POSTED ON Wednesday, March 13, 2013| | Edit Post


කෝටි 120 ක් පමණ කතෝලිකයන්ගේ ආගමික නායකයා තෝරාගැනීමට ලොව කුඩාම රාජ්‍යය වන වතිකානුවේදී කාදිනල්වරු 115 ගේ සහභාගීත්වයෙන් අඟහරුවාදා රාත්‍රී ඇරඹිණි. බාහිර ලෝකය සමඟ කිසිම සබඳතාවක් නැතිව සිස්ටයින් දෙව් මැදුරේදී මෙම තේරීමට ඔවුහු සහභාගීවී සිටිති.

අවුරුදු 80 ට අඩු කාදිනල්වරුන්ට ඡන්දය හිමි මෙම ක්‍රියාවලියේදී කැපී පෙනෙන ලක්ෂණය වනුයේ කිසිම කාදිනල්වරයකු අපේක්ෂකයකු ලෙස තරඟයට ඉදිරිපත් නොවීමයි. කාදිනල්වරු සිය ඡන්දය ලබාදීමෙන් සුදුස්සා තෝරාගනිති. අවම වශයෙන් කාදිනල්වරු 77 දෙනකුගේ හෝ මුළු ඡන්ද සංඛ්‍යාවෙන් තුනෙන් දෙකක ඡන්දය හිමිවන කාදිනල්වරයා 266 වැනි පාප්තුමා වශයෙන් තෝරා ගැනේ.

එහි වට දෙකක් ඊයේ පැවැත්විණි. ශ්‍රී ලංකාවේ මැල්කම් කාදිනල් රංජිත් අග රදගුරුතුමා ද ඊට සහභාගී වී තෙවැනි තැනට පත් වූ බව දැනගන්නට ඇත. ඉතාලි පුවත්පත් මැල්කම් කාදිනල් තුමා ගැන විශේෂ ලිපි හා ප්‍රවෘත්ති රාශියක් මේ දිනවල පළකරයි.

කාදිනල්වරයකු තෝරාගැනීමට නොහැකි වුවහොත් සිස්ටයින් දෙව් මැදුරෙන් කළු දුම් ද, තෝරාගතහොත් සුදු දුම් ද නිකුත් කරයි. මේ ක්‍රියාවලියට තව දින තුනක්වත් ගතවෙතියි කියති.


අඟහරුවාදා රාත්‍රී කළු දුම් නිකුත් වූයේ මුල් ඡන්ද වටයෙන් පාප්තුමකු තෝරා ගත නොහැකි වූ නිසායි.






උපුටා ගෑනීම -  01

4 comments:

  1. God Bless you & God Bless the church...

    ReplyDelete
  2. god bless you father/...................

    ReplyDelete
  3. මොන තානාන්තර ගත්තත් මේ බුදුන්ගේ දේශය දේව රාජ්‍යයක් කරන්න නම් කාටවත් නොහැකිය.

    ReplyDelete
  4. @Anonymous- i am a Buddhist but i'd only say go fuck your self.. we don't need the racism

    ReplyDelete

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews