POSTED ON Saturday, June 20, 2015| | Edit Post

පොල්වතුර පානය කිරීමෙන් කාන්තාවන්ට ලැඛෙන සෞඛ්‍ය ප්‍රතිලාභ 5ක්.

පොල්වතුර පානය කිරීමේදී ඔබේ ශරීරය වඩාත් හොඳින් සජලනය වෙනවා. ශරීරය සජලනය වීමම පමණක් නොවෙයි තවත් බොහොමයක් සෞඛ්‍ය ප්‍රතිලාභ රැසක්ම පොල් වතුර වල අන්තර්ගතව තිඛෙනවා.

උෂ්ණකලාපයට අයත් මෙම ස්වභාවික පානය අද වන විට මුළු ලෝකය පුරාම ව්‍යාප්ත වී තිඛෙනවා. විශේෂයෙන්ම කාන්තාවන් සඳහානම් පොල්වතුර ඉතාමත්ම හිතකරයි.

ඔබ නොදන්නවා වුනාට සරුභාවය සහ යහපත් ගැබ්ගැනීමක් අපේක්ෂාවෙන් ලොව පුරා වෙසෙන බොහොමයක් කාන්තාවන් පොල්වතුර පානය කරනවා. ඊට අමතරව පොල්වතුර වලින් තවත් සෞඛ්‍ය ප්‍රතිලාභ රැසක්ම ලැඛෙනවා.

1. නිරෝගී ඝර්භනීභාවය

ඝර්භනී කාන්තාවන් නිතර පොල්වතුර පානය කරනවානම්, උදෑසනදී ඇතිවෙන රෝගී තත්වයන් සහ වමනය කිරීම වැනි ලක්ෂණ වලක්වාගන්නට පුළුවන්. තවද ඝර්භනී කාන්තාවන්ට අත්‍යවශ්‍ය ඉලෙක්ට්‍රොලයිට, ක්ලෝරයිඩ්, කැල්සියම්, පොටෑසියම් සහ රයිබෝප්ලෙවින් වැනි පෝෂක පදාර්ථද පොල් වතුර වල අන්තර්ගතව තිඛෙනවා.

පොල්වතුර වල ඇති ලෝරික් අම්ලය මව්කිරි වලද දැකගන්නට පුළුවන්. ප්‍රතිබැක්ටීරියා සහ ඇන්ටිමයික්‍රෝබියල් ගුණාංගයක් එහි ඇති නිසා ඔබේ ශරීරය වඩාත් හොඳින් ආරක්ෂා වෙනවා.

2. මුත්‍රා මාර්ගයේ වූ ආසාදනයන් වලට ප්‍රතිකාර කරනවා

කාන්තාවන් බොහෝ දෙනෙක්ට ඇති ප්‍රශ්නයක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්. නමුත් ඔබ පොල් වතුර පානය කරනවානම් මෙම රෝගී තත්වය ඇතිකිරීම සඳහා ක්‍රියාකරන ක්ෂුද්‍රජීවීන් විනාශ කරගන්නට පුළුවන්. ඒ සඳහා ඔබ කලයුතු වන්නේ දවසකට දෙවතාවක් පොල්වතුර පානය කිරීම පමණයි.

3. ශරීරය සජලනයව තබනවා

විජලනය හේතුවෙන් ඔබේ ශරීර සෞඛ්‍යයට අයහපත් බලපෑමක් ඇතිවෙන බව ඔබ දන්නවා ඇති. ඉතින් ඔබ විජලනය තත්වයකින් පෙලෙනවානම්, වහාම පොල්වතුර පානය කරන්න. ඉන් ඔබගේ ශරීරය සජලනය වෙන අතර ශරීරයේ ඇති විෂ ද්‍රව්‍යයද බැහැර වෙනවා.ල ජයදකැිඑැරදක

4. සිහින් වීමට උපකාරී වෙනවා

මෙය බොහොමයක් කාන්තාවන් විසින් හඳුනානොගත්, පොල් වතුර වල ඇති තවත් එක් සුවිශේෂී සෞඛ්‍ය ප්‍රතිලාභයකි. කාන්තාවනට පමණක් නොවෙයි පිරිමි පාර්ශවයටද එය එකසේම වැදගත් වෙනවා. පොල්වතුර වල සුළු කැලරි ප්‍රමාණයක් අන්තර්ගතව තිබුනත්, ඔබේ බඩ පුරවාලීමේ හැකියාවක්ද ඊට තිඛෙනවා. ශරීරයේ ඇති විෂ ද්‍රව්‍ය ඉවත් කරමින් ශරීරය පිරිසිඳු කිරීමටද එය ක්‍රියා කරනවා. එපමණක් නොවෙයි, කොලොස්ටරෝල් මට්ටම අවමකරමින් , ශරීරයේ ඇති මේදය දහනය කිරීමටද එය උපකාරී වෙනවා.ල යහාර්එැ

5. සම සඳහාත් හිතකරයි

සුන්දර සමක් ලබාගැනීමේ අරමුණෙන් නොයෙකු ඖෂධ වර්ග පානය කිරීමට කාන්තාවන් පුරුදුවී සිටිනවා. නමුත් ඔවුන් ඒ සඳහා කලයුතු වන්නේ පොල්වතුර පරිභෝජනය කිරීම පමණයි. ඉන් ශරීරය සජලනය වී ශරීරය පිරිසිඳු වෙනවා. නිරෝගීමත් සුන්දර සමක් ලබාගැනීමට එයම ප්‍රමාණවත්.

කාන්තාවන්ට මෙතරම් ගුණ දෙන ස්වභාවක පානයක් වෙන නොමැති තරම්. එම නිසා පොල්වතුර ඉවතනොදමා පානය කරන ලෙස නොදුටු ලෝකය අප ඔබගෙන් ඉල්ලා සිටිනවා.

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews