POSTED ON Monday, December 29, 2014| | Edit Post
දස වසරක සංවර්ධන ක්‍රියාන්විතයේ අතිමහත් ප්‍රතිලාභ ජනතාව වෙත හිමිකර දී ඇති කාල පරිච්ඡේදයක නාගරික සංවර්ධනයේ ද නවමු වෙනසක් අදවන විට සිදුව ඇත. සංවර්ධනය යනු තවදුරටත් අපේ රටේ ජනතාවට දුරස්ව පවතින දෙයක් නොවේ. අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය යටතේ මහින්ද චින්තන ඉදිරිදැක්ම ජාතික සංවර්ධන වැඩසටහන පෙරටු කොට ගත් දැවැන්ත සංවර්ධන ක්‍රියාවලිය මුළු මහත් දේශය පුරා සෑම ක්ෂේත්‍රයකම විහිදී පැතිරී ඇත.

නොවැම්බර් 21 දින ජනතා අයිතියට පත්වන කොළඹ 14, බණ්ඩාරනායක මාවත, මහල් දොළහකින් යුත්, නිවාස 546 කින් සමන්විත ‘සිරිමුතු උයන’ නිවාස ව්‍යාපෘතිය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරාධනයෙන් අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සුරතින් ජනතා අයිතියට පෙත්කෙරිණි.


ඉතා කුඩා බිම් ප්‍රමාණයක කිසිදු පහසුකමක් නොමැතිව දුකසේ ජීවත් වූ මෙම අසරණ ජනතාවට සියලුම පහසුකම් සහිතව අලංකාර නාගරික පරිසරයක් ද සමඟින් ලැබෙන මෙම නව නිවසක වටිනාකම රුපියල් මිලියන 8 ක් වේ. වර්ග අඩි 450 කින් සමන්විත මෙම නිවසක නිදන කාමර 02 ක්, විසිත්ත කාරමයක්, මුළුතැන්ගෙයක්, සදළුතලයක් හා සනීපාරක්ෂක පහසුකම්වලින් යුක්ත වේ.

නවීන විදුලි සෝපාන හා හදිසි අවස්ථාන්හි දී විදුලි බලය ලබා ගැනීම සඳහා සූර්ය බල ශක්ති පද්ධති ද සවිකර තිබීම විශේෂත්වයකි. ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව ලොව නවීන නාගරික සැලසුම් සමඟින් ඉතා විධිමත් ලෙස යටිතල පහසුකම් සංවර්ධනය කර තිබෙනවා. මෙම මහල් නිවාස සංකීර්ණ ඉදිකිරීමට සමගාමීව හරිත උද්‍යාන සහිත ළමා උද්‍යාන, ක්‍රීඩාංගණ, විධිමත් ලෙස මාර්ග පද්ධති පුළුල් කිරීම, ප්‍රජාශාලා වැනි අවශ්‍ය යටිතල පහසුකම් සියල්ල ද වැඩිදියුණු වීම ජනතාව ලැබූ තවත් විශිෂ්ට ප්‍රතිලාභයකි.

මේ දැවැන්ත සංවර්ධන ක්‍රියාවලිය තුළ නාගරික සංවර්ධනය සඳහා සුවි‍ශේෂී ස්ථානයක් හිමිවෙනවා. රටක සංවර්ධනයේ කැඩපත වන්නේ හිතකාමි, සංස්කෘතික හර පද්ධතියට උචිත ලෙස ගොඩනැඟුණු නාගරික පද්ධතියයි. රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් මෙරට නාගරික සංවර්ධන ඉතිහාසයේ රන් අකුරෙන් ලියවෙන යුගයක් බවට පත් කොට ඇත.

අතීත වර්තමාන අනාගත යන අංශ තුනෙන්ම පොහොසත් වූ කොළඹ නගරය අපේ රටේ ප්‍රධාන වාණිජ කේන්ද්‍රස්ථානයයි. කොළඹ නගර සංවර්ධනය මුළු මහත් රටටම දැනෙන්නා වූ සංවර්ධන ක්‍රියාවලියකි.

කාලාන්තරයක් පුරා අවිධිමත්ව ගොඩනැගුණු කොළඹ නගරය නව ලොවට ගැලපෙන ලෙස සංවර්ධනය කිරීමට නාගරික සංවර්ධන අධිකාරියට හැකියාව ලැබී ඇත. මාර්ග පද්ධති මනරම් උද්‍යාන, ඇවිදින මංතීරු, ඓතිහාසික වටිනාකමකින් යුත් ගොඩනැගිලි සංරක්ෂණය කොට අද සුපිරි වෙළඳ සංකීර්ණ බවට පත් කොට ජන ආකර්ෂණය ස්ථාන බවට පත්කර ඇත.

නිහාල් පී. අබේසිංහ

silumina.lk




Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews