POSTED ON Sunday, June 29, 2014| | Edit Post
නව නිපයුමි මවන තරුෂිගෙන් ඉවතලන පාපැදි හා යතුරු පැදි කොටස් වලින් පාසල්යාමට යතුරු පැදියක් නිපදවයි. රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල මැතිවරණ කොටිඨාශයේ ගොණකුඹුර පදිංචි ආර්.පි.තරුෂි විදුසිකා රාජපක්ෂ
තව කියවන්න
POSTED ON Friday, June 27, 2014| | Edit Post
ඉදිරි කන්නයේදී මෙරට කුඹුරු අක්කර 50,000ක් වසවිසෙන් තොරව වගා කිරීම සඳහා බිත්තර වී ගොවි ජනතාවට නොමිලේ ලබාදෙන බව වකුගඩු රෝග නිවාරණ කෘෂිකර්ම ව්‍යාපෘති අධ්‍යක්ෂ රජරට වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා පවසයි.
ඒ මහතා සඳහන් කරන්නේ අක්කර 50,000ක් වගා කිරීමට අවශ්‍ය බිත්තර වී ලබා ගැනීම සදහා මෙම කන්නයේ අක්කර 2000ක වගාකර
තව කියවන්න
POSTED ON Thursday, June 26, 2014| | Edit Post
 හතළිස් වසරක් පුරා පිලිස්සුම් සහිත රෝගීන් තම නිවසේ නතර කර ගනිමින් කිසිදු මුදල් අය කිරීමකින් තොරව ප්‍රතිකාර කර සුවපත් වූ පසු ඔවුන්ගේ නිවෙස් කරා යවන වෙද මහතෙක් මිද්දෙනිය, මුරුංගස්යායේ ජීවත් වෙයි.

තව කියවන්න
POSTED ON Friday, June 20, 2014| | Edit Post
ගෝලීය පරිසර තත්ත්ව තක්සේරු දර්ශකය වන පරිසර කාර්යසාධන දර්ශකය Environmental Performance Index තුළ 2014 වසරේදී 69 වැනි ස්ථානය හිමිකරගැනීමට ශ‍්‍රී ලංකාව සමත් වී ඇත. එය මෙම කලාපයේ අසල්වැසි රටවල් වන ඉන්දියාව (155*, බංගලාදේශය (169* සහ පාකිස්තානය (148* ට සාපේක්ෂව
තව කියවන්න
POSTED ON Wednesday, June 18, 2014| | Edit Post
අපේ මුතුන්මිත්තන්ට ඊජිප්තියානුවන්ට වඩා දියුනු තාක්ෂණනයක් තිබිල තියෙනවා.යෝද ඇල සරලම උදාහරනයක්. අදටත් අපේ ජාතිය හරිම දක්ශ ජාතියක්.මෙහේ පාසලේ ඉන්න ශිෂ්‍යයින්ට වඩා කුරුනෑගල මලියදේවෙ ඉන්න මගේ යාලුවෝ හරිම දක්ශ අය. ලන්කාවේ අය මෙහේ ඈවිත් ඉගෙන ගත්තොත් බොහොම ඉහලට යාවි....
තව කියවන්න
POSTED ON Sunday, June 15, 2014| | Edit Post

කොල්ලුපිටිය කිව්ව සැනින් දූවිල්ලෙන් පිරුන මහා දිග වාහන පෝලිම් ඇති කලබලයෙන් පිරුනු පෙදෙසක් මතකයට නැගෙන මුත්.. මතක් කරන්නට අකමැති ඒ කොල්ලුපිටියේම ඒක තැනක් මේ සුපුරුදු කොල්ලුපිටියට වඩ වෙනස් ඒ අරලියගහ මන්දිරය ය.

අරලියගහ මැදුරේ එලවළු වත්තේ ජීව වායු ඒකකය
තව කියවන්න
POSTED ON Friday, June 13, 2014| | Edit Post
මෙම ලිපිය උපුටාගැනුනේ Lankacnews වෙතින්
මැක්ඩොනල්ඩ්, කේඑෆ්සී ආහාර ද්‍රව්‍යවල ඇත්තේ මහා භයානක රෝග වැළඳෙන විෂකාරක ද්‍රව්‍ය බවත් අජිනමොටෝ නම් මහා විනාශකාරකය මේ සියළු ආහාරවලට එක් කරන බවත් පාරිභෝගික – ගොවි අයිතීන් සුරැකීමේ සන්ධානය පවසයි. එම සන්ධානය අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මේ අදහස් පල විය.
පාරිභෝගික – ගොවි අයිතීන් සුරැකීමේ සන්ධානයේ කැඳවුම්කරු, ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මල්ලවආරච්චි මහතා,
පාරිභෝගිකයා, ගොවියා මෙන්ම අලෙවිකරුවාගේ ද අයිතිවාසිකම් රැක ගැනීම සඳහා වූ මෙම සන්ධානය ඉතිහාසයේ ප්‍රථම වරට බිහිවූවක්. අපේ ප්‍රධාන අරමුණ සෞඛ්‍ය සම්පන්න ජාතියක් රට තූල බිහි කිරීමයි. අද වන විට රටේ සමස්ත ජනතාවට කෑමට බීමට ඇති වස විස දේ හෙලිදරව් කරමින් ඒවා වලක්වාලීමට ගත යුතූ සැබෑ පියවර ගැනීමට බලකරමින් අපි මෙම මාධ්‍ය..
තව කියවන්න
POSTED ON Tuesday, June 10, 2014| | Edit Post
කසුන් පුතා රත්තරන්
නුඹෙ නිපැවුම් ඉස්‌තරම්
නොදැක්‌කොතින් ඒ තරම් 
මෝඩ රටක්‌ නැති තරම්
Source : Divaina.com


ඔහු නමින් කසුන් හේවාගමයි.

කළුතර සිරිකුරුස විදුහලෙන් ප්‍රාථමික අධ්‍යාපනය හදාරා, අධ්‍යාපනයට තිබූ උපන්හපන්කම නිසාම පසුව කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත්වූ කසුන් ගණිත අංශයෙන් (2008 වසරේදී) උසස්‌ පෙළ හදාරා පළමු වතාවේම මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයට සුදුසුකම් ලැබීය. එහිදී ඔහුගේ ක්‍ෂේත්‍රය වූයේ ද්‍රව්‍යමය ඉංජිනේරු විද්‍යා අංශයයි.
තව කියවන්න
POSTED ON Monday, June 9, 2014| | Edit Post
මෙම ලිපිය ඉන්ද්‍රජිත් සුබසිංහ මහතාවිසින් දිවන ට සම්පාදිත ලිපියෙ උපුටාගැනීමකි.

අපි කුඩා කල 'හීන් සැරය' කියෙව්වෙමු. අලි හොඬෙන් රිංගගත් චූටි කටුස්‌සා, සද්දන්ත අලියාට දස වදයම දුන්නේය. අද අප අත්විඳින හීන් සැරයක්‌ වෙයි. ඒ ඩෙංගු මදුරුවාය. ලෝකයම අතැඹුලක්‌ කරගන්නට තරම් දක්‍ෂ වූ මනුෂ්‍යයාට මේ පුංචි මදුරුවා කරන ලතැවුල සුළු පටු නැත. ඩෙංගු මදුරුවා යනු 'හීන් සැරයක්‌' නොව 'මාරක සැරයකි'. අද ශ්‍රී ලංකාවේ පාසල් වල නිවාඩු පනවන්නටද, අධිකරණවලට නඩු ගෙනෙන්නටද, නඩු නැතිවම මරණ දණ්‌ඩනය ක්‍රියාත්මක කිරීමටද ඩෙංගු මදුරුවාට හැකිය.
තව කියවන්න

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews