POSTED ON Sunday, November 15, 2015| | Edit Post
මෙ දවස් වල ෆෙස්බුක් එකෙ ලොකු කතාබහක් ගියා ඔපරේශන් වන්නි - ඩිෆෙන්ඩර්ස් ඔෆ් නේශන් කියල එකක් ගැන සහ ඒක තහනම් කලා කියන කතාව ( ඇත්ත නැත්ත නම් දන්නෙ නෑ )

ෆෙස්බුක් එකෙ ඕක යන්න ටික දවසකට කලින් මන් 2010 පොඩි එකා කාලෙ හදපු මගේ පරන ගේම් එක, ඒ කියන්නෙ ඔපර්ශන් වන්නි 2 එක රූ සඟරාවෙන් දාල තිබ්බා ගිය මාසෙ

ඉතින් අර සීන් එකත් ඇදුනට පස්සෙ ගොඩක් අයට හිතේ මගේ ගේම් එකට තමා කේස් ඇදුනෙ කියල, කෝල් එනව දවසට 4-5ක්. පොඩි එකා කාලෙ නිසා ඒ කාලෙ මම දාල තියෙන්නෙ මගේ පසනල් නම්බර් එක.ඉවරයි ඉතින්.

මේ දවස් ටිකේ හොඳටම වැස්සනෙ, මට ඉතින් ගොඩක් ෆ්‍රී ටය්ම් සෙට් වෙනවා මේ ටිකේ. කෝල් සහ ෆීඩ් බැක් ටිකත් එක්ක මට හිතුන වන්නි මෙහෙයුම 3 කියල එකක් හදන්න. තාම හදාගෙන යනවා, පලවෙනි මිශන් එක ඩිසයින් කරල ස්ටෑන්ස් අලෝන් එකක් ගහල පොඩි ඩිමෝ වර්ශන් එකක් විදිහට මෙන්න මේක අවුට් කලා අද.

මේක ගහන්න අඩුම 1.5 ජීබී රැම් එකක්, ඩුවල් කෝ 2 ගිගා හර්ට්ස් ප්‍රොසෙසර් එකක් සහ 512 සෙපරෙට් ග්‍රැෆික් කාර් එකක් හරි එච්.ඩී. 4000 වලට උඩ ඔන්බෝඩ් ග්‍රැෆික් චිප් එකක් හරි ඕනි.
ගොඩක් ලොකු එකක් නම් නෙමේ. ගේම් එක සම්පූර්නෙන් සින්හල, හඬ කැව්වුත් මම තමා, ඉන්නෙත් මමමයි.

පරන ගේම් වගේම මේකත් ෆ්‍රී

මෙන්න ස්කීන්ශොට් ටිකක් සහ ඩවුන්ලෝඩ් ලින්ක් එක


නිකන් ඉන්න වෙලේක ට්‍රයි කරල බලන්න


DOWNLOAD LINK



ආ තව එකක් කියන්න තියේ මම මාරියො ටයිප් එකේ , ඒ කිව්වෙ ප්ලැට්ෆොර්ම් විදිහට ඇන්ඩ්‍රොයිඩ් ගේම් එකක් හැදුවා 2014 දි ඔපරෙශන් වන්නි කියල. හැබැයි ඒක නිසා මට ගොඩක් තර්ජන ආව දෙමල අයගෙන් මන් ඒක අය්න් කරගන්න කන්ම ප්ලේ ස්ටොර් එකෙන්, මම ඒකෙ ඕෆ්ලයින් ඩවුන්ලොඩ් ලින්ක් එකක් වෙනම අරන් තිබ්බා ඕනි නම් ඒකත් ටර්යි කරල බලන්න.
දෙය්යනේ කියල පීසී ගේම් වලට නම් කවුරුත් කේස් ඇද්දෙ නෑ, ඇන්ඩ්‍රොඉඩ් එක ගොඩක් ඉක්මනින් දාගන්න පුලුවන් නිසාද කොහේ සීන් එක ඇදුනෙ, අපරදෙ හැබැයි ඇන්ඩ්‍රොඉඩ් එක ගොඩක් පොඩි කාලයක් ඇතුලත ඩවුන්ලෝඩ්ස් 6000+ වෙලා තිබ්බා.

මෙන්න ඒ ලින්ක් එක : http://dilshanabeylabs.blogspot.com/








p.s. - ගොඩක් වෙලාවට වයිරස් ගාඩ් එක ඩිසේබල් කරන්න වෙයි ඩවුන්ලෝඩ් එක අතරතුරයි ප්ලේ කරන අතරතුරයි. එහෙම වෙන්න හේතුව මේකෙ launcher එක ඩිජිටලි සයින් කරපු එකක් නොවීම. මෙහෙම එකක් ඩිජිටලි සයින් කරන්න සහතිකයක් ගන්න අවුරුද්දකට ඩොලර් 160+ වගේ මුදලක් ගෙවන්න ඕනි. [https://www.comodo.com/landing/ssl-c...FQgnjgod8JICTw ]

ෆෝල්ස් පොසිටිව් [ http://www.howtogeek.com/180162/how-...alse-positive/ ], ඒ කියන්නෙ මේ වගෙ සයින් නොකරපු එක්සිකුටබල්ස් ගොඩක් වෙලාවට වයිරස් ගාඩ් වලින් අල්ලනවා ශුවර් නැති නිසා, බලමු ඉස්සරහට ෆුල් වර්ශන් එක මම කොහොම හරි ඩිජිටලි සයින් කරල දෙන්නම් ශුවර් නෑ වගේ නම්.හෙහ් හේ


Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews