POSTED ON Wednesday, June 24, 2015| | Edit Post


ඔබ මිලදී ගනු ලැබූ බිත්තරය අනුභව කිරීමට සුදුසු හෝ නුසුදුසු තත්වයේ පවතිනවාද යන්න සහ බිත්තරය කොපමණ පරණද කියා දැනගැනීමට හැකි ක්‍රමවේදයක් පිළිබඳවයි අද ඔබව දැනුවත් කරන්නේ.

බඳුනක් ගෙන ඉන් හරි අඩක් ජලයෙන් පුරවා ගෙන එයට බිත්තරයක් එකතු කරන්න.

  • නැවුම් බිත්තරය

ජල බඳුනට බිත්තරය දැමු විගස එය පතුලටම ගිලා බසිනවානම්  එය නැවුම් බිත්තරයක් බව ඔබට දැනගන්නට පුළුවන්. පතුලටම ගිලුණු පසුව එය නැවත උඩ එන්නේ නැහැ පතුලේම තැන්පත්වී පවතිනවා.
  • දවස් 7ක් පැරණි බිත්තරය

දවස් 7ක් පැරණි බිත්තරය ජල බඳුනට දැමු පසුව එය නැවුම් බිත්තරය සේම පතුලට ගිලා බසිනවා. පළමු බිත්තරය පැතලි ලෙස පතුලටම ගිලා බැස්සත්, දවස් 7ක් පැරණි මෙම බිත්තරය සිරස් ලෙස තමයි පිහිටන්නේ. එම බිත්තරයේ එක කෙළවරක් පතුල ස්පර්ශකරගෙන සිටින අතර අනෙක් කෙලවර උඩට වෙන්න පිහිටනවා.




  • දවස් 21 පැරණි බිත්තරය

මෙම බිත්තරය පතුලටම ගිල බසින්නේ නැති අතර උඩ පාවෙන්නේද නැහැ. එය ජලයේ මැද සමබරව පවතිනවා.

  • පැරණි බිත්තරය

පැරණි බිත්තර අනුභව කිරීම ශරීරයට අහිතකරයි. එවැනි බිත්තරයක් වතුරට දැමු පසුව ජල බඳුන මත පාවෙන ස්වභාවයක් දක්නට තිඛෙනවා.


Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews