POSTED ON Thursday, January 30, 2014| | Edit Post
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල සිට මාතර දක්වා වන කොටස මහජනතාවට විවෘත කිරිම තවත් මසකින් පමණ කල්දැමිමට රජය තීරණය තීරනය කලේ දෙන්නේ නූපේ හන්දිය හා මාතර සිට ගොඩගම දක්වා දිවෙන පිහිසුම් මාර්ගයන්ගේ ඉදිකිරීම් කටයුතු හා අධිවේගී මාර්ගය දෙපස අලංකරණ කටයුතු තවමත් අවසන්වී නොමැති වීම නිසයි.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල - මාතර කොටස ජනපති මහින්ද රාජපක්ෂ අතින් මෙම මස 31 වැනිදා විවෘත වීමට නියමිතව තිබුණි.
ඉදිකරමින් පවතින අධිවේගයේ ගාල්ල සිට මාතර දක්වා මාර්යේ ස්වර්ණවාහිනි විකශය විඩියොව බලන්න.......

තව කියවන්න
POSTED ON Wednesday, January 29, 2014| | Edit Post


දේශීය අපනයන බෝග වගාව නගාසිටුවීම සඳහා තමන් ගෙන යන වැඩපිළිවෙළ තවත් ශක්තිමත් කරමින් NDB විසින් කුරුඳු වගාකරුවන් සවිබල ගැන්වීමේ සුවිසල් ජාතික වැදගත්කමක් සහිත ‘Cinnamon to the World’  හඳුන්වා දී තිබේ. එමගින් කුරුඳු වගාකරුවන්, කුරුඳු අපනයනකරුවන් හා කුරුඳු ආශ්‍රිත නිෂ්පාදන සිදුකරන්නන් සවිබල ගන්වමින් කුරුඳු අපනයනය ඉහළ නැංවීම අපේක්ෂා කෙරේ.
තව කියවන්න
POSTED ON Monday, January 27, 2014| | Edit Post
ශ්‍රී ලංකාවේ උපත ලද බේස් ගිටාර් වාදන ශිල්පී හුසේන් ජෙෆ්රි ලෝක ප්‍රකට ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලැබුවේය.
ශ්‍රී ලංකා වේලාවෙන් අද උදෑසන අවසන් වූ ග්‍රැමී සම්මාන උළෙලේදී හුසේන් ජෙෆ්රි ඇතුළු හර්බ් ඇල්පර්ට්ගේ සංගීත කණ්ඩායම එම සම්මානය දිනා ගත්තේ ස්ටෙපින්ග් අවුට් නමැති හොඳම පොප් වාද්‍ය ගීත ඇල්බමය වෙනුවෙනි.
හුසේන් ෆෙජ්රි ජාත්‍යන්තර සංගීතයේ සුප්‍රසිද්ධ ශිල්පීන් වන විට්නි හූස්ටන්, යානි සහ ඩියෝන් වර්වික් සමග සංගීත වැඩසටහන්වලට ද සම්බන්ධ වී තිබේ.
ඔහු 1989 දී කැලිෆෝනියා සංගීත ආයතනයෙන් උපාධියක් ද හිමි කර ගත්තේය.

තව කියවන්න
POSTED ON | | Edit Post

Selected for final round of Superstation Award 2013

මැයි මාසය කියන්නේ එංගලන්තයට වියළි කාලයක්‌. කුමක්‌ හෝ කාරණයක්‌ නිසා වසරේ මැද මාසවලදී එංගලන්තයේ කඩ සාප්පු කොල්ල කන කුඩා ප්‍රමාණණයේ සොර කණ්‌ඩායම්වල ප්‍රමාණය වාර්තාගත ලෙස ඉහළ යනවා. පසුගිය අවුරුද්දේ (2013) මැයි මාසයේ 27 වැනිදා එංගලන්තයේ බෙඩ්ෆර්ඩ්ෂයර් ජනපදයේ කෝරළයක හටගත් සොරකම් කිරීමට තැත් කිරීමේ සිද්ධියකට සම්බන්ධ නඩු විභාගයක තීන්දුව නොබෝදා බෙඩ්ෆර්ඩ්ෂයරයේ ලුටන් අධිකරණයේදී ප්‍රකාශයට පත් කෙරුණා. මෙහි විත්තිකරුවන් වූයේ බ්‍රිතාන්‍ය ජාතිකයන් දෙදෙනෙක්‌. ඉන් එක්‌ අයකු වසර 02 හිරගෙට යෑවීමට රාජ නීතිඥයකු වූ විනිසුරු ෆිල්ප් බර්ටි පියවර ගත්තා. මේ කතාවේ වැදගත්ම කොටස වන්නේ නඩුවේ පැමිණිලිකාරිය සිංහල තරුණියක වීමයි. ඒ කතාව මෙසේයි:
තව කියවන්න
POSTED ON Sunday, January 26, 2014| | Edit Post
ලිපිය පරිවර්තනය වෙනුර විශ්වජිත් සොයුරා විසිනි.
අපේ රටෙත් twitter  පාවිච්චි කරන ගොඩක් අය ඉන්නවා.එයිනුත් බොහෝ පිරිසක් පාවිච්චි කරන්නෙ android ජංගම දුරකතන.නමුත් අන්ඩ්‍රොයිඩ් ජංගම  දුරකතන පාවිච්චි කරන අයට තියෙන ලොකුම බාධාව තමයි සිංහල අකුරු තමන්ගේ ඇන්ඩ්‍රොයිඩ් උපාංගයෙන් කියවන්න බැරි කම.ඒකට හොඳ විසඳුමක් මෙන්න.

මේ මෘදුකාංගය මගින් twiter සමාජ ජාලයට සම්බන්ද ඇන්ඩ්‍රොයිඩ් දුරකතන හිමියන්ට දැන් කිසිදු අපහසුවකින් තොරව සිංහල අකුරු කියවන්න පුළුවන්. 
තව කියවන්න
POSTED ON | | Edit Post
උපුටා ගැනීම - Train Simulator Srilanka

වසර 54 ක් අපේ රටේ ධාවනය වන ර් - 2 එන්ජිමට බොහෝ සෙයින් සමාන 1938 වසරේ නිපදවා අදත් ඊජිප්තුවේ ඉතා හොඳින් ධාවනය වන ට් - 22 එන්ජිමක්.
අපේ දුම්රිය සේවය වඩාත් ප්රසිද්ධව ඇත්තේ වෙලාවට දුම්රිය ධාවනය නොවීම ගැන හා පාඩු ලබන රාජ්ය ආයතන අතර මුල් තැනක සිටීමත් නිසා ය.
මේ පාඩු ලැබීම් බොහෝ විට සිදුවන්නේ දුම්රිය මෙහෙයුමට වඩා දෙපාර්තමේන්තුවේ තුළ සිදුවන දූෂණය නිසා ය.
දුම්රිය දෙපාර්තමේන්තුවට අවශ්ය අමතර කොටස් සහ භාණ්ඩ මිලට ගැනීමේ දී ද්රව්යමය වශයෙන් මෙන් ම මූල්යමය අතින් ද දෙපාර්තමේන්තුවට විශාල පාඩු සිදුව ඇත..
තව කියවන්න
POSTED ON | | Edit Post
 උපුටා ගැනීම Train Lovers

ලෝකයේ පුලුල් ආමාන හෙවත් අඩි 5 අඟල් 6 පලල් වු දුම්රිය මගක උසම තැන, ලංකාවේ දැනට උසින්ම පිහිටි දුම්රිය ස්ථානය වන පට්ටිපොළ සහා ඔහිය දුම්රිය ස්ථාන අතර පිහිටි , නැතහොත් බොහෝ දෙනා දන්නා ආකාරයට Summit Level පසු කර ගිය පසු අපට හමුවන්නේ උඩරට දුම්රිය මාර්ගයේ 18 වන බිංගය , වැදගත් කම් රැසක එකතුවක් ලෙස ස්ථානයක් දැක්විය හැක ..

තව කියවන්න
POSTED ON | | Edit Post
පසුගිය වසරේදී ශ්‍රී ලංකාවේ තේ අපනයනයෙන් ඇමරිකන් ඩොලර් බිලියන 1.54ක ඉතිහාසගත ආදායමක් ඉපැයූ බව වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පසුගියදා එම අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.

මෙහි දී අදහස් දැක්වූ අමාත්‍යවරයා, 2012 වසරේ තේ අපනයනයෙන් ඇමරිකන් ඩොලර් බිලියන 1.4ක් ඉපැයූ බවත් ඒ අනුව තේ කර්මාන්තයේ මේ දක්වා ලැබු ඉහළම ආදායම 2013 දී ලැබූ බවත් කීය.

තව කියවන්න
POSTED ON Saturday, January 25, 2014| | Edit Post
අපේ රටේ ආහාර පෝලන්ත ජාතිකයන් වෙත ගෙන යාමේ අරමුණින් ජර්මනියේ, බර්ලින් නගරයේ වෙසෙන ශ්‍රී ලාංකියකු විසින් 2013 මැයි මස 01 වන දින පෝලන්තයේ, ක්‍රටෝෂන් නගරයේ මෙම අවන්හල ආරම්භ කරන ලදී.

මෙම අවන්හලෙහි ඇති විශේෂත්වය වනුයේ, කෑම පිසීම සිදුකරනු ලබන්නේද ශ්‍රී ලාංකීය ආහාර පිලිබඳව ඉතා පළපුරුද්දක් සහිත ශ්‍රී ලාංකියකු විසිනි. 

කිසිම ශ්‍රී ලාංකියකු වාසය නොකරන මෙම ප්‍රදේශයේ දවසේ තුන් වේල සඳහාම මෙම අවහන්හලෙන් ආහාර සැපයීම තවත් විශේෂිතවූ කරුණකි.
අවහන්හල් හිමිකරු පවසන පරිදි, මෙම ප්‍රදේශයේ පෝලන්ත ජාතිකයන් අතර වඩාත් ප්‍රචලිත ආහාරය වනුයේ "කොත්තුය". ඔවුන් එය නම කියා ඉල්ලන්නට දැන් පටන් ගෙන ඇත.
තව කියවන්න
ඔහු සමාජ සේවකයෙකි. ගුරුවරයෙකි. නව නිපැයුම්කරුවෙකි. සැබෑ දක්ෂයෙකි. නමුත් තවමත් 28 හැවිරිදි වියේ පසුවන්නෙකි. හේ නමින් ධනේෂ් මධුරංග එදිරිසූරියයි. තුල්හිරියේ සාමාන්‍ය පවුලක ඉපිද ගමේ හැදී වැඩී කාලයක් ගමට සේවය කළ ධනේෂ් පරිගණක තාක්ෂණයේ බොහෝ දුර ගොසිනි. අලූතෙන් වෙබ් අඩවි නිර්මාණය කරයි. විවිධ අත්හදා බැලීම් කරමින් විවිධ පරිගණක වැඩසටහන් නිපදවමින් ඔහු තනිවම සතුටු වෙයි. කිසි දිනක ප්‍රසිද්ධිය අපේක්ෂා නොකරන්නෙකි.
ෆේස්බුක් සමාජ වෙබ් අඩවිය ඔස්සේ දෙදහසකට වැඩි මිතුරන් පිරිසක් ඔහු දනී. මිතුරන් ඔහු දන්නේ නව නිපැවුම්කරුවකු ලෙස නොව සමාජ සත්කාරක වැඩසටහන් කරන සමාජ සේවකයකු ලෙසය.
තුල්හිරිය මහා විද්‍යාලයයෙන් හා තෝලංගමුව මධ්‍ය විද්‍යාලයයෙන් ධනේෂ් අධ්‍යාපනය ලබා ඇත. ඔහුගේ පියා බිම්මල් ව්‍යාපාරිකයකු වූ අතර මව රැකියාවක් කළේ නැත. ඔහුට වැඩිමහළු සහෝදරියන් තිදෙනෙක් සිටිති. (2009 වසරේදී ඩෙංගු රෝගයෙන් පියා මිය ගොස් ඇත.) කුඩා අවදියේ සිට තාක්ෂණය දෙසට නැඹුරු වූ ඔහු අලූතෙන් යමක් සිතන්නට පුරුදු වී සිටියේය. බොහෝ දෙනා දකින දේ ගැන ඔහු වෙනස්ම ආකාරයකට සිතන්නට පුරුදු විය.

තව කියවන්න
POSTED ON Friday, January 24, 2014| | Edit Post

nelumpokuna888
සංවර්ධනයේ දැවැන්ත පියවරක් ඉදිරියට තබමින් ශ්‍රී ලංකාවේ ඉදිවන බහුකාර්යය විදුලි සන්නිවේදන කුලුන සහ විනෝදාත්මක මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතුවල මූලික ඉදිකිරීම්  2015 ජනවාරි මස වන විට  අවසන් කිරීමට හැකි වනු ඇති බව විදුලි සංදේශ නියාමන කොමිසම් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ හා සන්නිවේදන කටයුතු වෙනුවෙන් කොළඹ ඩී. ආර්. විජේවර්ධන මාවතේ ඉදිකරනු ලබන නෙළුම් කුලුන වෙනුවෙන් වැය කෙරෙන මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 104.3කි.

තව කියවන්න
POSTED ON | | Edit Post
ශ‍්‍රී ලංකාවේ ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමය ලංකාවට ආවේණික වූ ලක්‍ෂණවලින් යුත් ඉතා දියුණුවට පත්කළ හැකි වෛද්‍ය ක‍්‍රමයක් බවත් එම වෛද්‍ය ක‍්‍රමය දියුණු කිරීම තුළින් ඉහළ ප‍්‍රයෝජන ගතහැකි හෙයින් එම වෙද්‍ය ක‍්‍රමය දියුණු කිරීමට රජය සෑම පියවරක්ම ගන්නා බවත් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා ප‍්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළේ ඉකුත් 12 දා බස්නාහිර පළාත් සභාව විසින් ඉදිකරන ලද දිවුලපිටිය ආසනයේ අකරගම ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලා ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමිනි.
තව කියවන්න
මෙම ලිපිය syco me වෙබ් අඩවියෙනි.. 

Windows මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක වන ජංගම දුරකථන හා පරිගණක කෙමෙන් සෙමෙන් ඉහළ යන අවදියක Nokia සමාගම විසින් සංවිධානය කරනු ලැබූ ජාත්‍යන්තර තරඟයකදී ජයග්‍රහණ හිමිකරගැනීමට ලාංකිකයින් දෙදෙනකු සමත්ව තිබෙනවා.  “Nokia Create” නමින් හැඳින්වුනු මේ තරඟය සංවිධානය කර ඇත්තේ mobile apps නිර්මාණය කරන්නන් windows apps නිර්මාණය සඳහා පෙළඹවීමක් ඇති කිරීමට යි. වැඩි වශයෙන් වින්ඩොස් මෙහෙයුම් පද්ධතිය භාවිත වන උපකරණ නිපදවන්නේ Nokia සමාගම නිසා Windows Phone 8 සමඟ එක්කාසු වී මෙම තරඟය සංවිධානය කර ඇති බවයි පැවසෙන්නේ.
තව කියවන්න
POSTED ON Thursday, January 23, 2014| | Edit Post
අරුණි මුතුමලී –  රාජ්‍ය වෛද්‍ය නිලධාරී සංගමයේ සභාපති හා රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා සමඟ කරන ලද සාකච්ඡාවක්  (දිනමිණ – 2013 සැප්තැම්බර් 8)


එකක් අද පවතින කෘමි හා වල් නාශක ඇතුළු කෘෂි රසායනික ද්‍රව්‍ය යොදා, ජාන තාක්ෂණය භාවිත කර ඉහළ පලදායීතාවක් අපේක්ෂාවෙන් වගා කිරීම. දෙවැන්න පොහොර හෝ කිසිම අමතර ද්‍රව්‍යයක් භාවිත නොකර වටේ පිටේ ඇති ගස්වැල්වල කොටස් යොදා පොළොවේම සාරයෙන් වගාව කිරීම. අනෙක අතරමැදි ක්‍රමය වන කොම්පෝස්ට් පොහොර යොදා කරන වගාව.

බටහිර ලෝකයේ කාබනික වගාවෙන් ලැබෙන භෝගවලට වැඩි ඉල්ලුමක් හා මිලක් ලැබෙන්නේ ඒවා ගුණාත්මක අතින් ඉහළ නිසයි. ජාන තාක්ෂණය, භෝග ස්වාභාවිකත්වයෙන් ඈත් කරනවා. ඒවා හරියට “බ්රොයිලර් චිකන්” වගේ.
තව කියවන්න
POSTED ON | | Edit Post
අරුණි මුතුමලී –  ප්‍රියන්තා සේනානායක මහත්මිය සමඟ කරන ලද සාකච්ඡාවක් (දිනමිණ – 2013 සැප්තැම්බර් 8)

නොදන්නා දෙවියාට වඩා දන්න යකා හොඳයි කියලා කතාවක් තිබෙනවා. ඒත් එහෙම හිතාගෙන සුද්දා කියූ දේ කරන්න ගිහින් වුණේ අප කන බත් පතටත් වස විස එකතු වීමයි. මහපොළොව නොරිද්දවා වගා කරලා පෙරදිග ධාන්‍යාගාරය බවට පත්වුණු අපේ රටට, රටින් හාල්ගෙන්වලා කන්න වුණේ පිට රට සිරිතට දිව දික් කළාට පස්සෙයි.

වකුගඩු රෝග,දියවැඩියාව, හන්දිපත් රුදා වගේ බෝ නොවන රෝගවලටත් මේ කෑම රටාව හේතු වුණා.වකුගඩු රෝග වලට හේතුව දෙවියකු කීවාය කියූ පිරිසක් නිසා පහුගිය කාලේ රටේ ඇතිවුණේ විශාල ආන්දෝලනයක්. ඒත් දෙවියකු, බ්‍රහ්මයකු ,මනුෂ්‍යයකු හෝ වෙනත් අමනුෂ්‍යයකු හෝ වේවා කියන්නේ සාධාරණ කරුණක් නම් කියන කෙනා සෙවීමෙන් ඵලක් වෙයිද ?
තව කියවන්න
POSTED ON Tuesday, January 21, 2014| | Edit Post

"ඉතිහාසයේ විශාලතලම වල්ලපට්ටා වැටලීම රත්නපුරෙන්"

 

"මෙතෙක් කොටුවූ දැවැන්තම වල්ලපට්ටා තොගය හසුවෙයි"

 

"කෝටි 9 ක වල්ලපට්ටා සමග නව දෙනෙක් දැලේ"


මේ පුවත් දකින කෙනෙකුට තේරෙන්නෙ වල්ලපට්ටා ( අගාවුඩ්/agarwood ) කියන්නෙ ලඟතියාගන්න, විකුණන්න නීත්යෙන් තහනම් දෙයක් කියල. ඒක සත්‍යක්.

අපේ රටෙ ජීවනාලිය බඳු වැසිවනාන්තර හා අනෙකුත් වනාන්තර පද්ධතිය තුල වැඩෙන මෙම ශාකයේ , රොගී,පළුදුවු වල්ලපට්ට ශාකයේ ස්වාභාවික  රසායනික සංයෝගය සහිත රෙසිනය වටිනා අමුද්‍රව්‍යක්. එහෙත් එම රෙසිනය ලබාගැනීමට ශ්‍රි ලංකාවේ වනාන්තර විනාශ කිරීම නතර කළ යුතුමය..

ඒ සඳහා රජයේ මැදිහත් වීමේන් නීති සකස්කර.. ක්‍රමවත් අයුරින් වල්ලපට්ටා වගාව කිරීම කලයුත්තක් බව බොහෝ දෙනාගේ මතය වී තිබිණි..

News starts
"හොඳ වල්ල පට්ටා පට්ට නොගහනු"
Photo: AGAWOOD HARVESTඋද්භිත  විද්‍යාත්මික  ගයිනොප්ඩි වල්ල ලෙස හඳුන්වන  වල්ලාපට්ට ශාකයේ  ආර්ථීක වටිනාකමක් ඇත්තේ  රෝගී ශාඛවල පමණක් බවත්  නිරෝගී ශාඛ කපා  විනාශ කිරීම මහත් අපරාධයක් බවත්  මෙරට ප්‍රකට කෘෂි විද්‍යාඥයකු වන පියල් මාරසිංහ මහතා පවසයි.
තව කියවන්න
POSTED ON | | Edit Post
ලෝකයේ බුද්ධිමතුන් වැඩිම පිරිසක් 
සේවය කරන බවට විශ්වාස කෙරෙන අමෙරිකාවේ නාසා ආයතනයෙහි ශ‍්‍රී ලාංකික විද්‍යාඥයින්ද 28 දෙනකු සිටින බව  අද අනාවරණ වුණා. ජනමාධ්‍ය අමාත්‍යංශයේ පැවැත්වු වැඩමුළුවක දි ධනාත්මක චින්තනය පිළිබඳ දේශකයෙකු වන ධම්මික කලපුවගේ මහතායි ඒ බව අනාවරණ කළේ. නාසා ආයතනයේ සේවය කරන මුළුවිද්‍යාඥයින්ගේ සංඛ්‍යාව 2400 ක් පමණ වනවා. ඔවුන්ගෙන් 800 දෙනකු පමණ ඉන්දියානුවන්...



තව කියවන්න
POSTED ON Monday, January 20, 2014| | Edit Post
අපෙන් හැමදාම ඉල්ලන දෙයක් තමයි දෙමෝදර ලූප් එක ගැන විස්තර දාන්න කියන එක. කොච්චර දැම්මත් මදි. ඉතින් අපි හිතුවා එකතුවක් විදියටම ඒක ගැන ඉදිරිපත් කරන්න..                            

දෙමෝදර දුම්රිය ස්ථානය....

අපේ රටේ තියන දුම්රිය ස්ථාන වලින් අපූරුම දුම්රිය ස්ථානය මොකක්ද කියලා අහුවොත් ලොකු පොඩි හැමෝටම එක පාරටම මතක්වෙන තැනක් තියනවා. ඒ තමයි දෙමෝදර දුම්රිය ස්ථානය. ප්රධාන මාර්ගයේ, ඒ කියන්නෙ කොළඹ - බදුල්ල දුම්රිය මාර්ගයේ ඇල්ල දුම්රිය නැවතුමත් උඩුවර දුම්රිය
තව කියවන්න
POSTED ON | | Edit Post
jobvacancies.lk
ඔබත් රැකියාවක් හොයන කෙනෙක්ද? , ඇත්තට රැකියා කරන්න කැමති අය හැම වේලාවෙම රැකිය හොයනව... කවුද අකමැති හොඳ ජොබ් එකක් කරන්න එහෙම නැත්නම් කරන ජොබ් ඒකට වඩා හොඳ එකක් හොයාගන්න?
jobvacancies.lk කියන්නෙ එකට හොඳ තැනක් මොකද සර්විස් එක ෆ්‍රී , රෙජිස්ටර් වෙන්න හරිම ලේසියි.. අළුත්ම රැකිය අබෑර්තු තමන්ගෙ ඊ මේල් එකට , නොමිළේම ස්ම්ස් එකකි ලේස ගෙන්න ගන්න පුළුවන් ක්‍රමයක් හඳුවාදී තියනව..
ගිහිල්ල රෙගිස්ටර්  වෙලාම බලන්න..<Register>

තව කියවන්න
POSTED ON Saturday, January 18, 2014| | Edit Post
අපේ වෙදැදුරු බිය වූ කාලය අවසන් ඩෙංගු බෙහෙත සූදානම්
- වෛද්‍ය තරංගා කුමාරි වික්‍රමසූරිය


මාරාන්තික ඩෙංගි රක්‌තපාත උණ රෝගය මේ වන විට ශ්‍රී ලංකාවේ කතා බහට ලක්‌ වී ඇති ප්‍රධාන මාතෘකාවලින් එකකි. දිනෙන් දින ඉහළ යන මේ රෝගීන්ගේ සංඛ්‍යාව වැඩි වෙද්දී එය මර්දනය කිරීමට ගන්නා ක්‍රියා මාර්ග ද ඉහළ අගයක්‌ ගන්නේය.

ජාතික මට්‌ටමින් දිස්‌ත්‍රික්‌ මට්‌ටමින් හා ප්‍රාදේශීය මට්‌ටමින් ගන්නා මෙම ඩෙංගි මර්දන ක්‍රියාමාර්ග කොතෙක්‌ සාර්ථකද, අසාර්ථකද යන්න සොයා බැලීමේදී ලැබෙන පිළිතුරු කෙසේ වෙතත් රෝගය ව්‍යාප්ත වීමේ අඩුවක්‌ නම් නැත.

කෙසේ වෙතත් තම
 පරිසරය හා මතුවන ප්‍රශ්න ඩෙංගි ව්‍යාප්තියට ප්‍රධාන හේතුවක්‌ බව කරුණු
තව කියවන්න
POSTED ON | | Edit Post

මෙරට සංචාරක ව්‍යාපාරයේ නවෝදයක් ඇති කරමින් වසර 2016වන විට ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂිත විදේශ සංචාරකයින් සදහා අලුතින් හෝටල් කාමර 50,000ක් ඉදිකිරීමේ වැඩසටහන යටතේ සංස්කෘතික ත්‍රිකෝනයක ඉදිවූ ප්‍රථම හෝටලය වන සීගිරියේ අලියා හෝටලය ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ජනවාරි 18වන සෙනසුරාදා පෙරවරු 10.52ට සුභ මොහොතින් විවෘත කරන ලදී. අලුතින් ඉදිකරන ලද අලියා හෝටලය සදහා රුපියල් බිලියන 1.4ක් ආයෝජනය කර ඇති අතර කාමර සංඛ්‍යාව 96ක් වන අතර...
තව කියවන්න
POSTED ON Friday, January 17, 2014| | Edit Post
වර්ෂ 1908 දී මඩකලපු මුහුද අවට ගිලීගිය වාෂ්ප බලයෙන් ක්‍රියාත්මක වූ
නැව සොයා ගැනේ


[නැව සොයා ගැනීමේ මෙහෙයුමට සහභාගි වූ කිමිදුම්කරුවන් සහ එම කාර්යයට සහභාගි වූ පිරිස ඡායාරූපවලින් දැක්‌වේ.]

කිරිසුදු වෙරළ මතින් ඈත ගැඹුරු මුහුදේ සුන්දරත්වය සත්තකින්ම මනහරය. දේදුනුq වර්ණයෙන් සුසැදී රුවැති මසුන් එක යායට එක රෑනට ඒ මහා දියඹේ ඒ මේ අත පිහිනති. පරිසරයේ මේ සුන්දරත්වය විඳිමින් ගැඹුරු දියඹේ ගමන් කරන්නා වූ ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකයේ ඇත්තෝ මේ සොයන්නට යන්නේ තවත් සුන්දර කතාන්දරයක්‌ කියෑවෙන ගිලී ගිය නැවක්‌ පිළිබඳවය. මුහුදු පුරාවිද්‍යා ගවේෂණවලදී ශ්‍රී ලංකාව අවට මුහුදේ ගිලීගොස්‌ තිබූ වාෂ්ප බලයෙන් ක්‍රියාත්මක වූ විශාලම නැව සොයායන මෙම මුහුදු ගමන බියකරු වූ ද සොඳුරු වූද සිතුවමකි.

තව කියවන්න
POSTED ON Thursday, January 16, 2014| | Edit Post
විස්මයජනකයි.. මේ බස් රථ ගාලක්ද..? ඔබට හිතාගන්නවත් බැරි වෙයි බලලම තීරනය කරන්න...

මෙම සටහන ඔබ වෙත ගෙන එන්නේ ඉතා අපූරු හැකියාවකින් හෙබි අපූරු නිර්මාණශිල්පියෙකු ගැනයි.ඇහළියගොඩ ප්‍රදේශයේ වියලයාගොඩ ග්‍රාමයේ පදින්චි සෝමදාස ලේකම්ගේ මහතා සතුව උපතින් ගෙන ආ අපූරු දක්ශතාවයක් ඇත.ඒ දැනට අපරටේ මාර්ග වල දාවනය වන ඕනෑම බස් රථයක ඒ හා සමාන අනුරූ නිපදවීමටයි.
තව කියවන්න
POSTED ON | | Edit Post
දෙහිවලට සහ පින්නවලට සංචාරකයෝ ලක්‍ෂ 21 ක්‌ එති



දෙහිවල සත්වෝද්‍යානය සහ පින්නවල අලි අනාථාගාරය නැරඹීම සඳහා පසුගිය වසරේ (2013) සංචාරකයන් ලක්‍ෂ 21 කට වැඩි පිරිසක්‌ (21,72,810 ක්‌) පැමිණ ඇති බව උද්භිත උද්‍යාන හා පොදු විනෝදාත්මක කටයුතු ඇමැති ජයරත්න හේරත් මහතා "දිවයින"ට පැවසීය.

ඒ අතරින් ලක්‍ෂ 3 කට වැඩි පිරිසක්‌ (305860 ක්‌) විදේශීය සංචාරකයන් බවද ඇමැතිවරයා කීවේය.

දෙහිවල සත්වෝද්‍යානයට පසුගිය වසරේ දෙස්‌ විදෙස්‌ සංචාරකයන් ලක්‍ෂ 15 කට වැඩි සංඛ්‍යාවක්‌ (15,46,442 ක්‌) පැමිණි අතර එයින් රුපියල් මිලියන 720 ක ආදායමක්‌ ලැබී තිබේ.
තව කියවන්න
POSTED ON | | Edit Post
වසර 30 ක යුද්දයෙන් විනාශවී ගිය දුම්රියමාර්ගයන් මේ වනවිට පිළිසකර කරමින් පවතියි .. මන්නාරම් මාර්ගයේ මේ වනවිට මඩු පාර සහා මන්නාරම අතර දුම්රියමාර්ගය සාර්ථක ලෙස නැවත ඉදිකිරීම් සිදුවේ ..


තව කියවන්න
POSTED ON | | Edit Post
අපේ රට කියන්නේ හරිම සුන්දර රටක්...මොකද ලෝකයේ රටවල් ගානක දවස් ගානක් ඇවිදලා විඳගන්න වෙන පරිසර කලාප රාශියක් අපේ රට තුල ඇවිදලා පැය ගානකින් විඳගන්න පුලුවන්....

ඒ අතරින් ගොඩාක් අයගේ ආසාවක් තමයි දුම්රියෙන් බදුල්ලේ යන එක....ඇත්තට දුම්රියෙන් බදුලු යනවා තරම් සුන්දරත්වයක් තවත් නෑ. මේ අපේ රටද කියලත් හිතෙනව...

තව කියවන්න
POSTED ON Wednesday, January 15, 2014| | Edit Post
හත්මාළුව බ්ලොග් කියවන්න දැන් ඔබේ ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයෙනුත් පුළුවන්. මේ සඳහා මේ සබැඳියෙන් එම ඇප් එක ලබාගන්න පුළුවන්. මේ සඳහා ඇන්ඩ්‍රොයිඩ් 2.2 හෝ ඊට පසු නිකුත් වූ ඕනෑම මෙහෙයුම් පද්ධතියක් තිබීම ප්‍රමාණවත් වෙනවා. root කිරීම හෝ සිංහල fonts ස්තාපිතව තිබීමට අවශ්‍ය වන්නේ නැහැ.
තව කියවන්න
POSTED ON | | Edit Post
අලුත් අවුරුද්දේ මම කරපු පළවෙනිම මෘදුකාංගය ගැන කියන්නයි මේ හදන්නේ. වදන් සෙවුම කියන්නේ OCR(Optical Character Recognition) තාක්ෂණය බාවිතා කරමින් ඉංග්‍රීසි වචනවල සිංහල තේරුම් ලබාගතහැකි ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගයක්. ඇන්ඩ්‍රොයිඩ් ගැජට් එකක් තියෙනවා නම් මේ ඇප් එක නොමිලයේම බාවිතා කරන්න පුළුවන්. ඔව් ඔව් නොමිලේ , ඇඩ් පොප් අප් මොකක්වත් නැහැ.
තව කියවන්න
POSTED ON | | Edit Post
අවාරෙට රඹුටන් දෙන්න කිවුලවාඩිය සූදානම් කෙරේ

මාතලේ විශේෂ - නිමල් ගුණතිලක

දේශීය වෙළෙඳපොළ සඳහා අවාරයේ පලතුරු සැපයීම ඉහළ නැංවීමට පලතුරු කලාප තුනක්‌ ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

ආරම්භ කෙරෙන පලතුරු කලාපවලින් පළමු කලාපය ලග්ගල කිවුලවාඩිය ගම්මානයේ දී රඹුටන් ගම්මානය ලෙස ආරම්භ කිරීම කර්මාන්ත හා වානිජ කටයුතු නියෝජ්‍ය ඇමැති ලක්‍ෂ්මන් වසන්ත පෙරේරා මහතාගේ සහභාගිත්වයෙන් සිදු විය.

කිවුලවාඩිය ගම්මානයේ අක්‌කර 55 ක රඹුටන් වගා කිරීමට පියවර ගෙන ඇත. ගොවීන් සඳහා රඹුටන් පැළ 17,000 ක්‌ බෙදාදීම නියෝජ්‍ය ඇමැතිවරයා අතින් සිදුවිය.

තව කියවන්න
POSTED ON Tuesday, January 14, 2014| | Edit Post
හය් යාලුවනි . කොහොමද ඔයාලට?

ඔන්න මම අද ඔයාලට මගේ තවත් අලුත්ම වැඩක් ගේනවා. මේක මගේම වැඩක්. මම කලින් සොෆ්ට් දෙකක් හැදුවනේ. ඔයාල දන්නවනේ එක. මේක මගේ දෙවෙනි එක. මේක Player එකක් මේකන් ඔයාට ඕනිම සෝන්ග් එකක් අහන්න බලන්න. පුළුවන්. මේකේ වැඩ අමාරු නැ.

නම  කියනවනම්..
Lanka Net Media Player  තම නම .
තව කියවන්න
ශ්‍රවණය කළ හැකි අයුරින්  සැකසූ පන්සිය පනස් ජාතක පොත් වහන්සේ  සංගෘහිත වෛත්‍යරාජයණ් වහන්සේ  නමක් බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය විසින් සකස් කැර තිබේ
නෙස්ලි රංජිත් රාජසේකර මහතාගේ සංකල්පයක් අනුව නිමැවූ මෙය දේශප්‍රේමී භික්ෂු පෙරමුණේ සභාපති බෙංගමුවේ නාලක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ අනුශාසානාවඅනුව සිදු කැර ඇති අතර මෙහි පළමු සෑ රදුන් දුරුතු පොහොය දින ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පිරිනැමීමට නියමිතය
තොරතුරු දැනගැනීමට 011 3091793 -  0770035840 - 41
තව කියවන්න
බහුජාතික සමාගම් විසින් කිරිපිටි මිල වැඩි කරන්නට කරන ඉල්ලීමට ඉඩ නොදී මෙරටට කිරිපිටි ගෙන්විම නතර කිරිමට මෙම අවස්ථාව උපයෝගි කර ගන්නැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංසදය රජයෙන් ඉල්ලිමක් කරයි.අධික කිරිපිටි පරිබෝජනය බෝ නොවන රෝග රාශියකට හේතුවි ඇතැයි පෙනි යන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංසදයේ ලේකම් වෛද්‍ය නිෂාන්ත පේ‍්‍රමරත්න මහතා පවසයි.

කිරිපිටි නිසා සිදුවන සෞඛ්‍යමය හානිය දුම්කොළ- දුම්වැටි නිසා සිදුවන හානියට වඩා සියයට 70කින් පමණ වැඩි යැයි ද ඒ මහතා කීය.
තව කියවන්න
POSTED ON | | Edit Post
අපේ රටේ ගොඩාක් අය උදේ හවස දුම්රියෙන් යනවා...එදිනෙදා කටයුතු සඳහා ගොඩාක් අය දුම්රිය යොදා ගන්නවා...ඒත් ගොඩාක් අය දුම්රියේ ගියාට දුම්රිය පිළිබදව දුම්රිය සේවය පිලිබදව මනා දැනුමක් නෑ....දුම්රිය සේවයේ නොදුටු පැත්ත ඔයාලට ගෙන ඒමටයි අපේ අරමුණ...

විස්තරාත්මකව කිව්වොත් අපේ රටේ දුම්රිය ස්ථාන,දුම්රිය මාර්ග ගැන, දුම්රි එන්ජින් ගැන, අපේ රටේ දුම්රිය අලුත් වැඩියා කෙරෙන්නේ කොහොමද..දුම්රිය සේවයේ නොදුටු පැත්තේ ගොඩාක් දේවල් අපි ඔයාලට ගේන්න බලපොරොත්තු වෙනවා...ඒකයි අපේ අරමුණ..

ඒ වෙනුවෙන් අපේ කණ්ඩායම ගොඩක් මහන්සි වෙනවා...දුම්රිය පිලිබදව සෑම අස්සක් මුල්ලක් නෑර ගවේශනය කරල ඔබ වෙත වටිනා වැදගත් හරවත් යමක් ගේන ඒමයි අපේ මූලික අරමුණ ..
අපේ දුම්රිය ලෝකය ගැන දැනගන්න එක් වන්න අප සමග... 
තව කියවන්න
POSTED ON | | Edit Post
පිටකොටුව බැස්ටියන් මාවත බුස් නැවතුමට ආසන්නව පාවෙන වෙළඳපොලක්.

කොළඹ නගරය ක්‍රමවත් හා අලංකාර නගරයක් හා පිරිසිදු, ජනජීවිතයට  හිතකර හරිත නගරයක් බවට පත් කිරීමේ තවත් ආරක්ෂක හා නාගරික සංවරධන අමාත්‍යංශය ක්‍රියාත්මක කරන තවත් ව්‍යාපෘතියක්.. අමෙම ඉදිකිරීම බැස්ටියන් මාවත බස් නැවතුම හා කොටුව දුම්රියස්ථානය අතර දැන් සිදුවෙනවා..

තව කියවන්න
POSTED ON Monday, January 13, 2014| | Edit Post

අපි මීට පෙර හඳුන්වා දුන් අපේ රටේ නිපදවූ Appgenz නම් ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් නිපදවන සේවාව හරහා නිර්මාණය වුනු Syco Me (සයිකො මී) නම් ඇප් එක ගැනයි මේ සටහන. Syco Me ගැන කෙටියෙන් හඳුන්වනවා නම් තාක්ෂණික ලෝකයේ සිදුවන සිදුවීම්, අලුත් අලුත් නිර්මාණ ගැන සිංහල භාෂාවෙන් සවිස්තර තොරතුරු ලබා ගන්නට පුළුවන් android app එකක්.

තව කියවන්න
POSTED ON | | Edit Post
ඇමෙරිකාවේ NASA ආයතනය හා ජර්මානු අභ්‍යවකාශ මධ්‍යස්ථානය එක්ව වසර 2002 මාර්තු මස යුගල චන්ද්‍රිකාවක් නිපදවා කක්ෂගත කෙරුණි. එහි අරමුණ වුයේ පොලව මතුපිට තිබෙන ගුර්ත්වාකර්ශනයබලය වඩාත් නිවැරදි ලෙස මැන බලමින් කාලගුණය හා පොළවේ අභ්‍යන්තරව සිදුවෙන වෙනස්කම් අද්‍යනය කිරීමය. මෙම මෙහෙයුම GRACE (Gravity Recovery And Climate Experiment ) ලෙස හැදින්වූ අතර මේ වනතුරු සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතී.GRACEපොලවට කිලෝමීටර500 ක් ඉහලින් ගමන්කරන මේ චන්ද්‍රිකා යුගල එකම පථයක සමාන්තරව ගමන්කරයි. චන්ද්‍රිකා යුගල අතර දුර කිලෝමීටර 200 ක් වන අතර එහි ඇති සුක්ෂම විද්‍යුත් උපකරණවලින් චන්ද්‍රිකා අතර දුර කෙස් ගසක පමණ (10 microns) වෙනසක් වුවද මැනීමට සමත්ය. එලෙසම එම තොරතුරු පොළවට වාර්තා කිරීමට තාක්ෂණික පහසුකම් වලින් ද සමන්විතය.
තව කියවන්න
POSTED ON | | Edit Post


ඉරණම කෙනෙකුගේ ජීවිතය ලියන්නේ පුදුමාකාර ලෙසිනි.පාසල් වියේ මිතුරන් හා එක්ව වන රොදේ රින්ගමින්ද,හොරාට චිත්‍රපට ශාලා වලට ඇතුලුව ගැලරියේ හිද චිත්‍රපට බලමින්ද ඉගෙනීම මගහැරි සුජීව විටෙක ගුරුවරුන්ට සේම මවුපියන්ටද වදයක් උනේය.සුජීවගේ මේ අකීකරු වැඩ අනුමත නොකල පියා අවුරුදු 19ක් තරම් කාලයේදී ඔහුගේ සිත ව්‍යාපාරික ලෝකයේ සිර කලේය.එදා තමන්ගේ කියා සතයකදු නැතිව වි‍යාපාර පිලිබද කිසිදු දෙයක් නොදැන ව්‍යාපාරික ක්ශේත්‍රයට පය තැබූ ඔහු අද නුවර නගරයේ පමනක් නොව මුලු ලංකාවේද ,සාර්ථක, සම්මානලාභී විශිෂ්ඨ ව්‍යාපාරිකයකුව සිටී. 

එදා සේවකයන් දෙදෙනෙකු සමග ගමන් ඇරබූ ඔහු අද දහස් ගනනක් සේවකයන්ට කරුනාබර ස්වාමියෙකි. වසර 13කට පෙර විවාහ වූ ඔහු බිරිදට එදාසේම නොවෙනස් ආදරයක් ,රැකවරනයක් දෙන සෙනෙහෙබර සැමියෙකි.එසේම තවමත් 42 වියේ පසුවන සුජීව පුන්චි දු පුතුන් 7දෙනෙකුට පිය සෙනෙහස නොඅඩුවම දෙන වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම සැබෑම තාත්තා කෙනෙකි.
තව කියවන්න
POSTED ON Sunday, January 12, 2014| | Edit Post
1970 දශකය්දී රත්මලාන දුම්රිය කර්මාන්ත ශාලාවේ නිපදවූ මෙම Y 1 දුම්රිය එන්ජින් අප රටේන් බිහිවූ ඉතා සාඩම්බර නිර්මාණයක් වීම මුළු රටටම මහත් අභිමානයකි ....

 මෙම වර්ගයේ දුම්රිය එන්ජින් 8 ක් නිපදවා ඇති අතර මේ වනවිට ඒයින් ඉතිරිව ඇති මෙම වර්ගයේ එකම එන්ජිම කොළඹ පිහිටි දුම්රිය කෞතුකාගාරයේ මහජන ප්‍රදර්ශනය සදහා තබා ඇත..

 අපරටෙන් බිහිවූ මෙම එන්ජින් එකක් හෝ සංරක්ෂණය කර මහජනතාවට දැකබලා ගැනීමට සැලැස්වීම පිලිබදව දුම්රිය දෙපාර්තමේන්තුවට අපගේ ප්‍රණාමය ..
තව කියවන්න
POSTED ON | | Edit Post
 යම් දෙයක්,එය කුමක්ද යන්න ඔබට දැන ගැනීමට අවශ්‍යද?ඒ පිළිබඳව ලතැවීමට දැන් ඔබට කිසි සේත්ම උවමනා නැත.ඔබ කල යුතු වන්නේ curiofy නම් මේ මෘදුකාංගය  ඔස්සේ එහි snap shot එකක් upload කිරීම පමණි.cuorify ඒ පිළිබඳව ඔබට විස්තර සපයාවි.

Curiofy නම් මෙම මෘදුකංගය නිපදවා ඇත්තේ නවතම සංකල්පයක් ඔස්සේය.එය ඔබට බොහෝ කල් වේලා ගත කරමින් අන්තර්ජාලය පුරා පිරික්සා,අනවශ්‍ය දේවල් ඉවත් කරමින් වෙහෙස වීමටකිසිසේත් ඉඩ නොදේ.
තව කියවන්න
POSTED ON | | Edit Post
අද ඉදන් අපි ඔබට අලුත් ලිපි පෙලක් ගෙන එනවා.. ඔබේ සාමාන්‍ය පරිගනක වලට දා ගන්න පුලුවන් සොෆ්ට්වෙයා (නොමිලේ ලබා දෙන ) කිහිපයක් තමා මේ ලිපි පෙලින් ගෙන එන්නේ..

අකුරු කියවනය Text Player  

මෙය ඔබට ගොඩක් වටින මෘදුකාන්ගයක් වේවි.ඔබට ඩොකියුමන්ට් එකක හෝ වෙබ් අඩවියක ඇති විශාල ඡේදයක් කියවන්නට අවශ්‍යයයැයි සිතමු.. එය කාලය ගොඩක් නාස්තිවෙන වැඩක්..එතින් අපට මේ ඡේදය නිදහසේ කනට ඇහෙන්න කවුරු හරි කියවලා දෙනව නම් කොයිතරම් වටිනවද..? මේ එම කාර්යය කරලා දෙන මෘදුකාන්ගයක් ..


කතා කරන Software එකක් මෙන්න... මෙම මෘදුකාංගයට ජේදයක් ටයිප් කර හෝ Word,PDF හෝ Text ලෙස ඇති document එකක ඇති ජේද කොපි කර පේස්ට් කර Play කල විට එය ඔබේ පරිගනකයේ ස්පීකර් වලින් උච්චාරනය වේ.  ඉතා කුඩා මෘදුකාංගයකි. ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා.

Download Link:
තව කියවන්න
LiveDJ සිංහල යනු පෝටබල්, භාවිතා කිරීමට ඉතා පහසු සජීවී සිංහල ඩී.ජේ මෘදුකාංගයකි. මෙය තවම පරීක්ෂා කරමින් ඇති බැවින් බීටා ඉදිරිපත්කිරීම ඔබ වෙත ලබා දෙනු ඇත. දෝෂ හෝ අදහස් Comment කරන්න.

LiveDJ සිංහල කියන්නේ මුලින්ම ලංකාවේ හදපු ඩී.ජේ ප්ලේයර් එක. මේ තියෙන්නේ එකේ 1.1 වැනි සංස්කරණය.

මෙහි විශේෂාංග
------------------
+ තැටි 2කින් යුතු භාවිතයට පහසු අලංකාර අතුරුමුහුණත.
+ මුලික නාද සමානකරණය.
+ සින්දුවේ වේග සහ තැටියේ වේග පාලනය.
+ තැටිවල සින්දු කලවම් කිරීමේ පහසුව සඳහා වූ ස්වයංක්‍රීය බී.පී.එම්(මිනිත්තුවට ස්පන්ද) ගණනය.
+ සිංදුවල තාල පාලනය.
+ මවුස් රෝදයෙන් ක්‍රියාකරන ක්‍රොස්-ෆේඩරය.
+ හෙමින් යැවීම, ආපසු කරකැවීම හා ලූපස් ආදී තැටිවල ප්‍රයෝග.
+ තැටි සමග යෙදිය හැකි නාද කොටස් 7ක්.
+ ඕනෑ තැනක සිට සින්දු ඇද දැමිය හැකි සින්දු පෙට්ටිය.


නිර්මාතෘවරයාගේ කතාව
----------------------
"මම ශාලිත සුරංග(www.fb.com/shalithasuranga). ඔයාල මාව හොදින් දන්නේ SMP3 එක හදපු කෙනා විදියට වෙන්න ඇති. මේ මගේ අලුත් මෘදුකාංගය. ඇත්තටම SMP3 එක සිංහලෙන් හැදුවට පස්සේ තමා හිතුවේ ඊට පස්සේ හදන හැම එකකම සිංහල සංස්කරණයක් ඉදිරිපත් කරන්න. ඒ රට ගැන හිතලා"

මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න >>> 
තව කියවන්න
POSTED ON | | Edit Post
උපුටා ගැනීම "http://gossip.hirufm.lk" වෙබ් අඩවියෙනි. .ඔබත් උදවු කිරීමට කැමති නම් මේ අංක අමතන්න -  Tel : +94 11 2 337 555

රජෙක් වුණත් අසරණ වුණාම කාගේ හෝ පිළිසරණක් අවශ්‍ය වෙනවා. කොළඹ හතේ ඉපිද හැදී වැඩී අධ්‍යාපනය ලබා කොළඹ විශ්ව විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලබාගෙන ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියක් වූ ඇය අද කාත් කවුරුත් නැතිව ඉතාම අසරණව සිටිනවා. මේ කතාව නිවුන මනසකින් නිවාඩු පාඩුවේ කියවන්න. ඇතැම්විට ඔබ එය විශ්වාස නොකරාවි. 

ලඳු කැලෑවකින් වටවුණු මහවැලි අධිකාරියට අයත් ගරා වැටුන පාළු ගොඩනැගිල්ලක ඇය බල්ලන් බළලුන් සමග ජීවත් වනවා. දෙහිඅත්තකණ්ඩියේ සිට අරලගංවිල පාරේ කි.මී. 12ක් පමණ ගිය විට කජුවත්ත වැව පසු කර මීටර් 500 පමණ ඉදිරියට ගිය විට හමුවන කජුවත්තේ මහවැලි අධිකාරියේ කොට්ඨාස කාර්යාලය පවත්වා ගෙන ගිය ගොඩනැගිල්‍ලේ ඇය අන්ත අසරණව කාලය ගත කරනවා.
තව කියවන්න
POSTED ON Thursday, January 9, 2014| | Edit Post
ධාතුසේන රජ දවස, රජුගේ ආරක්ෂාව උදෙසා උච්චාරණය කරනු ලැබූ ඉතා බලවත් ගාථා රත්නයක් ලෙස රත්නමාලි ගාථා රත්නය සැලකේ. එකල රජුගේ සුරක්ෂිතභාවය තහුවූරු කිරීම සදහා මෙම ගාථාව ඇතුලත් යන්ත්‍රයක් එතුමන්ගේ හිසෙහි සගවා තබා ඇත.

රත්නමාලී ගාථා රත්නය උච්චාරණයෙන් ඔබගේද එදිනෙද වැඩ කටයුතු සාර්ථකව කරගැනීමට හැකියාව ලැබෙනු ඇත.මෙම මෘදුකාංගය මගින් ඔබට රත්නමාලි ගාථා රත්නය ඔබත් සමගම තබා ගැනීමට පිළිවන. බුදු රදුන්ගේ වචනය නිතර දෙවේලේ උච්චාචාරනය සමග ම , ඒ වචනයත් සමග තම ජීවිතය ඉදිරියට ගෙන යාමෙන්, ඔබගේ ජීවිතය සාර්තකත්වය කරා ගෙන යන්නට නිරෝගී දිවියකට මග පැදෙනු ඇත.

මුළු ලොවම කරුණාවෙන් පිරී ,සැවොම එකාමෙන් ජීවත් වන ජීවත්වන ලොවක් සැදේවා.බුදු සරණයි...!
තව කියවන්න
POSTED ON | | Edit Post
අලුත් අවුරුදු උදාවත් සමඟ ම වැඩි පිරිසකට උවමනා කරන දෙයක් හැටියට සිංහල අලුත් අවුරුදු ලිත හදුන්වන්න පුළුවන්.සිංහල සම්ප්‍රධායිකව,අලුත් අවුරුදු උදාව ලෙස සලකනුයේ නක්ෂත්‍රයට අනුව සදහන් කරනු ලබන දිනයක් වන අතර, මෙදිනදී ලංකාවාසීන් බොහෝ දෙනෙකු විසින් චාරීත්‍ර කීපයක්ම සුබ නැකත් වේලාවන්ට සිදු කරනු ලබයි.එම නිසා මෙම චාරීත්‍ර සිදු කරනු ලබන සුබ නැකත් වේලාවන් සඳහන් වන ලිත අලුත් අවුරුද්ද සමරන ඕනිම සිංහල සහ හින්දු නිවසකට අවශ්‍ය වන දෙයක් වනවා. සිංහල හින්දු අලුත් අවුරුද්දෙ හි සමරනු ලබන චාරිත්‍ර නම්,
තව කියවන්න
POSTED ON Wednesday, January 8, 2014| | Edit Post
ලොකු ලොකු සුපර් මාකට් හැම තැනම...
කුඩා පරිමාණ සිල්ලර වෙළෙන්දා අනතුරේ....!!!

රට පුරා විසිරී සිටිනා කුඩා පරිමාණ සිල්ලර වෙළෙඳ ව්‍යාපාරිකයින් කැඳවා ඔවුන් මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන් මැදිහත් වීමට මව්බිම ලංකා පදනම අදහස් කර ඇත.

ඒ සඳහා කැමැත්ත දක්වන අය නම, ලිපිනය, දුරකථන අංකය සහ ව්‍යාපාරයේ තොරතුරු අඩංගු අයදුම් පත්‍රයක් අප වෙත එවා දැන්ම ලියාපදිංචි වන්න.

තව කියවන්න
POSTED ON Tuesday, January 7, 2014| | Edit Post
SMP3 සිංහල

භාගත කරගැනීම් 1,554 ක්...ඉංග්‍රීසි සංස්කරණය භාවිතා කරන්නන් ලොවපුරා 10,000 කට වැඩියි..
බොහෝ දෙනාගෙන් හොඳ ප්‍රතිචාර...
තාම ඩවුන්ලෝඩ් කරගත්තේ නැද්ද.? .. එහෙනං මෙන්න ලින්ක් එක 
තව කියවන්න
POSTED ON | | Edit Post
 ඉන්ටර්නෙට් නැතුවත් වැඩ කරන SMS Chat ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගය

SMS Chat ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගය ඉතා හොඳ නිමැවුමක් සහිත ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගයකි. එමගින් ඔබට ඔබේ සමීපතමයන් සමග ඕනෑතරම් චැට් කළ හැකිය. උදාහරණයක් ලෙස ආදරවන්තයින්ට මෙය කදිම අවස්ථාවකි. දෙදෙනාම ළඟ ඇන්ඩ්‍රොයිඩ් තිබීම මේ සඳහා අවශ්‍ය නොවේ. ඇන්ඩ්‍රොයිඩ් ඇති කෙනා සමග නැති කෙනාටද SMS මගින් චැට් එකට සම්බන්ධ වීමට පුළුවන. එම නිසා මෙම චැට් එක ඔබට ඉතාමත් ප්‍රයෝජනවත් වනු ඇත.
තව කියවන්න
POSTED ON | | Edit Post
ගී ගැයීමට විශේෂ දක්ෂතා ඇතිව ප්‍රංශය පුරා විසිරි සිටි දරු දැරියන් වෙනුවෙන් ඔවුන්ගේ දක්ෂතා ඉදිරියට ගෙන ඒම සදහා ජනප්‍රිය ගුලි රුපවාහිනි නාළිකාව සංවිධානය කළ ‘එකෝල් ඩේ ෆන් නොවෙල් ජෙනරශියොන්‘ සංගීත වැඩසටහනින් ශ්‍රී ලාංකික දැරියක් වන නිලුෂි නිශ්ශංක 13 ප්‍රථම ස්ථානයට පත්වුවාය.
ඔක්තෝබර් මස දී  ගුලි රුපවාහිනි නාලිකාව ඇරැඹු ‘ එකෝල් ඩේ ෆන්‘ සංගීත වැඩසටහනට ප්‍රංශයේ සැම නගරයකින්ම ඇති විශාල තරගකරුවන් පිරිසක් එක් වුවත් අවසන්  මහා තරගයේදී අති දක්ෂ තරගකරුවන් හතර දෙනෙකු පරදා නිලුෂි නිශ්ශංක ජයග්‍රහණය කළාය
තව කියවන්න

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews