POSTED ON Sunday, June 7, 2015| | Edit Post
ලංකාවේ බුද්ධිමත්ම ගොඩනැගිල්ල මෙන්න..

මෙම ගොඩනැගිල්ලේ ඇති පහසුකම් සහ ඒවා ක්‍රියාත්මක කිරීමට වැය වන බලශක්තිය සහ පරිපාලන පහසුව ආදී කරුණු කිහිපයක් පදනම් කර ගනිමින් මෙම නම් කිරීම සිදුකර තිබේ.

සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් ගොඩනැගිල්ල ශ්‍රිලංකාවේ බුද්ධිමත් ගොඩනැගිල්ල ලෙස තෝරා ගැනෙයි. මෙම ගොඩනැගිල්ලේ ඇති පහසුකම් සහ ඒවා ක්‍රියාත්මක කිරීමට වැය වන බලශක්තිය සහ පරිපාලන පහසුව ආදී කරුණු කිහිපයක් පදනම් කර ගනිමින් මෙම නම් කිරීම සිදුකර තිබේ.


මෙම ගොඩනැගිල්ලේ වායු සමීකරණ පද්ධතිය සඳහා world’s first magnetic bearing chiller technology නම් වන අති නවීන තක්ෂණය භාවිත කර ඇති බව සඳහන් වෙයි.එමෙන්ම බලශක්තිය උපරිම ආකාරයෙන් පිරිමසින මෙම හෝටල් ගොඩනැගිල්ල මගින් අපේක්ෂිත පරිභෝජන ගෑස් ප්‍රමාණය වසරකට ටොන් 4000 කින් අඩුකර ඇත.එමෙන්ම මෙම හෝටලයේ සෑම ඉසව්වක්ම නිරුපනය වන පරිදි කැමරා පද්ධතියක් සවි කර ඇති අතර දත්ත මාපක 200 ට වඩා වැඩි ප්‍රමාණයක් ස්ථාපිත කර ඇත.



මේ නිසා බලශක්තිය ඉතිරි කර ගත හැකි වු බව සිනමන් ග්‍රෑන්ඩ් කළමණාකාරීත්වය පවසයි.එමෙන්ම මුළු හෝටලයේම ජල පද්ධතිය, වායු සමීකරණ පද්ධතිය,ඔක්සිජන් මට්ටම, කසල බැහැර කරන පද්ධතිය ආදී සියලු අංශ එකවර නිරීක්ෂනය කිරීමේ පහසුකම් වලින්ද මෙම ගොඩනැගිල්ල සමන්විත වෙනවා. කිසියම් ස්ථානයක කිසියම් අඩුපාඩුවක් වේ නම් එය කඩිනමින් සැකසීමට ද කාර්ය මණ්ඩලලය උත්සුක වෙනවා.

මෙම හෝටල ගොඩනැගිල්ල එම බලශක්ති පිරිමසාලන තත්වයට පත් කිරීම සඳහා රුපියල් මිලියන 170 ක පමණ ආයෝජනයක් සිදුකර ඇති අතර මේවන විට එම වියදම් කළ මුදල බලශක්ති අරපිරිමැස්මෙන් ඉතිරිකර ගත හැකිව ඇති බව වාර්තා වෙයි.
Lanka Energy Conservation Pvt Limite‍d, හි සහය සහ උපදේශකත්වය ලබමින් මෙම ඉදිකිරීම් සිදුකර ඇති අතර, මේ හේතුවෙන් වසර ගණනාවකදී සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය සම්මාන රැසකට පාත්‍ර වී තිබේ.


Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews