1980 දශකයේ මුල් භාගයේදී එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගෙන් එල්ලවූ ස්නයිපර් ප්‍රහාර නිසා ලද අප්‍රසන්න අත්දැකීම් සමග ශ්‍රී ලංකා යුද හමුදා ප්‍රගුණ සහ සැඟවුන වෙඩිකරු පුහුණු පාසල දියතලාව යුද හමුදා පුහුණු සංකීර්ණය තුල ආරම්භ කෙරිණි. කර්නල් දයා රාජසිංහ වැනි සෙන්පතින් ලංකාවේ සැඟවුණු වෙඩික්කරුවන් නිර්මාණයට කළ කැපවීම නිසා එය අති විශිෂ්ඨ සහ ජාත්‍යන්තර මට්ටමේ පුහුණු ආයතනයක් බවට පත් විය.

ස්නයිපර්වරයෙක් සතුව විශේෂ ගුණාංග රාශියක් තිබිය යුතුවේ. විශිෂ්ට කායික හා මානසික ශක්තිය ,ඉවසීම ,තියුණු කන් ඇසීම හා ඇස් පෙනීම ඒ අතරින් ප්‍රධානය, අනිවාර්යයෙන් මත්පැන්, දුම්පානයෙන් වැළකිය යුතුවේ,පැය කිහිපයක් වුණත් එකම ඉරියව්වක ඉන්න හැකියාව තිබීමද විශේෂය. පුහුණුවේ අවසාන අංගය ලෙස කිලෝමීටර් හතළිහක දුරක් කිලෝ පනහකට වැඩි බරක් ඔසවාගෙන පා ගමනින් ගොස් අදාල ඉලක්ක සම්පුර්ණ කිරීම කලයුතු වේ. මෙම පුහුණුව විවිධ දේශගුණික තත්ත්වයන් යටතේ සිදු කර ඔවුන් තම හැකියාව පෙන්විය යුතුවේ. ස්නයිපර්වරු හැත්තෑ නව දෙනෙක් එදා අවසන් සටනේ සටන් බිමට පැමිණි අතර අවසානයේ ඒ අතරින් නව දෙනෙක් හට ආපසු යාමට වරම් නොලැබිය. 

ස්නයිපර් භූමිකාවේ අද්විතීය හා නොමැකෙන නමක් තැබූ අපගේ ස්නයිපර් වරයා වන්නේ නීරෝ ය. වයඹ පළාතේ ආනමඩුවට නුදුරු මඬලාන නමැති ග්‍රාමයේදී 1969 වර්ෂයේදී උපන් රංජිත් ප්‍රේමසිරි මඬලාන මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා තරුණයෙකු වශයෙන් තම සිතේ වූ දැඩි ආශාව ඉටු කරගැනීමේ අභිලාෂයෙන් 1991 පෙබරවාරි මස 22 වැනි දින ශ්‍රී ලංකා යුද හමුදාවට එක විය.පුහුණුවෙන් පසු 5 වැනි ගජබා රෙජිමේන්තුවට ඇතුලත් කරන ලද ඔහු, වෙඩි තැබීමේ දක්ෂකම් ප්‍රදර්ශනය කරන්නට වීමේ ප්‍රතිඵලය වුයේ, ප්‍රගුණ සහ සැඟවුන වෙඩිකරු පාසලට ඇතුලත් වීමට වරම් ලැබීමයි. 

ඔහු විසින් ලබාගෙන ඇති ඉලක්ක සංඛ්‍යාව 180 ක් පමණ වනබවට වාර්තා ඇති අතර එමගින් ලොව හොඳම ස්නයිපර් කරුවන් අතරට ඒමට ඔහුට අවස්ථාව උදාවිය. මානුෂික මෙහෙයුමේ අවසන් අදියරේ සේවය කරමින් සිටි නීරෝ ඉතා අවාසනාවන්ත ලෙස 2009 අප්‍රේල් මස 28 වැනිදා එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී ස්නයිපර් වරයකුට ගොදුරු වුන ඔහු සිය අනබිභවනීය සේවය වෙනුවෙන්, වීර වික්‍රම විභූෂණය, (WWV) රණවික්‍රම පදක්කම, (RWP) රණශුර පදක්කම, (RSP) යන වීර පදක්කම් වලින් පුදලැබ තිබේ ......!

නිහඬ විරුවනි ඔබට නිවන් සැප ලැබේවා ! 

from Laksiri Abeykoon



Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews