POSTED ON Saturday, September 5, 2015| | Edit Post
ඉවතලන ප්ලාස්ටික් කිලෝ 1කින් ඉන්ධන ලීටර් 1.25ක් අලුත් කම්හල හොරණ ඇරැඹේ

හොරණ පෝරුවදණ්ඩේ විවෘත කළ ඉවතලන ප්ලාස්ටික්වලින් පිරිසුදු ඉන්ධන නිපදවීමේ කර්මාන්ත ශාලාව මඟින් ඉවතලන ප්ලාස්ටික් කැබලි කිලෝ එකකින් ඉන්ධන ලීටර් 1.25 ක් නිපදවන බව එම නිෂ්පාදන ආයතනයේ අධ්‍යක්ෂ හා නිපැයුම්කරු ආනන්ද විතානගේ මහතා පවසයි.

මෙරට එකතු වන ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ ආයතනවලින් ඉවත්වන ප්ලාස්ටික් කුඩු හා ප්ලාස්ටික් කැබැලි පමණක් මේ සඳහා යොදා ගන්නා බවත් පැය 24 පුරාම මේ යන්ත්‍රාගාරය නිෂ්පාදන කටයුතු කරන බවත් දිනකට මේ මඟින් ඉන්ධන ලීටර් 5000 ක් නිපදවන බවත් ආනන්ද විතානගේ මහතා පවසයි.

මෙම කර්මාන්ත ශාලාව පසුගිය දා බස්නාහිර මහනගර හා සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා විසින් විවෘත කළ අතර එම අවස්ථාවට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් බී. එම්. එස්. බටගොඩ මහතා ද එක්විය.

මෙය ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ආරම්භ කළ රජයට සම්බන්ධ පාවිච්චි කළ ප්ලාස්ටික්වලින් ඉන්දන නිපදවන ව්‍යාපෘතිය බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

මේ ව්‍යාපෘතිය මඟින් ලබාගන්නා ඉන්ධන පිරිපහදුවෙන් ලබාගන්නා දැවි තෙල් හා සමාන බවත් එය පරිසර හිතකාමී ව්‍යාපෘතියක් බව ද චම්පික රණවක මහතා පවසයි.

-Anura S. Liyanage Target-news -Saturday September 5th 2015---නිහාල් පී. අබේසිංහ, තාරක වික්‍රමසේකර----

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews