POSTED ON Saturday, June 27, 2015| | Edit Post
ඉන්ෆ්ලුවෙන්සා වලින් ඛෙරෙන්න නම්? එන්න දැනගන්න.




  • ඉන්ෆ්ලුවෙන්සා යනු

සාමාන්‍යයෙන් සෙම්ප්‍රතිශ්‍යාවක ලක්ෂණ පෙන්වන මෙය වෛරස් රෝගයක්. එනම් ඉන්ෆ්ලුවෙන්සා  යනු වෛරසයක්. මේ වෛරසයෙන් මගින් උණ හා සෙම්ප්‍රතිශ්‍යාව බහුලව පැතිරේ. ඇතැම් විට මෙය දරුණු තත්වයන් ද පෙන්නුම් කරයි.



  • රෝගය දරුණු වූ විට සිදුවන දේ

එවැනි අවස්ථාවකදී තදබල ඇඟපත වේදනාව, හිසරදය, උගුර රිදීම, කැස්ස, තද උණ, පාචනය වගේ බරපතල රෝග ලක්ෂණ පෙන්නුම් කරයි.


  • රෝගය පවතින කාල සීමාව

මෙම රෝගය සාමාන්‍යයෙන් දවස් 5ක් හෝ සතියක් අතර කාලයක් පවති.


  • මෙහි රෝගී ලක්ෂණ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන අයුරු

මෙම රෝගයේ රෝගී ලක්ෂණ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. විද්‍යාගාර වල මේ වෛරසය ඉන්ෆ්ලුවෙන්සා A , ඉන්ෆ්ලුවෙන්සා B  හා ඉන්ෆ්ලුවෙන්සා C ලෙස වර්ග තුනකි. මෙයින් වඩාත් බරපතල වන්නේ ඉන්ෆ්ලුවෙන්සා A  මගින් ඇතිවන රෝගී තත්වයයි. අනෙක් ඒවාද භයානකයි. මේ හේතුවෙන් රෝගියාට ඇතුල් වන වෛරසයේ ස්භාවය අනුව එය වෙනස් වේ.


  • ඉන්ෆ්ලුවෙන්සා පැතිරෙන ආකාරය

වෛරසය හැමවිටම වෙනස් වෙමින් පැතිරේ. එය සමාජයට නුපුරුදු ලෙස වෙනස් වේ. මෙයට ඔරොත්තු දීම සඳහා බොහෝ දෙනාට ප්‍රතිශක්තියක් නොමැත. එමෙන්ම මෙය පුද්ගලයාගෙන් පුද්ගලයාට පැතිරී යයි. ඌරු උණ (H1N1),  කුරුළු උණ (H1N5) ද මෙවැනිම තත්වයේ වෛරස්. මේවා සතුන්ගෙන් මිනිසුන්ට පැතිරී ලොවපුරා පැතිරී ගොස් තිබේ. මෙම රෝගය වැළඳුනු පුද්ගලයෙක් කිවිසුම් යැවීම, කැහීම, හොටු  කෙළ ආදිය අනෙක් අයට ස්පර්ශ වීමෙන් මෙය පැතිරී යයි.


  • මේ උණ වැළඳීමේ වැඩි අවධානමක් තිබෙන පුද්ගලයින්

විශේෂයෙන් මේ තත්වය බලපාන්නේ වයස අවුරුදු 60ට වැඩි අයට. එමෙන්ම අවුරුදු 1 ට අඩු කුඩා දරුවන්ටත් මෙය වැළඳීමේ වැඩි හැකියාවක් පවතී. එමෙන්ම දියවැඩියාව, වකුගඩු රෝග හා අක්මා රෝග ඇති පුද්ගලයන් ද වැඩි අවධානමක පවතී.


  • ඉන්ෆ්ලුවෙන්සා වලින් වැළකෙන අයුරු

රෝගීන් නිතරම මුඛ ආවරණ පැළඳ සිටීම වඩා ආරක්ෂාකාරී වේ. එමෙන්ම අනෙක් අයත් පොදු ස්ථාන වලදී මුඛ ආවරණ පැළඳීමෙන් හෝ වෙනත් අයුරකින් හෝ වඩාත් පරික්ෂාකාරී වීම සුදුසුය.  


  • මේ සඳහා ඇති ප්‍රතිකාර

පළමුව අවශ්‍ය වන්නේ හොඳින් විවේක ගැනීමයි. නමුත් බොහෝ දෙනා රෝගය සම්පුර්ණයෙන් සුව වීමට ප්‍රථම පාසල් හෝ රැකියාවට හෝ යනවා. එයින් සිදු වන්නේ නොදැනීම රෝගය උත්සන්න වීමයි. මේ හේතුවෙන් මොළේ උණ වගේ රෝගී තත්වයන් ඇතිවීමේ ඉඩකඩ පවතී. එමෙන්ම සමබල ආහාර ගැනීම, දියර වර්ග වැඩිපුර භාවිතය ද සුදුසුය. හොඳින් ආහාර පාන නොගතහොත් වැඩිහිටි පුද්ගලයෙකු වුවද දුර්වල වේ. කුඩා ළමුන් විජලනයට ලක්විය හැක.


විශේෂයෙන් සැලකිලිමත් වන්න

ඔබට හෝ ඔබගේ පවුලේ කෙනෙකු හට පෙර සදහන් කල රෝග ලක්ෂණ වැලදී ඇත්නම් සහ ඔවුන් පහත සදහන් කුමන හෝ කාණ්ඩයකට ඇතුලත් වේ නම්, එය වෛරස අසාදනය තීව්‍ර වීමටත්, සංකුලතාවයන් ඇතිවීමටත් දැඩි සේ බලපානු ඇත. එමනිසා එවැනි රෝගීන් ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමුවීමට හා වඩාත් සැලකිලිමත් විමට වගබලා ගත යුතුයි.
  1. වයස අවුරුදු 65ට වැඩි පුද්ගලයන්
  2. වයස අවුරුදු 2ට අඩු කුඩා දරුවන්
  3. ගර්භනී මව්වරුන්
  4. ප්‍රතිශක්තිය හීන වූ පුද්ගලයන් (රෝගී තත්වයක් හෝ විශේෂ ඖෂධ භාවිතය හේතුවෙන්)
  5. හෘදය, අක්මාව, වකුගඩු ආශ්‍රිත රෝගී තත්වයෙන් පෙලෙන්නන්
  6. දියවැඩිය රෝගීන්

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews