A.T.G. Hand Craft පිලිස්සීමෙන් රටා මවන ලද කොලපත් නිර්මාණ. මෙම අත්කම් නිර්මාණය සදහා ස්වභාවික කොලපත් පමණක් යොදාගෙන ඇති අතර පිලිස්සීමෙන් මෙම හැඩතල මතු කරගෙන ඇත. කිසිම ආකාරයක රසායනික ද්‍රව්‍ය යොදාගෙන නැත. මෙය ශ්‍රී ලාංකීය අනන්‍යතාවය ගැබ්වු පරිසර හිතකාමී නිර්මාණයකි.
තව කියවන්න
    අනාථවන අලි ඇතූන් රැක බලාගනු ලබන ශ්‍රී ලංකාවේ එකම මධ්‍යස්ථානය පින්නවල අලි අනාථාගාරයයි. මෙය කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන නගරයේ පින්නවල ප්‍රදේශයේ පිහිටුවා තිබේ. මාර්ග අංක A 01 දරන කොළඹ නුවර මහා මාර්ගයේ කෑගල්ලේ සිට 82km කණුව අසලින් හැරී උපරිම වශයෙන් 10km ගිය විට පින්නවල හමුවේ. දුම්රියෙන් ගමන් කිරීමේදී රඹුක්කන දුම්රිය ස්ථානයේ සිට කෑගල්ල දෙසට 2km පමණ ගිය විට අලි අනාථාගාරය හමුවේ. අලි ඇතුන් සම්බන්ධව ඡීවී කෞතුකාගාරයක්, ප්‍රදර්ශනාගාරයක් මෙන්ම සංරක්ෂනාගාරයක් ලෙස සුවිශේෂී වැදගත්කමක් දැරීම හේතුකොටගෙන පින්නවල අලි අනාථාගාරය දේශීයව මෙන්ම විදේශීයව ද ඉමහත් ප්‍රසිද්ධියක් උසුළයි. සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන මෙම පින්නවල අලි අනාථාගාරය අලි ඇතුන් සම්බන්ධව සිදුකරන සේවාව හැරුණු විට දේශීය හා විදේශීය සංචාරකයන් ඇදී එන ප්‍රධාන සංචාරක කේන්ද්‍රස්ථානයක් ද වේ. එමනිසා පින්නවල අලි අනාථාගාරය ලංකාවට විදේශ විණිමය ලබා දෙන සංචාරක කේන්ද්‍රයක් ලෙසද වැදගත් තැනක් ගනී.
තව කියවන්න

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Site Status


Total Pageviews