අදහස් කරනවා යැයි බැසිල් රාජපක්ෂ ඇමතිවරයා අතින් මෙම හෝටලය විවෘත වු අවස්ථාවේ එහි සභාපති හිරාන් කුරේ පවසා ඇත.
මෙහි කාමර 35කි.හෝටලයේ රාත්‍රියක් ගත කිරීම සඳහා ඇමෙරිකානු
ඩොලර් 37 සිට අය කෙරේ.
සැපපහසු කාමර, වායුසමීකරණ, විදුලි පංකා, අයි.ඩී.ඩී. පහසුකම් සහිත දුරකථන, නොමිලේ වයි ෆයි පහසුකම්, සීතල හා උණුසුම් ජලය මෙහි ඇති පහසුකම් අතර වේ.
මෙම වසර අවසානය වන විට නුවරඑළිය, පාසිකුඩා වැනි සංචාරක තෝතැනි වලද මීගමුව හොටෙල් ජේ වැනි හෝටල් ඉදිකිරීමට ජෙට්වින්ග් සමාගම බලාපොරොත්තු වන බවද සදහන්ය.
වැඩි විස්තර www.hotelj.lk වෙබ් අඩවිය
උපුටා ගෑනීම - (www.randora.lk-10/06/13)