ලෝකයට ශ්‍රී ලාංකීය තාරුණ්‍යයේ ජවය සහ සටන්කාමීත්වය හෙළි කරමින් ලොව පුරා ආන්දෝලනයට පත්වූ සිංහ ලේ (Lion Blood) වීඩියෝ මාලාවේ 3 වන සහ අවසන් වීඩියෝව දැන් නිකුත් වී තිබෙනවා.

 මෙහි 1සහ 2 කොටස් සිය දහස් ගණනින් විවිද සමාජ ජාල හා වෙබ් අඩවි තුලින් ශ්‍රී ලාංකීය නාමය බබළවමින් ලොව පුරා share වුවා. 


යුද සටන් කලාවේ සැබෑ මුහුණුවර පිළිබිඹු කරමින් නිපදවා ඇති මෙම වීඩියෝවේ අවසානයේ දැක්වෙන බුදුරුව සහිත දර්ශනය සංස්කරණය කර ඉවත් කරමින් නැවත ඔවුනගේ වෙබ් පිටුවල upload කිරීමට ඇතැම් රටවල ආගමික සටන්කාමී සංවිධාන කටයුතු කර ඇති ආකාරයක්ද දක්නට ලැබුණා. සිංහලේ සිංහ ලේ වල ශක්තිය ලොවට ගෙනගිය මෙම වීඩියෝව ඔබත් බලා හිතවතුන්ටද දකින්නට සලස්වන්න. 

අපිට විස්තර එව්වේ Predeep Rangana



 




යෝග බුදෝ 

විදේශීය සටන් ක්‍රම බොහෝමයක් ලංකාව තුල පැතිර තිබුනද ඒවා බොහොමයක් එම මව් රටවල සංස්කෘතීන්ට අනුකුලව බිහිව, යම් වෙනස්කල නොහැකි රාමුන් මත පදනම් වූ ඒවා විය. අප රට තුලද පාරම්පරික සටන් ක්‍රම පැවතියද වත්මන් සමාජ ක්‍රමයට ගැලපීමේදී ඒවායේ පවතීන වෙනස් කල නොහැකි සම්ප්‍රදායික රාමුන් බාදකයක් විය. මේ නිසා වත්මන් සමාජ ක්‍රමය තුල ප්‍රයෝගිකව බාවිතා කල හැකි නුතන ශ්‍රී ලාංකීය සටන් ක්‍රමයක හිඩැස පියවීමේ අදහසින් යෝග බුදෝ සටන් කලා මාර්ගය බිහිවිය.

යෝග බුදෝ නව සටන් කලාවක් නොව ලොව වඩා ප්‍රයෝගික සටන් ක්‍රමයන්ගේ සහ කායික සහ මානසික සංවර්ධනය සදහා ඉවහල් වන යෝග ක්‍රම ප්‍රමඛ කොටගත් ශිල්ප ක්‍රමයන්ගෙන් සැදුම්ලත් සටන් කලා මාර්ගයකි.

තම ගවේෂණාත්මක සටන් කලා දිවියෙහි අත්දැකීම් මත පදනම්ව මීට දශකයකට පමණ පෙර ශ්‍රී ලාංකීය සටන් කලා සහ යෝග උපදේශක ප්‍රසන්න ලංකා තල්පහේවා මහතා විසින් යෝග බුදෝ සටන් කලා මාර්ගය ලොවට හදුන්වා දෙනු ලැබිණ. නොයෙක් සංස්කරණයන්ට, පරේෂණයන්ට ලක් වෙමින් සංවර්ධනය වූ මෙම යෝග බුදෝ සටන් කලා මාර්ගය මෙයට වසරකට පමණ පෙර සිට ලොව පුරා ප්‍රචලිතව ලොව පිළිගත් සටන් සම්ප්‍රදායන් අතරට එක්විය.

යෝග බුදෝ පදනම කරගනිමින් නිර්මාණය කල "Lion Blood" වීඩියෝ මාලාවේ පළමු වීඩියෝවම facebook, වෙනත් සමාජ ජාල සහ වෙබ්අඩවි තුල ලොව පුරා සිය දහස් ගණනින් share වූ අතර, එක මුලාශ්‍රයකින් shares 100 000 ඉක්මවමින් එතෙක් මෙතෙක් ලොව වැඩිම පිරිසකගේ ජනාදරයට පත්වූ ලාංකීය සටන් වීඩියෝව ලෙස පහසුවෙන් බිදිය නොහැකි වාර්තාවක් පිහිටවුයේ ශ්‍රී ලාංකීය නාමයද ලොව බබළවමිනි.

සැබෑ සටනකදී භාවිතා වන සටන් පරාසයන් (fighting ranges) 4 කි.
1. Kicking Range (පා පහරවල පරාසය)
2. Punching Range (අත් පහරවල පරාසය)
3. Trapping Range (සතුරාව උගුලට හසුකරගන්නා පරාසය)
4. Grappling Range (පොරබැදීමේ පරාසය)

Krav maga, Systema, Jeet kune do ඇතුළු ලොව ඉතා සීමිත සටන් කලා කිහිපයක් හැරුණු විට අනෙක් බොහොමයක් සටන් කලා නිර්මාණය වී ඇත්තේ ඉහත කී සටන් පරාස අතුරින් යම් කිසි එක් සටන් පරාසයක් පමණක් පදනම් කරගෙනය. එම නිසා එම සටන් කලාවන් හදාරන ඉහල ශ්‍රේනිවල අය පවා සටනේදී තම දස්කම් පාන්නේ යම් කිසි එක් සටන් පරාසයක පමණි. එයට හේතුව වන්නේ එම සටන් කලාවන්හි ඇති සටන් රාමු තුලින් ඔවුන්ව එක් සටන් පරාසයකට පමණක් කොටු කර ඇති නිසාය. නමුත් යෝග බුදෝ මෙම පරාසයන් 4 තුලම ක්‍රියාත්මක වේ. 

එලෙසම අනෙකුත් සටන් ක්‍රමවල සබැ සටනක දක්ෂයෙක් බිහි කිරීමට විශාල කලක් ගත වේ. නමුත් ඉහත යෝග බුදෝ ඇතුළු සටන් ක්‍රමයන් සම්ප්‍රදායික රාමුන්ගෙන් බැහැරව, සැබෑ සටන පදනම් කොට ගනිමින් පුහුණුවන නිසා දීර්ඝ කාලයක් වැය නොකර සැබෑ සටනකට සාර්ථකව මුහුණ දිය හැකි දක්ෂයන් බිහිකළ හැකි වෙයි. බොහෝ රටවල විශේෂ හමුදා ඒකකයන්හි පුහුණුව සදහා මෙම සටන් ක්‍රම භාවිත කරන්නේ එබැවිනි.

නමුත් යෝග බුදෝ වල මෙම සටන් ක්‍රමයන් අභිබවා ගිය සුවිශේෂත්වයක්ද දක්නට ලැබෙයි. ඒ කායික මානසික සංවර්ධනය සහ සමබරතාවය, හික්මීම,විනය ,ආත්ම විශ්වාසය, සුසරතාව වැනි ගුණාංග වැඩි වර්ධනය සදහාද යෝග විද්‍යාවේ සාරයෙන් නිර්මාණය කල සුවිශේෂී අභ්‍යාස ක්‍රම එක්වී තිබීමයි. මේ නිසා සටන් කීරීම සදහා පමණක්ම නොව පුද්ගල සහ සමාජ සංවර්ධනය සදහාද යෝග බුදෝ ඉමහත් කාර්යයක් ඉටු කරයි. 

ඉහත දැක්වූ ගුණාංගයන් හේතුවෙන් යෝග බුදෝ ශිල්පියා සාමකාමී,නිවුණු ස්වභාවයෙන් යුතුව සමාජයේ හැසිරෙන අතර මගහැරිය නොහැකි අභියෝගයන්වලදී පමණක් පහසුවෙන් මැඩලිය නොහැකි රණකාමියෙකු ලෙස ක්‍රියාකරයි. "YOGA BUDO - (Way of the Peaceful Warrior) ලෙස මෙම සටන් කලා මාර්ගය නම් ලැබුවේ ඒ බැවිනි.

ශ්‍රී ලාංකීය අභිමානය ලොවට ගෙනයන මෙම මාහැගි සටන් කලා මාර්ගය ශ්‍රී ලංකාව තුල මෙන්ම ලොව තවත් ප්‍රචලිත කිරීමට අත්වැල සපයන්නේ Sri Lanka Youth (ජාතික තරුණ සේවා සභාව) මගිනි. ජාතික තරුණ සේවා සභාවේ, සෞන්දර්ය, කුසලතා සංවර්ධන අංශය යටතේ ක්‍රියාත්මකවන තුරුණු ශක්ති ජාතික සටන් කලා සහ යෝග සංචිතය මෙහි ප්‍රමුඛ කාර්යයක් ඉටු කරයි.

YOGA BUDO not a new martial art, yoga budo is a way to develop human body & mind, it most suitable defence system for modern life. It's include internal & external martial art spirit & yoga forms. It created by Sri Lankan martial art & yoga instructor Prasanna Lanka Thalpahewa in year 2009.


facebook page - යෝග බුදෝ 
Now 200 000+ shares,Our success, after long journey. now we can stand with world as proud Sri Lankans..thank you all friends and fans.
https://www.facebook.com/video.php?v=1002751326417896














Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews