POSTED ON Tuesday, June 16, 2015| | Edit Post


ශ්‍රී ලංකාව ඝර්ම කලාපයට අයත් රටකි. මේ ඝර්ම කලාපීය රටවල බොහෝ ජනපි‍්‍රය කෙසෙල් පලතුර තරමටම කා අතරත් ජනපි‍්‍රය පලතුරක් ලෙස අන්නාසි ගැනේ. ප්‍රධාන ආහාර වේලකට අමතරව අතුරුපසක් ආහාරයට ගැනීමට අප අතර සිටින බොහෝ දෙනා දක්වන්නේ මහත් කැමැත්තකි. ඒ සඳහා අන්නාසි වැනි පලතුරක් තෝරා ගැනීමට සමහරෙක් මහත් උනන්දුවක් දක්වති.
ආහාර ගැනීමෙන් පසුව අතුරුපස ලෙස අන්නාසි ආහාරයට ගැනීමෙන් ඔබ නොදැනුවත්වම ශරීරයෙහි යම් කාර්යයක් සිදුවේ. එනම් ඔබ ගන්නා ආහාර දිරවීම සඳහා යම් පිටුබලයක් අන්නාසි පලතුරෙන් ලැබීමයි.

ඊට අමතරව ඉදුණු අන්නාසි පෙති ලෙස සකස්කර ප්‍රධාන ආහාර වේල සමගම ආහාරයට ගත හැකි වේ. එයින් ඔබගේ කෑම පිළිබඳ ඇති කැමැත්ත වැඩිවන අතර කෑමෙහි රසවත් බව වැඩිපුර දීවට දැනේ.

කෑම දිරවීම පහසු කරන අන්නාසි පලතුර හොඳින් ඉදුනු පසුව ව්‍යංජනයක් ලෙස සකසා ගැනීමට ගෘහනියක් ලෙස ඔබට පුළුවන. අප එසේ කළ යුත්තේ අන්නාසි එකම ආකාරයකට ආහාරයට ගැනීමට වඩා වෙනස්ව ආකාරයකින් ආහාරයට ගැනීමට බොහෝ දෙනෙකු පි‍්‍රය කරනා බැවිනි. සලාදයක් සෑදීමේදී ද එහි ප්‍රනීත රසය වර්ධනය කර ගැනීම සඳහා අන්නාසි පලතුර යොදා ගැනේ. එහිදී ද සිදුවන්නේ කෑම දිරවීම පහසු කිරීමයි.

අන්නාසි යුෂවලින් කෝඩියල් වර්ග සකස් කර ගනී. ජෑම් වර්ග, සෝස්වර්ග, චට්නි වර්ග, පුඩින් වර්ගවලට මෙන්ම සමහර කේක් සඳහාද අන්නසි යාදා ගන්නා අවස්ථා වේ.

කෙසේ වුවත් කල්තබා ගැනීම සඳහා භාවිත කරන රසායනික දේ නියම සමහර අවස්ථාවන් වලදී ආසාත්මිකතාවයන් ඇති වීමට ද පුළුවන.

විටමින් ඒ හා සී, කැල්සියම්, පොස්පරස් හා යකඩ අන්නාසිවල අඩංගු වේ. අන්නාසිවල ජලය අඩංගු වන නිසා ශරීරයට ජලය එකතු වන එක් මාර්ගයක් ලෙසද මේ පලතුර සැලකිය හැකියි. අන්නාසි ශරීරයට හිතකර පලතුරක් මෙන්ම අහිතකර වන අවස්ථාවන්ද නැත්තේ නොවේ.

අන්නාසිවල හිතකර ගුණ

  • - මුත්‍රා කාරයක් ලෙස ක්‍රියා කරයි. ඔබ මුත්‍රා පිටවීමේදී අපහසුතාවකින් පෙළෙන්නේ නම් ඊට අන්නාසි පලතුර ආහාරයට ගන්න. එවිට මුත්‍රා පිටවීමට පහසුව ඇති කරයි.
  • - බඩවැල්වල පණුවන් නසයි.
  • - උදර අපහසුතා මග හරවයි.
  • - බඩ පිපෙනා ගතිය, වැඩිපුර ආහාර ගැනීම නිසා ඇතිවන අපහසුතාවය අන්නාසි ආහාරයට ගැනීමෙන් මග හැරේ.
  • - පිළිකා ෙසෙල වර්ධනය වන වේගය අඩු කරයි. පාලනය කරයි.
  • - අමාෂයේ කෑම දිරවීමට ඇති යුෂ නිපදවීම වැඩිකරයි.
  • - මේනිසා ආහාර දිරවීමත්, ප්‍රෝටීන් බහුල ආහාරයක් ගත් විට එම ආහාර දිරවීමත් පහසු කරයි.
  • - රුධිර කැටි ඇතිවීම වළක්වාලයි.
  • - පක්‍ෂගාත රෝග හැඳීමට ඇති ඉඩකඩ අඩු කරයි.
  • - වකුගඩුවලින් ශරීරයට අහිතකරවන පිටවන දේ අන්නාසි ආහාරයට ගැනීම නිසා හොඳින් සිදුවේ.
  • මුත්‍රා ගල් නැති කරයි.
  • - සන්ධි රෝගවලට හිසරදයට ගුණදායකය.
  • - උගුර රතුවීම, කෙළ ගිලීමට නොහැකිවීම, වැනි උගුරෙහි ප්‍රදාහ අවස්ථාවන්වලදී අන්නාසි වඩාත් ගුණදායක වේ.
  • - ශරීරයේ ඉදිමීම නැති කරනා ගුණයක් ඇත.
  • - සුළු පිලිස්සුම් අවස්ථාවලදී අන්නාසි කොළ කොටා ඉස්ම ගැල්වීමෙන් සුවයක් ලැබේ.
  • අන්නාසිවල අහිතකර ගුණ
  • - ගර්භණියන්ට අන්නාසි ආහාරයට ගැනීම අගුණය - මෙහිදී වඩාත් සැලැකෙන්නේ අමු අන්නාසි ආහාරයට ගැනීමය. අමු අන්නාසිවල ඇති යම් රසායනික ද්‍රව්‍යයක් නිසා කළලය ගබ්සාවීම සිදුවේ.
  • - පොතුකබර හැඳුණු රෝගීන්ට අන්නාසි කෑම ගුණදායක නොවේ.
  • - ඇදුම රෝගීන්ට අහිතකරය.
  • - වාතරක්ත රෝගීන්ට අගුණය.
  • - කෘෂ්ට සෑදී ඇති රෝගීන්ට අන්නාසි කෑම නිසා එම තත්ත්වය වර්ධනය විය හැක.
  • - මුත්‍රා දැවිල්ල, අත් පා දැවිල්ල , බඩදැවිල්ල වැනි රෝග තත්ත්වයකින් ඔබ පෙළෙන්නේ නම් අන්නාසි වැනි පලතුරක් ආහාරයට ගැනීමෙන් වළකින්න.



මංගලා මහලේකම්
ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරිනි
බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පර්යේෂණායතනය,
නාවින්න

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews