ලංකාවේ ඉදි කිරීමට නියමිත ලොව විශාලතම ගොඩනැගිල්ල වන World Capital Centre 2017 වසරේ පෙබරවාරි 04 වනදා මුල්ගල් තැබීමට නියමිත බව වාර්තා වේ. World Capital Centre ගොඩනැගිල්ල මීටර්  625 ක් උසකින් යුක්ත වන අතර මහල් 117 කින් සමන්විත වේ. එම ගොඩනැගිල්ල සාදා නිමකළ පසු පෙනෙන අන්දම පහත ඡායාරූප හා වීඩියෝවෙන් දැක්වේ.
ලංකාවේ උසම ගොඩනැගිල්ල කිව්වම අපිට එකපාරටම මතක් වෙන්නේ තට්ටු 40 ක්  තියන කොටුවෙ ලෝක වෙළද මධ්‍යස්ථාන කුළුනු දෙකනේ.මේ වගේ හතර ගුණයක් උස ගොඩනැගිල්ලක් ගැන කිව්වොත් ඔබට එක පාරටම හිතාගන්නත් බැරි වෙන්න පුළුවන්.ඔබට ඒ හිතාගන්නවත් බැරි උසක් තියන ඒ ගොඩනැගිල්ල ඔන්න ලංකාවේ හදන්නයි යන්නේ. 2017 අවුරුද්දේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන්න ලහි ලහියේ සූදානම් වෙන WCC එහෙමත් නැත්නම් World Capital Centre ගැන තමයි මේ කියන්න යන්නේ.


මීටර්  625 ක් උස මේ ගොඩනැගිල්ල මහල් 117 කින් සමන්විත වෙනවා.දැනට ලංකාවෙ උසම ගොඩනැගිල්ල වෙන ලෝක වෙළද මධ්‍යස්ථානයෙ උස මීටර් 152 ක්.ඒ වගේම දැනට ඉදිකෙරෙන නෙළුම් කුළුනෙ උස මීටර් 350 ක්.ඒ ඇරුනම කොළඹ තැනින් තැන අහස උසට ඉදිවෙන දැනට ඉදිකිරීම් ආරම්භ කරපු හැම ගොඩනැගිල්ලක්ම වගේ මීටර්  300 සීමාවෙන් ඉවර වෙනවා.දැන් එතකොට හිතාගන්න පුළුවන් නේද  මීටර් 625 ක් උස WCC සද්දන්තයාගෙ තරම.  ඒ වගේම තමයි WCC ගොඩනැගිල්ල ලොව විශාලතම භූමි වර්ග ප්‍රමාණයක් සහිත ගොඩනැගිල්ලද වනවා. WCC ගොඩනැගිල්ලේ වර්ග අඩි ප්‍රමාණය 800,000 ක් වන අතර කුළුණක් වශයෙන් ගත් කල ලොව විශාලතම වර්ගඅඩි ප්‍රමාණය සහිත ගොඩනැගිල්ල ද වන්නේ WCC ගොඩනැගිල්ලයි.
හදලා ඉවර උනාම ලංකාවෙ ලොකුම ගොඩනැගිල්ල බවට පත් වෙන WCC කුළුන ඒ ගමන්ම තවත් වාර්ථාවක් තියනවා.ඒ තමයි ලෝකයේ උසම ගොඩනැගිලි අතරින් 9 වන ස්ථානයට පත් වීම. මුළු ලෝකයටම පේන්න ලංකාවෙන් අහසට නගින මේ ගොඩනැගිල්ල ලංකාවෙ ආර්ථික කේන්ද්‍රස්ථානය බවට පත්වෙන්න තමයි නියමිත.

මුළු කොළඹ නගරය වගේම මුහුදත් ලස්සනට පේන විදිහට ඉදිවෙන මේ  WCC කුළුන තරු හතේ හෝටලයක්,නේවාසික කළාප වගේම සාප්පු සංකීර්ණ ඇතුළු ආර්ථික කේන්ද්‍රස්ථානයකට අවශ්‍ය හැම පහසුකමකින්ම සමන්විත වෙනවා. බැංකු,අධ්‍යාපනික ආයතන,නිමි ඇදුම්,සම්මන්ත්‍රණ ශාලා,විනෝදාස්වාදය වගේ තේමාවන්ට අනුව කළාප 50 කට වෙන් කරලා තියන WCC කුළුන ඇතුලෙ සාප්පු 3000 ක් තියන ලංකාවෙ ලොකුම වෙළද මධ්‍යස්ථානයත් ඉදිවෙනවා.

උපුටා ගැනීම - නෙත් ගොසිප් 



Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews