POSTED ON Friday, May 31, 2013| | Edit Post
ලෝක දුම්වැටි විරෝධී දිනය අදට යෙදී තිබේ. සෞඛ්‍ය අමාත්‍යංශයේ දත්ත වලට අනුව මෙරට දිනකට පුද්ගලයින් 600 දෙනෙක් හෘදයාබාධවලට ගොදුරු වන අතර හෘදයාබාද හේතුවෙන් දිනකට මිය ගණන 20කි. මුඛ හා පෙණහළු පිළිකා හේතුවෙන් ද දෛනිකව සැලකිය යුතු පිරිසක් ජීවිතක්ෂයට පත්වන අතර, මින් බහුතරයකට හේතුව දුම්පානය බව සෞඛ්‍ය අමාත්‍යංශයේ අදහස වී තිබේ.

මෙරට රෝහල්වල නේවාසික රෝගීන්ගෙන් 20% ක්ම දුම්පානය හේතුවෙන් විවිධ රෝගාබාධවලට ලක්වූවන් බවට හෙළිවී තිබේ.
තව කියවන්න
POSTED ON | | Edit Post
රාජ්‍ය ඉ-සේවා ලබා දීමේදී ජංගම දුරකථන හා  ජංගම උපකරණ හරහා ලබා දීමට ප්‍රමුඛත්වය ලබා දෙන  ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට රජය  තීරණය කර තිබේ.

මෙතෙක් නිපදවු සියලු රාජ්‍ය  ඉ-සේවා සාමාන්‍ය  පරිගණක  හා ජංගම පරිගණක ඉලක්ක කරගෙන තනන ඒවා වුවත් පසුව ජංගම  දුරකථන හා  ජංගම උපකරණ මගින් ලබා ගැනීමට  හැකිවන ලෙස එම පහසුකම් පුළුල් කර ඇත.
තව කියවන්න
POSTED ON | | Edit Post
දකුණේ වාර්ෂික මත්පැන් පරිභෝජනය බෝතල් කෝටි තුනහමාර පනී

දකුණු පළාතේ වාර්ෂික ඒක පුද්ගල සමස්ත මත්පැන් පරිභෝජනය ලීටර් 12.8ක් බව දකුණු පළාත් සංස්කෘතික අමාත්‍යංශය සඳහන් කරයි.එම අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද නිවේදනයකට අනුව දකුණු පළාතේ වාර්ෂික මත්පැන් පරිභෝජනය ලීටර් දෙකෝටි තිස්හත්ත්ලක්ෂ හැටපන්දහස් හත්සිය හැට එකකි. 

එම පරිභෝජනය බෝතල්වලින් ගණනය කිරිමේ දී බෝතල් ප‍්‍රමාණය තුන්කෝටි දහසය ලක්ෂ අටදහස් හාරසිය හැට දෙකක් වේ.එසේම දකුණු පළාතේ සමස්ත ජනගහනය විසිහතර ලක්ෂ හැටපන්දහස් හයසිය විසි හයකි.
තව කියවන්න
POSTED ON | | Edit Post
ඖෂධ වර්ග ලෙස ලියාපදිංචි කර මෙරටට ආනයනය කරන ළදරු කිරිපිටි සහ එළකිරි ආශ‍්‍රිත අනෙකුත් දියර වර්ගවල ශරීරයට අහිතකර විකිරණශීලි අපද්‍රව්‍ය ඇති දැයි සෙවීමේ පළමු පියවර ලෙස එම නිෂ්පාදන පිළිබඳ දීප ව්‍යාප්ත සමීක්ෂණයක් ආරම්භ කළ බව ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති අධිකාරියේ සභාපති ආචාර්ය රංජිත් විජේවර්ධන මහතා පැවසීය.

එළකිරි යොදා ගනිමින් නිෂ්පාදිත ළදරු කිරිපිටි සහ වෙනත් ආහාර සහ දියර වර්ග රට තුළට ඖෂධ වර්ග ලෙස ලියාපදිංචි කර ආනයනය කරන බවත් ශරීරයට අහිතකර විෂ විකිරණ මෙම ද්‍රව්‍යවල පැවතීම අවදානමක් පවතින බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
තව කියවන්න
POSTED ON Thursday, May 30, 2013| | Edit Post
ශ‍්‍රී ලංකාව පසුගිය නොවැම්බරයේදී චීනයේ සැටලයිට් කොමියුනිකේෂන්ස් සමාගම සමග සුප‍්‍රීම් සැට් එක්ව දියත් කළ ‘සුප‍්‍රීම් සැට් 1′ චන්ද්‍රිකාවේ දෙවැනි අදියර ලෙස සුප‍්‍රීම් සැට් 2 චන්ද්‍රිකාව කක්ෂගත කිරීම සඳහා චීනයේ ගේ‍්‍රට් වෝල් කර්මාන්ත සංස්ථාව සමග නිල ගිවිසුම් අත්සන් කළේය.

සුප‍්‍රීම් සැට් 2 චන්ද්‍රිකාවේ පූර්ණ අයිතිය ශ‍්‍රී ලංකාවේ සුප‍්‍රීම් සමූහය සතු බව එම සමාගම පවසයි.

ඇමෙරිකානු ඩොලර් මිලියන 215 ක (රු. මිලියන 27,520) කොන්තාත්තු ගිවිසුම අත්සන් තැබීමට ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ චීන ජනාධිපතිවරයා සාක්ෂිකරුවන් ලෙස පෙනී සිටියහ.

තව කියවන්න
POSTED ON | | Edit Post
ශ‍්‍රී ලංකාවට ආනයනය කරන මාළු සහ ටින් කළ මාළු වල විකිරණ අවදානමක් පවතින බැවින් ආනයනය කරන සෑම මාළු වර්ගයක්ම සහ ටින් කළ මාළු අඩංගු කන්ටේනරයකම සාම්පල පරීක්ෂණයට ලක්කිරීමට ශ‍්‍රී ලංකා පරමාණුක ශක්ති අධිකාරිය තීරණය කර තිබෙන බව එම අධිකාරියේ සභාපති ආචාර්ය රංජිත් විජේවර්ධන මහතා පැවසීය.
තව කියවන්න
POSTED ON | | Edit Post
කාගේදෝ කැති පහරකින් කකුල වෙන්වූ මේ හරකා තරුණ කැලගේ ඇල්ම බැල්ම ඇතිව පිනට මුදා හැර සිටි සතෙකි. රයිගම ගලේකඩේ කකුලක් අහිමි ගවයකුට කෘත්‍රිම පාදයක් ලබා දීමට එහි එකමුතු තරුණ කැල සමත් වූහ. මිනිසුනට කෘත්‍රීම පාද නිෂ්පාදනය කරන ජායි පූර් සමාගමේ කාර්මික නිලධාරී උපුල් ලියනගම මහතාගේ අනුග්‍රහයෙන් රුපියල් විසි දහසක වියදමින් මේ කකුල නිෂ්පාදනය කිරීමට හැකිවිය. එවැනි කකුලකට රුපියල් හතලිස් දහසක් පමණ වැයවෙතියි කියති. 
තව කියවන්න
POSTED ON Wednesday, May 29, 2013| | Edit Post
දුම්වැටි ඇසුරුම්වල රූපමය අවවාද ඇතුළත් කරද්දි මාරයින් හා යක්ෂයින් තමාව යට කරන්න පැමිණි නමුත් තමාව යට කිරීමට ඔවුන්ට නොහැකි වූ බව සෞඛ්‍ය ඇමති මෛත්‍රිපාල සිරිසේන පවසයි.
මීට සමාන ප්‍රකාශයක් ජාතික ඖෂ ධ පනත සැකසීමෙදීද සිදු වූ බව අමාත්‍යවරයා මීට කලින්ද මාද්‍ය හමුවකදී කියන්නට යෙදුනි . ජනමාද්‍ය ආයතන හරහා මාද්යට් වීරයකු වීම බව අප හොදින් දනී මේ වන තෙක් දුම්කොළ සම්බන්දාව හෝ ඖෂ ධ පනත සම්බන්දව කිසිවක් ඇමති මෛත්‍රිපාල සිදු කර නැත ලෝකයන් සම්මාන කොපමණ ලැබුනද අප බැලිය යුත්තේ ලංකාව සම්බන්ද ගැටළු වලදී දේශපාලන බලාදිකාරිය කොපමණ මැදිහත් වී ඇත්ද යන්නය.

තව කියවන්න
POSTED ON Monday, May 27, 2013| | Edit Post

අප රටේ කිරිපිටි ලෝලීන්ට නැවතත් මරණ බිය ඇති වී තිබේ. ඒ අතර මෙම මරණ බියෙන් මිදීමට තමන් තෝරාගත යුත්තේ කොයි සමාගමේ කිරිපිටි වර්ගයදැයි උභතෝකෝටික ප්‍රශ්නයක්‌ද ඔවුනට ඇති වී තිබේ. මෙම තත්ත්වය නැවත වටයකින් ඇතිවූයේ නිෂ්පාදන සමාගම විසින් ඉහළින්ම වර්ණනා කරගත් නවසීලන්ත කිරිපිටිවල DCD ( Dසජහ්බාස්‌පසාe ) නැමති මානව සෞඛ්‍යයට බරපතල අනතුරක්‌ විය හැකි විෂ රසායන ද්‍රව්‍යය අඩංගු වී ඇති බව හෙළිවීමත් සමගයි.

කිරිපිටි ලෝලීන්ගේ තත්ත්වය එසේ වුවද මෙම මරණ බයත් උභතෝකෝටික ප්‍රශ්නයත් නැති ලක්‌ෂ සංඛ්‍යාත පිරිසක්‌ද මේ වන විට අප රටේ සිටියි. එවන් ලක්‌ෂ සංඛ්‍යාත පිරිසක්‌ මෙම අකල් මරණ බයෙන් මිදීම පිළිබ`දව අන් කාටත් වඩා අපට ඇත්තේ අසීමිත නිරාමිස සතුටකි. මක්‌ නිසාද යත් එම පිරිස වන්නේ අන් කවුරුවත් නොව අපගේ නිවැරදි මග පෙන්වීම යටතේ මාරාන්තික කිරිපිටි උවදුරෙන් සම්පූර්ණයෙන්ම අත් මිදුණු පිරිස වන නිසයි.
තව කියවන්න
POSTED ON Sunday, May 26, 2013| | Edit Post

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ ආර්ථීක ප්‍රගතිය උදෙසා රජයේ නිලධාරීන්ගේ කැපවීම සහ දායකත්වය වැඩි වශයෙන් වර්තමානයේ යොමු වී තිබේ. එවැනි අවදියක රජයේ විධායක නිලධාරීන් විසින් දේශීය නිෂ්පාදන වැඩියෙන් අගය කිරීමට යොමු වි ඇති අතර, උසස් තත්ත්වයේ නිෂ්පාදන බිහි කිරීමට දේශීය ව්‍යවසායකයන් දිරිමත් කිරීමටද රජය කටයුතු කරයි. - www.luxurylife.lk

ලංකාවේ අංක 01 ශාකසාර රූපලාවන්‍ය සන්නාමය වන, නේචර්ස් සීක්‍රට්ස්, නිෂ්පාදනවල ජාත්‍යන්තර තත්ත්වය සැමවිට අගය කරන පුද්ගලයකු වන රාජ්‍ය අංශයේ සිටින උසස්ම නිලධාරිවරයා වන ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා, පසුගිය වසර කිහිපයක සිට එවැනිම උසස් තත්ත්වයේ සුවඳ විලවුන් ද තම නිෂ්පාදන පෙළට එක්කර ගන්නා ලෙස එම ආයතනයේ සභාපති සමන්ත කුමාරසිංහ මහතාට වරින්වර මතක් කරමින් උනන්දු කර තිබේ. ඒ අනුව ජාත්‍යන්තර තත්ත්වයේ සුවඳ විලවුන් පෙළක අවශ්‍යතාවය නේචර්ස් බියුටි ක්‍රියේෂන්ස් (NBC) ආයතනය ද අවබෝධ කරගෙන ඇත.
තව කියවන්න
POSTED ON | | Edit Post


වොෂින්ටන් ජාතික සත්චෝද්‍යානහි දැන් ශ්‍රී ලංකාවේ අලින් තිදෙනෙකු සිටිති. එයින් දෙදෙනෙකු පොඩි කාලයේ පින්නවල අලි අනාථාගාරයේ එකට සිට පසුකලෙක ඇමෙරිකාවවෙත ගෙනයනුලැබූ අලින්ය. අනෙකා වොෂින්ටන් හිදී උපතලද පැටවෙකි.

නමින් ශාන්ති, කන්ඩුල සහ බෝසී වන මේ අලින් තුන්දෙනා දැන් වොෂින්ටන් සත්තුවත්තේ වඩාත්ම ජනප්‍රිය සතුන් බවට පත්වී ඇත.ඇමෙරිකාවට බෝසී ඇතින්න පින්නවල සිට ගෙනයන ලද්දේ 1976දීය. ඒවනවිට අයගේ වයස අවුරුද්දක් පිරුනා පමණකි.ඇය කලින් කලට ඇමෙරිකාවේ සත්වෝද්‍යාන කිහිපයකම ජීවත්විය.

බොසී ඇතින්න චිත්‍ර ඇඳීමේ දක්ෂතාවයක් දක්වන බවට විශාල ප්‍රසිද්ධියක්ද ලබා ගෙනසිටී. අයගේ මේ දක්ෂතාවය පිළිබඳව ප්‍රවෘත්ති වාර්තා ඇමෙරිකාවේ ප්‍රධානපෙලේ පුවත්පත්, සඟරා සහ රුපවාහිනී මාධ්‍ය ඔස්සේ නිතර දෙවේලේ ප්‍රචාරයවෙයි. මේ හේතුවෙන් ඇය "අද්විතීය කුසලතා ඇති ඇතින්නක" ලෙසටද නමක් ඇතිකර ගැනීමට සමත්ව සිටී.
තව කියවන්න
POSTED ON Friday, May 24, 2013| | Edit Post


මොකක්ද මේ Microwave? ----

Microwave own එක අහන්බෙන් හොයාගනිපු නිපැයුමක්. කොහොමද මේ Microwave එක වැඩ කරන්නෙ. මොකක්ද මැග්නට්‍රොන් එක කියන්නෙ. ප්ලාස්ටික් හදන්න ගන්න BPA අපි හිතන තරම් නරකද? වැඩි විස්තර දැන ගන්න බලන්න මේ වීඩියෝ එක. 

 වීඩියෝ කතා කියන්නෙ ලංකාවේ අපේ කෙනෙක් කරන අධ්‍යාපණික යූටියුබ් චැනල් 1ක්. ඒක කරන්නෙ සම්පත් කියල කෙනෙක්. ඔහු ඒකෙන් තාක්ෂණික, විද්‍යාත්මක,සමාජීය සහ කලාත්මක දේවල් සරලව කතා කරනවා. 
තව කියවන්න
POSTED ON Wednesday, May 22, 2013| | Edit Post
ඔබ දුම්කොල ගැන නොදත් ඉතාමත්ම වැදගත් විස්තරයක්

මුළු ලෝකයම කෘෂිකර්මය , ආහාර සුරක්ෂිතතාව ගැන ඉතාමත් උනන්දුවෙන් කතා කරන යුගයකට අප එළඹ සිටින්නෙමු. එම මාතෘකාවටම අදාල තවත් වැදගත් අංගයක් ලෙස ඉහත අපේකෂාවනට තරජනයක් වන වගාවක් ගැන කතා කිරීම ඉතා කාලෝචිත ලෙෂ දකිම්. ඒ අන් කිසිවක් නොව වසරකට ලොව පුරා මිනිස් ජීවිත මිලියන 5.5 කට මරණය උරුම කිරීමට මූලික වස්තු භීජ සපයන දුම්කොළ වගාවයි, දුම්කොළයේ ආනුභාවයෙන් නිපදවෙන සිගරට් ලෝකයට සිදුකරන අවුල ගැන අමුතුවෙන් කිව යුතුනොවේ. සිගරට් නිපදවීමට ලොව පුරා වගා කෙරෙන දුම්කොළ ගැනයි මේ කතාව
මෙය හරියට උපමා කල හැක්කේ කෘෂිකර්මය යන බැටළු හම පොරවා ගත් වෘකයකු ලෙසයි,
ඒ ඇයි ??


”අද කාලයේ විද්වතුන් ප‍්‍රකාශ කරන ආකාරයට සිගරට් නම් වෙළඳ භාණ්ඩය අද ලෝකයේ විකිණිමට ආරම්භ කිරීමට යන්නේ නම් එයට කිසි ලෙසවත් එම අයිතිය එනම් පෙටන්ට් අයිතිය නොලැබෙන බවයි” සිතරට් වලට එසේ නම් සිගරට් නිපදවීමට මූලික අමුදාව්‍ය ලෙෂ ගැනෙන දුම්කොළ පිළිබඳ කිනම් කතාද… සිගරට් දිගින් දිගටම මිනිසුන් මරණයට පත් කරමින් පවතින්නේ හා සිගරට් සෑදිම සඳහා නිපදවෙන දුම්කොළ වගාව පවතින්නේද දුම්කොල සමාගම් වල මුදල් බලය හා ඉන් මිලට ගෙන ඇති දේෂපාලන බලයේ ආනුභාවයෙනි.

තව කියවන්න
POSTED ON | | Edit Post
 ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) මහනුවර උතුර ඩිපෝව යටතේ ධාවනය වන පැරණි ෆියට් 642 වර්ගයේ බස් රථයකි. මෙම බස් රථ සම්පූර්ණයෙන්ම ඉතාලියේ නිෂ්පාදිතය. ශ්‍රී ලංගම ආරම්භ කිරීමට සමගාමීව 1958 වසරේ මෙම වර්ගයේ බස් රථ 10 ක් මහනුවර උතුර ඩිපෝවට ලැබී ඇත. මෙම බස් රථය මේ දක්වාම ඉතා හොඳ ධාවන තත්වයෙන් පවත්වාගෙන යාම සතුටට කරුණකි. ශ්‍රී ලංගම ඉතිහාසය විදහා පාන මෙවන් බස් රථ අනාගත පරපුරට දැකගැනීම පිණිස සංරක්ෂණය කරන මහනුවර උතුර ඩිපෝවට විශේෂ ස්තූතියක් හිමිවිය යුතුය.
තව කියවන්න
POSTED ON | | Edit Post
ලංකාවට ගෙන්වන සුදුසීනිවල කැඞ්මියම් නම් විෂ රසායනික ඉහළ මට්ටමෙන් අඩංගුවෙන බවට කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් කළ පරීක්ෂණයකින් හෙළි වූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය.

රජරට ප‍්‍රදේශයේ පැතිර ඇති වකුගඩු රෝගය සම්බන්ධ ලෝක සෞඛ්‍ය සංවිධානය එළිදැක්වූ වාර්තාවේ එම රෝගයට හේතු ලෙස කැඞ්මියන් ආසනික් හා කෘමිනාශක නම්කර ඇති බවද, රෝගීන්ගේ මුත‍්‍රා සාම්පල් පරීක්ෂාවේදී ලංකාවට කෙදිනකවත් ආනයනය නොකෙරූ කෘමිනාශක වර්ග කිහිපයක අන්තර්ගත අවශේෂ ඇති බව සොයාගෙන ඇති බවත්, හෙතෙම පැවසීය.
තව කියවන්න
POSTED ON | | Edit Post
2011 වසරට පෙර නවසීලන්තයේ ෆොන්ටෙරා සමාගම විසින් පරීක්ෂා කරන ලද කිරිපිටි සාම්පලවල DCD නැමැති රසායනය තිබුනු බවට එහි රැකියාව කරන අය විසින් ලබාදුන් තොරතුරු මත නවසීලන්ත හරිත පක්ෂය විසින් මුල්වරට මෙය නවසීලන්ත ජනතාවට එලිදරව්කරන ලදී.

මෙයට සමගාමීව යුරෝපයේ භාවිතා කරන සමහර කිරි ආහාරවල DCD තිබුණු බවටද වාර්ථා විය. එම කිරි ආහාර නවසීලන්තයෙන් ආනයනය කළ කිරි ආහාර බවටද වාර්ථා විය. එතැන් පටන් එය වසං කිරීමට ෆොන්ටෙරා සමාගම හා නවසීලන්ත ප‍්‍රාථමික කර්මාන්ත පිළිබඳ අමාත්‍යාංශය උත්සාහ කළද එය අභ්‍යන්තර දේශපාලනික ප‍්‍රශ්නයක් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් නවසීලන්ත කිරි නිෂ්පාදනවලට විශාල කළු පැල්ලමක් ඇති කළ හැකි බැවින් මෙම ප‍්‍රශ්නයේදී වරද පිළිගෙන වරද නිවැරදි කිරීමේ මහත්මා පිළිවෙතට තමන් ක‍්‍රියාකරන බව පෙන්වීමට ෆොන්ටෙරා සමාගමත්, නවසීලන්ත ප‍්‍රාථමික කර්මාන්ත පිළිබඳ අමාත්‍යාංශයත් කටයුතු කරන ලදී.
තව කියවන්න
POSTED ON Tuesday, May 21, 2013| | Edit Post
ශ්‍රී ලංගම මහනුවර දකුණ ඩිපෝවේ පදවිප්‍රාප්ති බස් රථය (Mercedes-Benz OP 312) අලුත්වැඩියාවට පෙර සහ පසු.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මහනුවර දකුණ ඩිපෝවට අයත් මර්සිඩීස් බෙන්ස් OP 312 බස් රථයකි. මෙම බස් රථ ලංකා ගමනාගමන මණ්ඩලය පිහිටුවීමට සමගාමීව (1958 දී) ලංගම රථ ඇණිය හා එකතු වී ඇත. මුල් බඳ (body) ස්විස්ටර්ලන්තයෙදී නිෂ්පාදිතය. ජනපති පදවිප්‍රාප්තිය නිමිති කොට ගෙන මහනුවර දකුණ ඩිපෝ සේවක පිරිස විසින් පුර්ණ අලුත්වැඩියාවක් සිදුකර මෙලෙස නැවත ධාවනයට එකතු කොට තිබේ.
තව කියවන්න
POSTED ON | | Edit Post
මෙරට බීර බීම වැඩිවී තිබේ. මේ නිසා, බීර වලට තිබෙන්නේ වැඩි ඉල්ලුමකි. මේ හමුවේ මෙරට විශාලතම බීර නිෂ්පාදකයා වන ලයන් බීර සමාගම බීර කෑන් කිරීමේ කටයුතු තවදුරටත් පුළුල් කිරීමට සූදානම් වේ.

කාර්ල්ස්බර්ග් බීර කෑන් පසුගිය වසරේදී ඉන්දියාවෙන් හා වියට්නාමයෙන් ආනයනය කිරීමට සිදුවූ නිසා සමාගමේ ලාභය සියයට 17 කින් පමණ පහළ ගොස් 2012 දී ලබා තිබෙන ලාභය රුපියල් බිලියන 1.0 ක් පමණ වේ.
තව කියවන්න
POSTED ON | | Edit Post

ශ‍්‍රී ලංකාවේ බෙදා හරින ආනයනික කිරිපිටි වර්ගවල ඩයිසයිනමයිට් රසායනිකය අඩංගු නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත දැනුම් දී තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර හා පාරිසරික සෞඛ්‍ය ඒකකය විසින් ආනයනික කිරිපිටිවල ඩයිසයිනමයිට් අඩංගු විය යුතු ප්‍රමාණය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් කර තිබූ විමසීමකට පිළිතුරු වශයෙන් ඔවුන් දැනුම්දී ඇත්තේ කිරිපිටි වල අඩංගු ඩයිසයිනමයිට් ප්‍රමාණය පිළිබඳව දර්ශකයක් සකස් කර නොමැති බවයි.
තව කියවන්න
POSTED ON | | Edit Post

ඔබ දන්නවානේ ඇන්ඩ්‍රොයිඩ් වලට සිංහල සහය අන්තිම දුර්වලයි කියලා. apple iOS උනත් මේ අතින් ඉස්සරහින් ඉන්නවා ඇන්ඩ්‍රොයිඩ් වලට වඩා.  fonts install කරන්න root කරලා ජන්ජාලයක් කරන්න වෙනවා.

siyalu කියන්නේ ඇන්ඩ්‍රොයිඩ් සඳහා හදපු නොමිලේ ලබාගන්න පුළුවන් සිංහල වෙබ් බ්‍රව්සර් එකක්. සිංහල  fonts ස්තාපනය කරන්න අවශ්‍ය නැහැ.මේක මගේ phone එකේ විතරක් test කරලයි මුලින්ම release කලේ. සමහරු  reviews අතෑරලා තිබුනා ස්ලෝ කියලා. දැන් නම් ගොඩක් දුරට ඒවා හදලයි තියෙන්නේ. ඒකයි බ්ලොග් පෝස්ට් එක ලිවිල්ලත් පරක්කු කලේ. ඒවා හදන්න sinhala rendering කෑල්ල මුල ඉඳලාම වගේ ආයෙ ලියන්න උනා.
තව කියවන්න
POSTED ON | | Edit Post

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ශක්තිජනක පානයක් නොවන බවට අනුමත කර ඇති උත්තේජක ද්‍රව්‍ය අඩංගු පානයක් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ඉහළ පෙළ නිලධාරීන් විසින් වෙළෙඳපොළට නිකුත් කිරීමේ මහාපරිමාණ ජාවාරමක් ක‍්‍රියාත්මක වන බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

දේශීය වෛද්‍ය ක‍්‍රමයට කිසිදු අදාළත්වයක් නොමැති එම පානය ආයුර්වේද පානයක් ලෙසට නම් කර ආයුර්වේද දෙපාර්තමේන්තුව හරහා ලියාපදිංචි කර වෙළෙඳපොළට නිකුත් කිරීමට එම අමාත්‍යංශයේ හා දෙපාර්තමේන්තුවේ ඉහළ පෙළේ නිලධාරීන් අදාළ සමාගමෙන් විශාල ලෙස මුදල් ලබාගෙන ඇති බවත් එම ආරංචි පෙන්වා දෙයි.
තව කියවන්න
POSTED ON | | Edit Post
"නවසීලන්ත කිරිපිටි සම්බන්ධයෙන් සිදුකරන විකිරණ පරීක්‍ෂාව අතහැර දමන ලෙස නවසීලන්ත බලධාරීන් විසින් තම ආයතනයට බලපෑම් කරන බව පරමානුක ශක්‌ති අධිකාරියේ සභාපති ආචාර්ය රංජිත් විඡේවර්ධන විසින් “රිවිර” පුවත්පතට පවසා තිබේ."


ආහාර වානිජකරණය වීමෙන් සමාජය ලබා තිබෙන “ප්‍රගතිය” පෙන්වන වාර්තාවක්‌ ලෙස සැලකිය හැක්‌කේ බෝ නොවන රෝගයන්ගෙන් එල්ල වී තිබෙන තර්ජනයයි. දැන්වීම් මගින් පෙන්වා දෙන “පෝෂ්‍ය ගුණය” හා “යෝධ බල යෝධ ශක්‌තිය” අවසානයේදී රෝගී මානව පරම්පරාවක්‌ නිර්මාණය කරමින් තිබේ. නවසීලන්තයෙන් ගෙන්වන කිරිපිටි හා කිරි ආහාරවල ඩයිසයිනමයිඩ් අඩංගුවීම පිළිබඳ වූ කතාව පටන්ගත යුත්තේ මෙතැන් සිටය.
තව කියවන්න
POSTED ON | | Edit Post

 නව නිපැයුම  වෙනුවෙන්  රටවල් 76 නියෝජනය කරමින්  ඇමෙරිකාවේ  ඇරිසෝනා ප්‍රාන්තයේ දී  තරගකරුවන්  1600 දෙනකු අතරින් විදුලි  හා යන්ත්‍රික  අංශයේ ප්‍රථම ස්ථානය මිහින්තලේ මහා විද්‍යාලයේ  කලා අංශයේ  පුබුදු දිනේෂ්  චිත්‍රානන්ද  කපුගේ සිසුවා දිනාගත්තේය.ඔහු  ගලෙන් බිදුණු වැව  අලුත් දිවුල් වැව  පදිංචි කරුවෙකි.

 ඔහුගේ නව නිපැයුම  කුඹුරේ නියර කැපීමේ යන්ත්‍රයයි. නියරේ වැවී ඇති වල්  පෑලෑටිද ඉවත් කරමින් ලස්සනට නියර සකස් කිරීමට මේ යන්ත්‍රයට හැකියාව ඇත.
තව කියවන්න
POSTED ON Monday, May 20, 2013| | Edit Post

ශ්‍රී‍්‍ර ලංකා යුධ හමුදාව විසින් පවත්වාගෙන යන  ලායා හෝටල් ජාලයට සමගාමිව දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිකල නව අවන්හල  අඟහරුවාදා (21) විවෘත කිරීමට නියමිතය.

මෙම නව අවන්හල වැලිපැන්න ප‍්‍රදේශයේ එය ඉදිකර ඇති අතර රටේ සංවර්ධන කි‍්‍රයාවලියට සිය දායකත්වය ඍජුවම ලබාදෙන යුධ හමුදාව තම ශක්තිය සංචාරක කර්මාන්තයට එක්කල අවස්ථාවක් ලෙස මෙය සැලකිය හැකි බව යි හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් රුවන් වනිගසූරිය මහතා පවසයි.
තව කියවන්න
POSTED ON | | Edit Post

මෙරටට බ‍්‍රසීලය ඇතුළු රටවල් කිහිපයකින් ආනයනය කරන සුදු සීනිවල සැලකිය යුතු ප‍්‍රමාණයක් විෂ රසායනික  අඩංගු බව හෙළිව තිබේ.

ගන්නෝෂරුව කෘෂි පර්යේෂණ ආයතනය විසින් කරන ලද පර්යේෂණයකදී මේ බව හෙළිදරව් වී ඇති අතර කෘෂිකර්ම අමාත්‍යංශයේ අතිරේක ලේකම් ඞීබීටී විජේරත්න මහතා පැවසුවේ බ‍්‍රසීලයෙන් ආනයනය කෙරුණු සුදු සීනිවල තිබී කැඞ්මියම් සැලකිය යුතු ප‍්‍රමාණයක් හමුවී ඇති බවත් දුඹුරු සීනිවල විෂ රසායනික අඩංගු වූයේ සුදුසීනි වල අඩංගු ප‍්‍රමාණයෙන් තුනෙන් එකක් පමණැක් බවත්ය.
තව කියවන්න
POSTED ON | | Edit Post

ඩොලර් ලක්ෂ 1000 ක ( රුපියල්  කෝටි 1320)වියදමකින් ඉදිකෙරෙන සුපිරි සාප්පු සංකීර්ණයක් සදහා වන ගිවිසුමකට පසුගියදා අත්සන් තැබුණි.

ගිවිසුම ඇතිවූයේ ශී‍්‍රලංකාවේ අබාන්ස් සමාගම හා ප‍්‍රකට සිංගප්පූරු හෝටල් සමාගමක් වන සිල්වර් නීඞ්ල් හොස්පිටැලිටි සමාගම අතරයගබේරේ වැවට මුහුණලා මේ වෙළද සංකීර්ණය ඉදිකිරීමට සැළැසුම් කර ඇත.ඉදිකිරීම් කටයුතු ලබන වසරේ මුල් භාගයේදී ආරම්භ කර 2016 වසර වන විටදී නිම කිරීමට නියමිතය.
තව කියවන්න
POSTED ON | | Edit Post
ගිලපු මාලුවා පන පිටින් ආපහු ගන්න, වතුර ලීටර් 3ක් 4ක් බීලා කියන ඕනෑම වෙලාවක ඒ වතුර ආපසු අරන් දෙන,කාසි ගිලල අපි කියන වර්ශය සහිත කාසිය අරන් දෙන,ගිලපු දේහි කෙල නොගෑවී ආපසු අරන් දෙන...අරුම පුදුම මැජික් මල්ලි....වෙනසේ විකාශනය වූවකි.

අපේ රටේ දේවල් අගය කරනවා නම් Ganna ape de (ගන්න අපේ දේ) පේජ් එකට like එකක් දාන්න .....මෙය share කරන්න.....යාලුවන්ටත් දන්වන්න....සැබැ ශ්‍ර ලාoකිකයෙකු වන්න.....පහල Link එක Click කර අපව Like කරන්න.
 Check this out - www.facebook.com/GannaApeDe
තව කියවන්න
POSTED ON | | Edit Post
"සfire" යනු ලොවෙහි ඕනෑම වර්ගයක සංගීත නවතම ආකාරයකට රස විඳිය හැකි ආකර්ශනීය පරිඝනක මෘදුකාංගයකි (software). ඉතා කුඩා කල සිට ක්‍රම ලේඛනය (programming) ප්‍රගුණ කල මෙහි නිර්මාණකරු සහ මෙම මෘදුකාංගය සියයට සියයක් ශ්‍රී ලංකේය වේ. 

මෙහි ඇති විවිධ උපාංග මගින් ගීයක පදවැල් (lyrics), විවිධ රටවල ජනප්‍රිය ගීත දර්ශක (top charts), ගායක ගායිකාවන්ගේ පින්තුර (album art/artist image) වැනි දෑ එසැනින් ලබා ගත හැක

 .
සවන පිනන සුපැහැදිලි හඩ ගෙන ඒම "සfire" හි ඒකායන අරමුණ වේ. මෙහි ඇති Audio Fx මගින් ඔබට රිසි ලෙස ගීතය විවිධ ආකාරයෙන් වෙනස් කර රසවිඳිය හැක . "සfire" හි ගීත ගබඩා කොට ඇත්තේ ඉතා පහසුවෙන් තොරා ගැනීමට හැකි වන පරිදිය . එනම් ගීත , කලාකරුවන් (Artists),ගීත ඇල්බම් (Albums), ගීත වර්ග (Genres) යනුවෙන් වෙන් කර ඇත. එමෙන්ම මෙහි ඇති දියුණු සෙවීම (refined search) මගින් ඔබට අවශ්‍ය ගීතයෙහි නමෙහි ඉතා කුඩා කොටසක් වුවද ඇතුලත් කිරීමෙන් , "සfire" එම ගීතය ඔබට එසැනින් ලබා දේ.

"සfire" හි ඇති තවත් එක් අනර්ඝ ආයීත්තමක් වන්නේ තමන්ට රිසි සේ ගීත දර්ශක (playlists) සද ගැනීමේ පහසුව වේ . එය choose and drop ක්‍රමයට අනුගත වේ . 
තව කියවන්න
POSTED ON Saturday, May 18, 2013| | Edit Post
'ඔබම විය මිහිපිට දෙවියන්'

එල්.ටී.ටී.ඊයට එරෙහි මානුෂීය මෙහෙයුමේදී මව්බිම වෙනුවෙන් දිවි කැපකළ සෙබළුන් 6 දෙනෙකුට පරම වීර විභූෂණ සම්මානය පිරිනැමීමද විජයග‍්‍රාහී දින සැමරුමේදී  සිදුකෙරුණා. ගජබා රෙජිමේන්තුවේ කපිතාන් පුන්සිරි, ගැමුණු හේවා බළකායේ ලූතිනන් ඩබ්ලිව්.ඞී. ජයතිලක සහ කමාන්ඩෝ රෙජිමේන්තුවේ මාණ්ඩලික සැරයන් කේ.ජී.එම්.එන්.ආර්. පෙරේරා එම සෙබළුන්ගෙන් තුන්දෙනෙක්. කමාන්ඩෝ රෙජිමේන්තුවේ සැරයන් කේ.පී.ඞී.ටී. ගුණසේකර, කමාන්ඩෝ රෙජිමේන්තුවේම කෝප‍්‍රල් එච්.ජේ. කුමාර සහ එම රෙජිමේන්තුවේම කෝප‍්‍රල් එස්.බී.ඒ.එන්. පුෂ්පමාල් සෙසු අය වනවා. ඔවුන්ට හිමි සම්මාන ජනාධිපතිවරයා විසින් පිරිනැමුණු අතර ඒවා පිළිගනු ලැබූයේ ඔවුන්ගේ මව්පියන් හෝ බිරින්දෑවරුන් විසින්. වෑඩි විස්තර පහතින්....
තව කියවන්න
POSTED ON | | Edit Post

ඖෂධ ලෙස ලියාපදිංචි කර මෙරටට ගෙන්වන ළදරු කිරිපිටි සහ කිරි ආශ‍්‍රිත නිෂ්පාදන විකිරණ පරීක්ෂණවලට යොමු නොවීම නිසා ජනතාවගේ මෙන්ම විශේෂයෙන්ම කුඩා ළදරුවන්ගේ සෞඛ්‍යයට බලගතු තර්ජනයක් එල්ල වී ඇතැයි ශ්‍රී ලංකා පරමාණුක ශක්ති අධිකාරියේ සභාපති මහාචාර්ය රංජිත් විජේවර්ධන මහතා පෙන්වා දෙයි.

ඖෂධ ලෙස ලියාපදිංචි කර ළදරු කිරිපිටි සහ කිරි ආශ‍්‍රිත නිෂ්පාදන ගෙන්වීම සිදු කරන්නේම විකිරණ පරීක්ෂණවලින් බේරීමේ උපක‍්‍රමයක් ලෙසට බවද ඒ මහතා කියා සිටී.
තව කියවන්න
POSTED ON | | Edit Post

ලකී ලංකා මිල්ක් ප්‍රොසෙසින් සමාගම මාතර දිස්ත්‍රික්කයේ කඹූරුපිටිය (Kamburupitiya) ,බිබුලෙවෙල ප්‍රදෙශයේ පිහිටා ඇත.

නිවසේ සුරතලයට ඇතිකල කිරි එළදෙනකගෙන් ලබාගත් කිරි මගින් 1991 වසරේ ගෘහස්ථ කර්මාන්තයක් වශයෙන් අරඹා ඇති යෝගට් නිශ්පාදනය මේ වනවිට මහා පරිමාණ  කර්මාන්තශාලාවක් බවට පත්ව ඇත.
සුවහසක් පාරිබෝගිකයන්ගේ මුවඟරැව් දෙන ලකී යෝගට් නාමය ඉහල පාරිබෝගික විශ්වාසයක් හිමිකරගෙන ඇත.
තව කියවන්න
POSTED ON Sunday, May 12, 2013| | Edit Post

පිටරටින් ගෙන්වන කිරිපිටිවල විවිධ විෂ වර්ග තිබෙන හෙයින් ඒවා අපේ දරුවන්ට දීමෙන් වළකින්නැයි තමා ඉල්ලීමක් කරන බව කෘෂිකර්ම ඇමති මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

පිටරටින් ආනයනය කෙරෙනෙ සුදු සීනිවලද ආසනික් තිබෙන බව ඇමතිවරයා කීවේය.

ගවයින් ආහාරයට ගන්නා තණකොළවලට කෘමිනාශක යෙදීම නිසා එළකිරිවලට විවිධ විෂ ද්‍රව්‍ය ඇතුළත්වන බව සොයාගෙන ඇතැයි කෘෂිකර්ම ඇමතිවරයා පැවසීය.
තව කියවන්න
POSTED ON | | Edit Post


නිරන්තරයෙන් අපගෙ "ගන්න අපේ දේ" ෆේස්බුක් පිටුව සමග හා අපගේ වෙබ් අඩවිය සමග එකතු වී සිටින දස දහස් ගනනක් වූ ප්‍රේක්ශක ජනකාය උදෙසා සුලු ත්‍යාගයක් පිරි නැමීමේ අරමුනින් අප තරගයක් ආරම්භ කරනු ලැබූවා. මෙහි ජයග්‍රාහකයින් හට  RELOAD ලබාදෙන්නට අපි සූදානම්.  ඔබ කළ යුත්තේ පුංචි ම පුංචි දෙයක්.
තව කියවන්න
POSTED ON | | Edit Post

ආසියානු ගෝන් ප්‍රී මළල ක්‍රීඩා තරගාවලියේ හෙල්ල විසිකිරීමේ කාන්තා ඉසව්වේ තුන්වැනි අදියරේ තරගයේදී පළමු ස්ථානය හිමිකර ගැනීමට නදීකා ලක්මාලීත් උස පැනීමේ ඉසව්වෙන් පළමු ස්ථානය හිමිකර ගැනීමට මංජුල කුමාරත් සමත්ව තිබේ.

නදීකා ලක්මාලි (58.41) මීටර් හෙල්ල විසිකරමින් පළමු ස්ථානය දිනාගත් අතර මංජුල කුමාර මීටර් 2.24ක උසක් පනිමින් එම ඉසව්වෙන් පළමු ස්ථානය දිනා ගැනීමට සමත්විය.
තව කියවන්න
POSTED ON Saturday, May 11, 2013| | Edit Post
 2008 දී චීනයේ  කිරිපිටි වලට මිශ්‍ර කල melamine නමැති විෂ රසායනිකය කුඩා දරුවන් 300000+ ප්‍රමාණයකට විෂ විය.දරුවන් 54000+ රෝහල් ගත කෙරුණි. දරුවන් 6 දෙනෙකු මිය යන ලදී.

2013 dicyandiamide (DCD)..හෙට ...? දැන දැනත් වස බොමුද...ඔබම තීරණය කරන්න.

නවසීලන්තයේ Fonterra සමාගම මගින් පාලනය වන ඔවුන්ගේම චීනයේ ක්‍රියාත්මක උප සමාගමක් වන Sanlu සමාගම විසින් 2008 දී කිරිපිටි වලට මිශ්‍ර කල melamine නමැති විෂ රසායනිකය කුඩා දරුවන් 300000+ ප්‍රමාණයකට විෂ විය.දරුවන් 54000+ රෝහල් ගත කෙරුණි. දරුවන් 6 දෙනෙකු මිය යන ලදී.
තව කියවන්න
POSTED ON | | Edit Post
ශ‍්‍රී ලංකාවේ භාවිතා වන කෘෂි රසායනවල තහනම් විෂ ද්‍රව්‍ය රැසක් අඩංගු බව දිනෙන් දින හෙළි වෙමින්
තිබියදී සමාගම් ආරක්‍ෂා කර ගැනීමේ අරමුණින් සංවිධානය කල රැස්වීමක් පසුගියදා ශ‍්‍රී ලංකාවේ වෘත්තිකයන්ගේ සංගම් එකමුතුවේ ශ‍්‍රවණාගාරයේදී පැවැත්විනි.

 එහිදී කෘෂි රසායන සමාගම් වෙනුවෙන් ලංකෙම් සමාගමේ සෙනරත් කිරුවත්තුඩුව මහතා අදහස් දැක්වීය. එම අදහස් ආරක්‍ෂා කිරීම සඳහා සහකාර පලිබෝධකාශක රෙජිස්ට‍්‍රාර් සුමිත් ජයකොඩි සහ ජයවර්ධනපුර සරසවියේ වෛද්‍ය පීඨයේ කථිකාචාර්ය කමනි වනිගසූරිය ඉදිරිපත්ව සිටියහ.
තව කියවන්න
POSTED ON | | Edit Post
 බදුල්ලේ විනීතගම වියදිගුණ ගෙදරක නව හැවිරිදි දරුවෙක් උදේ පහට අවදවී හය හැවිරිදි මල්ලීට ද කවා පොවා, ඇඳුම් අන්දවා සැතපුම් එක හමාරක් දුර පාසලට පයින් යයි. ලිප පත්තු කිරීමට උස මදි නිසා පුටුවක් උඩට නැඟ ලිප පත්තු කරයි. උදේ හතට මල්ලීද සමග පාසල් යන ඔහු මල්ලීද සමග සවස ගෙදර එයි.

ඔහුගේ මව කොළඹ රෝහලක කණිටු සේවිකාවකි. පියා ගැන තොරතුරක් නැත. දරුවන් සමග සිටීම සඳහා මව බදුල්ලට මාරුවක් ඉල්ලා සිටියත් එය නොලැබුණු බව කියති. මව මාසයකට දෙකකට වරක් ගෙදර එන්නීය. දරුවනට අවශ්‍ය කෑම බීම සපයා යළි කොළඹ යන්නීය. පියදිගම විදුහලේ විදුහල්පති ඇකිරියේ ධම්මරතන හිමියෝද, ගුරුවරු ද, ඇසල්වැසියෝ ද මේ දරු දෙදෙනා පත්වී සිටින ඉරණම දනිති.
තව කියවන්න
POSTED ON | | Edit Post

- කොන්දේසි සහිතව සමාදාන වෙමු -ඇන්කර් සහ නෙස්පේ‍්‍ර
- කිසිම කොන්දේසියකට යටත්වීමට බෑ – මව්බ්ම ලංකා පදනම

පිටරට්න් ගෙන්වා ඇන්කර්, රත්ති, නෙස්පේ‍්‍ර, ලක්ස්පේ‍්‍ර, මැලිබන් ආදී නම් වලින් මෙරට විකුණන කිරිපිටිවල ඇත්තේ නියම කිරි පෝෂණය නොවන බවත් ඒවායේ කිරි මේදය ඉවත් කර ලංකාවේ ප‍්‍රමිති කොන්දේසි වලින් රිංගා යෑම සඳහා ඒ වෙනුවට වෙනත් සත්ව හෝ ශාඛ තෙල් එකතු කර ඇති බවත් පරීක්‍ෂණ වාර්තා ඇසුරින් සනාථ කරමින් මවුබිම ලංකා පදනම 2009 වර්ෂයේදී කළ හෙලිදරව්වට එරෙහිව ෆොන්ටෙරා සහ නෙස්ලේ සමාගම් විසින් කොළඹ දිසා අධිකරණය හමුවේ පවරා තිබු නඩු පසුගියචා කැඳවු අවස්ථාවේදී සමාදානවීමට යෝජනා කෙරිණි. එම නඩුවලින් කිරිපිටි සමාගම් ඉල්ලා තිබුණේ මව්බිම ලංකා පදනම එකී සොයාගැනීම් සම්බන්ධයෙන් හෙලිදරව් කිරීම/කරුණු දැක්විම/ප‍්‍රසිද්ධ කිරීම වළකන තහනම් නියෝගයක් ලබාදෙන ලෙසත් කරන ලද හෙලිදරවි කිරිම් අපහාසාත්මක වූ බැවින් රුපියල් මිලියන සියය බැගින් වන්දි ලබාදෙන ලෙසත්ය. මව්බිම ලංකා පදනමට එරෙහිව නෙස්ලේ සහ ෆොන්ටෙරා සමාගම් විසින් නඩු දෙකක් ද එම කරුණු හෙලිදරව් කළ එකම පුවත්පත වූ හෙලදිව පුවත්පතට එරෙහිව නඩු දෙකක් ද වශයෙන් නඩු 4ක් මේ යටතේ පවරා තිබේ.
තව කියවන්න
POSTED ON | | Edit Post
අනගිභවනීය ශ්‍රී  ලාංකික  නිශ්පාදනයකි.Killer WATT පාවිච්චි කරන්න.ඔබේ විදුලි බිල අඩු කරගන්න.

LIKE l SHARE l WIN පහසු පියවර 2 කින් 50% ඩිස්කවුන්ට් හිමි කරගන්න

පියවර
1. ප්‍රතමයෙන්  Bravo Solutions විදුලිබිල අඩුකරන දේශීය නිපැයුම් ෆේස්බුක් පේජය Like කරන්න - http://goo.gl/CYqXV
2. පසුව අප විසින් මෙම තරගය පිළිබදව දැනුවත් කරනු ලබන පින්තූරය (photo)  ඔබේ  Facebook පිටුවේ share කිරීමක් කළ යුතුයි.
(ඔබ Share කරන විට එම post එක Public ලෙස Share කළ යුතු අතර එමගින් නිවැරදි ලෙසම Share කරන පුද්ගලයින් අපට ගණනය කර ගත හැක)
තව කියවන්න
POSTED ON | | Edit Post
මෙරටට පිරිකිරි ආනයනය කර බෙදාහරින ප‍්‍රධානතම සමාගමක් වන නවසීලන්ත ෆොන්ටෙරා සමාගම සිය නිෂ්පාදනයන් වැඩි කර ගැනීම සඳහා යොදන උග‍්‍ර විෂකාරකයක් වෙළදපලේ ඇති නිෂ්පාදනවලට එක්ව ඇතැයි පිළිගෙන තිබේ.

කලකට පෙරද මෙම සමාගම විසින්ම මෙලමයින් නැමැති විෂ රසායනික ද්‍රව්‍ය බෙදාහැරීම නිසා ලොව පුරා බොහෝ පිරිසක් දෙනා රෝගාබාධයන්ට ගොදුරු වූ අතර තවත් කිහිප දෙනෙක් මිය ගියේය.
තව කියවන්න
POSTED ON Friday, May 10, 2013| | Edit Post
කිරිපිටිවල DCD කෘෂි රසායන… සිංගප්පූරු පරීක්‍ෂණයෙන් සනාථයි


මෙරටට ආනයනය කරනු ලබන කිරිපිටිවල ඞීසීඞී කෘෂි රසායනය ඇතැයි සිංගප්පූරු පර්යේෂණාගාරයකින්ද තහවුරු වී තිබේ.

ආනයකින කිරිපිටිවල කෘෂි රසායන ඇත්දැයි සොයා බැලීම සඳහා පාරිභෝගික අධිකාරිය විසින් කිරිපිටි සාම්පල් පහක් සිංගප්පූරුවට යැවූ අතර එහි අවසන් වාර්තාව අනුව පරීක්‍ෂණ සඳහා යවන ලද සාම්පල් පහේම අදාල ඞීසීඞී කෘෂි රසායනය ඇතැයි තහවුරු වී ඇත.
තව කියවන්න
POSTED ON | | Edit Post

Chemistry A/L Practical videos from University of Sri Jayewardenpura

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා සංගමය විසින් උසස්පෙල සිසුන් සදහා උසස් තත්වයේ වීඩියෝ පෙලක් ඉදිරිපත් කර ඇත.

ප්‍රායෝගික පරීක්ශන සවිස්තරාත්මකව ඉදිරිපත් කර ඇති මෙහි සෑම පරීක්ශනයකම ප්‍රායෝගික පරීක්ශන  කොටස මෙන්ම එහි සිද්ධාන්තමය කොටසත් ඉතා හොදින් විස්තර කර ඇත.

මේ දවස්වල උසස් පෙලට සූදානම් වන නංගිලා, මල්ලිලාට උදව්වක් වෙන්න මෙය share කරන්න...
තව කියවන්න
POSTED ON Thursday, May 9, 2013| | Edit Post

කොහොමද Google Glass එක වැඩ කරන්නෙ කියන එක තව දුරටත් රහසක් නෙමේ. බලන්න මෙ වීඩියෝ එක. එකෙන් සරලව දැන ගන්න පුලුවන් මේක වැඩ කරන්නෙ කොහොමද කියල.

 වීඩියෝ කතා කියන්නෙ ලංකාවේ අපේ කෙනෙක් කරන අධ්‍යාපණික යූටියුබ් චැනල් 1ක්. ඒක කරන්නෙ සම්පත් කියල කෙනෙක්. ඔහු ඒකෙන් තාක්ෂණික, විද්‍යාත්මක,සමාජීය සහ කලාත්මක දේවල් සරලව කතා කරනවා. 
තව කියවන්න
POSTED ON | | Edit Post

නිරන්තරයෙන් අපගෙ "ගන්න අපේ දේ" ෆේස්බුක් පිටුව සමග හා අපගේ වෙබ් අඩවිය සමග එකතු වී සිටින දස දහස් ගනනක් වූ ප්‍රේක්ශක ජනකාය උදෙසා සුලු ත්‍යාගයක් පිරි නැමීමේ අරමුනින් අප තරගයක් ආරම්භ කරනු ලැබූවා. මෙහි ජයග්‍රාහකයින් හට  RELOAD ලබාදෙන්නට අපි සූදානම්.  ඔබ කළ යුත්තේ පුංචි ම පුංචි දෙයක්.
තව කියවන්න
POSTED ON | | Edit Post
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සුපිරි සංචිතයේ ජාත්‍යන්තර අත්දැකීම්ලාභි ප්‍රවීණ ක්‍රීඩිකාවක වන නදීකා ලක්‌මාලි සහ ඩබ්. කේ. එල්. ඒ. නිමාලි ඊයේ (8 දා) තායිලන්තයේ චෞන්බුරි විශ්වවිද්‍යාල ක්‍රීඩාංගණයේ පැවැති 2013 ආසියානු ග්‍රොන්ප්‍රී මලල ක්‍රීඩා ශූරතාවේ දෙවැනි අදියරේදී කාන්තා හෙල්ල විසිකිරීමේ ඉසවුවෙන් සහ මීටර 800 ඉසවුවෙන් පිළිවෙලින් ප්‍රථම ස්‌ථාන වාර්තා කිරීමට සමත් වූහ.
තව කියවන්න
POSTED ON Tuesday, May 7, 2013| | Edit Post


තායිලන්තයේ, බැංකොක් නුවර පැවැත්වෙන ආසියානු ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා තරගාවලියේ අද ආරම්භ වු පළමු අදියරේ හෙල්ල විසිකිරිම් කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට නදීකා ලක්මාලි සමත් වූවාය.
තව කියවන්න
POSTED ON | | Edit Post
Badminton 15
බුවනෙක ගුණතිලක හා සචින් ඩයස් ඔස්ට්‍රේලියානු කණිෂ්ඨ ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලියේ වයස අවුරුදු 19න් පහළ පිරිමි යුගල ශුරතාවය දිනා ගැනීමට සමත් වූහ.
තව කියවන්න
POSTED ON | | Edit Post

ශී‍්‍ර ලංකාවේ ප‍්‍රමුඛතම ආරක්ෂිත විදුලි රැුහන් වෙළෙඳ නාමයක් වන කැලණි කේබල්ස් PLCසමාගම තම ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් ලෙසින් දිවයින පුරා පිහිටි රාජ්‍ය ආයතනවලට අනුබද්ධිත තාක්ෂණික නිලධාරීන්ට (technical officers) විදුලි රැුහන් එළීම සම්බන්ධයෙන් නවතම දැනුම ලබාදීමේ වැඩමුළු මාලාවක් දියත් කෙරුණි.
තව කියවන්න
POSTED ON | | Edit Post
R.J. Reynolds and Phillip Morris Tobacco: Use In Vitro (NON-ANIMAL) Research Methods Avail.
ඔබට හිත ගැනීමටවත් නොහැකි සත්‍යක් හෙළි කිරීමටයි මේ සුදානම . ලෝකයේ සෑම සිගරැට් සමාගමක්ම තම නිෂ්පාදනයට යොදා ගන්න අමුද්‍රව්‍ය යොදා ගෙන පරීක්ෂණ සිදු කිරීම අනිවාර්ය නීතියකි. එය සිදුකරන්නේ මෙසේය .උදාහරණයක් ලෙස මෙසේ සිතන්න අද සිට මාස හතරකින් වෙළද පොලට නිකුත් කිරීමට සිගරැට් තොගයක් අවශ්‍යය . නියමිත සිගරැට් තොගයේ අමුද්‍රව්‍ය යොදා ගෙන අද දින පරීක්ෂණය ඇරබිය යුතුය. 
තව කියවන්න
POSTED ON | | Edit Post

අපේ රටේ පවතින මාරාන්තික වකුගඩු රෝගයට බිලිවෙන සංඛ්‍යාව දිනෙන් දින වැඩිවෙයි. ඒ නිසා එය කාලීන මාතෘකාවක්‌ බවට නිතැතින්ම පත් වී තිබේ. එම රෝගයට දේශීය මෙන්ම බටහිර වෛද්‍යවරු ද ප්‍රතිකාර කරති.

මෙම රෝගය පිළිබඳව විශේෂඥ දැනුමැති දේශීය වෛද්‍යවරයකු වන්නේ දඹුල්ල කණ්‌ඩලමේ අතුපාරයාය පාරේ පදිංචි ඒ. එච්. එම්. කිරිබණ්‌ඩා මහතාය. අපි ඒ මහතා හමුවීමට පසුගියදා එම වෛද්‍ය මධ්‍යස්‌ථානය පවත්වාගෙන යන කණ්‌ඩලම වෙද මැඳුරට ගියෙමු. අප එහි යන විටත් ඒ මහතාගෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පාන්දර සිට පැමිණි රෝගීන් පනහකට අධික සංඛ්‍යාවක්‌ පෙළ ගැසී සිටියහ. සුළු වේලාවකින් අපටද එම වෙද මහතා හමුවීමට අවස්‌ථාව ලැබුණි.
තව කියවන්න
POSTED ON | | Edit Post
අන්තර්ජාතික ක‍්‍රිකට් කවුන්සිලයේ ක‍්‍රිකට් තේරිම් කමිටුවට ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයකු වන කුමාර් සංගක්කාර ඒ සඳහා පැවැති ඡන්ද විමසීමකින් නිතරගයෙන් පත්ව ඇත.

අන්තර්ජාතික ක‍්‍රිකට් කවුන්සිලයේ ප‍්‍රධාන තීරණ රැසක් ගන්නා ක‍්‍රිකට් කමිටුවට ක‍්‍රීඩාවේ නිරත වෙමින් සිටින ක‍්‍රිඩකයෙකු තේරී පත්වූ පළමු අවස්ථාවද මෙය වේ.

සංගක්කාරට අමතරව ක‍්‍රිකට් විචාරකයෙකු වන ඉන්දීය ජාතික ලක්ෂ්මන් ශිවරාම ක‍්‍රිෂ්ණන් ද මෙම කමිටුවට තේරි පත්වී ඇත.
තව කියවන්න
POSTED ON Sunday, May 5, 2013| | Edit Post
Sanul Wilmer with Indika Ramanyakeසනුල් විල්මර්, කලක් හෙද සේවයේ නිරතව සිට දැන් වෛද්‍යවරයකු වීම සඳහා පුහුණුව ලබමින් සිටින ශ්‍රී ලාංකික සම්භවයක් සහිත නෙදර්ලන්ත ජාතික තරුණයෙක්.
සනුල් විල්මර්, නෙදර්ලන්තයේ වෙසෙන තමා වැනි ලාංකීය සම්භවයක් සහිත තරුණ පිරිසට සිංහල භාෂාව උගන්වන ගුරුවරයෙක් (ඡායාරූපය - සනුල් විල්මර් (R) සිය මිත්‍ර ඉන්දික රාමනායක සමඟ)
තව කියවන්න

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews