POSTED ON Tuesday, December 31, 2013| | Edit Post
මෙයට අවුරුදු 23 කට පෙර ඉතාලියට පැමිණ ඉන්න හිටින්න තැනක් නොමැතිව දුම්රීය ස්ථාන හා උද්‍යානයන්හි කල්ගෙවූ ශ්‍රී ලාංකිකයෙක්  වසර 23 කට පසු අංක එකේ ව්‍යපාර කළමනාකරුවෙක් බවට පත්ව සිටියි .

මිලාන් නුවර ආසන්නයේ පිහිටි ඔහු සේවය කරනා (ඔහුගේම වැනි )මහා පරිමාන ආපන ශාලාවට හා හෝටලයට එසැණ ගොඩවන විටද 600 කට අධික ඉතාලි හා විදේශිකයින් පිරිසක් ශ්‍රී ලාංකික කෝකියෙකු අතින් හැදෙන ඉතාලි ආහාර පාන වල රස  බලමින් සිටියහ.
සරල ඇදුමෙන් සැරසුණු ලාංකික කලමනාකරුද 60 කට අධික වෙටර්වරුන් පාලනය කරමින් තම ආපන ශාලාවට ගොඩ වී ආහාර ගනිමින් සිටි අයගේ අවශ්‍යතා සපුරමින් සිටින අතර ඉඩක්  ලද  විගසින් එසැණ සමග කතා බහට එක්විය.
තව කියවන්න
POSTED ON Monday, December 30, 2013| | Edit Post
පරිසරයට වැඩිම හානියක් කරන ජීවියෙක් මෙලොව වසයිනම්, ඒ ඔබත් මමත් අයිති වන මිනිස් වර්ගයා පමණි. මිනිසාට ගසෙන් ඇති තදබලම අවශ්‍යතාවය ඉදිකිරීම් සඳහා ලී ලබාගැණීමයි. අතීතයේ මිනිසා අවශ්‍යතාවයට ගසක් කපාගත්තද එය වෙනුවෙන් තවත් ගස් දෙකක් වත් සිටවීමට තරම් විනයගරුක වූහ. නමුත් අද පවතින විවෘත ආර්ථික රටාව හමුවේ මිනිසා දැඩි තරඟයක සිටීමත් ජනගහන වර්ධනයත් හේතුවෙන් එම යුතුකම මිනිසාට අමතකවී ඇත.
තව කියවන්න
ලං.ග.ම. පිළිබඳ ඉතිහාසය නොදන්නා අයට මතක් කර දීමට කුඩා පරිච්ඡේදයක් අප සතුව ඇත. ඒ සම්පූර්ණයෙන්ම අපේ රටේ නිපදවා ඇති අපේම “ලංකා 1” බස් රථය (23ශ්‍රී5812) ගැනයි. මේ පිළිබඳව ලං.ග.ම. ආරම්භක සාමාජිකයෙක් වන එම්. සී. ආර්. කුරේ මහතා 1994 දෙසැම්බර් මස 04 වන දින පළවූ ලක්බිම පුවත්පතේ විනී හෙට්ටිගොඩ මහතා සම්පාදනය කර තිබුණු ලිපියකට අදහස් දකවා තිබුනේ මෙසේය.
තව කියවන්න
මෙන්න අපිටම හරියන වෙබ් සොයන්නෙක්. ඔයාලට ඕනේ වෙබ් සයිට්, පින්තූර, ප්‍රවෘත්ති, පොත්, වීඩියෝ සහ බ්ලොග්ස් ඉක්මනින් සොයාගන්න පුළුවන්. ගූගල් එකේ වෙබ් ක්රවුලර්ස් පාවිච්ච් කරලා තමා මේ සයිට් එක වැඩ කරන්නේ. දැන්මම ඔයාගේ බ්‍රවුසරයේ හෝම් පේජ් එකට දා ගන්න

Search engine >>> http://search.suraztwo.comule.com
තව කියවන්න
POSTED ON | | Edit Post
ඔබ සතු ජංගම දුරකථනයේ, ශ්‍රී ලංකාවටම ආවේණික වු දින දර්ශනයක් තිබේද..? තිබේනම් එහි, මේ වසරට අදාල වන්නා වු පෝය නිවාඩු දින, වාණිජ නිවාඩු දින හා අනෙකුත් විශේෂ දින සටහන්ව තිබේද..? ඒ සියල්ලම අඩංගු ශ්‍රී ලංකාවට ආවේනිකවූ දින දර්ශණයක් ජංගම දුරකථන මෘදුකාංගයක් ලෙස දැන් ඔබට නොමිලේම ලබා ගත හැක. 
තව කියවන්න
POSTED ON Sunday, December 29, 2013| | Edit Post

මෙම උපකරණය දැනට වෙළදපොලේ පවතින මිලට වඩා අඩු මුදලකින් සාදා ගත හැකි නමුත් සාමාන්ය පරිසර තත්ව යටතේ නිපදවන බැවින් මෙහි ආයු කාලය අඩු විය හැකිය...
තව කියවන්න
එකම ජල ධාරිතාවකින් වසර පුරාම විදුලිය
බලශක්‌ති අර්බුදයට විසඳුමක්‌ ලෙස එකම ජල ධාරිතාවකින් වසර පුරා විදුලිය නිපදවිය හැකි ක්‍රමවේදයක්‌ මොරටුව විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ සිසුවකු වන ඩබ්ලිව්. එම්. අමිල සුරේෂ් ඉන්දික ශිෂ්‍යයා සොයාගෙන ඇත.


hydro power sri lankaමෙම ක්‍රමවේදය බොරතෙල් සඳහා විකල්පයක්‌ ලෙසද භාවිත කළ හැකි බව ඔහු පවසයි. එමෙන්ම එකම ජල ධාරිතාවකින් වසර පුරා විදුලිය නිෂ්පාදනය කිරීම මගින් කලින් කලට විදුලිය නිෂ්පාදනය කිරීමට ඇති බාධා මග හැරෙනු ඇත.


මේ වන විට අමිල සුරේෂ් ඉන්දික ශිෂ්‍යයා විසින් විදුලිය නිෂ්පාදනය කිරීම සඳහා විකල්ප ක්‍රම රැසක්‌ සොයාගෙන ඇති අතර ඒ සම්බන්ධව යම් යම් ආයතන හරහා පරීක්‍ෂණ කටයුතු සිදුකර ඇත. මේ අතර ලංකාවේ බහුලව ඇති වල් පැලෑටියක්‌ වන ගිනිහිරුස්‌ස ශාකය උපයෝගී කර ගනිමින් විදුලිය නිපදවිය හැකි ක්‍රමයක්‌ සම්බන්ධවද පරීක්‍ෂණ සිදුකර ඇත. මේ සම්බන්ධව අප සමග අදහස්‌ දැක්‌වූ අමිල සුරේෂ් ශිෂ්‍යයා.


තව කියවන්න
කඩෙන් රුපියල් විසිපන් දාහසකට ගත් 125 සීසි එන්ජිමට එහෙන් මෙහෙන් සොයාගත් උපකරණ සවිකැර හයිබ්‍රිඩ් කාරයක් හැදීමට ඔරුගොඩවත්තේ ජපන් ටෙක් සිසුවෙක් සමත් විය.
මොටරය ඉවත දමා තිබූ වාහනයකින් ගෙන ඇත. පරණ ටයර් 4ක් රිම් 4ක් මේ සඳහා යොදාගෙන ඇත. පරණ ලෑන්ඩ් මාස්ටරයක හෙඩ් ලයිට් දෙකක් සවිකර තිබේ. බ්‍රේක් පැඩ්ලය හා ගියර් ලිවරය බැටරිය ද වෙනත් වාහනයකින් ඉවත් කළ ඒවාය.

සාමින්ද ඉන්චේටරයක්, ඔටෝ ස්ටාර්ඩ් සර්කිට් පද්ධතියක් තනා අලුතින් වයර් කැර ත්‍රිරෝද රියක ඩිපරෙන්සල්යක් ගෙන ස්පොකට් කපල් කර සාදාගෙන ඇත.

තහඩුව චැසිය අඟල් දෙකේ යකඩ පයිප්පයකින් සාදා ඇත. 2013 වසරේ මෝටර් යාන්ත්‍රික ශිල්පය හැදෑරීම සඳහා මෙම ආයතනයට ඇතුළත් වී ඇති මේ ආධුනික සිසුවා ඇල්පිටිය බටුවන්හේන පදිංචි සමින්ද රුක්ෂාන් ගුරුසිංහයි.

තව කියවන්න
POSTED ON Tuesday, December 24, 2013| | Edit Post
එන්ජින් කාමරයට ජලය කාන්දුවිම හේතුවෙන් ගාල්ලට මුහුදු සැතපුම් 15ක් ඈත මුහුදේ ගිලී යාමේ අවදානමකට ලක්ව තිබූ නෞකාවක් අලුත්වැඩියා කරමින් රටට කිර්තියක් අත්කැර දීමට ගාල්ලේ තරුණයන් පිරිසක් හා තරුණියක් සමත්වූහ. ලොව පුරා තෙල් රැගෙන යන තෙරේසා අත්ලාන්තික් නමැති නැවේ අවරපෙත්ත අසළින් ජලය ඇතුලට කාන්දුවීම හේතුවෙන් එය යා ගත නොහැකිව නැංගුරම් ලා තිබිණි. නැවේ රැගෙන යා හැකි තෙල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 43,733කි.
තව කියවන්න
POSTED ON | | Edit Post
පිළිකා, දියවැඩියාව,රක්තහීනතාව ආදී රෝග පාරම්පරික සහල් පරිභෝජනයෙන් නිවාරණය කළ හැකි යයි කාර්මික තාක්ෂණ ආයතනය විසින් සහල් පිළිබද කළ පර්යේෂණ වලදී තහවුරු වූ බව එම ආයතනයේ ආහාර තාක්ෂණ අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ආචාර්ය ඉල්මි හේවාජුලිගේ මහත්මිය පැවසුවාය.

සුදු හීනටි, පච්ච පෙරුමාල්, රත් සුවදැල් යන සහල් වර්ග පිළිකා රෝගය සදහා ද, දියවැඩියාව සදහා මසුරන්, ගොනබාරු යන සහල් වර්ගද රක්තහීනතාව සදහා යකඩ සහ ප්‍රෝටීන් බහුල කළු බැල වී, පච්ච පෙරුමාල්, දහනඅල, රතු හීනටි, කට්ටමංජල් යන සහල් වර්ගද ආහාරයට යොදා ගත හැකි බව ඇය සදහන් කළාය.
තව කියවන්න
ආනයනික කිරිපිටි වල අන්තර්ගත බවට කියවුණු රසායනික හේතුවෙන් මෙරට පාරිභෝගිකයන් විදෙස් කිරිපිට භාවිතය අවම කිරීම කිරිපිටි හිගයක් ඇති වීමට ප‍්‍රධාන හේතුව වී ඇති බවත් මිල්කෝ සමාගම නිෂ්පාදනය කරන හයිලන්ඞ් කිරිපිටි ඉල්ලූමට සමානව වෙළද පොළට නිකුත් නොවීමද ඊට බලපා ඇති බවත් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ජේ.ඒ.ජේ ඩග්ලස් මහතා පවසයි.

මේ වන විට මසකට හයිලන්ඞ් කිරිපිටි ග‍්‍රෑම් 400 පැකට් ලක්ෂ 8කුත් කි.ග‍්‍රෑම් 1 කිරිපිටි ලක්ෂයක ප‍්‍රමාණයක් නිෂ්පාදනය කළ ද ඉල්ලූම ඊට සාපේක්ෂව සියයට 50ක් පමණ වැඩි වී ඇති බව ඒ මහතා සදහන් කළේය.
තව කියවන්න
POSTED ON Monday, December 23, 2013| | Edit Post
  මෙම මෘදුකාංගය නිර්මාණය කරඇත්තේ වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධතිය තළදී WiFi Hotspot සාදාගැනීම සඳහායි. මෙම මෘදුකාංගය වින්ඩෝස් 7 මෙහෙයුම් පද්ධතිය සඳහාද හොඳින් ක්‍රියා කරයි. වින්ඩෝස් 7 හා වින්ඩෝස් 8 සහිත 32bit , 64bit සියලුම මෙහෙයුම් පද්ධති වල ඉතා හොඳින් ක්‍රියාත්මක වන ආකාරයටයි නිර්මාණය කරලා තියෙන්නේ. පරිගණක ක්‍රමලේඛ භාෂාව විදියට JAVA භාෂාව යොදාගෙන ඇති නිසා වඩාත් කාර්යක්ෂමව වයර්ලස් නෙට්වර්ක් එක ඔයාලට හදාගන්න පුළුවන්. මෙම මෘදුකාංගය ධාවනය කිරීම සඳහා තිබිය යුතු අනෙකුත් අවශ්‍යතා පහළින් බලාගන්න පුළුවන්.
තව කියවන්න
POSTED ON Friday, December 13, 2013| | Edit Post
රියදුරෙකු නොමැතිව ගමන් කල හැකි ජීප් රථයක් ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ උසස්පෙළ කළා අංශයෙන් ඉගෙනුම ලබන තිවංක සංජුන සහ විහංග සංජුන නිවුන් සොහොයුරන් විසින් නිපදවා තිබේ.

එම නිවුන් සොහොයුරන් විසින් මෙයට ප්‍රථම ලංකාවේ ප්‍රථම අයි පෑඩ් සංගීත කණ්ඩායමද ඉදිරිපත්කිරීම විශේෂත්වයකි. ඔවුන් විසින් නිර්මාණය කර ඇති ජීප් රථය යතුරුපැදි එන්ජිමකින් සමන්විත අතර පැයට කිලෝමීටර් 95 ක පමණ වේගයකින් ධාවනය කල හැක.
තව කියවන්න
අන්තර්ජාලයේ හෝ රූපවාහිනිය ඔස්සේ රස අපගේ දිවවෙත ලබා ගැනීමේ පද්ධතියක් නිර්මාණය කිරීමට ශ්‍රී ලාංකික මෘදුකාංග ඉංජිනේරුවෙකු වන නිමේෂ රණසිංහ ප්‍රමුඛ සිංගප්පූරුවේ ජාතික විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් සමත්වී තිබේ.

නිමේශ රණසිංහ මොරටුව විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ (ගෞරව) උපාධිධාරියෙකු වන අතර සිංගප්පූරුවේ ජාතික විශ්වවිද්‍යාලයේ අධ්‍යන කටයුතු හදාරා ඉලෙක්ට්‍රෝනික හා පරිගණක ඉංජිනේරු තාක්ෂණය සම්බන්ධයෙන් වන ආචාර්ය උපාධියක්ද ලබාගෙන ඇත.
තව කියවන්න
POSTED ON | | Edit Post
තුඹසක් අසල වේදනාවෙන් සිටිනා නාගයකු දැක, එම නාගයාගේ සිරුරේ තිබුණ සැරව ගෙඩියක් ඉවත් කළ බුද්ධදාස රජුගේ කතා පුවතක් ජනප්‍රවාදයේ ඇත.

මේ ආකාරයේ විවිධ ප්‍රමාණයේ විස ගෙඩි 12ක් නිසා ජීවත්වීමේ තර්ජනයට කාලාන්තරයක් තිස්සේ ගොදුරුවී සිටි විෂඝෝර නාගයකු පසුගියදා ප්‍රතිකාර කර තිබේ.
තව කියවන්න
POSTED ON | | Edit Post
ලොව පුරා විසිරි සිටින ස්මාර්ට් ෆෝන් හිමිකරුවන් ගෙන් 67% අධික පිරිසක් එය ඔවුන්ගේ කැමරාව ලෙසින් භාවිතා කිරීමේ ප්‍රවනතාවය හේතුවෙන් එම ලබාගන්නා ජායාරූප අතුරින් ලොව හොඳම ජායාරූපය තේරීමේ තරගයක් පසුගියදා පැවැත්වුනි.

මෙම තරගය සංවිධාන කළේ Celebrity Cruises නම් ආයතනයයි. අන්තර්ජාලය ඔස්සේ ලොව පුරා ස්මාර්ට් ෆෝන් හිමිකරුවන් ඔවුන්ගේ ස්මාර්ට්ෆෝන් වලින් ලාබාගත් ජයාරූප එම තරඟය සඳහා ඉදිරිපත්කොට තිබූ අතර එහිදී එම ජායාරූප සියල්ල පරදා මුල්තැන හිමිකරගෙන තිබුනේ ශ්‍රී ලංකාවේ ගංගාරාම විහාරයේදී ලබාගත් ජායාරූපයකි.
තව කියවන්න
POSTED ON Thursday, December 12, 2013| | Edit Post
මේ කියන්න හදන්නේ ශ්‍රී ලාංකීය පාසල් සිසු සිසුවියන් වෙනුවෙන්ම නිර්මාණය වුණු වෙබ් අඩවියක් ගැනයි. පංතිය.com නමින් හැඳින්වෙන මෙම වෙබ් අඩවිය පාසල් සිසුන් කීපදෙනෙකු අතින්ම නිර්මාණය වී තිබීම විශේෂත්වයකි.

පාසල් සිසු සිසුවියන් හට එදිනෙදා අධ්‍යාපනික කටයුතු වලදී ඇතිවන විවිධ අධ්‍යාපනික ගැටළු සාකච්ඡා කිරීම සඳහා මෙම වෙබ් අඩවිය භාවිතා කළ හැකිය. සාම්ප්‍රදායික අධ්‍යාපනික වෙබ් අඩවි මෙන් නොව මෙම පංතිය.comහි ක්‍රියාකාරිත්වය ඉතාමත්ම වෙනස් වූවකි. 
තව කියවන්න
POSTED ON Wednesday, December 11, 2013| | Edit Post
මෙරට තුන්වන අධිවේගී මාර්ගය වන කොළඹ පිටත වට රවුම් මාර්ගයේ පළමු අදියර වන කොට්ටාව - කඩුවෙල මාර්ගය ලබන මස ජනතා අයිතියට පත්කෙරේ. අදියර තුනකින් යුක්තව ඉදිවන මෙම මාර්ගයේ කොට්ටාව - කඩවත මාර්ගය ද මේ වන විට 80% ක පමණ වැඩ අවසන් වී ඇත. එමෙන්ම කඩවත කෙරවලපිටිය මාර්ගයේ ද වැඩ කටයුතු ආරම්භ කිරීමට සැලැසුම් යොදා ඇත.

තව කියවන්න
මේක අපි හැමෝටම වැදගත් වෙන දෙයක්. අපේ ඉස්කොලෙ / කැම්පස් යන නංගිලා මල්ලිලා සහ සෑම වෘත්තීයකටම අදාල වන දෙයක් සහ 100% ලාංකීය පරිගණක මෘදුකාංගයක් ගැනයි මේ කියන්න යන්නේ. Creately නමින් හැඳින්වෙන දැනට ලෝකයේ පවතින හොඳම Diagram Software හතර අතර ඇති ලාංකිකයෙකු විසින් සොයා ගන්නා ලද මෙම මෘදුකාංගය ලොව පුරාම ප්‍රසිද්ධ වි ඇත.
තව කියවන්න

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews