පාඩු ලබන මැක්ඩොනල්ඞ්ස් මාසික අලෙවි වාර්තා නිකුත් කිරීම අත්හිටුවයි.
ඇමරිකානු ක්‍ෂණික ආහාර දැවැන්තයකු වන මැක්ඩොනල්ඞ්ස් සමාගම සිය නිෂ්පාදන අලෙවිය පිළිබඳ මාසික වාර්තා නිකුත් කිරීම අත්හිටුවීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

ඒ අනුව මැක්ඩොනල්ඞ්ස් අවන්හල් සමූහයේ වර්ධනයන් හෝ පසුබෑම් පිළිබඳ දැනගැනීමට සිදුවනු ඇත්තේ කාර්තු වාර්තා මගින් පමණකි.

සිය 60 වසරක ඉතිහාසය තුළ මැක්ඩොනල්ඞ්ස් සමාගම අතිශය දුෂ්කර කාලපරිච්ෙඡ්දයක් පසුකරමින් සිටින අතර දිගින් දිගටම නිෂ්පාදන අලෙවිය පහත වැටෙමින් ඇතැයි පැවසේ.

නිව්යෝක් නගරයේ පැවති සමුළුවක් අමතමින් ස්ටීව් ඊස්ටර්බෲක් පවසා ඇත්තේ සමාගම විසින් සැලසුම් කර ඇති උපායමාර්ගික හා දීර්ඝ කාලීන ක‍්‍රියාමාර්ග හා සන්නිවේදනයන් පිළිබඳ අවධානය යොමු කිරීම වෙනුවෙන් ජූලි 1වනදා සිට මාසික වාර්තා නිකුත් කිරීම නවතා දමන බවයි.

මැක්ඩොනල්ඞ්ස් පමණක් නොව එහි තරගකරුවන් වන පීසා හට්, ණත්‍ක්‍ හා ටැකෝ බෙල් වැනි අවන්හල් සමූහයන්ද මාසික අලෙවි වාර්තා නිකුත් කිරීම අත්හිටුවා ඇතැයි වාර්තා වේ.

2015 වසරේ මුල් කාර්තුවේදී මැක්ඩොනල්ඞ්ස් අලෙවිය 11%කින් පහත වැටුණු අතර ඇමරිකාව තුළ අලෙවිය විශ්ලේෂකයින් විසින් අපේක්‍ෂා කර තිබූ 0.7% පසු කරමින් 4%කින් පහත වැටිණි.

මේ සමග ඇමරිකාව, චීනය හා ජපානය තුළ පාඩු ලබන අවන්හල් 350ක් වසා දැමීමට මැක්ඩොනල්ඞ්ස් බලධාරීන් පියවර ගෙන තිබේ.

එමෙන්ම ආහාරවල ගුණාත්මක තත්වය ඉහළ නංවමින් වැඩි පාරිභෝගිකයින් පිරිසක් ආකර්ෂණය කරගැනීමද ඉදිරි සැලසුමකි.

උපුටා ගැනීම - https://lankacnews.com/sinhala/foreign-news/132222/

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews