POSTED ON Monday, June 1, 2015| | Edit Post
How to Use English 
මෙම පාඩම් මාලාව මගින් එදිනෙදා අපට කතා කිරීමට යෙදෙන වාක්‍ය රටා සහ ක්‍රම ඉදිරිපත් කරනු ලබයි. ඉතා සරළ මට්ටමින් ආරම්භ වන අතර අවශ්‍ය කරුණු උදාහරණ සහිතව ඉදිරිපත් කර ඇත. මුල පාඩමේ සිටම How to Use English පාඩම් මාලාව අධ්‍යනය කිරිමෙන් ඔබගේ එදිනෙදා භාවිතයට අවශ්‍ය ඉංගිසි දැනුම වර්ධනය වනු ඇත.



-ℓєτs ℓєαrท єทgℓisн ℓєτs ℓєαrท єทgℓisн ℓєτs ℓєαrท єทgℓisн ℓєτs ℓєαrท єทgℓisн ℓєτs ℓєαrท єทgℓisн ℓєτs ℓєαrท єทgℓisн ℓєτs-


Fun with Grammar
ඉංග්‍රීසි භාෂාව සිංහල භාෂාවෙන් වෙනස් වන එක් සාධකයක් වන්නේ භාවිතා කරන ආකාරයේ ඇති විවිධත්වයයි. සිංහල භාෂාවේදී අප කතා කරන විට ව්‍යාකරණ ගැන සැළකිල්ලක් දක්වන්නේ නැත. නමුත් ලිපියක් වැනි යමක් ලියන විට ව්‍යාකරණ යොදා ගනියි. නමුත් මේ අතින් බලන විට ඉංග්‍රීසි භාෂාව හාත්පසින්ම වෙනස් එකකි. කතා කරන විටද ව්‍යාකරණ නිවැරදිව යෙදීම ඉංග්‍රීසි භාෂාවේ සිදු කරයි. ව්‍යාකරණ වලින් තොර ඉංග්‍රීසි භාෂාවක් නොමැති බව දැන් ඔබට පැහැදිලි ඇති. Fun with Grammar පාඩම් මාළාව තුලින් ඉංග්‍රීසි භාෂාවේ ව්‍යාකරණ පිළිබඳව සරළව ඉදිරිපත් කර ඇති අතර එහි ඇති සංකීර්ණ බව ඔබට නොදැනෙන සේ ක්‍රමානුකුලව පාඩම් මාලාව සකස් කර ඇත.

-ℓєτs ℓєαrท єทgℓisн ℓєτs ℓєαrท єทgℓisн ℓєτs ℓєαrท єทgℓisн ℓєτs ℓєαrท єทgℓisн ℓєτs ℓєαrท єทgℓisн ℓєτs ℓєαrท єทgℓisн ℓєτs-



Passive Voice 
කර්ම කාරක යනු අපි නොදැනුවත්ව වුවද යොදා ගන්නා වාක්‍ය රටාවකි. ඉංගිසි භාෂාව භාවිතා කිරිමට කාර්ම කාරක වාක්‍ය වල අවශ්‍යතාව ඇති මහත්ය. මෙම Passive Voice පාඩම් මාලාව මගින් කර්ම කාරක වාක්‍ය යනු කුමක්ද, එය යොදා ගන්නා ආකාරය, අවස්ථා යනාදිය සරළව පැහැදිලිව විස්තර කර ඇත. මුල සිටම Passive Voice පාඩම් මාලාව අධ්‍යනය කරන්න.

-ℓєτs ℓєαrท єทgℓisн ℓєτs ℓєαrท єทgℓisн ℓєτs ℓєαrท єทgℓisн ℓєτs ℓєαrท єทgℓisн ℓєτs ℓєαrท єทgℓisн ℓєτs ℓєαrท єทgℓisн ℓєτs-


Practice Pronouncing
යම් අයෙක් සමග අපි ඉංගිසියෙන් කතා කරන විට නිවැරදි වචන උච්චාරණය වැදගත් අංගයකි. මෙම පාඩම් මාලාව මගින් ඉංග්‍රීසි භාෂාවේ යෙදෙන වචන සහ වාක්‍ය ඛණ්ඩ නිවැරදිව උච්චාරණය කරන ආකාරය ඔබට උගන්වනු ලබයි. Lets Practice Pronouncing පාඩම් අතරතුර ඔබටද ප්‍රයෝගිකව සම්බන්ධ වීමට අවස්ථාවක් සලසනු ලබයි. එම නිසා මෙම පාඩම් මාලාව මගින් ඔබට ප්‍රයෝගික පුහුණුවක් ලැබෙනු ඇත.

-ℓєτs ℓєαrท єทgℓisн ℓєτs ℓєαrท єทgℓisн ℓєτs ℓєαrท єทgℓisн ℓєτs ℓєαrท єทgℓisн ℓєτs ℓєαrท єทgℓisн ℓєτs ℓєαrท єทgℓisн ℓєτs-


 English  for Practice 
එදිනෙදා අපට භාවිතා කිරිමට යෙදෙන දෙබස් ඛණ්ඩයන් මෙමගින් ඉදිරිපත් කෙරේ. අපට භාවිත කිරිමට යෙදෙන නමුත් අපි නොසිතන ඉංග්‍රීසි භාෂාවේ ඇති සියුම් තැන් ග්‍රහණය කරමින් මෙම දෙබස් ඉදිරිපත් කර ඇත. මෙම දෙබස් ඉතා සරල ආකාරයෙන් සහ කෙටි කාලයක් තුල අධ්‍යනය කළ හැකි ආකාරයට සකස් කර ඇත. මෙම පාඩම් මාලාව තුලින් අලුත් යමක් ඉගෙනීමට හැකි වනු ඇත.

-ℓєτs ℓєαrท єทgℓisн ℓєτs ℓєαrท єทgℓisн ℓєτs ℓєαrท єทgℓisн ℓєτs ℓєαrท єทgℓisн ℓєτs ℓєαrท єทgℓisн ℓєτs ℓєαrท єทgℓisн ℓєτs-

වෙබ් අඩවිය - http://www.saralawaenglish.lk/

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews