POSTED ON Tuesday, September 30, 2014| | Edit Post
අනාගත ඔබේ දරු මුණුබුරන් ඔබේ මුත්තාගෙන් සරු පුරුෂ බීජ පැහැරගෙන යැම සඳහා කාල යාත්‍රාවකින්, (Time matching) අතීතයට සොල්දාදුවන් එවන්නට බැරි නැත. මෙම මෙහෙයුම "ටර්මිනේටර්" නොව, "ස්‌පර්මිනේටර්" කියා හඳුන්වන්නට ද පිළිවන. මෙය එක්‌තරා විද්‍යා ප්‍රබන්ධයකට අදාළ පුවතක්‌ යෑයි ඔබ සිතනවා ඇති. එහෙත් අවාසනාවකට මේ අපේ අනාගත පරම්පරාව පිළිබඳව ලියෑවෙන, පර්යේෂණ ගණනාවකින් ම තහවුරු වී ඇති, ඉතාමත් සංවේදී, බියකරු කතා පුවතකට ප්‍රවේශයක්‌ පමණි.
අද කාලේ ජීවත් වන පුරුෂයන්ගේ ශුක්‍රාණු සහ ස්‌ත්‍රීන්ගේ ඩිම්බ වල සංසේචන හැකියාව වේගයෙන් අඩු වෙමින් පැවතීම නිසාවෙන්, වර්ෂ 2065 වන විට මිහිතලයේ ජීවත් වන මිනිසුන්හට ස්‌වාභාවික ලෙස දරුවන් බිහි කිරීමට නොහැකි වනු ඇති බවට විද්‍යාඥයන් අනතුරු අඟවා ඇති බව ඔබ දන්නවාද.?
තව කියවන්න
POSTED ON Wednesday, September 24, 2014| | Edit Post

 ඉස්‌සර පවුලක දරුවෝ හතර පස්‌ දෙනෙක්‌ ඉන්න එක සාමාන්‍ය දෙයක්‌. දරුවො දහ දොළොස්‌ දෙනෙක්‌ හිටියොත් තමයි ලොකු පවුලක්‌ කියලා කියන්නෙ. ඒත් දැන් පවුලක දරුවො හතර පස්‌ දෙනෙක්‌ හිටියොත් ඒක ලොකු පවුලක්‌ වෙනවා. පුංචි පුවල රත්තරන් කියලා කියපු නිසා දැන් පවුලක දරුවෝ දෙන්නෙකුට වැඩියෙන් හදන්න දෙමාපියන් උනන්දු වන්නේ නැහැ.

මේ තත්ත්වය දැන් තවත් අඩුවේගෙන යන්න පටන් අරගෙන තියෙනවා. ඒකට හේතුවෙලා තියෙන්නෙ පුංචි පවුල රත්තරන් කියලා හිතන නිසා නොවෙයි. තමුන්ගේ රූපේ වටිනාකම රත්තරන්වලටත් වඩා වැඩි වටිනාකමක්‌ ඇතිකරගන්න කියලා හිතාගෙන කරන කටයුතු නිසයි. ඇත්තටම තමුන්ගේ රූපේ වටිනාකම
තව කියවන්න
POSTED ON Monday, September 22, 2014| | Edit Post
වසර 24කට පසුව යාල් දේවී පරීක්‍ෂණ දුම්රිය අද  (22දා)  පලෙයි දුම්රිය ස්ථානයේ සිට යාපනය දුම්රිය ස්ථානය දක්වා ගමන් කෙරිණි.

අද පෙ.ව.  10.30ට පමණ පලෙයි දුම්රිය ස්ථානයෙන් ගමන් ඇරඹූ යාල්දේවී පරීක්ෂණ දුම්රිය අමාත්‍ය ඩග්ලස් දේවානන්ද සහ උතුරු පළාත් ආණ්ඩුකාර ජී.ඒ.චන්‍ද්‍රසිරි යන අයගේ ප්‍රධානත්වයෙන් දහවල් 11.30ට පමණ යාපනය දුම්රිය ස්ථානයට ළඟා වූ අතර පලෙයි දුම්රිය ස්ථානයේ සිට යාපනය දුම්රිය ස්ථානය දක්වා ප්‍රධාන දුම්රිය ස්ථාන 4ක් හා උපදුම්රිය ස්ථාන 6කින් යුක්ත වන අතරම පලෙයි සිට යාපනය දුම්රිය ස්ථානය දක්වා කිලෝමීටර් 56ක දුර ප්‍රමාණයකින් යුක්තය



තව කියවන්න
POSTED ON Wednesday, September 17, 2014| | Edit Post
Colombo Prot City කොළඹ වරාය නගරය

ලංකා ඉතිහාසයේ  සුවිසල් ආයෝජන සංවර්ධන ව්‍යාපෘතිය වන කොළඹ වරාය නගරය  ඉදිකිරීමේ ව්‍යාපෘතිය අද (17)ජනපති මහින්ද රාජපක්ෂ මහතා හා චීන ජනපති ෂි ජින්පිං මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරැඹිණි.

The Colombo Port City Project was launched by Chinese President Xi Jinping and President Mahinda Rajapaksa at a grand ceremony.

තව කියවන්න
POSTED ON Friday, September 12, 2014| | Edit Post
​ඔඩෙල් යනු ඔටාරය. ඔටාරා යනු ඔඩෙල්ය. රටට දැනුනේ එසේය. නමුත් ඔටාරා ඔඩෙල් සම්පූර්ණයෙන්ම විකුණා නිදහස් වූවාය.

ඔටාරාගේ සම්පූර්ණ නම ඔටාරා ඩෙල් ගුණවර්ධනයි. (Otara Del Gunewardene). ඇය තරුණ වියේදී මෙරට ජනප්‍රිය මෝස්තර නිරූපිකාවක් වූ අතර මීට වසර විසි පහකට කළින් තම ස්ටේෂන් වැගන් රථයේ ඩිකියේ ඇඟලුම් පුරවාගෙන ගොසින් අලෙවි කරමින් ඔඩෙල් ආරම්භ කරන්නීය. එවිට ඇය අවුරුදු විස්ස යන්තම් පසුකළා පමණි
තව කියවන්න
POSTED ON Thursday, September 11, 2014| | Edit Post
KW Lite _web-resizedබ්‍රාවෝ සොලූෂන්ස් ආයතනය අපගේම පේටන්ට්ගත තාක්ෂණයකින් නිෂ්පාදනය වන “කිලර්වොට්” උපකරණ පෙළ හදුන්වා දෙන්නේ ඉමහත් ආඩම්බරයකින්. 

ඔබගේ විදුලි බිල ඉතා සැලකිය යුතු ලෙස පහත දැමීමට සමත් මෙම උපකරණ, දැනට වසර 4කට වැඩි කාලයක් බලශක්ති සංරක්ෂණයේ නව ක්ෂිතිජයන් විවර කර දී ඇත. ගෘහස්ත විදුලි උපකරණ වලින් වන නාස්තිය සැලකියයුතු ලෙස අඩුකර ගැනීමට කිලර්වොට් ලයිට් මගින් හැකියාව ලැබේ.
තව කියවන්න
POSTED ON Wednesday, September 10, 2014| | Edit Post
 මෙයින් උපුටා ගන්නා ලදී.Anura S. Liyanage Target-news 

ගුවන් හමුදා ඉතිහාසයේ ප්‍රථම වතාවට එක්සත් ජාතීන්ගේ සාම සාධක කටයුතු සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා හයක් සමඟ හෙලිකොප්ටර් බළ පන්තියක් මධ්‍යම අප්‍රියා ජනරජයේ සහ සූඩානයේ රාජකාරි සඳහා යවන බව ගුවන් හමුදාපති එයාර් මාෂල් කෝලිත ගුණතිලක කියයි.
ප්‍රථම කණ්ඩායම එම් අයි 17 හෙළිකොප්ටර් යානා තුනක් සමඟ වින්ග් කමාන්ඩර් නිපුණ තන්නිපුල්ලේආරච්චිගේ අද (9) පිටත්ව ගියේය.

නිලධරයෝ 17 දෙනෙක් ද, ගුවන් භටයෝ 105 දෙනෙක් ද ඔහු සමඟ ගියහ.
වින්ග් කමාන්ඩර් විශ්ව ශ්‍යාමන්ත දෙවැනි කණ්ඩායමට නායකත්වය දෙයි. ගුවන් භටයෝ 120ක් ඔහු සමඟ යති.

භට පිරිස්, තුවාලකරුවන් , ප්‍රභූන්, ආහාර පාන සහ භාණ්ඩ ප්‍රවාහනය ඔවුන්ට පැවරෙන රාජකාරි අතර වෙයි.
තව කියවන්න
POSTED ON | | Edit Post
මෙයින් උපුටා ගන්නා ලදී.​ nethfm.com
වේරැස්ගඟ සංවර්ධන ව්‍යාපෘතියේ බෙල්ලන්විල අදියර ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ඊයේ රාති‍්‍ර විවෘත කෙරුණා.

සුළු වැස්සකදී පවා බෙල්ලන්විල සහ ආශි‍්‍රත ප‍්‍රදේශවල ඇති වන ජල ගැලීම් වළක්වාලීම මෙහි ප‍්‍රමුඛ අපේක්‍ෂාවයි.

ජලය නිසි පරිදි කළමණාකරණය කර පුරන් වී ඇති කුඹුරු නැවත අස්වැද්දීම මෙම ව්‍යාපෘතියේ තවත් අපේක්‍ෂාවක් වනවා.

ශාරිරික සුවතා කි‍්‍රයාකාරකම් සදහා ප‍්‍රදේශවාසීන්ට ස්ථානයක් සකස් කර දීමද නගර අලංකරණය ද මෙහි සෙසු අපේක්‍ෂායි.
තව කියවන්න
POSTED ON Monday, September 8, 2014| | Edit Post
dinamina.lkමෙයින් උපුටා ගන්නා ලදී.

#අද කොළඹට ලක්ෂ 4000 ක රන් වැස්සක්
#ස්වර්ණාභරණ සාප්පු 83 ක් සහිත Colombo Gold Centre විවෘත වෙයි
#කොළඹ නගරයට අනුචිත අනවශ්‍ය තදබදයක් එක් කළ ශාන්ත ජෝන් #මාළු වෙළෙඳ පොළ ඉවතට
#ඒ වෙනුවට මහල් 5ක නවීන වෙළෙඳ සංකීර්ණයක්
#ගෝඨාභය දැවැන්ත නාගරික සංවර්ධනයේ තවත් ඉලක්කයක් ජයගනී

#ඉදිකිරීම් හා සේවා කටයුතු යුද හමුදාවේ 4වන සේවා ඉංජිනේරු බළකායෙන්

නව යුගයක් කරා ගමන් කරන ශ්‍රී ලංකාව තවත් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් දැවැන්ත සංවර්ධන ක්‍රියාදාමයේ ප්‍රතිඵලයක් ලෙස ඉදිකළ ‘පිටකොටුව මැණික් හා ස්වර්ණාභරණ වෙළෙඳ සංකීර්ණය’ ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (5) විවෘත කිරීමට නියමිතයි.

කොළඹ නගරය ආසියාවේ ආශ්චර්යවත් නගරය බවට පත්කිරීමේ දැවැන්ත වැඩපිළිවෙළ තුළ හමුවන තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් වන මේ ව්‍යාපෘතිය රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය සහ නාගරික සංවර්ධන අධිකාරිය එක්ව ක්‍රියාත්මක කැර තිබෙන අතර ඒ වෙනුවෙන් වැයකර තිබෙන මුදල රුපියල් මිලියන 400 කි.
තව කියවන්න
POSTED ON Friday, September 5, 2014| | Edit Post

අනුර බාලසූරිය divaina.com

කොළඹ නගරයේ කුලුනු මතින් දිවෙන මාර්ග පද්ධතියක්‌ ඉදිකිරීමට මහාමාර්ග වරාය හා නාවික අමාත්‍යාංශය සැලසුම් කරගෙන යයි.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස්‌ පරිදි මෙම මාර්ග පද්ධතිය ඉදිකිරීමට සැලසුම් කෙරෙන බව මහාමාර්ග වරාය හා නාවික ව්‍යාපෘති ඇමැති නිර්මල කොතලාවල මහතා සඳහන් කළේය.

තව කියවන්න
POSTED ON Thursday, September 4, 2014| | Edit Post
ලෝකයේ  වැඩිම වටිනාකමකින් යුත් අතුරුපස තම හෝටලය මගින් පිළියෙල කර තිබෙන බව කොග්ගල ෆෝට්‍රස් රිසෝර්ට් හෝටල් කළමනාකාරිත්වය පවසයි. රිටිපන්න ධීවරයෙකුගේ හැඩයට තනා ඇති මෙම අතුරුපස වර්තමානයේදී ඔවුන් මිලකොට ඇත්තේ රුපියල් මිලියන 1.8 (+VAT) ම්ලකටය.

එහි රිටිපන්න ධීවරයෙකුගේ හැඩය චොක්ලට්වලින් සාදා තිබෙන අතර,
තව කියවන්න
POSTED ON Tuesday, September 2, 2014| | Edit Post
උපුටා ගැනීම  Tech Guru 

Google Translator කියන්නේ අන්තර්ජාලය භාවිත කරන බොහෝ දෙනෙක් භාෂා පරිවර්ථනය සඳහා යොදාගන්න සේවාවක්. ඒත් මේ වෙනකම් ඉංග්‍රීසි භාෂාව හා සිංහල භාෂාව අතර පරිවර්ථන සඳහා Google Translator සහාය දැක්වූයේ නැහැ. ඉතින් දැනට Google සමාගම විසින් ඒ සඳහා මූලික අඩිතාලම් දමමිනුයි සිටින්නේ.

තව කියවන්න

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews