POSTED ON Wednesday, December 31, 2014| | Edit Post
වත්මන් ශ්‍රී ලංකා ආණ්‌ඩුවට සිය සංවර්ධනය අතිශයින්ම තීරණාත්මක සාධකයකි. සංචාරකයින්ගේ අවධානය ආසියාවේ, සිංගප්පූරුව, මැලේසියාව, ඉන්දියාව, තායිලන්තය වැනි රටවල් කෙරෙහිය. ශ්‍රී ලංකා රජය 2016 වන විට ඉලක්‌ක කොට ඇති සංචාරකයන් ලක්‍ෂ 25 ක සංඛ්‍යාව අපේ රටට අද්දවා ගැනීමට සිදු වනුයේ ඉහත කී ආසියානු රාජ්‍යයන් හා තරග කරමිනි. එම රටවල නගර නිර්මාණය, විනය, අලංකාරය, පිරිසිදුභාවය ගත් කල අපේ රටට වඩා ඉතාමත් ඉදිරියෙන් පවතින බව රහසක්‌ නොවේ. අපට තරග කිරීමට හැකි පසුබිමක්‌ නිර්මාණය කිරීමේදී නාගරික සංවර්ධනය අතිශයින් ම වැදගත් වනුයේ ද එහෙයිනි.
තව කියවන්න
POSTED ON Monday, December 29, 2014| | Edit Post
දස වසරක සංවර්ධන ක්‍රියාන්විතයේ අතිමහත් ප්‍රතිලාභ ජනතාව වෙත හිමිකර දී ඇති කාල පරිච්ඡේදයක නාගරික සංවර්ධනයේ ද නවමු වෙනසක් අදවන විට සිදුව ඇත. සංවර්ධනය යනු තවදුරටත් අපේ රටේ ජනතාවට දුරස්ව පවතින දෙයක් නොවේ. අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය යටතේ මහින්ද චින්තන ඉදිරිදැක්ම ජාතික සංවර්ධන වැඩසටහන පෙරටු කොට ගත් දැවැන්ත සංවර්ධන ක්‍රියාවලිය මුළු මහත් දේශය පුරා සෑම ක්ෂේත්‍රයකම විහිදී පැතිරී ඇත.

නොවැම්බර් 21 දින ජනතා අයිතියට පත්වන කොළඹ 14, බණ්ඩාරනායක මාවත, මහල් දොළහකින් යුත්, නිවාස 546 කින් සමන්විත ‘සිරිමුතු උයන’ නිවාස ව්‍යාපෘතිය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරාධනයෙන් අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සුරතින් ජනතා අයිතියට පෙත්කෙරිණි.
තව කියවන්න
POSTED ON | | Edit Post
“කොළඹ නගරෙ රැට පැරිස් නුවර වාගෙ පෙනෙනවා……“ එවකට ඇසුනු ගීයක කොටසකි. නමුත් එවැනි තත්වයක් ගීතයට පමණක්, වචනයට පමණක් ඒ යුගයේදී සීමා වී තිබිණ. ලංකේය සිරි නැරඹීමට පැමිණෙන විදේශිකයන් ලංකාවට මුලින්ම පය තබන අග නගරය වූ කලී එවකට ජරා ජීර්ණත්වය මුල් බැසගත් නගරයක් විය.

සංචාරක ව්‍යාපාරය හරහා 2016 වන විට සංචාරකයින් 25ලක්ෂයක් මෙරටට අද්දවා ගැනීමට මහින්ද චින්තන ඉදිරි දැක්මෙන් ඉලක්ක ගතකර ඇත. විශේෂයෙන් සංචාරකයන්ගේ ආකර්ශනය සිදුවී ඇති, ආසියාවේ අනෙකුත් රටවල් වන තායිලන්තය, මැලේසියාව, සිංගපූරුව, ඉංදියාව වැනි රටවල් සමඟ මේ වෙනුවෙන් තරඟ වැදීමට අප රටට සිදුවී ඇත. එහිදී නාගරික සංවර්ධනය සහ නගර අලංකරණය ඉතා වැදගත් වන අතර ඒ අතුරින් රටේ අගනගරය සංවර්ධනය කිරීම අතිශය වැදගත් වේ.
තව කියවන්න
POSTED ON | | Edit Post
කෘෂි කාර්මික වකුගඩු රෝගයට හේතු කාරනා ලෙස මෙරට විද්වතුන් විසින් සොයා ගනු ලැබූ කෘෂිරසායන වර්ග 5ක් වහාම ක්‍රියාත්මක වන පරිදි වකුගඩු රෝගය පැතිර යන ප්‍රදේශවල තහනම් කිරීමට රජය තීරණය කර ඇත.

ඒ අතර ග්ලිෆොසේට් නම් ලංකාවේ වැඩියෙන්ම අලෙවි වන කෘෂි රසායනය ද වේ. මේ සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර ඇත.

කෙසේ වෙතත් කැනඩාවේ සිට ක්‍රියාත්මක වන ශ්‍රී ලාංකිකයන් කණ්ඩායමක් මෙම ගැසට් පත්‍රය නිකුත් වීම වැලක්වීමට පසුගිය මාස කිහිපයේ දැඩි ප්‍රයත්නයක නියැලින.
තව කියවන්න
POSTED ON | | Edit Post
කොළඹ කොටුව! සියවස් කිහිපයකට පෙරාතුව පෘතුගීසින් ලංකාව ආක‍්‍රමණය කළ අවධියේදී ඉදිකෙරුණු බළකොටුව හේතුවෙන් කොළඹ කොටුව යන නම ලැබුණ මේ පුරවරය අද අපේ රටේ අගනගරයයි.
පෘතුගීසි, ලන්දේසි හා බි‍්‍රතාන්‍ය නම් යුග තුනක් පසුකරමින් පැමිණි බැවින් ඒ යුග තුනටම අයත් විවිධ සංකේත ස්මාරක, ගොඩනැගිලි ආදියෙන් මේ කොළඹ පිරී තිබේ. එකි යුග පසු කිරීමෙන් අනතුරුව නිදහස් ලංකාව තුළ ඉදිකෙරුණ බොහෝ ගොඩනැගිලිද මේ අගනගරයේ තිබේ.
තව කියවන්න
POSTED ON Saturday, December 20, 2014| | Edit Post
මොරටුව විශ්වවිද්‍යාලයේ ඉලෙක්‌ට්‍රොනික හා 
විදුලි සංදේශ දෙපාර්තමේන්තුවේ විශ්මිත විස්‌කමක්‌
''කේලමා'' ඔබට මතක ද?
'කේලමා' අපේ හමුදාවන් විසින් නියමුවන් රහිත (ඔත්තු බැලීමේ) කුඩා ගුවන් යානා හඳුන්වන ලද ජනප්‍රිය නාමයයි.
අන්තර්ජාතික සිවිල් ගුවන් සේවා සංවිධානය විසින් මේවා හඳුන්වනු ලබන්නේ UAV (Unmanned Aerial Vehicle) නැත හොත් Drone යන නම්වලිනි.
අවසන් සටන් සමයේ අපේ හමුදා බලඇණිවල සහායට ගුවන්ගත කෙරුණේ අධික මිලක්‌ ගෙවා ආනයනය කරන ලද නියමුවන් රහිත ගුවන් යානා ය.
අද, යුද්ධය නිමා කිරීමෙන් පසු ගතව ඇති වසර 5 ක්‌ තරම් කෙටි කාලය ඇතුළත මේ ආකාරයේ යානා ද්විත්වයක්‌ම ශ්‍රී ලංකාව තුළ දී නිපදවා ගැනීමට අපේ පර්යේෂකයෝ පිරිසක්‌ සමත්ව සිටිති.
තව කියවන්න
POSTED ON Friday, December 19, 2014| | Edit Post
Captureරෝගියකුට සැත්කමක් කිරීමේදී රුධිරයේ ඔක්සිජන් ප්‍රමාණය නිරීක්ෂණය කරන ‘නාඩි වායු මාපකය‘ නිර්මාණය කිරීමට මොරටුව විශ්ව විද්‍යාලයේ ඉලෙක්ට්‍රොනික් විදුලි සංදේශ ඉංජිනේරු අංශය සමත්වූ බව අංශ ප්‍රධානි ආචාර්ය අජිත් පැස්කුවල් මහතා පැවසීය.
වෙළඳපොළට ඉදිරිපත් කිරීමට හැකි අන්දමේ සාර්ථක ලෙස නිමකළ වායු පීඩන මාපකයක් මෙරට නිපැදවූ මුල්ම අවස්ථාව මෙයයි.
මෙම නාඩි වායු මාපකය යොදාගෙන නොබෝදා කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකදී බෙහෙවින් අවදානම් හා සියුම් සැත්කමක් ඉතා සාර්ථකව සිදුකිරීමට ජ්‍යෙෂ්ඨ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙක් සමත් විය.
තව කියවන්න
POSTED ON Wednesday, December 17, 2014| | Edit Post
ඕස්ටේ‍්‍රලියාවේ සිට මෙරට ගෙන්වන ලද කිරිපිටි ටොන් 176ක් වරායේ රදවා තබාගෙන ඇත.

කිරි ගවයන්ට ජාන වෙනස් කළ ආහාර ලබා නොදෙන බවට අදාළ රටේ රජය මගින් සහතිකයක් නිකුත් කළ යුතු බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් නියෝග කිරීම හේතුවෙන් මෙය නිදහස් කර ගැනීමට නොහැකි වී තිබේ.

ඕස්ටේ‍්‍රලියානු රජයෙන් එවැනි සහතිකයක් නිකුත් කිරීමට නොහැකි බව ප‍්‍රකාශ කිරීම හේතුවෙන් මෙම කිරිපිටි තොගය නිදහස් කිරීමට නොහැකි වී ඇතැයි අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙක් පැවැසීය.
තව කියවන්න
POSTED ON Tuesday, December 16, 2014| | Edit Post
මොරටුව විශ්ව විද්‍යාලයේ ඉලෙක්ට්‍රොනික් විදුලිය සංදේශ අංශයේ නිර්මාණාත්මක ‘සී හෝක්‘ නියමුවන් රහිත ගුවන් යානය නිල වශයෙන් හඳුන්වාදී නියමු රහිත ගුවන් යානා පර්යේෂණ මධ්‍යස්ථානයද විවෘත කැරිණි. තව මාස කීපයකින් ජාත්‍යන්තර වෙළඳපොළේ අලෙවි කිරීමටද නියමිත ය.
තව කියවන්න
POSTED ON | | Edit Post

නූතන තාක්ෂණ වර්තමානයේ අප ජීවිතයේ සෑම අංගයක්ම ආකර්මණය කර ඇත. විශේෂයෙන් ගත් කල ගෘහස්ථ තාක්ෂණය, මෙලෙස ප්‍රධාන වශයෙන් තාක්ෂණීක ආකර්මණයට ලක් වූවකි. ශ්‍රී ලංකාව ගත් කල එහිද නිවාස තාක්ෂණය වර්තමානයේ ඉතා වේගයෙන් පරිණාමය වෙමින් පවතී. පහතින් විස්තර කර ඇත්තේ එසේ දියුණු වන ගෘහස්ථ තාක්ෂණයන් කිහිපයකී.

තව කියවන්න
POSTED ON Sunday, December 14, 2014| | Edit Post
gannadeshiyade siyalla.lkසූපවේදී ලෝක කුසලාන මෙවර තරඟාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කම් 13 ක් , රිදී පදක්කම් 12 ක් හා ලෝකඩ පදක්කමක් දිනාදීමට ශ්‍රී ලංකා සූපවේදීහු සමත්වූහ.
තව කියවන්න
POSTED ON | | Edit Post

ගෝලීය තාක්ෂණය නායක Google සමාගම ඊයේ මුළු ලොව හා සමග බෙදා හදා ගැනීම සඳහා රටේ නව අදහස් නිර්මාණය කිරීමට එහි 'වීදිය දැක්ම' දීම සඳහා ශ්රී ලංකා අනුරූපණ ආරම්භ බවයි.
තව කියවන්න
POSTED ON Thursday, December 11, 2014| | Edit Post
Google adds Sri Lanka's Sinhala language to Google Translation
ආයුබෝවන් ගූගල් !
දැන් අපේ සිංහල භාෂාව අන්තර්ජාලයේ යෝධයා ගූගල් සෙවුම් යන්ත්‍රය හා සියලු ගූගල් සේවා සඳහා එකතුකර ඇත.
ගූගල් ශ්‍රී ලංකා නියෝජිත රොහාන් ජයවිඉර මහතාගේ සහ ශ්‍රී ලංකාවේ ගූග්ලේ සේවා වැඩිදියුණු කිරීමට කැපවූ සැමගේ ප්‍රයත්නය ඵලදරමින් මෙම ඓතිහාසික අවස්ථාව සිංහල භාවිතා කරන අන්තර්ජාලය භාවිතාකරන්නන්ට උදාවෙයි.

Facility of translating English to Sinhala introduce in google.
Google adds Sri Lanka's Sinhala language to Google Translation
තව කියවන්න
POSTED ON | | Edit Post
Moratuwa University produces SL's first UAV - Aviation Voiceඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකාව ළඟදීම නියමුවන් රහිත ගුවන් යානයක් (කේලමා) ජාත්‍යන්තර වෙළඳපොළේ අලෙවියට ඉදිරිපත් කිරීමේ සැලසුම් සකසාගෙන යන බව මොරටුව විශ්ව විද්‍යාලයයේ ඉලෙක්ට්‍රොනික් විදුලිය සංදේශ ඉංජිනේරු අංශයේ මහාචාර්ය රොහාන් මුණසිංහ මහතා පැවසීය.
තව කියවන්න
POSTED ON Saturday, December 6, 2014| | Edit Post
සමාජ වෙබ් අඩවියක් ලෙස හදුන්වා දියහැකි sri5 වෙබ්අඩවිය facebook වෙබ්අඩවිය හා සම සමව ගලා යන්නා වු දැනට ලංකාවේ ක්‍රියාත්මක වන්නාවූ වෙබ්අඩවිය බව දන්වන්නේ ඉතාමත් සතුටිනි.
තව කියවන්න

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews