POSTED ON Saturday, June 29, 2013| | Edit Post

මහා ආශ්වාදයකින් හිත් පිරී ගොස්‌ තිබුණේය. ජීවත්වන බවත් අමතක කරවන ලද මිනිසුන් සහිත වටපිටාවක මෙවැනි පිරී ගිය මොහොතක්‌ හමුවන්නේ විරලවය. ඒ විරල චමත්කාරය සිත් පුරා වි`දිමින් උන්නෙමු. 

අප බොහෝ දෙනකුට බලාපොරොත්තු සමග උපදින සුවපත් හැ`ගීම් මතකයට නගාගත නොහැකි තරමටම අමතකය. එපමණටම ආගන්තුකය. එහෙත් අමතකව ගිය මියුරු හැ`ගීම් පණ ගසා මතුවන විට ජීවත් වන බව දැනෙන්නේය. එවන් මොහොතක අපට අප යළිත් ජීවත් වන බව දැනෙන්නේය. ගතවෙමින් තිබුණේ එවන් මියුරු මොහොතකි. 

මා අභියස ඉන්නේ ලෝකය දිනාගෙන එල්ලක්‌කල වලලියෑද්ද ගමට අරගෙන ආ ආදරණීය තරුණයාය. මේ රට තමා වෙනුවෙන් දැරූ පිරිවැයට ණය ගෙවීමට ලෝකයේ මහා ආශ්චර්යයන් ඉවත දමා ගමට පැමිණි කළගුණ දත් ගෞරවනීය මනුෂ්‍යයාය. ලෝක සම්භාවනාවට ලක්‌ වූ මේ තරුණ ඉංජිනේරුවා එල්ලක්‌කල ගමට පැමිණ සිටින්නේ මේ රටේ අහිංසක දුප්පත් මිනිස්‌සුන් වෙනුවෙන් තමන් කළ නිර්මාණයක්‌ ද රැගෙනය. ඒකක 150 දක්‌වා විදුලි පරිභෝජනයක යෙදෙන සියයට අනූවකට ආසන්න මේ රටේ සාමාන්‍ය පන්තියේ මිනිසුන්ගේ විදුලි බිල සියයට තිහේ සිට පනහ දක්‌වා අඩු කරගත හැකි නිමැවුමක්‌ රැගෙනය. එම නිර්මාණයට විවිධ වෙළ`ද සමාගම් කාරයින් විසින් දැවැන්ත ලංසු ඉදිරිපත් කරද්දී ඉන් උපදවා ගත හැකි මහා ලාභය ගැන නොතකා දුප්පත් මිනිසෙකුට දැරිය හැකි මිලකට මෙම නිමැවුම සමාජගත කරන ආකාරය ගැන සැලසුමක්‌ රැගෙනය. ඔහු කමල් එදිරිසිංහය.

තව කියවන්න
POSTED ON | | Edit Post
විදුලි බිල 50%කින්(රු: 1000/= කින්) අඩු කරමු....

විදුලිබිල වසරේ ආන්දෝලනාත්මකම මාතෘකාවයි. කවුරු කොහොම කිව්වත් හෙට අනිද්දම මේ මාසේ විදුලිබිල ගෙදරට ආවහම ඔබටම මේබව වැටහී යනු ඇත. විදුලිබිල අඩුකරගැනීමට අපට ඉතිරිව ඇති එකම මග පරිභෝජනය අඩුකර ගැනීමයි. මේ සදහා ලයිට් නිවාදමා කරුවලේ සිටීමවත්, ශීතකරණය නිවා දමා සිටීමවත් කල නොහැකි වෙයි. 
දීර්ඝ කාලයක සිට කරනලද පරීක්ෂණ වල ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික ඉංජිනේරු වරයෙක් මේ සදහා ඉතා සාර්ථක උපකරණයක් නිපදවා තිබේ. ඔහු මොරටු විශ්වවිද්‍යාලයේ ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරු (ගෞරව) උපාධි ලැබූ කමල් එදිරිසිංහ මහතායි.
තව කියවන්න
POSTED ON Tuesday, June 25, 2013| | Edit Post
ලංකාවේ අපේම දක්ශයෙක් අප සමග රැඳී සිටින ඔබ වෙනුවෙන් ,"ගන්න අපේ දේ" වෙතින්ගෙන එන අපේම අලුත් දේ ගැන තොරතුරු SMS  එකකින් ලබා ගැනීමට හැකි ක්‍රමයක් සාදයි.

ඔබත් දැන්ම ඒ හා සම්බන්ධ වන්න.

REG GAD ලෙස සඳහන් කර 77200 ට යවා Register වන්න....
තව කියවන්න
POSTED ON Sunday, June 23, 2013| | Edit Post
තිසර බන්ඩාර යනු ලාතාවල්පොලයන්ගේ මුණුබුරා මෙන්ම, මහින්ද බන්ඩරයන්ගේ පුතණුවන්වේ. ඔහුගේ අලුත්ම ගිතයේ රුපරචනා සිදුකොට ඇත්තේ ඔස්ට්‍රේලියවේ මෙල්බන් නුවර ම්ඩ්යයේය. මේ සදහා බොහෝ ඔස්ට්‍රිලියනු ශිල්පින් සහභාගිවි ඇත. මෙම විඩියොව නොබෝ දිනකින් ලංකාවේ සහ ඔස්ට්‍රෙලියවේ  ප්‍රදර්ශනය විමට නියමිත බව අරන්චි වේ.
තව කියවන්න
POSTED ON | | Edit Post
අප ඔබ වෙනුවෙන් ඉදිරිපත් කල Bravo Solutions විදුලිබිල අඩුකරන දේශීය නිපැයුම් තරගයේ  තවත් ජයග්‍රාහකයෙක්  තෝරාගෙන ඇත.

මේ එම තරගය මෙතනින්  එහි ලයික් 300 - 400 ට අදාල ජයග්‍රාහකයා ලෙස Rajitha Dias තෝරාගෙන ඇත.Rajitha Dias ට KillerWATT Std නිශ්පාදනයක් මිලදී ගැනීමේදී 50%ක වට්ටමක් හිමිවේ.ඔබට අපගේ උනුසුම් සුබ පැතුම්...!!!
තව කියවන්න
POSTED ON | | Edit Post
ආසියානු ජාත්‍යන්තර විවාහක රූ රැජින තරගාවලියේ කිරුළ හිමි කරගැනීමට ශ්‍රී ලංකාවේ නිලංගා සේනානායක මහත්මිය සමත් වූවාය. ඇය අද දිවයිනට පැමිණියාය.

 රටවල් 30 ක විවාහක රූ රැජිනියන්ගේ සහභාගීත්වයෙන් තරගාවලිය මැලේෂියාවේ ක්වාලාලාම්පූර්  නුවර පැවැත්විණි.
තරගාවලියේ හොදම නිරූපිකාවට හිමි සම්මානය දිනා ගැනීමටද නිලංගා  සමත්වූවාය.
තව කියවන්න
POSTED ON Saturday, June 22, 2013| | Edit Post
ඇමරිකාවේ නිව්යෝක් නුවර පැවති නිව්යෝක් ජාත්‍යන්තර සිනමා උළෙලේදී හොඳම නළුවා ලෙස සම්මාන හිමිකරගත් ජගත් චමිල කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් දිවයිනට පැමිණියේය.
ජාතික චිත‍්‍රපට සංස්ථාවේ සභාපති නිතීඥ අශෝක සේරසිංහ මහතා ප්‍රම්‍රඛ චිත‍්‍රපට අධ්‍යක්ෂකවරුන්, නිෂ්පාදකවරුන්, කැමරා ශීල්පීන්, කලා කරුවන් සහ ඔහුගේ ඥාතීහු ගුවන්තොටුපොළ ප‍්‍රභූ පර්යන්තයේදී ඔහුව ඉතා උනුසුම් අන්දමින් පිළිගත්හ.
තව කියවන්න
POSTED ON Friday, June 21, 2013| | Edit Post

ඊයේ (20) පැවති අමෙරිකාවේ නිව්යෝර්ක් සිටි ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලේ දී හොඳම නළුවා ලෙස ජගත් චමිල සම්මානයට පාත්‍රවී තිබේ.

අප රටේ රංගන ශිල්පියෙකු මෙවැනි ජාත්‍යන්තර තරඟයක දී හොඳම නළුවාට හිමි සම්මානය දිනාගත් ප‍්‍රථම අවස්ථාව මෙය යයි සැලකෙයි.

කැප්ටන් එල්මෝ ජයවර්ධන විසින් ඉංග‍්‍රීසි භාෂාවෙන් රචනා කරන ලද “සැමීගේ කතාව”(sam’s story) නවකතාව ඇසුරින් ප‍්‍රියංකර විතානාච්චි ’සැමීගේ කතාව’ නමින් නිමානය කල සිනමාපටයේ ’සැමීගේ’ චරිතය සඳහා ජගත් චමිලට මෙම සම්මානය හිමිව ඇත.ඔහු සමග තවත් නළුවන් සිව්දෙනෙකු ඩොමිනික් ප'සෙල් (කැනඩා), එඩ්වර්ඩ් ෆලෝන්ග් (අමෙරිකා), සෙබස්තියන් ෙජ්සන් (ඩෙන්මාර්ක් ), ඕමාර් ෆරැන්කෝ (කියුබා ) යන යන නළුවන්ගේ නම් ද මෙම සම්මානය සඳහා නිර්දේශවී තිබිණ.
තව කියවන්න
POSTED ON Sunday, June 16, 2013| | Edit Post
ඉන්දියන් සාගරයේ ශී‍්‍ර ලංකාව ආශි‍්‍රත මුහුදේ තල්මසුන් හා ඩොල්පින් රංචු ගැවසෙන බව ලෝපතල කරුණක්. ඒත් ලොව විශාලතම තල්මස් ගහණය ජීවත්වන්නේ ශී‍්‍ර ලංකාව ආශි‍්‍රතව බව හෙළිවුණේ මේ මෑතකදියි. ඒ තල්මසුන්ගේ ‘කල්කිරියාව’ හොයන්නට ශී‍්‍ර ලංකා නිල් තල්මස් ව්‍යාපෘතිය ආරම්භ කළාට පසුවයි. මේ ව්‍යාපෘතිය යටතේ කළ සමීක්ෂණ අනුව මේ තොරතුරු හෙළිකළේ සාගරජීව විද්‍යාඥවරියක් වන ආශා ඩි වොස් (Asha de Vos) ශී‍්‍ර ලාංකික කාන්තාවක් වන ඇය දැනට බටහිර ඔස්ටේ‍්‍රලියානු විශ්ව විද්‍යාලයේ සාගර විද්‍යායතනයේ ආචාර්ය උපාධියක් සඳහා අධ්‍යයන කටයුතුවල යෙදෙනවා. ඇය කලින් සැන්ට් ඇන්ඞ්රූස් හා ඔක්ස්ෆර්ඞ් යන විශ්ව විද්‍යාලවල උපාධිධාරණියක්. නිල් තල්මස් ව්‍යාපෘතිය ආරම්භ කරන්නට පෙර ඇය ලොව පුරා සාගරජීවි පර්යේෂණ ගණනාවකට සහය වී තියෙනවා. තල්මසුන්ගේ හැසිරීම් රටා පමණක් නොව ඔවුන් නිකුත් කරන ශබ්ද පිළිබඳවත් ඇය පර්යේෂණ කර තියෙනවා.
තව කියවන්න
POSTED ON | | Edit Post
දකුණු ආසියාවේ විශාලතම ගෘහ භාණ්ඩ නිෂ්පාදක වන දම්රෝ, ශ‍්‍රී ලාංකේය සංචාරක කර්මාන්තයේ අභිවෘද්ධිය උදෙසා කාමර 270කින් යුතු සුඛෝපභෝගී හෝටලයක් සහ වෙළඳ සංකීර්ණයක් ඉදිකිරීම අරඹා ඇත. මෙය අමෙරිකානු ඩොලර් මිලියන 40ක ආයෝජනයකි.

Marino Sands නමින් ඉදිවන මෙම හෝටලය, කොල්ලුපිටියේ ගාලූපාර සහ මැරීන් ඩ‍්‍රයිව් අතර අක්කර 1 1/2 ක පමණ සුවිශේෂී පිහිටීමකින් යුතු භූමි ප‍්‍රමාණයක විහිදී යයි. වර්ග අඩි 400,000කින් යුතු මහල් 12කින් සමන්විත මෙහි, රථගාල් සඳහා භූගත මහල් 3ක්ද, වෙළඳ සංකීර්ණය සඳහා මහල් 02ක් ද වශයෙන් වෙන්වෙනු ඇත. නවලෝක පයිලින් සමාගම මගින් මූලික ඉදිකිරීම් දැනටමත් ආරම්භ කර ඇති අතර, තෙවසරක් ඇතුළත ඉදිකිරීම් නිමාකොට වර්ෂ 2016 දී හෝටලය විවෘත කිරීමට බලාපොරොත්තු වේ.
තව කියවන්න
POSTED ON | | Edit Post
අප ඔබ වෙනුවෙන් ඉදිරිපත් කල Bravo Solutions විදුලිබිල අඩුකරන දේශීය නිපැයුම් තරගයේ  ජයග්‍රාහකයා තෝරාගෙන ඇත.

මේ එම තරගයයි http://goo.gl/cLKrY. එහි ලයික් 200 - 300 ට අදාල ජයග්‍රාහකයා ලෙස Udara Liyanagoda තෝරාගෙන ඇත.UdaraKillerWATT Std නිශ්පාදනයක් මිලදී ගැනීමේදී 50%ක වට්ටමක් හිමිවේ.ඔබට අපගේ උනුසුම් සුබ පැතුම්...!!!
තව කියවන්න
POSTED ON | | Edit Post
අහස සිඹින කුණු කඳු, දුඟඳ හමන කාණු පද්ධති දින දින වැඩිවී වාහන දුමෙන් දුෂණය වන ලොව ප‍්‍රධානම නගරයක් බවට කොළඹ නගරය පත්වෙමින් පැවතුන බව නොරහසකි. එසේ වුවද කොළඹ නගරය මෙම තත්වයෙන් මුදාගෙන ආරක්ෂිත හා ජනතාව සඳහා වඩා සුවදායක නගරයක් බවට පත් කිරීම සඳහා ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මූළික මඟපෙන්වීම යටතේ කොළඹ නගරය ආශි‍්‍රත සංවර්ධන ව්‍යාපෘතිය 2011 වසරේදී සිට කි‍්‍රයාත්මක කෙරුනි.

සංවර්ධනය කරා පියමනිනා රටක මහා මාර්ග, අධිවේගී මාර්ග, රෝහල්, ව්‍යාපාරික ගොඩනැගිලි සේම නව නගර සැලසුම්ද අත්‍යවශ්‍ය අංගවෙයි. ඒ අනුව යමින් යටත් විජිත යුගයේදී ඉදිකළ පුරහල, නිදහස් චතුරශ‍්‍රය, වික්ටෝරියා පාක් හෙවත් විහාර මහා දේවි උද්‍යානය හා ඒ අවට ප්‍රදේශය පිරිසිදු, හරිත වර්ණයෙන් යුතු ජනහිතකාමී පරිසරයක් බවට පත්කරමින් වර්ථමානයේදි සිදුවන මෙම වෙනස චමත්කාර ජනකය. ඉංජිනේරුවන්, වාස්තු විද්‍යාඥයින්, ගෘහ නිර්මාණ ශිල්පීන්, කොන්ත‍්‍රාත්කරුවන් සහ අත් උදව්කරුවන් ඇතුළු මොළයෙන් හා ශරීර ශක්තියෙන් නව නිර්මාණයක් ඉදිකරනු වස් යුහුසුළුව කි‍්‍රයාකරනා පිරිසක් මෙම ක්‍රියාවලිය සඳහා දායකත්වය ලබාදෙනු දැකිය හැක. ‍
තව කියවන්න
POSTED ON Saturday, June 15, 2013| | Edit Post
GTS ආයතනය මේ දිනවල සම්පූර්නයෙන්ම ත්‍රිමාන සජීවීකරන තාක්ශනය(3d animation)  යොදාගනිමින් චිත්‍රපයක් නිර්මාණය කරමින් පවතී.ඔවුන් පරීක්ශන අංගයක් ලෙස පහත සජීවීකරන වීඩියෝව ඔබ වෙත ගෙන එන අතර,මෙම වීඩියෝව පිලිබද ඔබගේ අදහස් ,චෝදනා,යෝජනා දැන ගැනීමට අවශ්‍යව ඇත.(එහි තත්වය,quality,the animation style, the characters, the color matching, the movements,etc)සියලුම අදහස්,චොදනා,යෝජනා සතුටින් පිලිගන්නා අතර..
තව කියවන්න
POSTED ON | | Edit Post

කොටි මර්මස්ථානයක් වූ ඉරණමඩුවේ ගුවන් පතය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් අද විවෘත විය. කොටි නායක ප‍්‍රභාකරන් සහ න්‍යායාචාර්‍ය ඇන්ටන් බාලසිංහම් ඇතුළු ඉහළ පෙලේ කොටි නායකයින් බොහෝ විට ඉරණමඩු වැව් තෙරේදී එදා සාකච්ඡා සඳහා රැස්වූහ. ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද ශ‍්‍රී ලංකා ගුවන් හමුදා හෙලිටුවර්ස් එම් ඒ 60 වර්ගයේ ගුවන් යානයෙන් ඉරනමඩුවට පළමු ගුවන් ගමන ගියේය. එහිදී ගිනි නිමන රථ මගින් ගුවන්යානයට මුදාහල ජල වර්ෂා ආචාර මැද ගුවන් හමුදාපති එයාර් මාෂල් හර්ෂ අබේවික‍්‍රම මහතා විසින් ජනපති මහින්ද රාජපක්ෂ මහතාව පිළිගත්තේය.
තව කියවන්න
POSTED ON | | Edit Post
AroundU- (අ)රවුන්ඩ්යූ

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට තමා අවට සිතියමක් MMS එකක් ලෙස ගෙන්වා ගැනීමටත් යහලුවකුට යැවීමටත් හැකි නිපැයුමක් මොරටුව විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පීඨයේ සිසුන් පිරිසක් විසින් නිපදවා ඇත. දැනට ලැබී ඇති තොරතුරු අනුව MMS මගින් සිතියමක් ලබා දෙන නිපැයුමක් ලංකාවේ පමණක් නොව ලෝකයේ කිසිම රටකින් වාර්තා නොවේ.
තව කියවන්න
POSTED ON | | Edit Post
විදුලි බිල, වසරේ ආන්දෝලනාත්මක මාතෘකාවයි... ආර්ථික, දේශපාලන විසඳුමක් පේන සීමාවකවත් නොමැත... කොටසක් අඳුරේ අතපතගායි... තවත් අය බොරවූ දියේ මාලු බායි... මේ අතර අත්තනගලු තරුණ ඉංජිනේරුවෙක් මේ සඳහා තාක්ෂණික විසඳුමක් ලබා දුනා... සාමාන්‍ය ලෙසම දේශපාලකයන්, බලධාරීන්, නිළධාරීන් මෙය හොඳයි යැයි පැවසුවා... ඉන් එහාට මෙය තවත් එක් නව නිර්මාණ කාරයෙකුගේ සොයාගැනීමක් පමණි...
ලොකු ලොකු විදුලි උපාංග ආයතන ඔහුට ඇති ආදර භක්තියෙන් ඔහු සොයා ආවා... "අපි මේක නිපදවන්නම්... 8000 කට විකුණමු... ඔයාට 6000ක් දෙන්නම්... " පිලිතුර... "8000කට මේක ගන්නෙ සල්ලිකාරයෝ... ඔවුන්ට විදුලිබිල ප්‍රශ්නයක් නෑ... නමුත් මේ උපකරණය වටින්නෙ අඩු ආදායම් ලාභීන්ට... ඒ නිසා මම ඒ වැඩේට කැමති නෑ..." ඉතින් සියලු ආයතන ඔහු හැරදමා ගියා...
මෙම තරුණයා දහසකුත් වැඩ රාජකාරි මධ්‍යයේ තනිවම වැඩේට අතගැසුවා... කවුද මේ තරුණයා... අපි මුල සිටම සොයා බලමු...

තව කියවන්න
POSTED ON Friday, June 14, 2013| | Edit Post
 දැනට ලෝකයේ ජීවතුන් අතර සිටින වයස්ගතම පුද්ගලයා ලෙස වාර්තාව හිමිකර ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමිවී තිබේ. ඒ කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල බලත්ගමුව අංක 82/ඒ ලිපිනයේ පදිංචි වයස අවුරුදු 116ක් වූ අපුල්ලන්නලෑ උක්කු මහත්මියටය.

ශ්‍රී ලංකාවට මේ අවස්ථාව ලැබී තිබෙන්නේ මෙතෙක් ලොව වයස්ගතම පුද්ගලයා ලෙස වාර්තාව හිමිකරගෙන සිටි ජපන් ජාතික ජිරෝමාන් කිමුරා (116) පෙරේදා (12දා) ජීවිතක්‍ෂයට පත්වීමත් සමඟය.

බලන්ගමුවේ පදිංචි උක්කු අම්මාගේ ජාතික හැඳුනුම්පත් අංකය 977960037ඍ ලෙස සටහන් වී තිබේ. එම දත්තවලට අනුව ඇය 1897 අගෝස්තු මස 22 දින උපත ලබා ඇත.
තව කියවන්න
POSTED ON Thursday, June 13, 2013| | Edit Post
ඉරණමඩු ගුවන් පථය වෙනිදා 15 වෙනිදා විවෘත කරන ලදී. ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉතිහාසයේ පළමුවරට ගුවන් හමුදා පිරිස් බලය සහ දැනුම යොදාගනිමින් ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූලව ඉදිකර ඇති මෙම ගුවන් පථය දිගින් මීටර් 1500ක් හා පළලින් මීටර් 25කින් සමන්විත වෙයි. මෙහි සැලසුම්, ඉංජිනේරු, ඉදිකිරීම්, යන්ත්‍රෝපකරණ හා තාක්ෂණික ඇතුලූ සියලූම කටයුතු ගුවන් හමුදාවෙනි.
තව කියවන්න
POSTED ON | | Edit Post
Ganna Deshiya Deෆේස්බුක් පේජයක් ලෙස හා වෙබ් අඩවියක් ලෙස ඔබ හා එක්වූ අප තවත් ඔබහට සමීපවනු වස් ඇන්ඩ්‍රොයිඩ් ඇප්(Android App) එකක් හදුන්වා දීමට කටයුතු කර ඇත."ගන්න දේශීය දේ"  ඇප් එක ඉතාමත් සරල ඇප් එකකි.එමගින් ඔබට ලංකාවේ අලුතින්ම එලිදැක්වෙන නව නිපයුම් ගැන හා දේශීය නිශ්පාදන ගැන අලුත්ම පුවත් දැනගැනීමට හැකිවේ.

මේ ඇප් එක මගින් ඔබට ඉතාමත් පහසුවෙන් අපගේ ෆේස්බුක් පේජය හා වෙබ් අඩවිය  වෙතට පිවිසීමට හැකිවේ.සරලවම කීවොත් ක්ලික්(Click) 2කින් ඉතාමත් ඉක්මනින් නවතම තොරතුරු දැනගත හැකිවේ.මෙය ෆෝන් වල මෙන්ම ටැබ්වල පවා ඉතාමත් සිත් ඇදගන්නා ලෙස ක්‍රියාත්මක වේ.
තව කියවන්න
POSTED ON | | Edit Post
අන්තර්ජාල‌ භාවිත‌යේදි youtube,facebook,metacafe, වෙබ්අඩවි තුල විඩි‌‌යෝ දර්ශනය නැරඹී‌මෙිදි ‌අන්තර්ජාල ‌වේගවත් ‌නොමැති නිසා එය ඒකාකාරි ‌ලෙස නැරඹී‌මේ හැකියාවක් ‌නොමැත . ‌මෙම මෘදුකාංගය තුලින් ඔබ නරඹන විඩි‌‌යෝ දර්ශන ඒකාකාරිව නැරඹී‌මේ හැකියාවක් ලබා දීම සිදුකර ‌දෙයි .
තව කියවන්න
POSTED ON Wednesday, June 12, 2013| | Edit Post
2013 වසර සදහා ලංකාවේ කොල්ලෙක් අලුත් විදියේ දෙයක් කරලා තියෙනවා මේක Sri Lankan Calendar Mobile Application එකක්.Android සහ Java Mobiles සදහා භාවිත කල හැකිය.

' ඔබ සතු ජංගම දුරකථනයේ, ශ්‍රී ලංකාවටම ආවේණික වු දින දර්ශනයක් තිබේද..? තිබේනම් එහි, මේ වසරට අදාල වන්නා වු පෝය නිවාඩු දින, වාණිජ නිවාඩු දින හා අනෙකුත් විශේෂ දින සටහන්ව තිබේද..? ඒ සියල්ලම අඩංගු ශ්‍රී ලංකාවට ආවේනිකවූ දින දර්ශණයක් ජංගම දුරකථන මෘදුකාංගයක් ලෙස දැන් ඔබට නොමිලේම ලබා ගත හැක.
තව කියවන්න
POSTED ON | | Edit Post
ලොව හොඳම ඉකෝ ලොජ් (පරිසර හිතකාමී නවාතැන්) අතරට ජෙට්වින්ග් විල් උයන ද එක් වී ඇතැයි වාර්තා වේ.

ලොව වැඩිපුරම අලෙවි වන සංචාරක සඟරාවක් වන නැෂනල් ජියෝග්‍රැෆික් සඟරාවේ ජුනි මාසයේ කලාපය මගින් ජෙට්වින්ග් විල් උයන ලොව හොඳම ඉකෝ ලොජ් අතරට නම් කර තිබේ.

මෙම සඟරාව මගින් ලොව හොඳම ඉකෝ ලොජ් අතරට නම් වූ එකම ශ්‍රී ලාංකීය සංචාරක හෝටලය ද මෙයයි.
තව කියවන්න
POSTED ON | | Edit Post

ප්‍රගති හදහන ‌ජේ‌‌‌යෝතිෂ මෘදුංගය වෘතිමය ‌ජේ‌යෝතිෂ ‌වේදීන් සදහාම නිර්මාණය කර ඇත .‌මෙම මෘදුංකාගය ප්‍රවීන ‌ජේ‌යෝතිෂ ‌වේදීන් සහභාගි කර‌ගෙන නිර්මාණය කර ඇත .

1.දේශීය හා වි‌දේශීය ‌කේන්දර නිවැරදිව සැදිම
‌2.පො‌රොන්දම් පරික්ෂාව
3.ලිත බැලීම
4.අෂ්ථ වගර්‍‌
5.ලග්න ‌ගෝචරය හා අවුරුදු උදාව
තව කියවන්න
POSTED ON | | Edit Post
ශ්‍රී ලංකාවේ පරිභෝජනය කෙරෙන (ඇතැම්) සහල් වර්ගවල ද අධික කැඩ්මියම් ප්‍රමාණයක්‌ අන්තර්ගත වන බව පසුගිය සතියේ මේ පුවත්පතෙහි පළ කළ පුවතකින් අනාවරණය කෙරිණි. රටවල් 12ක්‌ සහභාගි කරගෙන ජාත්‍යන්තර මට්‌ටමින් සිදු කෙරුණු එම අධ්‍යයනය ජාත්‍යන්තර ජර්නලයක්‌ වන Environmental Science & Technologyහි ප්‍රකාශයට පත් වූ අතර එහි කර්තෘවරයකු ලෙස රුහුණ විශ්වවිද්‍යාලයයේ පර්යේෂකයකු ද සම්බන්ධ වී සිටීම විශේෂත්වයකි. 

අප රටෙහි සහල්වල කැඩ්මියම් අන්තර්ගත බවට කෙරෙන අනාවරණය සුළු කොට තැකීමට හැක්‌කක්‌ නො වේ. මේ වන විටත් රජරට වකුගඩු රෝගය කෙරෙහි ආසනික්‌, කැඩ්මියම් වැනි සාධක විද්‍යාත්මක අධ්‍යයන ඔස්‌සේ චූදිතයන් බවට පත් ව හමාර ය.
තව කියවන්න
POSTED ON | | Edit Post
අද කාලයේ කාන්තාවන් වෙත සුවිශේෂයෙන් හඳුන්වා දෙන විසිරෙන සුවඳක අරුමය.

" S කොලොන් "

හිමිදිරි උදයක නැවුම් බව සපිරි, දීප්තිමත් දහවලක ආලෝකයෙන් ප්‍රභාමත්, රාත්‍රිය මෙන් සෞම්‍ය, සුන්දර නැවුම් හෙටකට සදා නොනිමෙන සිහින පුරන, නැවුම් සුවඳක අරුමය.....
තව කියවන්න
POSTED ON Tuesday, June 11, 2013| | Edit Post
අගෝස්තුවේ පැවැත්වෙන මොස්කව් ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජන කිරීමට ක්‍රිස්ටීන් සොනාලී මෙරිල් සුදුසුකම් ලබාගත්තාය. අමෙරිකාවේ පදිංචිවී සිටින ඇය ෆොලොරීඩා මලල ක්‍රීඩා ශූරතාවලියේදී මීටර් 400 කඩුලු පැනීමේ ඉසව්ව තත්.56.45කින් නිමාවට පත්කරමින් මේ දක්ෂතාව දැක්වුවාය. මීටර් 400 කඩුලු පැනීමේ ඉසව්වේ ලෝක ශූරතා පරිසාධන මට්ටම තත්.56.55ක් විය.
තව කියවන්න
POSTED ON | | Edit Post
ලෝකයේ විශිෂ්ටතම ග්‍රාමීය තොරතුරු තාක්‍ෂණ මධ්‍යස්ථානයට හිමි සම්මානය ශ්‍රී ලංකාවට හිමිවෙයි.

ස්පාඤඤයේ  ග්‍රැනඩා නුවර පැවැති ජගත් තොරතුරු තාක්‍ෂණ සංස‍දයේ වාර්ෂික සම්මාන ප්‍රදානෝත්සවයේ දී සූරියවැව නැණසලට මෙම සම්මානය ලැබී තිබේ.

රටවල් තිහක තරඟකරුවන් හැටදෙන‍කු අභිබවා සූරියවැව නැණසල ලොව විශිෂ්ටතම ග්‍රාමීය තොරතුරු තාක්‍ෂණ මධ්‍යස්ථානයට හිමි සම්මානය ලබා ගැනීම විශේෂ සිද්ධියක් බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය පී. ඩබ්ලිව් ඈපාසිංහ මහතා පවසයි.
තව කියවන්න
POSTED ON | | Edit Post
ජාතික ආර්ථිකය තුළ නිෂ්පාදනවලට හිමි තැන 1977 විවෘත ආර්ථිකය තුළ නැතිවීමත් දේශීය ආර්ථිකය ආනයනික ආර්ථිකයකට පරිවර්තනය වීමත් තුළ එය පවත්වාගෙන යාම සඳහා අධිරාජ්‍යවාදී මෙවලමක් ලෙස අධ්‍යාපන ක්ෂේත‍්‍රය ඔවුන්ට උවමනා ආකාරයට පරිවර්තනය කර කිරීමට අපේ නායක කාරකාදීන්ගෙන් ඉටු වූ මෙහෙය අතිමහත්ය. දේශීය විශ්වවිද්‍යාල තුළින් ජාතික ආර්ථිකයේ වර්ධනයට රුකුලක් වන පර්යේෂණ වෙනුවට හුදු බහුජාතික සමාගම්වල අවශ්‍යතාවට හෝ හුදෙක් ජාතියක් වශයෙන් අපට නොවැදගත් පර්යේෂණ සඳහා නියැලීම, අපගේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ කරන ලද පර්යේෂණ දෙස හැරී බලන කල පෙනී යන්නකි. මෙය පැවති රජයන් විසින් පර්යේෂණ සඳහා රජයේ මුදල් නොයෙදීමත් ඒ වෙනුවට ඇමෙරිකානු හා යුරෝපා විශ්වවිද්‍යාලවලට අරමුදල් සපයන ෆෝඞ් පදනම, රෝකපෙලර්, ෆුල්බ‍්‍රයිට් පදනම වැනි බහුජාතික සමාගම්වල මුදල් මත යැපෙන ආයතනවලට අවශ්‍ය පර්යේෂණ පමණක් අපගේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල ආචාර්ය, මහාචාර්ය බහුතරය විසින් කරගෙන යනු ලබන්නකි.
තව කියවන්න
POSTED ON | | Edit Post
දුම්පානය නිසා ලංකාවේ වාර්ෂිකව මිය යන සංඛ්‍යාව 21600කි 1988 දී ලෝක දුම්වැටි විරෝධී දිනය පටන් ගද්දී ලොව පුරා සිගරට් දුම් පානයෙන් මැරුණු සංඛ්‍යාව විසි ලක්ෂයකි.

2012 වන විට එය හැට ලක්ෂය දක්වා  වැඩි වී තිබේ.

සිගරැට්වලින් කරන්නේ මිනිසුන් මරන එක විතරයි. එය මර්දනය කිරීම සදහා මහජන බලවේගයක් සකස්  කිරීම ස්වර්ණහංස පදනමේ අරමුණ බව පුණ්‍යවර්ධන මහතා පැවසීය.
තව කියවන්න
POSTED ON | | Edit Post
දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේදී ප‍්‍රථම වතාවට පක්ෂීන් විසින් සිදුකරනු ලබන විස්මිත ක‍්‍රියාකාරකම් සහිත කුරුලූ සංදර්ශනයක් ඊයේ සිට ආරම්භ කල බැව් සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ධම්මිකා මල්සිංහ මහත්මිය පැවසුවාය.

මේ සංදර්ශනය මෙහෙයවනු ලබන්නේ විදේශීය පුහුණුව ලැබූ කුරුලූ සංදර්ශකයකු විසිනි. ආරම්භයේදී ගිරා මලිත්තකු,  ඕස්ටේ‍්‍රලියානු ගිරවුන් දෙදෙනකු, ලැබු ගිරවකු සහ මාල ගිරවකු සංදර්ශන ඉදිරිපත් කිරීමට නියමිතය.
තව කියවන්න
POSTED ON | | Edit Post
රොබොටික්ස් වැනි සංකීර්ණ තාක්ෂණික විෂයක් සම්ප්‍රදායික ලෙස දරුවන්ට ඉගැන්විමට යාමෙන් එය නීරස අත්දැකිමක් වීමේ වැඩි ප්‍රවණතාවයක් ඇත. එය මනාව හදුනාගත් SLIIT රොබොටික්ස් තාක්ෂණය ශ්‍රි ලංකීය දු පුතුන් වෙත සමීප කරවීම උදෙසා නිර්මාණශීලී ප්‍රයත්නයක් ලෙස ROBO FEST රොබොටික්ස් තාක්ෂණික තරගාවලිය අරම්භ කරන්නට යෙදුනේ අදින් තුන් වසරකට පෙරය.

සිව්වන වසරටත් ROBO FEST 2013 රොබොටික්ස් තාක්ෂණික තරගාවලිය එලැබෙන සැප්තැම්බර් මස 12-13 දිනවල පවත්වන්නට SLIIT සූදනම් වේ. උසස් අධ‍යාපන ආයතන පාසල් හා විවෘත ලෙස අංශ තුනකින් මෙවර තරගාවලිය පැවත්වෙනු ඇත. 

තව කියවන්න
POSTED ON | | Edit Post
පොලිස් සේවයේ විශේෂ අතුරු හමුදා ඒකකයක් වශයෙන් විශේෂ කාර්ය බලකාය දැනට සේවයේ යෙදි සිටී.
ශ්‍රී ලංකා පොලිස් අභ්‍යාස විද්‍යාලයට අනුයුක්තව තිබු කටුකුරුන්ද පොලිස් විද්‍යාලය මධ්‍යස්ථානය කර ගනිමින් එස්.එස්.එෆ් (SPECIAL STRIKING FORCE) විශේෂ ප්‍රහාරක බලකාය නමින් බිහි වූ අතර 1983.03.01 වන දින විශේෂ කාර්ය බලකා පුහුණු පාසල ලෙස නම් කර නිලධාරීන් පුහුණු කිරීම සිදු කරන ලදී.

මෙම විශේෂ ප්‍රහාරක බලකායේ ප්‍රධාන කාර්යය වුයේ උතුරු ප්‍රදේශයේ පොලිස් ස්ථානවල ආරක‍ෂාව හා එම ප්‍රදේශයන් හි ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වලට එරෙහිව පොලිසියට සහාය වීමය. මෙම කණ්ඩායම් අතරින් නිළධාරීන් පිරිසක් 1983 ජුලි මාසයේ ඇතිවු ‘කළු ජුලිය’ නමින් හැඳින්වු ජාතිවාදී කෝලාහලය අවස්ථාවේ කොළඹ වැල්ලවත්ත ප්‍රදේශයේ ආරක්ෂාවට යොමුකරන ලදි. මෙම කණ්ඩායම වැල්ලවත්ත අයි.බී.සී. මධ්‍යස්ථානයේ සිට ක්‍රියාත්මක විය.
තව කියවන්න
POSTED ON Monday, June 10, 2013| | Edit Post
අප විසින් සංවිධානය කරන ලද තරග කිහිපයකම ජයග්‍රාහකයන් තෝරාගෙන ඇත.පහත සදහන් වන්නේ එම විස්තරයි.ඔබ සැමට අපගේ උනුසුම් සුබ පැතුම්...!!!


ඔබත් අපගේ පේජය සමග රැදීසිට ඉදිරියටත් අප සංවිධානය කරන තරග වලට එක්වී මීලග ජයග්‍රාහකයා වන්න.
තව කියවන්න
POSTED ON | | Edit Post
ලංකාවේ ප්‍රමුඛම දේශීය ව්‍යාපාරික ආයතනයක් වන "රයිගම්" සමාගෙමෙන් සංවිධාන කල 9  වැනි රයිගම් ටෙලීස් ජාතියේ ටෙලි සම්මාන උළෙල අති උත්කර්ෂවත්ව සහ අති සාර්ථකව වෝටර්ස් එජ් හීදී පැවැත්වින. මෙවර උළෙල සදහා කලා ලොව 1000 කට අධික ශිල්පීන් ශිල්පිනියන් ප‍්‍රවීණයින් සහ විද්වතුන් ද සහභාගී විය.

රයිගම් ටෙලීස් 2012 උළෙලේදී විශිෂ්ටතම ටෙලිනාට්‍ය ලෙස සම්මානයට පාත‍්‍ර වුයේ ධවල කඩුල්ල ටෙලි නාට්‍යයයි. කාංචනා මෙන්ඩිස් වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය නිළියට හිමි සම්මානය හිමි කර ගනිද්දි විශිෂ්ටතම නළුවාට හිමි සම්මානය දිනා ගනු ලැබුවේ ශ‍්‍රියන්ත මෙන්ඩිස් ය.
තව කියවන්න
POSTED ON | | Edit Post
ලංකා ඩෙල්මේජ් ඩිස්ට්‍රිබියුටර්ස් ප්‍රයිවට් ලිමිටඩ් විසින් ඕමානයෙන් ආනයනය කළ ෆාලීස් රස්ක් ළදරු බිස්කට් වල හුනකුගේ සත්ව කොටස් හමුවීම සහ එම බිස්කට් ආහාරයට ගැනීමෙන් මට්ටක්කුලිය ප්‍රදේශයේ දැරියක සදාකාලික රෝගාතුර වීම යටතේ ගොනු කර තිබූ චෝදනා සලකා බලමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කපිල දුෂාන්ත එපිටවල මහතා එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ 7 දෙනෙකුට වරෙන්තු නිකුත් කර ඇත.

2007 වසරේ අප්‍රේල් 19වන දින මට්ටක්කුලිය නිශාන්ති රංජනී ප්‍රනාන්දු විසින් මෙම පැමිණිලල් සිදුකර ඇති අතර අදාල බිස්කට් ආහාරයට ගන්නා විට දැරියගේ වයස මාස 7ක්ව පැවති බවත් පැමිණිල්ලේ සඳහන්ය.
තව කියවන්න
POSTED ON | | Edit Post
උතුරු පළාතේ පැතිරී යන වකුගඩු රෝගයට හේතුව ජලයේ ඇති ෆ්ලෝරයිඞ් බව පවසමින් මහපොළොවට වරද පටවා සැබෑ ප‍්‍රශ්නයෙන් පැන ගොස් තව තවත් ජීවිත බිලිදීමේ සැලැස්මක් ක‍්‍රියාත්මක වෙමින් තිබෙන බව රජරට වෛද්‍ය පීඨයේ කථිකාචාර්ය වකුගඩු පිළිබද සොයා බැලීමේ  දේශීය පර්යේෂණ කණ්ඩායමේ සාමාජික වෛද්‍ය චන්න ජයසුමන මහතා සදහන් කළේය.

තව කියවන්න
POSTED ON | | Edit Post
ශ‍්‍රී ලංකාවේ 2004 වසරේ දී කිලෝග්‍රෑම් 35.5 ක් වූ ඒක පුද්ගල තිරිඟු පිටි පරිභෝජනය මේ වන විට කිලෝ 24.2 දක්වා පහත බැස ඇති බව සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි. ඒ අනුව 2011 වන විට හාල් පිටි පරිභෝජනය කිලෝග්‍රෑම් 94.1 සිට 117 දක්වා ඉහළ ගොස් ඇතැයිද අමාත්‍යවරයා පෙන්වා දෙයි.
තව කියවන්න
POSTED ON | | Edit Post
ශ‍්‍රි ලංකාවට විදේශයන්ගෙන් ගෙන්වනු ලබන කිරිපිටිවල ඩයිසයිනමයිඞ් නම් විෂ රසායනිකය අන්තර්ගත නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දැනුම්දී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කලදල එම අමාත්‍යංශයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසන්නේ ආනයනික කිරිපිටි වර්ග පහක එම රසායනිකය අඩංගු බවයි.
තව කියවන්න
POSTED ON | | Edit Post
අම්බලන්ගොඩ ආයුර්වේද වෛද්‍ය තරංගා කුමාරි වික‍්‍රමසූරිය මෙනෙවිය විසින් සොයාගත් ඩෙංගු රෝගය සඳහා වන නව ඖෂධය පිළිබද ආර්යුවේද දෙපාර්තමේන්තුවේ මතය තවමත් දැනුම් දී නොමැති නිසා ඇයගේ නව සොයාගැනීම නීත්‍යානුකූල පිළිගැනීමකට ලක් කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව පවතින බව දකුණු පළාත් ප‍්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල් ද සිල්වා මහතා දකුණු පළාත් සභා රැස්වීමේදී ප‍්‍රකාශ කළේය.
තව කියවන්න
POSTED ON Sunday, June 9, 2013| | Edit Post
පාරිසරික ගැටලූවක් වන පොලිතින් හා ප්ලාස්ටික් අපද්‍රව්‍ය පෙට්‍රෝලියම් ඉන්ධන බවට පත් කිරීමේ ව්‍යාපෘතියක් තාක්ෂණ පර්යේෂණ හා පරමාණුක බලශක්ති අමාත්‍යංශය මගින් ඉදිරියේදී ක‍්‍රියාවට නැංවීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකාව වාර්ෂිකව ප්ලාස්ටික් අමු ද්‍රව්‍ය මෙටි‍්‍රක් ටොන් 350,000ක් පමණ ආනයනය කර්නු ලබන අතර ඉහළ තත්ත්වයෙන් යුතු ප්ලාස්ටික් නිෂ්පාදනයද මෙරටට ගන්වනු ලබයි. එහිදී එම ප්ලාස්ටික්වලින් සියයට දහයක් පමණ ප‍්‍රතිචක‍්‍රීකරණය කරන අතර ඉතිරිය සම්පූර්ණයෙන්ම පරිසරයට මුදා හරිනු ලබයි. මෙසේ පරිසරයට මුදා හරින දිරා නොයන ප්ලාස්ටික් ශ්‍රී ලංකාව තුළ ඉතා ප‍්‍රබල පාරිසරික ගැටලූ රාශියක් බවට පත්ව තිබේ.
තව කියවන්න
POSTED ON | | Edit Post
ශ‍්‍රී ලංකාවේ භාවිතා වන ආනයනික කිරිපිටිවල DCD හෙවත් Dicyandiamide නැමැති රසායනිකය අඩංගු නොවන බව තායිලන්තයේ SGS රසායනාගාරය විසින් තහවුරු කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංහය පවසයි.

ශ‍්‍රී ලංකාෙවි භාවිතාවන ආනයනික කිරිපිටිවල DCD හෙවත් Dicyandiamide නැමැති රසායනිකය අඩංගුවන බවට පසුගිය දිනවල පැවැති තත්ත්වය සැළැකිල්ලට ගනිමින් ආනයනික කිරිපිටි සාම්පල ගණනාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකය විසින් රසායනාගාර පරීක්ෂණ සඳහා තායිලන්තයේ SCS රසායනාගාරය වෙත මැයි 31 වන දින යොමු කරනු ලැබූ බවත් එසේ යවන ලද කිරිපිටි සාම්පල 06 ක්, සම්බන්ධයෙන් අදාල රසායනාගාර වාර්තාව ආහාර පාලන ඒකකයට ලැබී ඇති බවත් එම නිවේදනයේ දැක්වේ.
තව කියවන්න
POSTED ON | | Edit Post
ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ පුරෝගාමියෙකු වු හර්බර්ට් කුරේ ප්‍රමුඛ පවුල විසින් 1980 දි ඇරඹ් ජෙට්වින්ග් හෝටල් සමුහය  විසින් හොටෙල් ජේ නම්න් නව ආරක හෝටලයක් බජට් සංකල්පය යටතේ පසුගිය 08 දා මීගමුවේදි රටට හදුන්වා දුන්නේය.
වෙනස් යමක් කිරීමට ජෙට්වින් හි අපි  තීරණය කළා, අයිතිය හා කළමනාකරණය ජෙට්වින්ග් සමාගමට අයත් වුවත්, එයට හොටේල් ජේ යන නව සන්නාම නාමය යටතේ නම්තැබූ වේ ඒ නිසයි.
තව කියවන්න
POSTED ON | | Edit Post
"අ‌පේ ගම" ග්‍රාම නිළධාරි කළමණාකරන මෘදුකාංගය යනු ගමක සිටින පුද්ගලයින්ගේ සියළු ‌තොරතුරු ,දත්ත එකතුකර ගැනී‌මේ‌ ‌මෙ‌හෙයුම් පද්ධතියකි, ‌මෙය ක්‍රියාත්මක කිරී‌මේ හැකියාව ඇත්‌තේ ග‌මේ සිටින ග්‍රාම නිළධාරි මහතා මගින් ,‌මෙහි දී ඔහු‌ගේ කාර්යාල කටයුතු ඉතාමත් කාර්යක්ශමව හා ඉතාමත් පහස්‍ර ‌‌ලෙස තම ගම්මාන‌යේ ගම් වාසීන්ටහට ඉතා ‌හොද ‌සේවයක් ලබා දී‌මේ හැකියාවක් ලැ‌බෙනු ඇත.
තව කියවන්න
POSTED ON | | Edit Post
Global Target Solutions යනු ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආහාර තාක්ෂණ අංශයේ මහාචාර්ය වරුන් හා දැනට උපාධිය හමාර කර ආහාර තාක්ෂණ ක්ෂේත්‍රයේ නියුතු පුද්ගලයන් විසින් පවත්වාගෙන යන ආහාර ක්ෂේත්‍රයේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන්ට නිෂ්පාදන හා තත්ව උපදේශන සේවා සපයන ආයතනයකි. ඒ වගේම ආහාර තාක්ෂණය පිලිබඳ අප ලත් දැනුමින් අපි විවිධ නිෂ්පාදන ද වෙළඳ පොළට නිකුත් කිරීමට කටයුතු කරමින් සිටින්නෙමු.
තව කියවන්න
POSTED ON | | Edit Post

 පරතරය අඟලක් තියෙද්දී හාමුදුරුවෝ ලයිටරය පත්තු කළා
 ----- මෙ උතුමි මිනිසා ගැන අවදානය යොමු නොවුනේ ඇයි ...?මෙ ඹබෙ අවධානය පිනිසයි...

පසුගිය වෙසක් පුන් ‍පොහෝ දිනය ලක්ෂ සංඛ්‍යාත බෞද්ධයින් මහත් කම්පනයට පත්වූ දිනයක් විය. ඉතිහාසයේ පළමු වතාවට මහනුවර ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිට දී සංඝයා වහන්සේ නමක් තම සිරුරට ගිනි තබාගෙන අපවත්වීමේ ඛිෙදවාචකය ලොව පුරා ප්‍රචලිතවීමට ගතවූයේ ඉතා ස්වල්ප වේලාවකි.
ගව ඝාතනය නතර කිරීම හා තවත් ඉල්ලීම් කීපයක් මුල් කරගෙන මෙසේ සියදිවි හානිකර ගත්තේ බෝවත්තේ ඉන්දරතන හිමියන්ය. උන්වහන්සේ වෙසක් පුර පසළොස්වක දින දළදා මාලිගාව අභියසට පැමිණ සිය සිරුරට පෙට්‍රල් හලා ගෙන උන්වහන්සේ අත තිබූ ලයිටරයකින් දල්වාගෙන සිරුරට ගිනි තබාගත්හ.
තව කියවන්න
POSTED ON | | Edit Post
ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහලෙන් පලවන තාක්ෂණික පුවත් වෙබ් අඩවිය අපේ තරුණයන් 3 දෙනෙක් විසින් ඉදිරිපත් කර තිබෙනවා.මෙහි විශේෂත්වය වන්නේ නව පිටුවකට නොයා (Ajax) එම පිටුවේ සිටම සියලු පුවත් කියවීමේ හැකියාවයි.එම නිසා බාවිත කරන්නාට අඩු කාලයකදී අවශ්‍ය තමාට අවශ්‍ය පුවත් තෝරාගත හැකයි.
තව කියවන්න
POSTED ON Saturday, June 8, 2013| | Edit Post
"ගන්න දේශීය දේ" වෙබ් අඩවිය නැරඹුම් 100 000 පසු කරමින් ඉදිරියටම...

නිසි අගය කිරීමක් නොමැතිව සැගවුනු නව නිර්මාණකරුවන් සමාජය ඉදිරියට ගෙන එමින්,අප රටට මහා පිලිලයක් වූ බහුජාතික සමාගම් වල ඇත්ත  ස්වරූපය සමාජයට නිරාවරනය කරමින්, විදේශීය නිශ්පාදන වෙනුවට ගතහැකි අපගේ රටේ නිශ්පාදන පෙන්වා දෙමින්, නවීන තාක්ශන මෙවලම් සදහා සෑදූ මෘදුකාන්ග, Apps,games, හදුන්වාදෙමින්,දුම් වැටි හා මත්පැන් විරෝධී හඩක් නගමින්,රටේ සංවර්දන තොරතුරු ඔබ හමුවට ගෙන එමින්, හා තවත් බොහෝ නැවුම් තොරතුරු ඔබ හමුවට ගෙන ආ අප වෙබ් අඩවිය පිවිසුම් 100 000  පසුකර ඇත.
තව කියවන්න
POSTED ON | | Edit Post
උද්භිද උද්‍යානයක් කිව්වම බොහොම දෙනෙකුට හිතට එන්නෙ මල් වත්තක් කියන අදහසක්. ලස්සනට වවා තියෙන මල් පාත්ති, අලංකාර ලෙස නඩත්තු කර ඇති තණ පිටි, ජල පොකුණු, උඩවැඩියා හා වෙනත් විචිත්‍ර පැළෑටි ආදිය වවා තියෙන පැල ගෘහ ආදිය මෙන්ම තැන තැන හුදෙකලාව සිටින පෙම්වතුන්, සහ විනෝද සුවයෙන් පරිසර සුන්දරත්වය විදින විවිධ වයස් කාණ්ඩවල ජනතාවත් මල් වතුවල සාමාන්‍යයෙන් දකින දේවල්.  ඒත් ඇත්තටම උද්භිද උද්‍යානයක් කියන්නේ මොකද්ද කියන එක හරියට වටහා ගෙන ඉන්නේ කීයෙන් කීදෙනාද?

අනිත් සැම දෙයකටම වගේ උද්භිද උද්‍යානය කියන එකටත් අර්ථ දැක්වීම් කිහිපයක් තියෙනවා.  මෙයින් වඩාත් බහුලව පිළිගැනෙන අර්ථ දැක්වීමට අනුව උද්භිද උද්‍යානයක් යනු විද්‍යාත්මක පරීක්ෂණ, සංරක්ෂණය, ප්‍රදර්ශණය හා අධ්‍යාපනය පිණිස උද්‍යාන විද්‍යාත්මකව, නම් කර වවා ඇති, සජීවි ශාක එකතුවක්. (Botanic gardens are institutions holding documented collections of living plants for the purposes of scientific research, conservation, display and education.)
තව කියවන්න
POSTED ON Friday, June 7, 2013| | Edit Post
ආසියානු මාධ්‍ය ජාලයේ ප‍්‍රවෘත්ති එසැණින් සැපයීමේ සේවය තවදුරටත් පුළුල් කරමින් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම ත්‍රෛභාෂික ඇසිදිසි ප‍්‍රවෘත්ති ඇප් වැඩසටහන හිරු ප‍්‍රවෘත්ති සඳහා මේ වන විට එළි දක්වා තිබෙනවා. ඒ අනුව ඔබේ ඕනෑම ඇන්ඩ්‍රොයිඞ් මෘදුකාංග සහිත උපාංගයකින් එය නොමිළේ ඩවුන්ලෝඞ් කර ගත හැකියි.

මෙම ඇප් වැඩසටහන හරහා ලොව පුරා සිදුවන ඕනෑම ප‍්‍රවෘත්තියක් සිදුවූ සැනින් ඔබේ ස්මාර්ට් ජංගම දුරකථනයට හෝ ටැබ්ලට් පරිගණකයට ලබාගත හැකියි. හිරු ප‍්‍රවෘත්ති විසින් එළිදක්වා තිබෙන මෙම ඇප් වැඩසටහනේ තිබෙන නොටිෆිකේෂන් සේවාව හරහා එම ප‍්‍රවෘත්ති සැණින් දර්ශනයවීම ද විශේෂත්වයක්. අනතුරුව හිරු ප‍්‍රවෘත්ති ඇප් වැඩසටහන වෙත පිවිස එම ප‍්‍රවෘත්ති සිංහල, දෙමළ සහ ඉංග‍්‍රීසි යන ඔබ කැමැති ඕනෑම භාෂාවකින් කියවිය හැකියි. ඊට අදාළ හඬ පට සහ ඡායාරූප ද මෙම ඇප් වැඩසටහන හරහා දර්ශනය වනවා. මෙමගින් හිරු ටී.වී.ප‍්‍රවෘත්ති විකාශයන් ද ඔබට සුපැහැදිලි දසුන් මගින් නැරඹීමට අවස්ථාව හිමි වනු ඇති. ප‍්‍රවෘත්ති විශේෂාංගයන් ද වෙන වෙනම ඕනෑම මොහොතක නැරඹීමේ හැකියාව ද මෙම ඇප් වැඩසටහන හරහා හිමිවීම විශේෂත්වයක්.
තව කියවන්න

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews