POSTED ON Tuesday, April 30, 2013| | Edit Post
Photo: Hey hey hey troopsters, the moment that you've been waiting for has arrived, Eat em all is now up for grabs on google play...!!

https://play.google.com/store/apps/details?id=com.ajitha.eatemallgame&referrer=utm_source%3Dfbfanpageඅප නිරන්තරයෙන්ම අලුත් නිර්මාන කරන දක්ශයන් ඔබ හමුවට ගෙන එමින් ඔවුන්ට අත් වැලක් වෙමින් ඔවුන්ව දිරි ගන්වයි.මේ තවත් එවැනි දක්ශයෙකි.ඔහු නමින් අජිත නයනජිත් සමරසින්හ නම් වේ.

ඔහු විසින් ෆ්‍රී ඇන්ඩ්‍රොයිඩ් ගේම් (FREE Android game) එකක් නිර්මානය කර ඇත. ඔහු විසින් එය සැම්සුන්ග් සමාගමේ තරගයකටද (Samsung smart app challenge) ඉදිරිපත් කර තිබිනි.මෙම ගේමය ඉ - ස්වාභිමානී  සම්මානයද දිනාගෙන ඇත.මෙම ගේමය සැම්සුන්ග් ඇප් වලින් 2012 සැප්තැම්බර් මාසයේ වැඩිම විකුනුම් සිදුවූ ගේමය බවටද පත් වී ඇත.
තව කියවන්න
POSTED ON | | Edit Post
 අනාදිමත් කාලයක සිට බොහෝ දෙනා වැදි ජනයා සැලකුවේ ම්ලේච්ඡ, නොදියුණු මිනිස්‌ ප්‍රජාවක්‌ ලෙස ය. ආනාදිමත් කාලයක එසේ වන්නට ඇත. එහෙත් එම යුග පිළිබඳව විමසන විට සෙසු බොහෝ ලක්‌වැසි ජනයා ද අදට වඩා නො දියුණු තත්ත්වයක සිටින්නට ඇත. වැදි ජනයා ගැන අද අපට එසේ සිතීමට හේතුවක්‌ නැත.

වැදි නායක ඌරුවරිගේ වන්නියලැත්තෝ

කිසියම් අනන්‍යතාවක්‌ රැකගෙන තමන්ට ම ආවේනික වූ දේශීය දැනුමක්‌ පදනම් කරගෙන ජීවත් වන ඔවුනට හෝඩියක්‌ නැති ආවේනික වූ භාෂාවක්‌ ඇත. අද දවසේ වැදි ජනයා පිළිබඳව විමසන විට ඔවුන් සොබාදහම පිළිබඳවත් අවට පරිසරය පිළිබඳ වත් මනා අවබෝධයක්‌ ඇති පිරිසක්‌ බව පැහැදිලි වෙයි. 
තව කියවන්න
POSTED ON | | Edit Post

සිලෝන් බිස්කට්ස් සමාගම මන්චි කොතලහිඹුටු බිස්කට් වෙළෙඳපළට හඳුන්වා දෙයි.
වසර ගණනාවක සිට කළ පර්යේෂණවල ප්‍රතිඵලයක් ලෙස කොතලහිඹුටු බිස්කට්ස් එසේ හඳුන්වා දෙයි. කොතලහිඹුටු ආශ්‍රයෙන් බිස්කට්ස් නිෂ්පාදනය කෙරෙන ලොව ප්‍රථම අවස්ථාව මෙයයි.

මෙම සුවිශේෂී බිස්කට්ස් වර්ගය නිෂ්පාදනය කිරීම සඳහා සිලෝන් බිස්කට්ස් සමාගම 2004 වසරේදී කර්මාන්ත තාක්ෂණ ආයතනය සමඟ අවබෝධතා ගිවිසුමක් ඇති කරගත් අතර එහි ප්‍රතිඵලයක් ලෙස කොතලහිඹුටු යොදාගෙන බිස්කට්ස් නිෂ්පාදනය කිරීමේ පර්යේෂණ ආරම්භ කරන ලදී. මෙම පර්යේෂණවල ප්‍රධානම විද්‍යාඥයා වූයේ එම ආයතනයේ ස්වභාවික නිෂ්පාදන අංශයේ ප්‍රධානී ආචාර්ය සිරිමල් ප්‍රේමකුමාර මහතායි.
තව කියවන්න
POSTED ON | | Edit Post

 කොතලහිඹුටු ශාකය සඳහා පේටන්ට් බලපත‍්‍ර ලබා ගැනීමට යොමුකළ අයැදුම්පත‍්‍ර පිළිබඳ කළ සමීක්‍ෂණයකදී ලොව ශාකයක් සඳහා පේටන්ට් බලපත‍්‍ර ලබා ගැනීම පිණිස ලත් වැඩිම අයැදුම්පත් ප‍්‍රමාණය කොතලහිඹුටු ශාකය සඳහා ලැබී ඇති බව පරිසරවේදී ජගත් ගුණවර්ධන මහතා අනාවරණය කරයි.

ඖෂධීය වටිනාකමින් ඉහළ කොතලහිඹුටු ශාකයත්, ඒ අශි‍්‍රත නිශ්පාදන සඳහාත් ඉල්ලූම් කර ඇති පේටන්ට් බලපත‍්‍ර සහ අයැදුම්පත් මුළු ගණන එකසිය තිස් දෙකක් වන අතර ඉන්එකසිය දහහතරක්ම හානිකර සහ අවාසිදායක මට්ටමේ ඒවා බවද ඒ මහතා පැවැසීය.
තව කියවන්න
POSTED ON | | Edit Post
house
ආර්ථිකයට ගැලපෙන පරිසර හිතකාමී ව ශක්තිමත් ලෙස කඩිනමින් නිවාස ඉදිකරගැනීමටත් පෙර සවි තාක්ෂණයෙන් යුත් නිවාස සති 3ක් වැනි කෙටි කාලයක් තුළදී ඉදිකරගැනීමටත් අවශ්‍ය කරන වැඩපිළිවෙළ ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශය විසින් හඳුන්වා දී ඇති අතර එම නිවාස ඉදිකිරීමේ ක්‍රමවේදයන් 2ක 2013 දැයට කිරුළ ප්‍රදර්ශන භූමියේ පිහිටි ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයේ ප්‍රදර්ශන කුටියේදී ප්‍රායෝගිකව දැකබලා ගැනීමේ පහසුකම් සලසා ඇත. 
තව කියවන්න
POSTED ON Saturday, April 27, 2013| | Edit Post
මෙය රීලොඩ් සිස්ටම්(reload system) එකකි. නෙට්වර්ක් පහේම(5), සිම් මැශින් එකේ තියෙන gsm Holder වලට දල ON කරන්න තියෙන්නෙ. ඊට පස්සෙ costomer number එක ගහපුවම communication එකෙ හරි ශොප් එකේ කෙනාට තියෙන්නෙ OK කරන්න විතරයි.

මෙම නිර්මානය ගැන  අලුත්ම තොරතුරු ලබාගැනීමට හා වටිනා offers සහ discounts දිනාගන්න මෙම පේජය Like කරන්න  -Technoplus Engineering
තව කියවන්න
POSTED ON | | Edit Post
ඔබත් ඔබේ ප්‍රියතම සුපිරි වීරයන් සමගින් චායාරුප ගැනීමට කැමතිද? මෙන්න එයට ගැලපෙන අගනා app එකක්. 'MyCamera Hero', මෙම app එක යොදාගෙන ඔබට ඔබේ ප්‍රියතම සුපිරි වීරයන් ළඟ සිට චායාරුප ගැනීමට පුළුවන්.. තවත් සුපිරි වීරයන් රැසක් ළඟදීම!
තව කියවන්න
POSTED ON Friday, April 26, 2013| | Edit Post
 වීඩියෝ කතා කියන්නෙ ලංකාවේ අපේ කෙනෙක් කරන අධ්‍යාපණික යූටියුබ් චැනල් 1ක්. ඒක කරන්නෙ සම්පත් කියල කෙනෙක්. ඔහු ඒකෙන් තාක්ෂණික, විද්‍යාත්මක,සමාජීය සහ කලාත්මක දේවල් සරලව කතා කරනවා. 
අපි ලංකාවට වැදගත් යමක් එකතු කරන තරුණයින්ගේ වැඩ අගය කරන නිසා, ඔහු වෙනුවෙන් අපෙන් පිටුවක් වෙන් කරන්න අපිත් හිතුවා. බලන්න පහල තියෙන වීඩියෝ. 
ලංකාව තුල මේ වගේ අධ්‍යාපණික වීඩියෝ චැනල් කෙරෙනවා අඩු නිසා, මේ මාධ්‍ය දියුණු කරන්න ඔයාලත් මේ වීඩියෝ යාලුවන් සමග ශෙයා කරන්න. 
තව කියවන්න
POSTED ON | | Edit Post
 පාකිස්තානයේ තට්ටා සිමෙන්ති සමාගම හම්බන්තොට වරායේ සිමෙන්ති ඇඹරුම් කර්මාන්ත ශාලාවක් ඉදිකිරීම සඳහා සූදානම්වේ .

තවද අදාළ ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය අරමුදල් සම්පාදනය කර ගැනීමේ ක්‍රියාවලියේ අවසන් අදියරට මේවනවිට ඔවුන් පැමිණෙමින් තිබෙන බවද අනාවරණය වේ මෙම ව්‍යාපෘතිය සිදුකිරීම සඳහා අවශ්‍ය ඉඩම් වසර 25 ක කල්බදු පහසුකම මත ලබාගැනීම සඳහා සමාගම ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමග ගිවිසුමකට එළඹී තිබේ.
තව කියවන්න
දේශීය කාබනික කෘෂි කර්මාන්ත ක්ෂේත්‍රය තුලින් ඉතාමත්ම සාර්ථක ලෙස පසු අස්වනු තාක්ෂනය උපයෝගී කර ගනිමින් ක්ෂණික ලෙස ආහාරයට ගත හැකි අයුරින් ඇසුරුම් කල නැවුම් කාබනික පලා ආසුරුම් පාරිබෝගිකයන්ට ලොව ප්‍රථම වරට හදුන්වා දුන් ත්‍රී ස්ටාර් ආයතනය ශ්‍රී ලංකාවේ ප්‍රථම GMP -Good Manufacturing Practices තත්ව සහතිකය (ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය) , ලොව ප්‍රථම කාබනික පලා වගා ගොවිපලට හිමි ජාත්‍යන්තර සහතිකය (Control Union Certifications - Netherlands ) , සූර්ය සිංහ ලාංචනය , විශිෂ්ටතම ව්‍යවසායක සම්මානය ආදී වූ තත්ත්ව සහතික හා සම්මාන රැසක් හිමි කරගත් ආයතනකි.

තව කියවන්න
POSTED ON | | Edit Post

ජපානයේ ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය සහ අග‍්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතාගේ ගිවිසුමතට අත්සන් තබමින් දකුණු ආසියාවේ බුදුදහම ප‍්‍රචලිත කිරීමේ වැඩසටහනෙහි කේන්ද්‍රස්ථානය ලෙස ශ‍්‍රී ලංකාව පත් කර තිබේ.

ජපානයේ එන්.ජී. ඕ. ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය දැනට ආසියාවේ ඇතැම් රටවල අඩු ආදායම්ලාභී ජනයාට උදව් කරන අතර එය තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණින් ශ‍්‍රී ලංකාව හා එක්  ව කටයුතු කිරීමට සැලසුම් කර ඇත.
තව කියවන්න
POSTED ON Thursday, April 25, 2013| | Edit Post

පසුගිය මාර්තු 18 වන දින විවෘත කරන ලද හම්බන්තොට මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත අප්‍රේල් 19 දා දක්වා කාලය තුළ ගුවන් යානා 53ක් ගමන් කර ඇතැයි සිවිල් ගුවන්සේවා ඇමැති පියංකර ජයරත්න මහතා පවසයි.

එම ගුවන්තොටුපළ වෙත මගීන් 2033ක් පැමිණ ඇති අතර අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා මගීන් 1301 ක් ගමන් කර ඇති බවත් ඇමතිවරයා පෙන්වා දෙයි.
තව කියවන්න
POSTED ON | | Edit Post

නවසීලන්තයෙන් මෙරටට කිරිපිටි ආනයනය කරන ප‍්‍රධාන පෙළේ සමාගමක් විසින් මිනිස් පරිභෝජනයට නුසුදුසු කිරිපිටි කිලෝ ග‍්‍රෑම් 16,000ක් මෙරටට ආනයනය කර ඇති බවත් තවත් ප‍්‍රධාන පෙළේ සමාගම් තුනක් සෞඛ්‍යයට අහිතකර ආහාර විශාල තොගයක් ආනයනය කර ඇති බවත් අනාවරණය වෙයි.
තව කියවන්න
POSTED ON | | Edit Post

මෙරට තෙල් ගවේශණ කටයුතු කරන ඉන්දීය කේන් සමාගම පවසන්නේ මන්නාරම් ද්‍රෝණියේ කණින ලද සිවුවැනි තෙල් සහ ගෑස් ළිඳ තුළින් උසස් තත්ත්වයේ වැලි හමුවූ බවයි.

දැනට සිවුවැනි ගවේෂණ ළිඳෙන් ලැබුණු ප‍්‍රතිඵල කලින් ලබාගන්නා ලද ත‍්‍රිමාණ දත්ත සමඟ සම්බන්ධ කොට වැඩිදුර පර්යේෂණ සිදු කරන බවත් මෙම වැලි ජලධාරක වැලි බවත් එම සමාගම පවසයි.
තව කියවන්න
POSTED ON Tuesday, April 23, 2013| | Edit Post
කරුණාකර ඔබේ අවදානය මේ වෙතටත් යොමු කරන්න.මෙම පේජයද අප කලින් සදහන් කල පේජය කරගෙන යන lTTE ත්‍රස්තවාදියා විසින් කරගෙන යනු ලබන්නකි.මෙම පේජයෙන් ඔහු lTTE සන්විධානයේ අරමුන හා දැක්ම ගැන විස්තර හෙලිකර ඇත.කරුණාකර මෙම පේජයත් රිපෝර්ට් කරන්න.පහත ලින්ක් එක ක්ලික් කර රිපෝර්ට් කරන්න 
තව කියවන්න
POSTED ON | | Edit Post


Photo

අපේ රටේ දේවල් අගය කරනවා නම් Ganna ape de (ගන්න අපේ දේ) පේජ් එකට like එකක් දාන්න .....මෙය share කරන්න.....යාලුවන්ටත් දන්වන්න....සැබැ ශ්‍ර ලාoකිකයෙකු වන්න.....පහල Link එක Click කර අපව Like කරන්න.
Check this out - www.facebook.com/GannaApeDe


තව කියවන්න
POSTED ON Sunday, April 21, 2013| | Edit Post
අද අපේ රටේ වැඩි දෙනෙක් ලග බයික් තියෙනවා. ඒවගේ යනකොට කෝල් එකක් ගන්න උනොත් බයික් එක නවත්තල පොන් එක අරන් හෙල්මට් එක අස්සේ ගහගෙන කතා කරන්න ඕනි එක ලොකු කරදරයක් නේද ඒ අත්දැකීම මට වගේම ඔයාලටත් තියෙනවනේ.

තවත් ප්‍රශ්නයක් තමයි දෙන්නෙක් එක්ක බයිසිකලේ යනකොට කතා කරන්න ගියාම උගුර රිදෙනකන් කෑගහන්න ඕනි. ඉතින් මට හිතුනා මේ ප්‍රශ්න දෙකටම විසදුමක් දෙන හෙල්මට් එකක් හදන්න. තවම මේක සම්පුර්ණයෙන්ම හදල ඉවර නෑ පුළුවන් තරම් ඉක්මනට හදල ඉවරවෙලා ඔයාලට බලන්න දාන්නම්. මට මේකට ඔයාලගේ උදවු ඕනි.

මේ නිර්මාණය ගැන ඔයාලා මොනවද හිතන්නේ කියලා කොමෙන්ට් කරන්න...

තව කියවන්න
POSTED ON | | Edit Post
35,000ක් අතුරින් අනුරාධ කුරේ 14 වෙයි33 වැනි ලන්ඩන් මැරතන් තරගාවලියේදී 35,000ට වැඩි තරගකරුවන් සංඛ්‍යාවක් අතුරින් 14 වැනි ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ ධාවන ශූර අනුරාධ කුරේ සමත්ව තිබේ. 

ඔහු තරගය නිම කිරීම සඳහා පැය 2යි විනාඩි 17යි තත්පර 53කදී තරගය නිමකර ඇත. 

මෙම තරගයේ පළමු හා තෙවන ස්ථාන ඉතියෝපියාවත් දෙවන ස්ථානය කෙන්යාවත් නියෝජනය කළ ක්‍රීඩකයින් විසින් හිමිකර ගෙන ඇත. 
තව කියවන්න
POSTED ON | | Edit Post

නිවසක්‌ යනු හුදු අව් වැසි සුළංවලින් හා අනේක විධ උපද්‍රව වලින් රක්‌ෂා වීම සදහා මිනිසා විසින් නිමැවූ රක්‌ෂිත ස්‌ථානයක්‌ පමණක්‌ නොවේ. එය මානව ශිෂ්ටාචාරයේ පහළවන බරසාර සංකල්පයකි. නිවසක්‌ ඉදිකර පදිංචි වීම යනු ශිෂ්ටාචාර ගත ජීවිතයක වැදගත්ම ප්‍රමුඛ අවශ්‍යතාවක්‌ ලෙස සැලකිනි. නිවස ශිෂ්ටාචාරයක පිළිබිඹුවක්‌ සේම නිශ්චිත සංස්‌කෘතියක හා එම සංස්‌කෘතියෙන් පෝෂණය වන ජන සමූහයක විඤ්ඤාණය ප්‍රකට කරවනා දර්ශකයක්‌ වූයේය. අප විසින් අපේ ගැමි නිවස පිළිබද මේ සංවාදය උපදවන්නේ ශිෂ්ටාචාරයේ පැනෙනා ඒ ගැඹුරු අරුත් යම් පමණකට ස්‌පර්ශ කරමිනි.
තව කියවන්න
POSTED ON | | Edit Post

ඉන්දු ශී‍්‍ර ලංකා නිදහස් වෙළෙද ගිවිසුම යටතේ ශී‍්‍ර ලංකාවෙන් ඉන්දියාවට අපනයන කෙරෙන නිමි ඇදුම් ප‍්‍රමාණය ඉහල නැංවීමට ශී‍්‍ර ලංකාව කළ ඉල්ලිමට ඉන්දයාව එකඟතාව පල කරයි.

පසුගියදා ශී‍්‍ර ලංකාවේ සංචාරයක නිරතවු ඉන්දිය කර්මාන්ත වාණිජ හා ඇගලූම් අමාත්‍ය ආනන්ද් ශර්මා මහතාගෙන් කළ ඉල්ලීමකට අනුව මෙම සහනය හිමිවී ඇත.

මේ සම්බන්දයෙන් නිල ලේඛණ බාරදීම පසුගියදා ඉන්දිය මහකොමසාර්ස් කාර්යාලයේදී සිදු විය.
තව කියවන්න
POSTED ON | | Edit Post

රුපියල් බිලියන 13.01ක ලාභයක් ලබමින් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ  2012 වර්ෂයේ මෙහෙයුම් ලාභය 57.8%කින් ඉහළ ගොස් ඇති බව වරාය අධිකාරිය පවසයි.

2012 වසරේදී නෞකා 4134ක් මෙරටට පැමිණ ඇති අතර ඉන් 3870ක්ම පැමිණ ඇත්තේ කොළඹ වරායටයි.

ගාලු වරායට නෞකා 69ක් පැමිණ ඇති අතර ත්‍රිකුණාමලය වරායට නෞකා 161ක් පැමිණ ඇති අතර එය සියයට 15.6%ක ඉහළ යෑමකි.
තව කියවන්න
POSTED ON | | Edit Post
වැව් වසාගෙන පැතිර පවත්නා සැල්වීනියා නම් ආක්‍රමණශීලී ජලජ ශාක ප්‍රභේදය වඳකිරීම සඳහා 'ස්‍ර්ටොබේගස් සැල්වීනියේ' කියන කුරුමිනි විශේෂය යොදාගත හැකි බවට මම ඉගෙන ගත්තෙ කෘෂිකර්මය හදාරන කාලෙ. ඇත්තෙන්ම දීර්ඝ කාලයක් පරීක්ෂණ පවත්වල හොයාගත්ත මේ ක්‍රමවේදය අපේ වැව්, ජලමාර්ග වල සාර්ථකව එදා යොදාගත්ත. සැල්වීනියා වඳකරන්න සර්ටොබේගස් සැල්වීනියේ යොදාගැනීමට පෙර විද්‍යාගාරයේ කළ පරීක්ෂණ වලදි ප්‍රධාන වශයෙන් නිරීක්ෂණය කළේ, සැල්වීනියා කාදමා අවසන් කළ පසු මේ කුරුමිනි ප්‍රභේදයේ ඊලඟ ආහාරය කුමක් වේද කියල... ඒත් අවසන් නිගමනය වුණේ සැල්වීනියා කාදැමීමෙන් පසු එම කුරුමිනියා මිය යන බවයි. ඒ අනුව සැකයකින් තොරව මේ පරිසර හිතකාමී ක්‍රමය ශ්‍රී ලංකාවේ භාවිතා වුණා. මෑත කාලයේ මේ විධියට යොදාගත්ත අසර්ථකම ක්‍රමය තමයි, ඩෙංගු සඳහා යොදාගත්, බී.ටී.අයි. බැක්ටීරියාව

ඒ වගේම අද අපේ රටේ වනාන්තර ආශ්‍රිතව ජීවත්වන ගම්මාන හා මිනිසුන් මුහුණ දෙන විශාල ප්‍රශ්ණයක් තමයි. "අලි-මිනිස් ගැටුම". මේ නිසා අදවන විට ලංකාවේ අලි ගහණයත් සීග්‍රයෙන් අඩුවෙනව. වනජීවි දෙපාර්තමේන්තුවේ වාර්තා අනුව වසරකදී අලින් 250 ක් විතර මේ ගැටුමෙන් අකාලයේ මිය යනව.

තව කියවන්න
POSTED ON | | Edit Post

'කැසිනෝ රජ' ලෙස ප්‍රකට ලෝකයේ අංක එකේ කැසිනෝ ව්‍යාපාරිකයා වන 'ක්‍රවුන් කැසිනෝ' සමාගම් සමූහයේ ප්‍රධානියා වන ජේම්ස් පැකර් මහතා  ලංකාවට පැමිණීය.

කොළඹ, ලේක්හවුස් ආයතනය ඉදිරිපිට පිහිටි දැවැන්ත රථ ගාල එම ස්ථානයෙන් ඉවත් කර එහි දැවැන්ත කැසිනෝ මන්දිරයක් හා නයිට් ක්ලබ් විනෝදාංග සහිත හෝටල් සංකීර්ණයක් ඉදිකිරීම සැලසුම් සම්බන්ධයෙන් අවසන් සාකච්ඡාව පැවැත්වීම සඳහා අදාළ ප්‍රධානියා පැමින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
තව කියවන්න
POSTED ON | | Edit Post

 ඉන්දීය සීනි සමාගමක ආධාර මත හම්බන්තොට වරාය තුළ නව සීනි පිරිපහදු කර්මාන්තශාලාවක් ආරම්භ කිරීමට ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය තීරණය කර ඇත.
මෙම ව්‍යාපෘතිය සඳහා ආයෝජිත මුදල ඇමෙරිකානු ඩොලර් 220ක් බවට ගණන් බලා තිබේ. මේ පිළිබඳ සාකච්ඡාවක්
පසුගියදා අදාළ ඉන්දීය සමාගමේ නියෝජිතයින් හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා අතර පැවැත්විණි.
තව කියවන්න
POSTED ON | | Edit Post
MP KW NEW-RAIL ROAD
කොළඹ කොටුව සිට රාගම දක්වා වූ තෙවැනි දුම්රිය මාර්ගය වාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත විය.
 
මෙම අවස්ථාවට සමඟාමී ව කැලණි පාලම හා කැලණිය දුම්රිය ස්ථානයේ තෙවැනි වේදිකාව විවෘත කිරීම ද අමාත්‍යවරයා අතින් සිදු කෙරිණි.
 
ඔරුගොඩවත්ත සිට කැලණිය දක්වා කිලෝමීටර් 02.06ක් වූ මාර්ගය ඉදිකිරීම ආරම්භ කරන ලද්දේ 2006 වර්ෂයේ වුවද ඒ දෙපස වු අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම සඳහා වසර 03ක් ගත වූ අතර මාර්ගය ඉදිකිරීම ආරම්භ වූයේ 2009 වර්ෂයේ දී ය. 
තව කියවන්න
POSTED ON Saturday, April 20, 2013| | Edit Post
මහාචාර්ය. M. H. ගුණතිලක ශ්‍රී ලන්කාවේ පහතරට කෝලම් නාට්ය කාලව පිලිබදව ගැබුරෙන් පරියේශන කර ඒ පිලිබදව පොත් පත් රාශියක් එලි දැක්වූ සම්බාවනීය වියතෙකි.

මේ වන විට මහාචාර්ය. M. H. ගුනතිලක මහතා ගේ හිසේ අභ්‍යන්තර ශල්‍යකර්මයකින් පසුව ඉතාම අවදානම් තත්වයේ පසු වේ.
දැන් ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

 මහාචාර්ය. M. H. ගුනතිලකගේ හිතවතුන් ට
 මේ පිලිබදව දැනුවත් කිරීම සදහා හැකිනම් මෙය share  කරන්න.
තව කියවන්න
POSTED ON | | Edit Post

මේක Pay&Go නමින් LAUGFS Holdings Limited දේශීය ව්‍යාපාර ජාලයට යටතේ ආරම්භ කරන ලද නව ව්‍යාපාරයක්. 


මෙහෙමයි,
මේකෙන් කරන්නෙ බිල් පේමන්ට්ස් කරන එකයි රී-ලෝඩ් දාන එකයි ඩයලොග් ඊසි කෑෂ් වගේ... මේකෙන් දැනට ඕනම නෙට් වර්ක් එකකට රී ලෝඩ් දාන්න පුළුවන් ඒකට වෙනම රී ලෝඩ් මැෂින් තියෙනව ඒකෙන් පාරිභෝගිකයට තනියම තමන්ටම රී ලෝඩ් කරගන්න පුළුවන් සල්ලි දාල හරියට ඒ.ටී.එම් මැෂින් එකක් පාවිච්චි කරනව වගේ

හැම ගනුදෙනුවක්ම කරන්නෙ මේ මැෂින් එකෙන් බිල් වුනත් ගෙවන්න පුළුවන් දැනට සේවා සපයන්නන් යම් ප්‍රමාණයක් මේ සේවාව එක්ක එකතු වෙලා ඉන්න ශාඛා ජාලයත් පුළුල් කරගෙන යනව.Hutch, Mobitel, Airtel, Etisalat, Dialog, Lankabell, Anythig.lk ඒවයි බිල් ගෙවන්න පුළුවන්..
තව කියවන්න
POSTED ON Friday, April 19, 2013| | Edit Post

දුමට, දුම්කොළ සමාගමට එරෙහිව.....!

ලංකා දුම්කොළ සමාගමේ කොටස් අයිතියෙන් 92%ට වඩා හිමිව ඇත්තේ බි‍්‍රතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගම ප‍්‍රමුඛ විදේශීය සමාගම්වලටය. 

ළමා අයිතිවාසිකම් ගැන ඕනෑකමින් කතා කරන ලංකා දුම්කොළ සමාගමේ කොටස් අයිතියෙන් 92%ට වඩා හිමිව ඇති බි‍්‍රතාන්‍යය, ඇමරිකාව වැනි විදේශිය රටවල දරුවන්ට ඇති අයිතිවාසිකම් අපේ දරුවන්ගෙන් ඈත් කිරීමට දුම්කොළ සමාගම ගන්නා මේ නින්දිත උත්සාහය හෙළාදැකීම ළමුන්ට හා රටට ආදරයක් ඇති අප කාගේත් ජාතික වගකීමකි. 
තව කියවන්න
POSTED ON Thursday, April 18, 2013| | Edit Post
  දැයේ  දරුවන් වෙනුවෙන් වැඩිදියුණු කළ www.skoool.lk වෙබ් අඩවිය අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අතිත් එළි දැක්වීම අද (09) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්විණ.

skool 2
මහින්ද චින්තනයේ  දැනුම කේන්ද්‍රීය සංවර්ධන වැඩපිළිවෙළ යටතේ එහි ප්‍රධාන වගකීම අධ්‍යාපන අමාත්‍යාංශයට පැවරී තිබෙන බවත් මෙම වෙබ් අඩවිය ඔස්සේ මෙතෙක් ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් ක්‍රියාත්මක වූ ගණිතය, භෞතික විද්‍යාව, රසානයන විද්‍යාව, ජීව විද්‍යාව පාඨමාලා වැඩිදියුණු කරමින් සිංහල, දෙමළ යන භාෂා දෙක ද මෙම වෙබ් අඩවියට ඇතුළත් කර තිබෙන බවත් අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළේය.

ග්‍රාමීය ප්‍රාදේශවල සිසුන්ට මෙම විෂයන් පිළිබඳව නොමිලේ දැනුම ලබා ගැනීමේ අවස්ථාව මෙම වෙබ් අඩවිය ඔස්සේ ලැබෙන බව පෙන්වා දුන් ඒ මහතා 2016 වර්ෂය වන විට ගණිතය, විද්‍යාව, වාණිජ හා තාක්ෂණික විෂයන් සඳහා එක්වන ප්‍රතිශතය ඉහළ නැංවීමේ අරමුණ සාර්ථක කර ගැනීමට හැකි වන බව ද සඳහන් කළේය.
තව කියවන්න
POSTED ON | | Edit Post
ඇමෙරිකානු භාණ්ඩ වර්ජනය කරන ලෙසට සංවිධාන කිහිපයක් විසින් ප්‍රචාරක මෙහෙයුමක් දියත් කර ඇත.

පසුගිය 23 වැනි දින කොළඹ කොටුව දුම්රිය පල ඉදිරිපිට පවත්වන ලද විරෝධතාවකදී සංවිධාන විසින් එම ඉල්ලීම ඉදිරිපත් කර තිබේ.

ශ්‍රී ලංකාවට එරෙහිව ඇමෙරිකාව ක්‍රියා කිරීම හෙලාදැක ඇමෙරිකානු භාණ්ඩ සියල්ල වර්ජනය කළ යුතුයැයි මෙහිදී අවධාරණය කර තිබේ.
''රට වෙනුවෙන් ඇමරිකානු භාණ්ඩ වර්ජනය කරමු'' තේමාව සහිත ස්ටිකරයක් එම විරෝධතාකරුවන් විසින් මාර්ගයේ ගමන් කල රථවාහන වල අලවනු ලැබිය.
තව කියවන්න
POSTED ON | | Edit Post


 ඔහු නමින් සචිත් දනන්ජය නම් වේ. ගනේමුල්ල ප්රuදේශයේ ජිවත් වන මොහු තවමත් 20වන වියේ පසුවේ. මේ මෘදුකාන්ගය සමගින්,මෙතෙක් කල් වයිරස් ගාර්ඩ් මෘදුකාන්ග සදහා මිලියන ගනනක් මුදල් පිටරටට ගලාගිය කාලය හමාර වනු නිසැකයි.එමෙන්ම මෙය ශ්රී ලoකාවේ මෘදුකාන්ග ගමන් මගේ පෙරලියක් සනිටුහන් කරනු ඇත.

Crystal Shield Antivir 2012 ලෙස නම් කර ඇති මෙම ක්රි ස්ටල් මෘදුකා
න්ගය virus guard මෘදුකාන්ගය කි.ඔහු පවසන පරිදි මෙය සෑදීමට ඔහුට වසර4ක් ගතවී ඇත. මේ ඔහුගේම වදනින් ඔහු මෘදුකාන්ගය ගැන කරන විස්තරයක් පහතින්.

තව කියවන්න
POSTED ON Wednesday, April 17, 2013| | Edit Post
ලෝරන්ස් පෙරේරාගේ මයික්‍රෝ කාර් හම්බන්තොට යයි
ශ්‍රී ලංකාවේ මයික්‍රෝ කාර් සමාගම හමිබන්තොට මිරිජ්ජවෙල අපනයන සැකසුම් කලාපයේ නව මෝටර් රථ නිෂ්පාදන/එකලස් කිරිමේ කර්මාන්ත ශාලාවක් ඉදි කිරිම සදහා අද 17 ආයෝජන මණ්ඩල ගිවිසුමකට අස්සන් තැබිය.
2016 දි නිම කිරිමට නියමත මෙම කර්මාන්ත ශාලාව මගින් දෙස් විදෙස් මයික්‍රෝ කාර් අවශ්‍යතා සපුරා ලිමට බලාපොරොත්තු වන බව ආයෝජන මණ්ඩලය කියයි.
තව කියවන්න
POSTED ON | | Edit Post
2012 වසරේ යුටියුබ් තුලින් ජනප්‍රියත්වයට පත් යු ටියුබ් තරු සියල්ල එක්කොට යු ටියුබ් විසින් "රි වයින්ඩ් යු ටියුබ් 2012" නමින් වීඩියෝවක් නිර්මාණයකොට තිබේ. 

කොරියානු ගායක PSY ඇතුළු යුටියුබ් තුලින් ජනප්‍රියත්වයට පත් බොහෝ දෙනෙක් මෙහි රංගනයේ නිරත වෙයි.

මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙම වීඩියෝවට "ශ්‍රී ලංකාවේ යු ටියුබ් තරුවක්ද" සහභාගී වීමයි. ඔහු නමින් ජෙහාන් වන අතර ඔහු විසින් ලංකාව පිලිබඳ නිර්මාණය කල වීඩියෝ ජාත්‍යන්තරයේ මෙන්ම ලංකාව තුලද ජනප්‍රියය. 

තව කියවන්න
POSTED ON | | Edit Post
ගන්න අපේ දේ පේජය , killer watt ආයතනය හා එක්ව මෙම ඉවෙන්ට් එකට සහභාගීවන අයගෙන් තෝරාගන්නා ජයග්‍රාහකයන්ට Reload පිරිනැමීමට තිරනය කර ඇත - (http://goo.gl/QJ4Xc) Event එක බලන්න

පහසු පියවර කිපයකින් ඔබට මේ තරගයට ඇතුලත්විය හැකිය.

1. පියවර - ඉහල දකුනුපස ඇති "Join" button ය ක්ලික් කරන්න.
2. මෙම ෆොටෝ එක Like කර Share කරන්න - http://goo.gl/gtbna(ලින්ක් එක මත Right Click කර open in new tab ඔබා ෆොටෝ එක open කරගන්න)
3. පියවර - අප පේජය Like කරන්න -www.facebook.com/GannaApeDe

දැන් ඔබ තරගයට එක්වී ඇත.තවත් දිනුම් අවස්ථා ලගාකරගන්න බෝනස් වටයට ඇතුලුවෙන්න.

තව කියවන්න
POSTED ON | | Edit Post


අතමිට සරුනොවුනත් හිතින් පොහොසත් තරුණයා..


මගේ නම සංජීව සදරුවන්.මට Drum set එකක් ගන්න වත්කමක් නැහැ නමුත් මම මගේ අධිශ්ටානයට කොහොම හරි යනව.එකයි මම මගේ අතින්ම Drum set එකක් හදාගත්තේ.ඔබටත් හැකියාවක් තිබෙනවානම් මෙම තරණයාට සහය වන්න.
තව කියවන්න
POSTED ON Tuesday, April 16, 2013| | Edit Post
ඕනෑම දුරක් මැනියහැකි උපකරනයක් ශ්‍රී  ලාංකික  දක්ශයෙක් හදයි.

මේ වගේ නිර්මාණයක් ලෝකේ වෙන කොහේ හරි දැකල තියෙනවද? මේක ගැන ඔයාලගේ අදහස් ඉදිරිපත් කරන්න.

මෙම නිර්මානය පිලිබදව ඔබගේ අදහස් 0724650442 /0757305214ට දන්වන්න.


තව කියවන්න
POSTED ON | | Edit Post
නව වසර උදාවත් සමග පුංවි එංගලන්තයට වසන්තය උදාවෙයි.  දීරිඝ නිවාඩුවත් සමග බොහෝ පිරිසක් නුවරඑළියේ සිසිල් සුව විදීමට කැමැත්තක් දක්වති. ජල කී‍්‍රඩා, තුරග තරග, කාර් මෝටර් බයිසිකල් තරග, සංගීත සංදර්ශන, කානිවල් ආදියෙන් නුවරඑළිය  විසිතුරු වෙයි.  
තව කියවන්න
POSTED ON | | Edit Post

අප්‍රේල් 15 වැනි දා  උදේ හතේ සිට අද  (16) උදේ  හත වන විට දක්ෂිණ අධිවේගී මාර්ගයේ රුපියල් ලක්ෂ හැට එකක් උපයාගත් බව එහි අධිකාරීහු කියති. දිනක වැඩි ආදායම එයයි. වාහන 22760 කින් එම ආදායම සොයා ගැණිනි. කොට්ටාව පිවිසුමෙන්  පමණක් රුපියල් ලක්ෂ 24කි.

වැඩිම ආදායම ලැබුණේ පින්නදූවෙනි. එය රුපියල් ලක්ෂ 24කි.එහි පිටවීමේ දොරටුවේ වාහන පෝලිම කිලෝමීටර් එක හමාරක් දුරට පැවතියේය.
තව කියවන්න
POSTED ON Monday, April 15, 2013| | Edit Post

නුගේගොඩ සුපර්මාර්කට් එක කඩා තට්ටු 36 ක වෙළෙඳ සංකීර්ණයක් ඉදිකිරීම ඇරඹෙයි


දිගු කලෙක පටන් පාරිභෝගිකයින් අතර ප්‍රකට ස්ථානයක්වූ නුගේගොඩ සුපර් මාර්කට් එක එළිමහන් ර`ගහල ඇතුළු ගොඩනැගිලි කඩා ඉවත් කර ඒ වෙනුවට සිංගප්පූරු සමාගමක් මගින් නවීන පහසුකම් වලින් යුත් තට්ටු 36 ක වෙළෙඳ සංකීර්ණයක් ඉදිකිරීමේ ව්‍යාපෘතියේ වැඩ ඊයේ ආරම්භ වුණා.
තව කියවන්න

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews