පසුගිය කාලයේ ඇය ශී‍්‍ර ලංකාවට ආවේ තල්මසුන් පිළිබඳ විශේෂඥවරියක් හැටියටයි. ඇය කියන විදියට ඉතා පහසුවෙන් තල්මසුන් නරඹන්න හොඳම තැනක් තමා ශී‍්‍ර ලංකාවේ මිරිස්ස ආශි‍්‍රත ප‍්‍රදේශය. වැලිගම් බොක්ක අසල වෙරළට ආසන්නවම මේ තල්මසුන් දර්ශනය වූ බව සඳහන් වෙනවා. ශී‍්‍ර ලංකාවේ රට වටේ මුහුදු ප‍්‍රදේශය තල්මසුන්ගේ වර්ගයා බෝ කරන බිම් ලෙසයි, හැඳින්වෙන්නේ. ශී‍්‍ර ලංකා සංචාරක මණ්ඩලය සම්බන්ධ කර ගෙන සංචාරක ආකර්ෂණයක් ලෙස තල්මසුන් නැරඹීම ව්‍යාප්ත කළ හැකි ආකාරය ගැන සාකච්ඡා කෙරෙන වැඩ සටහනකට ආශා සම්බන්ධ වුණා. ඇය එහි දී කීවේ තල්මසුන්ගේ ජීවිතයට තර්ජනයක් නොවන ආකාරයට එය කළ යුතු බවයි. වසර 30ක් පැවති යුද්ධය නිසා ධීවර කටයුතු ඔවුන්ගේ පරිසරයේ සිදු නොවුණු නිසා තල්මස් ගහණය වැඩි වී ඇති බවයි, ඇය කියන්නේ. දැන් නිදහස ඇති නිසා තල්මසුන්ට හිරිහැරයක් වෙන විදියට සංචාරකයන් හැසුරුණොත් අපට ඔවුන් අහිමි යා හැකියි කියන ඇය වරක් තමා මෙහි සංචාරය කරද්දී ශී‍්‍ර ලංකාවේ මුහුදේ එක් තල්මසෙක් වට කර ගෙන සංචාරක බෝට්ටු 12ක් තිබූ බව කියනවා. තල්මසුන් නැරඹිය යුත්තේ ඔවුන්ට නොදැනෙන්න දුර සිට බවයි, ඇය කියන්නේ.
ශී‍්‍ර ලංකාව අවට තල්මසුන් විශේෂ 23ක් ඉන්නවා. ඒත් අපේ රට වටේ ඉන්නා නිල් තල්මහ නම් ලෝකයේ විශාලතමයා නෙවෙයි. ලොව විශාලතම නිල් තල්මසුන් ඉන්නේ කැලිෆෝනියාවේ වෙරළාශි‍්‍රත මුහුදේයි. ඒ වර්ගයේ වැඩුණු සතකු මීටර 30ක් විතර දිගයි. ශී‍්‍ර ලංකාවේ ඉන්නේ පිග්මි නිල්තල්මසුන් විශේෂයයි. ඒ වර්ගයේ වැඩුණු සතකු මීටර 25කට වඩා නැහැ.
තල්මසුන් හා ඩොල්පින් අයත් වන්නේ එකම ගෝත‍්‍රයකටයි. එය හැඳින්වෙන්නේ සෙටාසේ Cetacea කියායි. ලෝකයේ විශාල තල්මසකු ටොන් 150ක් බරයි. ලොකු ඇතුන් 20කු තරම් විශාලයි. ආඩම්බර නැද්ද මේ වගේ යෝධ අසල්වැසියකු අප සමග ජීවත්වීම ගැන. ඒ ආඩම්බරය දිගටම තියාගන්න නම් ඔවුන්ගේ ලස්සන විඳින ගමන් ඔවුන් ආරක්ෂා කරන්නත් අපි හැමෝම ඉදිරිපත් වෙන්න ඕනෑ.
තවත් විස්තර දැන ගන්න ඕනැ නම් Asha de Vos ගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
ශී‍්‍ර ලංකාවේ තල්මසුන් ගැන ආශාගේ වීඩියොව බලන්න.
සුන්දර ලංකාවේ සංචාරය කරමු.
අපගේ FaceBook පිටුවට LIKE කරන්න !!
NATURE PARADISE TRAVELS
කුරිරු යුද්ධයෙන් පසු සාමය උදාවී ඇති මේ සුන්දර සමයේ සංචාරක ව්‍යාපාරය වඩාත් වේගයෙන් වර්ධනය වන කර්මාන්තයක් බවට පත්ව ඇත.ලංකාවට මේ සමයේ පැමිනෙන සංචාරකයන්ගේ සීග්‍ර වැඩිවීමක්ද පෙන්නුම් කරයි.
ඔබත් ලංකාවේ සංචාරක ව්‍යාපාරය දියුනු කිරීමට දෙන දායකත්වයක් ලෙස සලකා මෙම http://www.facebook.com/natureparadisetravelssrilanka පේජය Like කරන්න.ඔබ විදේශයක සිට අපිව නරඹනවානම් මෙය Share කර විදේශිකයන්ට ලංකාවේ සුන්දරත්වය නරඹන්න අවස්ථාව උදාකර දෙන්න.
වෑඩි විස්තර - http://www.facebook.com/natureparadisetravelssrilanka
Read more: http://www.malkakulu.com/2011/12/blog-post_618.html#ixzz2WOwHBB1y
උපුටා ගෑනීම - www.malkakulu.com