උපුටාගැනීම -  ankacnews.com

ජනප්‍රිය නුඩ්ල්ස් වර්ගයක් තුළ ඊයම් අන්තර්ගතව ඇති බව පරීක්ෂණ තුළින් අනාවරණය වීමෙන් පසු එය වෙළඳාම් කිරීම ඉන්දීය බලධාරීන් විසින් තහනම් කරනු ලැබ තිබේ.

‘නෙස්ලේ ඉන්දියා’ සමාගම නිපදවන මැගී නුඩ්ල්ස් වල ඊයම් සෞඛ්‍යයට හානිදායක ප්‍රතිශතයක් අන්තර්ගතව ඇති බව සොයාගත් නවතම ප්‍රාන්තය වන්නේ දිල්ලියයි.


මැගී නුඩ්ල්ස් ඉන්දියාව තුළ අතිශය ජනප්‍රිය කෑම විශේෂයක් වන අතර නෙස්ලේ සමාගම ඉතා ආරක්ෂාකාරී ලෙස කෑම වර්ග නිෂ්පාදනය කරන බවට පාරිභෝගිකයන් විසින් හඳුනාගනු ලැබ ඇත.

පසුගිය මාසයේ ප්‍රථම වරට මැගී නුඩ්ල්ස් තුළ ඊයම් පවතින බව අනාවරණය වීමෙන් පසු නෙස්ලේ සමාගමේ කොටස් 10% කින් පහත වැටී ඇති බව වාර්තා වෙයි.

– BBC



Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews