POSTED ON Tuesday, April 29, 2014| | Edit Post
අපේ දක්ශයෙක් තවත් ගේම් එකක් හදල.. අපිට මේ ගැන කියල ටික දවසක් උනා.. ඔන්න අපි ඒගැන එයාගෙ වචනවලින්ම ඔයගොල්ලන්ට කියනව..

සමහර කට්ටියට මටක අතිනෙ මම 'යකා කාක්' කියල ෆ්ලැපි බර්ඩ් එකේ සින්හල එකක් හැදුවා.මෙන්න මතක නැති අයට ලින්ක් එක.


මෙන්න දැන් මම මගේම කියල ගේම් එකක් හැදුවා.
සින්හල android ප්ලැට්ෆොර්ම් ගේම් එකක්.
ෆොන්ට්ස්, යුනිකෝඩ් තියේද නැද්ද කියල කරදර වෙන්න දෙයක් නෑ ඔක්කොම දාල තියෙන්නෙ ඉමේජ් ෆොර්මැට් එකෙන් ඈ.

ගේම් එකේ නම "සිංඤො"
තව කියවන්න
POSTED ON Monday, April 28, 2014| | Edit Post

අපේ රටෙ නිපදව විදුලියෙන් වැඩි ප්‍රමණයක් නිද වනු ලබන්නේ ජලය උපයෝගිකරගෙනයි.

ලෝකයේ අනෙකුත් රටවල් මෙන්ම අපේ රටෙත් බලශක්ති අර්බුධයට විසඳුම් සොයමින් අත්හදාබැලීම් සිදුරයි. මේ සඳහා විසඳුමක් ලෙස නව නිර්මාණයක් බිහිරීමට ශ්‍රි ලාංකියෙකු සමත්ව සිටිනවා


ඔහු කෑගල්ලෙ රූපසිංහ මල්ලව මහතායි.

තව කියවන්න
POSTED ON Saturday, April 26, 2014| | Edit Post


ලෝකයේ ලාබාලතම ඇප් ඩිවලොපර්ස් ලෙස ශ්‍රී ලංකාවෙ වයසින් අවුරුදු 9 වන මිහිල් සූරියප්පෙරුම සහ වයසින් අවුරුදු 12 වන රුවින් සූරියප්පෙරුම

තව කියවන්න
POSTED ON Friday, April 25, 2014| | Edit Post
දුම්රියේ යන අපේ හිතහොඳ යාළුවො ටිකක් කල හොඳ වැඩක් : පාසල් යන දුප්පත් දරුවන්ට හැකිපමනින් උදව් කල අවස්ථාවක්..
ඔබේ උපකාර කිරීමේ ගුණය උතුම්.

ජා ඇල ප්‍රදේශයේ ඉතා දිළිඳු පවුල් කීපයක් සඳහා උපකාර කිරීම සඳහා දින ගනනක් තම ශ්‍රමය, කාලය, මුදල්, ආහාර, පාසල් දරුවන්ට ඇවැසි පොත් පත් හා උපකරණ ලබාදීමක් අශේන් කිරිආරච්චි අතුළු දුම්රියේ ගමන් ගන්නා මිතුර මිතුරියන් පිරිසක් පසුගිය පෙබරවාරියෙ සිදුකලා.

තව කියවන්න
POSTED ON Wednesday, April 23, 2014| | Edit Post
ශ‍්‍රී ලංකා මහවැලි අධිකාරිය විසින් මේ වසර තුල ඉපැරණි දේශීය සහල් කිලෝ ලක්ෂ හයක් අපනයනය කිරීමට සැලසුම්කර ඇත.

අධිකාරියට අයත් මහවැලි සී කලාපයේ රත්කිද ගොවිපොළේ මහ කන්නයේ වී අස්වනු නෙළීම ආරම්භ කර ඇති අතර දේශීය වී වර්ගයක් වන සුවදැල් මෙහි වගාකර ඇත.

කාබනික ක්‍රමයට වගා කරන ලද මේහි අස්වැන්න නෙලීම පසුගියදා රත්කිඳ ගමේදි නෙලීම සිදුවිය.

සියලු කටයුතු දේශීය ක්‍රමයට සිදුවීම ඉතා දුර්ලබ අවස්ථාවක් විය : මේම වීඩියෝ ව බලන්න ( ස්වර්ණවාහිනි Live at 8 )
තව කියවන්න
POSTED ON Tuesday, April 22, 2014| | Edit Post
ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ.
ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ.
ශ්‍රී ලංකාව ස්වභාව සෞන්දර්යයෙන් අග තැන්පත් දේශයක් බව ලෝ පතළ කරුණකි. එහි සශ්‍රීක වෘක්‍ෂලතාදිය කලාකාමී රසවතුන්ගේ අමන්දානන්දයට මෙන්ම ඔවුන් වෙතින් එළිදැක්වුණු ගීත, ඡායාරූප, කාව්‍යමය ප්‍රබන්ධ, චිත්‍ර සිතුවම් ආදී විවිධ කලාත්මක 
සහ සාහිත්‍යමය නිර්මාණවලට ප්‍රස්තුත වූ විෂයන් විය.

ශ්‍රී ලංකාව සතුව ඒකායන ශාක සංස්කෘතියක් ඇත. එහි ඇතැම් වෘක්‍ෂ ශුද්ධ හා පූජනීය ඒවා ලෙස සැලැකේ. තවත් සමහර වෘක්‍ෂලතා ඉතිහාසය, පුරාවෘත්ත හා කුතුහලය සමඟ වෙළී පවතී.

තව කියවන්න
POSTED ON Monday, April 21, 2014| | Edit Post
"විසිතුරු මත්ස්‍ය අපනයනයෙන් ශ්‍රී ලංකාව ලෝකයේ තුන්වන ස්ථානය" ලබා ගෙන ඇති බවත් 2009දී මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනය මෙට්රික් ටොන් 46,506ක් වූ අතර එය 2013 වන විට මෙට්රික් ටොන් 69,780 ක් දක්වා සියයට 50කින් පමණ වැඩි වී තිබෙන බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
තව කියවන්න
POSTED ON Friday, April 18, 2014| | Edit Post


Sri Lanka's first automated vehicle assembling factory opened.

ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්වයංක්‍රීය වාහන එකලස් කිරීමේ මයික්‍රෝ කර්මාන්තශාලාව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් පොල්ගහවෙල කර්මාන්ත පුරයේදී අද (18දා) විවෘත කෙරිණි.

නව කර්මාන්ත ශාලාව විවෘත කළ ජනාධිපතිවරයා එහි නිරීක්ෂණ චාරිකාවකද නිරත විය. එසේම මයික්‍රෝ සමාගමේ නවතම නිෂ්පාදනය වන ටුවර් වැගන් රථය, මයික්‍රෝ සමාගමේ සභාපති ආචාර්ය ලෝරන්ස් පෙරේරා මහතා විසින් ජනාධිපතිවරයා වෙත මෙහිදි නිල වශයෙන් පිළිගැන්වීම සිදුවිය.
තව කියවන්න
POSTED ON Thursday, April 17, 2014| | Edit Post
ශී‍්‍ර ලංකා ටෙලිකොම් දකුණු ආසියාවේ ප‍්‍රථම මුහුදු සංදාම නඩත්තු මධ්‍යස්ථානය හම්බන්තොටදී ඉදිකෙරේ

ශී‍්‍ර ලංකා ටෙලිකොම් සමාගම දකුණු ආසියාවේ ප‍්‍රථම මුහුදු සංදාම නඩත්තු මධ්‍යස්ථානය හම්බන්තොටදී සහ සී-මී-වී 5 ගෝලීය මුහුදු සංදාම ව්‍යාපෘතියේ ගොඩබිම හා සම්බන්ධ වන ප‍්‍රධාන මධ්‍යස්ථානය මාතරදී ඉදිකිරීම් අරඹයි.
ඒ අනුව ජාතික තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ සැපයුම්කරු වන ශී‍්‍ර ලංකා ටෙලිකොම් සමාගමට දකුණු ආසියාවේ ප‍්‍රථම අති නවීන මුහුදු සංදාම නඩත්තු මධ්‍යස්ථානය ඉදිකර මෙහෙයුම් කි‍්‍රයාත්මක කිරීමට අවස්ථාව සැලසි ඇති බව එම සමාගම පවසයි.
ශී‍්‍ර ලංකාවට අතිශයින් වැදගත් වන්නා වූ විදුලි සංදේශ ක්‍ෂෙත‍්‍රයේ වැදගත් සන්ධිස්ථානයක් වූ මේ පියවර සඳහා ජනාධිපතිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ මගපෙන්වීම හා සහයෝගය වෙනුවෙන් සමාගමේ කෘතවේදීතාව පළකිරීමට පසුගියදා තංගල්ල කාල්ටන් නිවසේදී එතුමා වෙත සමරු ඵලකයක් පිළිගැන්විණි.
තව කියවන්න
POSTED ON Wednesday, April 16, 2014| | Edit Post
ලොව ප්‍රථම වරට ශ්‍රී ලංකාවෙන් Biofilm නමින් පරිසර හිතකාමී පොහොර වර්ගයක්‌ නේචර් සීක්‍රට්‌ස්‌ ආයතනය විසින් පසුගියදා හඳුන්වා දෙනු ලැබීය.

ශ්‍රී ලංකාවෙන් පමණක්‌ ලබාගන්නා අමුද්‍රව්‍යවලින් නිෂ්පාදනය කරන Biofilm නම් මෙම පොහොර පරිසර හිතකාමී සියයට සීයක්‌ ස්‌වාභාවික සහ රසානයනික ද්‍රව්‍යවලින් තොර නිෂ්පාදනයක්‌ වේ.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පර්යේෂණ ආයතනයක්‌ වන මූලික අධ්‍යයන ආයතනයේ විද්‍යාඥයන් කණ්‌ඩායමක්‌ වසර 10කට අධික කාලයක්‌ පුරා සිදු කළ පර්යේෂණයක ප්‍රතිඵලයක්‌ ලෙස පරිසර හිතකාමී ජෛව පොහොර තාක්‍ෂණයක්‌ සොයා ගන්නා ලදී. ලොව ප්‍රතම වරට ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කළ මෙම පොහොර මගින් රසායනික පොහොර භාවිතය සියයට පනහකින් පමණ අඩුකළ හැකිය.

තව කියවන්න
POSTED ON Thursday, April 10, 2014| | Edit Post
ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවති 42 වැනි ජාත්‍යන්තර නව නිර්මාණකරුවන්ගේ තරගයේදී ශ්‍රී ලාංකීය නව නිර්මාණකරුවන් රන් පදක්කම් 2කින් සහ ලෝකඩ පදක්කම් 2කින් පිදුම් ලැබීය.
පසුගිය අප්‍රේල් 02 සිට 06 වැනිදා දක්වා පැවති 42 වන ජාත්‍යන්තර නව නිර්මාණකරුවන්ගේ තරගය නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ නව නිර්මාණකරුවන් 05 දෙනෙකු ඉදිරිපත් වූ අතර, ලෝකයේ විශාලතම නව නිර්මාණ තරගය ලෙස සැළකෙන මේ සඳහා මෙවර රටවල් 45ක නිර්මාණ 700ක් ඉදිරිපත් කර තිබුණු බව තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව,  එකී සියලු නිර්මාණ අතුරින් ප්‍රධාන අංශ දෙකක රන් පදක්කම් 2ක් සහ ලෝකඩ පදක්කම් 2ක් දිනාගැනීමට ශ්‍රී ලාංකේය නව නිපැයුම්කරුවන් වන මංජු ගුණවර්ධන, හේලි සෙනෙවිරත්න, මනෝජ් ගල්ගමුව, වෛද්‍ය රිෂාඩ් මොහොමඩ් සහ අයිමාස් ෆිරෝෂ් සමත් විය.
තව කියවන්න
POSTED ON Monday, April 7, 2014| | Edit Post

මෙගා හීටර්ස් ‘ලෝකල්’ නිෂ්පාදනයක් නෙවෙයි

තව කියවන්න

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews