POSTED ON Friday, June 12, 2015| | Edit Post
ශ්‍රී ලංකා මැදි දුර දිවීමේ ශූරිය ලෙස පසුගියදා චීනයේ හුවෑන් නුවරදී මීටර් 800 ලෝකඩ පදක්කම ලැබූ නිමාලි ලියනාරච්චි අඟහරුවාදා  (09) රාත්‍රී කටුනායක ගුවන්තොටු‍පොළින් පෙරළා පැමිණීමෙන් පසුව ඊයේ තම උපන් බිම වූ හම්බන්තොට සූරියවැව දක්වා බස්රියෙන් තම පුහුණුකරු සුජිත් අබේසේකර සමග ගෙදර ගිය බව අනාවරණය විය.



නිමාලිගේ විශිෂ්ට ජයග්‍රහණය පිළිබඳව සුබපතමින්  දුරකථනයෙන් සම්බ්නධ කරගත් විටත් ඇය පැවසූවේ තමා සමගින් පුහුණුකරු සුජිත් අබේසේකර දෙවුන්දර ප්‍රදේශයේ බස් රථයකින් ඒ වන විටත් ගමන් කරමින් සිටින බවයි.
ඇත්තටම මට අද ගෙදර ගිහින් හවස සූරියවැව ක්‍රීඩාංගණයේ පුහුණුවීම්වලටද යෙදීමට තියෙනවා. ඒ නිසා මේ බස් එකේ ගිහින් ගෙදර අයත් සමග පැය 2 – 3ක්  සිට නැවත පුහුණුවීම්වලට යන බව නිමාලි පැවසුවාය.

චීනයේ ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට එකම පදක්කම ලෙස මීටර් 800 ලෝකඩ පදක්කම ලබා රටට ගෞරවය ගෙන දෙමින් ශ්‍රී ලංකාවේ ජාම බේරාදුන් නිමාලි රටට පැමිණි පසුදා ‍පොදු මගී සේවාවක් වන බස් රථයකින් හම්බන්තොටට ගොස් සූරියවැවට යාමට සැලසුම් කිරීම කනගාටුවට කරුණකි.

නිමාලි ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවය කරන අතර ඇයට ගුවන් හමුදාවෙන් හෝ වාහනයක් සැපයීමට අ‍පොහොසත් වීම ඉතා කනගාටුදායක වන අතර රටට ගෞරවය ගෙන දුන් පදක්කම්ලාභිනියකුට සැලකීම අපගේ වගකීමයි.. මේ ගැන සිතා මීට පසුව හෝ ක්‍රියාත්මක වේ නම් එය අනාගත පදක්කම්ලාභීන්ටද යම් දිරියක් ලැබිමට හේතුවනවා ඇත. රටට ගෞරවය ගෙනෙනා ක්‍රීඩකයකුට එම රටින් පෙරළා සැලකීම තුළ ඔහු හෝ ඇයගෙන් මීටත් වඩා පදක්කම් බලා‍පොරොත්තු විය හැකිය.


හැම කෙනෙකුටම වැදගත් වන සාමාන්‍යය දැනුම අටවන ප්‍රශ්ණ පත්‍රය නිකුත් වුනා.. හැමෝම ඇවිත් දැනුම මැනගන්න.. (පිළිතුරුද සහිතයි) Free

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews