POSTED ON Friday, June 19, 2015| | Edit Post

රෙඩ් බුල් බිව්වම ශරීරයට මොකද වෙන්නේ?




ශක්තිජනක පාන වර්ග නිසා රුධිරය ඇලෙනසුළු ස්වාභාවකට පත්වෙන අතර, එම නිසා හදිසි ආබාධ සහ කන්තුකවාහිනී දෝෂ ඇතිවෙන්නට ඉඩ තිඛෙනවා. රෙඩ් බුල් පානය කොට පැයක් පමණ ගතවූ පසුව, ඔබේ රුධිර සංසරණය කන්තුකවාහිනී ආබාදයන්ගෙන් පෙලෙන රෝගියෙකුගේ රුධිර සංසරණයට සමාන වෙනවා.

නමුත් එවැනි ශක්තිජනක පාන වර්ග නිෂ්පාදනය කරන ආයතන පවසන්නේ, ඔවුන්ගේ ශක්තිජනක පානයන් වල ඇත්තේ කෝපි හෝ සෝඩා කෝප්පයකට සමාන බලපෑමක් බවයි.

ශක්තිජනක පාන වල ඇති ජනප්‍රිය ද්‍රව්‍යයක් වන ඇස්පාටමි, ස්නායු විෂකාරකයක්,අසාත්මිකාරකයක් සහ පිළිකාකාරකයක් ලෙසඳ හඳුන්වන්න පුළුවන්.

වැඩි දුරටත් පවසනවානම්,  අලස ගතියක් සහ තවත් ශක්තිජනක පාන කෑන් එකක් සඳහා දැඩි කෑදර කමක්ද ඒ හේතුවෙන් ඇතිවෙනවා.


ඇතැම් රටවල් ශක්තිජනක පානයන් තහනම් කර තිඛෙනවා.

සංඛ්‍යා ලේඛන වලින් පෙන්වා දෙන පරිදි, වතුර බෝතල් වලට වඩා වැඩිපුර ශක්ති ජනක පාන වර්ග අලෙවි වෙනවා.

ශක්ති ජනක පාන වර්ග ප්‍රචලිත වීමත් සමග ඉන් ජනතාවට සිදුවෙන හානි වලක්වා ගැනීමට ඇතැම් රටවල් විසින් ඒවා තහනම් කිරීමටද කටයුතු කර තිඛෙනවා.

රෙඩ් බුල් නිසා ශරීර සෞඛ්‍යයට සිදුවෙන අයහපත් බලපෑම වටහාගත් උරුගුවේ සහ ඩෙන්මාර්කය වැනි රටවල් රෙඩ් බුල් භාවිතය තහනම් කිරීමට කටයුතු කර ඇති බව  වාර්තා වෙනවා. කුවේට් වල නම්, වයස අවුරුදු 16 පහල ළමුන්ට රෙඩ් බුල් නීතියෙන් තහනම් කර තිඛෙනවා. නොදුටු ලෝකයට වාර්තා වෙන පරිදි , මෙවැනි තීරණයක් ගෙන තිඛෙන්නේ ජාතික ස්කොෂ් කණ්ඩායමේ සාමාජිකයින් දෙදෙනෙක් රෙඩ් බුල් පානය කිරීම නිසා හර්දයාබාදයන් වැළදී මියයාමත් නිසයි.

වැඩිම අවධානමක් ඇත්තේ කාටද?

ශක්තිජනක පාන වර්ග රුධිර වාහිනී ක්‍රියාකාරීත්වයට බලපාන නිසා ලේ කැටි ගැසීමේ අවධානම ඉහල යනවා. මෙම පහත ලක්ෂණ තිඛෙනවානම් ශක්තිජනක පාන භාවිතය වහාම නවතන්න. හදිසි ආබාධ තත්වයන් ඇතිවීම වලක්වා ගැනීමට එය ඔබට උපකාරී වේවි.ල ාස්ඉැඑසජල ඉකදදා චරුිිමරු

1. සාංකාව

2. අධි රුධිර පීඩනය

3. බොහෝ කල් පවතින තෙහෙට්ටු ගතිය

4. ආතතිය

5. කැෆීන් සංවේදීතාවය

6. කන්තුකවාහිනී රෝග (හර්දවාහිනී රෝග)

7. ලේ කැටි ගැසීමේ ආබාධ

ස්වාභාවිකවම ශක්තිය වැඩි කරගන්නේ මෙහෙමයි

ඒ සඳහා ඔබ සිදුකල යුතු වන්නේ නිවැරදි ආහාර අනුභව කිරීම සහ ඔබේ ආහාර වේලට වැඩිපුර ඔමේගා 3 මේද ඇතුලත් කරගැනීම පමණයි.

නිතර ව්‍යායාම කිරීමටද පීඩාව ඇතිකරන අවස්තාවන් මගහැරීමටද මතක තබා ගන්න. තවත් රෙඩ් බුල් කෑන් එකක අවශ්‍යතාවය මග හැර ගැනීම සඳහා එය ඔබට උපකාරී වේවි.

රෙඩ් බුල් වෙනුවට ආදේශ කල හැකි ස්වභාවික පානයක් ලෙස පොල් වතුර හඳුන්වන්න පුළුවන්.

ශක්තිජනක පාන වර්ග නිසා රුධිරය ඇලෙනසුළු ස්වාභාවකට පත්වෙන අතර, එම නිසා හදිසි ආබාධ සහ කන්තුකවාහිනී දෝෂ ඇතිවෙන්නට ඉඩ තිඛෙනවා...

Posted by Ganna ape de (ගන්න අපේ දේ) on Friday, June 19, 2015

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews