කාන්තාවක් මව් පදවිය ලැබීම සොබා දහමට අනුව අරුමයක් නොවේ. නමුත් විවිධ සංස්කෘතීන් පවතින ලොව තුල මව් පදවිය තක්සේරු වන්නේ වෙනස් ලෙසටයි. ඉතා දිගු ඉතිහාසයකට හිමිකම් කිව හැකි සිංහල ජන සමාජය මව් පදවිය ඉතා උතුම් කොට සලකයි. ඒ නිසාම මවක් බවට පත් වීම පමණක් නොව ගැහැණූ ළමයෙකු වැඩිවිය ට පත් වීමද වෙසෙසියාවක් වේ . නිරෝගීමත් දරුවෙකු බිහි කරලීමෙන් අනාගතයේ දී උසුලනු ලබන ජාතික වගකීම දරා ගැනිමට ශක්තිය ඇති වන බව පැරණි සමාජය විශ්වාස කරලීම ඊට හේතුවයි.නිදසුනක් වශයෙන් ලංකාවේ ප්‍රධාන ආර්ථිකය බවට පත්ව තිබූ ගොවිකම පවත්වා ගෙන යාමට අවශ්‍ය ශක්ති සම්පන්න ශ්‍රම සම්පත දැක්විය හැකිය. එය ඇති වන්නේ නිරෝගීමත් දරුවකු බිහිකරලීමෙන් පසුව බව පැරණියන් තේරුම් ගෙන සිටියහ. එසේම ගැහැණු ළමයෙකු නිරෝගීව වර්ධනය වීම ද ජාතිය බිහිකරලීමට ඉවහල් වන බව ඔවුහු තේරුම් ගෙන සිටියහ.