නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු අමාත්‍යාංශය යටතේ ඉදිකෙරෙන NSBM හරිත සරසවි නගරය හෝමාගම පිටිපන ප්‍රදේශයේ අක්කර 26 ක භූමි භාගයක ඉදි කිරීමට රජය සැලසුම් කොට තිබේ.
රුපියල් බිලියන 10.2 ක වියදමින් ඉදිකරන මෙම සරසවිය පරිගණක, කළමනාකරණ හා ඉංජිනේරු පීඨ වලින් සමන්විත වන අතර එකවර සිසුන් 30,000 කට අධ්‍යාපනය ලැබිය හැකිය.
අංග සම්පුර්ණ දේශන ශාලා, පරිගණක විද්‍යාගාර සහ පොත් මිලියනයක් සහිත දැවැන්ත හා නවීන පුස්තකාලයක් ද අංග සම්පූර්ණ ශ්‍රවණාගාරයකින් මෙන්ම සිසුන් 500 කට නවාතැන් ගත හැකි නවීන නේවාසිකාගාර පහසුකම්වලින් මෙය සමන්විතය.

සැබෑ විශ්වවිද්‍යාල ජීවිතයක් අත්විදිය හැකි පරිදි ඉදිකරන ක්‍රීඩා පීඨය හා ශාරීරික අභ්‍යාසාගාරයක් මෙන්ම සිසුන්ට කලා කටයුතුවල නිරතවීමට එළිමහන් රංග පීඨයක් ද මීට ඇතුළත්ය.

දේශීය හා විදේශීය සිසුන්ට රැකියා වෙළෙදපොළට ගැලපෙන නවීන උපාධි 50 කට වැඩි ප්‍රමාණයක් විශ්වවිද්‍යාලය මගින් පිරිනමනු ඇති අතර විශ්වවිද්‍යාලය තුළම ප්‍රායෝගික පුහුණුව, සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රියව ක්‍රියාත්මකවන පරිපාලන හා මූල්‍ය පද්ධතියක් ද මෙහි ස්ථාපිතය.

 දකුණු ආසියාවේ පිහිටි එකම හරිත සරසවිය ලෙස හෝමාගම පිටිපන ඉදිකරන NSBM හරිත සරසවියේ ඉදිකිරීම් කටයුතු සොයා බැලීම සදහා ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන එහි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

 NSBM හරිත සරසවිය මෙම ඔක්තෝබර් මස අගදී සිසු අයිතියට පැවරීමට නියමිත අතර සියලූ ඉදිකිරීම් නිසි ලෙස නිම කරමින් අංගසම්පූර්ණ සරසවියක් ලෙස එය සිසු අයිතියට පවරන ලෙස ජනාධිපතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස්  දී තිබේ.
 නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ, බස්නාහිර පළාත් අමාත්‍ය ගාමිණි තිලකසිරි, උපකුලපති ආචාර්ය ඊ.ඒ වීරසිංහ යන මහත්වරුන් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපතිතුමාගේ  සංචාරය සනිටුහන් කරමින් සරසවි පරිශ්‍රයේ පැලයක් රෝපණය කිරීමද සිදු කෙරිණි.








Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews