ලංකාව තුළ මාස තුනකට කොකා කෝලා විකිණීම තහනම් කිරීමට කැබිතිගොල්ලෑව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.

මෙම නියෝගය නිකුත් කර තිබෙන්නේ නිෂ්පාදිත දිනය, කාලය ඉකුත් වීමේ දිනය හා කාණ්ඩ අංකය සඳහන් නොකරන ලද කොකා කෝලා බෝතලයක් විකිණීම සඳහා බෙදා හැරීම නිසයි.

එම චෝදනා තුනකට වෙන් වෙන්ව රු. 5,000/- බැගින් බියගම තේක්කවත්ත, කොකා කෝලා බෙවරේජස් පෞද්ගලික සමාගමට මුදලින් රු. 15,000/-ක දඩයක්ද නියම කර තිබෙන අතර නිෂ්පාදනය, සකස් කිරීම, ගබඩා කිරීම, බෙදාහැරීම හා විකිණීම මාස 3ක කාලයක් සඳහා මෙලෙස තහනම් වේ.

තව කියවන්න
POSTED ON | | Edit Post
සිදුහත් කුමරුන් බිහි වූ ස්ථානය තහවුරු වෙයි.
මෙතෙක් සොයා ගැනුණු පැරණිතම බෞද්ධ විහාරය ලෙස සැලකිය හැකි ස්ථානය නේපාලයේ ලූම්බිණි සල් උයනෙන් සොයාගෙන තිබෙනවා. ලූම්බිණියේ මහාමායා දේවි විහාරස්ථානය අසළ සිදුකළ කැණීම්වලදී මෙලෙස සොයාගෙන ඇත්තේ මහාමායාදේවිය සිදුහත් කුමරුන් බිහි කරන අවස්ථාවේ අල්වා ගත් බව කියන සල්ගස ආවරණය කර තැනූ විහාරයයි. නව සොයා ගැනීම මගින් සිදුහත් කුමරුන්ගේ උපත පිළිබද මෙතෙක් පැවැති මතභේදය නිරාකරණය වනු ඇති බව පුරාවිද්‍යාඥයින්ගේ අදහසයි. කි‍්‍රස්තු පූර්ව 6 වන සියවසට අයත් මෙම විහාරයේ පියස්සක් නොමැතිවීමෙන් එය සල්ගස ආවරණය කළ සැකිල්ල ලෙස විශ්වාස කෙරෙනවා.
----------------------------------------------------------
Free Domain name : http://slwebhost.com/ නොමිළේ වෙබ් අඩවියක්
Banner ads for you : http://gannadeshiyade.com/

තව කියවන්න
POSTED ON Sunday, November 24, 2013| | Edit Post
  • 100% ලාංකික නිපැයුමක් 
  • 100w වැඩි එළියක් 
  • 10w පමණක් වැයවේ (10W හා 12W ආකාර වලින් ලබාගත හැක.)
  • සියලුම පාරිසරික තත්වයන්ට ඔරොත්තු දේ (මුහුදු ආශ්‍රිත,අධික ලවණ සහිත පෙදෙස් ,තෙතමනය සහිත හෝ වියලි ඕනෑම පරිසරයකට ඔරොත්ත්ගු දේ..)
  • මාස 12 ක පුර්ණ වගකීම ලයිෆ් ටයිම් සර්විස් එකක් ලබාදේ..
  • බල්බ වල ආයු කාලය අවම අවුරුදු 10කි.(පැය 20 000 - 25 000)
  • කේසින් එකෙහි ආයු කාලය අවුරුදු 20ක් පමන වේ.මෙහි ප්‍රධානම වාසිය නම් අවුරුදු 10ක් යනතුරු කිසිදු නඩත්තු කටයුත්තක් සිදු කිරීමට අවශ්‍ය නොවීමයි.

  • මිල - 
  • 10W - 7500 /=
  • 12W - 7750 /=

මෙ ආදේශකයට මුල්වූ සාමාන්‍ය වීදි ලාම්පුවක ආවරනයේ පමනක් මිල 6500ක් වේ. ඒ අනුව මෙය ඉතාමත් සාධාරන මිලකි, එමෙන්ම ඔබ ගෙවන මුදල මෙහි මුලු ආයු කාලය සදහාම වේ.එනම් අවුරුදු 10ක් සදහාය.

අමතන්න 
කළුතර රංග ස්ටෝර්ස් - 071 7247665
පානදුර නගරයෙන් රන්දිනු ස්ටෝර්ස් - 075 9012366
කොළඹ අලෙවි නියෝජිත - 071 8314087
අපේ නවතම ප්‍රදර්ශනාගාරය (මහනුවර) - 071 8625430

දැන් ඔබ ලංකාවේ කොහේ සිටියත් ඔබේ නිවසටම "LED වීදි ලාම්පු" උපකරණය ගෙන්වා ගැනීමට අපව අමතන්න , නැතහොත් අපට ෆේස්බුක් මැසේජ් එකක්(Recommended) එවන්න. - https://www.facebook.com/pages/Ganna-Deshiya-De-Online-market

ගෙදරටම ගෙන්වා ගන්න අමතන්න රංග ස්ටෝර්ස් - 071 7247665

තව කියවන්න
POSTED ON | | Edit Post
අලි-මිනිස්‌ ගැටුම උග්‍රව පැවතියද, වසරකට වන අලින් 200 ක්‌ පමණ අකාලයේ මිය ඇදුනද ශ්‍රී ලංකාව අලින්ගෙන් පොහොසත් රටකි. එමෙන්ම අපගේ සංස්‌කෘතියේ අලියාට හිමිවන්නේ වෙනත් වන සතකුට හිමි නොවන ස්‌ථානයකි. එනිසාම අලින් පිළිබඳ කෙතරම් ගැටලු පැවතියද අපට අලියා මහා සාඩම්බරයකි.

මේ සාඩම්බරයට නොයෙක්‌ වර නොයෙකුත් විශේෂතා ඇතිවුණු අවස්‌ථා බොහෝය. නිදසුනක්‌ ලෛස මේ මෑතක්‌ වන තුරුම ආසියාවේ දිගම දළ සහිත ඇතා දිවි ගෙවූයේ අපේ රටේය. දළ¹ කරඬුව වැඩම කිරීමට තරම් පුණ්‍යවන්ත වූ ඒ ඇත් රජු අන් කවරෙකුත් නොව මිල්ලන්ගොඩ රාජාය. එසේම, ජාතික වස්‌තුවක්‌ සේ ප්‍රකාශයට පත් කෙරුණු දළ¹ මාළිගාවේ රාජා ගැන ද මෙහිදී අපට සිහිපත් වේ. ඔවුන් ගෘහාශ්‍රිතව දිවි ගෙවූ අලින් වන අතර, යාල, කුමන වැනි දකුණු කලාපයේ දිවි ගෙවූ දළ පූට්‌ටුවන් ද අපගේ අලි සම්පතට අභිමානය කැන්දූ ඇත් රජවරුය.
---------------------------------------------------------------------
Web hosting : http://slwebhost.com/
---------------------------------------------------------------------
Banner ads for you : http://www.gannadeshiyade.com/
---------------------------------------------------------------------
තව කියවන්න
POSTED ON Friday, November 22, 2013| | Edit Post

 

Micro PIC and ARDUINO Course Content

·         Introduction to Basic Electronics & PIC circuit Designing
·         PCB Drawing with Orcad Software
·         PCB Printing / Making (Normal and industrial)
·         PCB Drilling
·         Introduction to Programming Languages ( MIKrobasic ,MIKROC, Assembly )
·         Introduction to PIC – Microcontrollers(16F84A,16F628,16F877A,16F887A)
·         Digital Input -  Output handling
·         Simple to Complex LED Circuit designing and Programming
තව කියවන්න
POSTED ON Thursday, November 21, 2013| | Edit Post
2012 වර්ෂය සදහා වු දෙරණ ලක්ස් සිනමා සම්මාන රාත්‍රියේදී වසරේ ජනප්‍රියම සිංහල චිත්‍රපටය ලෙස සම්මාන හිමි කරගත් කුසපබා චිත්‍රපටය පාදක කරගෙන නිර්මාණය වු වාර්තාමය වැඩසටහනක් වන මෙය හංසා ඇන්තනිගේ නිෂ්පාදනයෙන් හා ලහිරු දිල්රංගගේ කැමරාකරණයෙන් පුරා අඩහෝරාවක් තුල දිවෙන මෙම සංග්‍රහාත්මක විඩියෝ දර්ශන තුල චිත්‍රපටය පිළිබද විස්තර විචාරයක්, පුජ්‍ය භික්ෂුන් වහන්සේගේ හා ප්‍රේක්ෂකයන්ගේ අදහස්, චිත්‍රපටයේ යම් යම් දර්ශන හා ජවනිකාද ඇතුලත් වේ..  මෙම නිර්මාණය සදහා හැකි සැම අයුරකින් උර දුන් ගීත් හෙට්ටිආරච්චි, දුලාජ් රණසිංහ, සනෝජ් මුතුමාල්, ඉසුරු නිලංක ඇතුලු කාණ්ඩායමට සහ අදහස් ප්‍රකාශ කල සියලු දෙනාට ස්තුතිය පළකරන අතර  මෙය චිත්‍රපටයේ මුලු මහත් කාර්ය මණ්ඩලය වෙත කෙරෙන පිදුමකි..

දැන් ඔබට සිනමා ලංකා අප වෙබ් අඩවිය ඔස්සේ එම විඩියෝව අද සිට ඔබට නැරඹිමට හැක..
තව කියවන්න
POSTED ON Sunday, November 17, 2013| | Edit Post
පොල්වතුර වැනි  සයිටෝකයිනීන් වලින් පොහොසත් අහාර සුලබව ලබාගැනීම ,දීර්ගායුෂ විදීමට සහ වයසට යාමේදී මතුවන සංකුලතා අවම කර ගැනීමටත් යොවුන් පෙනුම වැඩි කාලයක් රැක ගැනීමටත් ඉවහල් වනු ඇත.

ආහාර පිසීම සඳහා පොල් ගෙඩියක් බිඳිනහැම අවස්තාවකදීම පොල් බෑයටම කටතබා, පොල් වතුර පානය කිරීම පුරුද්දක් කර ගත්ආච්චි අම්මා කෙනෙකු අපේ ගමේ විසීය. පොල් වතුරබොන්නේ ඇයි දැැයි ඇෙඟන් ඇසූ විට ඇය දුන්නේ කදිම පිළිතුරකි.

ගෙම්බන්ගේ, දියබරියන්ගේ මළ මූත්‍ර නැති, ආයුෂ
වැඩි වෙන යස පිරිසිදු වතුර ඩිංග ….
තව කියවන්න
POSTED ON | | Edit Post
පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවට සමගාමීව කොළඹ වරාය අසල මුහුද ගොඩකරමින් නගරයක් නිර්මාණය කිරීමට අදාල ගිවිසිමකට ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය අත්සන් තබන බව වාර්තා වේ.

මෙම ගිවිසුම චීන සමාගමක් වන චයිනා කොමියුනිකේෂන්ස් කන්ස්ට්‍රක්ෂන් සමාගම සමග අත්සන් කරන අතර එහි වටිනාකම ඩොලර් බිලියන 1.3 ක් බවද පැවසේ.

මේ සමුළුව අතරතුර ශ්‍රී ලංකාව ආයෝජකයින් සමග ඩොලර් බිලියන 2.0 ක පමණ දේපොළ සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් අත්සන් තැබීමට නියමිතව ඇති බවත් ඒ සඳහා බදු සහන ලබාදෙන බවත් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා හෙළිකර තිබේ.
තව කියවන්න
POSTED ON Saturday, November 16, 2013| | Edit Post
ඩේවිඩ් කැමරන්ට කේලම් නොකියූ,රටට ආදරේ ඇති අපේ දෙමල විරුවා - මුරලිදරන්

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතා ශ්‍රි ලංකාවෙන් බිහිවූ සිපිරි දගපන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන් සමග අද (16) පෙරවරුවේදී කොළඹ සී.සී.සී. ක්‍රීඩාංගනයේදී ක්‍රිකට් ක්‍රීඩාකර තිබේ.සී.සී.සී. ක්‍රීඩාංගනයේ ක්‍රීඩකයන්ගේ සැරසීමේ කාමරයෙන් ක්‍රීඩා ඇදුම් ලා ගත් කැමරන් මහතා එහි පිට්ටනියට ගොස් මුරලිගේ පන්දුවලට මුහුණදෙමින් පිත්ත හසුරවා ඇත.පසුව මුරලි සමග සුහද කතාබහකට එක් වූ ඔහු මුරලිගෙන් අවශ්‍ය දෙයක් වෙතොත් කියන්නැයි කියා තිබේ.

"මුරලි පෙරලා ඊට ප්‍රතිචාර දක්වමින් පවසා ඇත්තේ කලක සිටු සිංහල හා දෙමළ ජනයා සාමකාමීව සිටි බවත්, යුද්ධය හේතුවෙන් ඊට යම් පලුද්දක් ඇතිවුද ඉන් පසුව තමා ජනපතිවරයා හමුවූ වස්ථාවලදී ඉල්ලා සිටියේ උතුරු නැගෙනහිර ජනයාට මෙන්ම වතකරයේ දෙමළ ජනයාටද නැගී සිටීමට උදව්කරන මෙන් යැයි ඔහු පවසා ඇත."
තව කියවන්න
POSTED ON Thursday, November 14, 2013| | Edit Post
ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මහින්ද චින්තන රාජ්‍ය ප්‍රතිපත්තියට අනූකූලව දිවි නැගුම ජාතික වැඩසටහන යටතේ ඉදිකරන ලද අපේ ගම හා ලක්සල ප්‍රදර්ශනාගාර සංකීර්ණය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් 13දා පස්වරු 5.00ට බත්තරමුල්ල අපේ ගම පරිශ්‍ර යේ දී විවෘත කෙරේ.

මෙම අවස්ථාවට ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ, සම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ජගත් බාලසූරිය, උද්භිත උද්‍යාන හා පොදු විනෝද කටයුතු අමාත්‍ය ජයරත්න හේරත් මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගිවීමට නියමිතය.

තව කියවන්න
POSTED ON Wednesday, November 13, 2013| | Edit Post
දෛවය වෙනස් කල හැක.

(මෙය Comment ME පේජයේ දිලීප සොයුරා එවන ලද්දකි...)
ඔබ බලාපොරොත්තුවන අනාගතයට අදාල යහපත් ක්‍රියාවේ යෙදෙන්න. 
ඔබේ අනාගතය වෙනස් වනු ඇත. ග්‍රහ තරු තියන තැන් අපිට වෙනස් කරන්න බෑ. 
ඒත් ඒ පස්ගුලි වලට බුද්දිමත් මොලයක් සහිත මිනිසෙක්ව ඉපදුන ඔබේ ජීවිත 
ඉරණම තීරණය කරන්න දෙන්න එපා.

තව කියවන්න
POSTED ON | | Edit Post
ශ්‍රි ලංකාවට අසීමිතව ආදරය කරනා ඉතාලි ජාතික දෙල්ලා පව්ලේරා කාර්ලෝ නාපොලි නගරයේ ජිවත් වන්නෙකි. නාපොලි වෛද්‍ය විද්‍යාලයයේ හිටපු පරිපාලන කළමනාකරු වු කාර්ලෝ මේ වන විට විශ්‍රාමික සුවයෙන් කල් ගෙවයි.ඔහුගේ බිරිඳ මෙයට කලකට පෙර මිය මියගියාය. 2000 වසරේ සිට මේ වන විට 15 වතාවක් තමා ශ්‍රි ලංකාවට ගිය බවත් ඒ සෑම වතාවකම ශ්‍රි ලංකන් ගුවන් සේවයේ ගුවන් යානා පමණක් තමන්ගේ ගමන වෙනුවෙන් යොදාගත් බව කාර්ලෝ කියයි.

‘ මම එහෙම කලේ මගේ ගුවන් ටිකට් පතේ සල්ලි යන්නේ ලංකාවට නිසා. නුවර එළියට මම හරිම ආසයි. නිලාවැලි හික්කඩුව මුහුදු වෙරලටත් ඒ වගේමයි.

තව කියවන්න
POSTED ON Tuesday, November 12, 2013| | Edit Post
ලංකාවේ පළමු වරට මුහුදු රළ උපයෝගී කරගෙන විදුලිය නිපදවීමේ යන්ත්‍රයක්‌ ගාල්ල කලහේ ශ්‍රී සුමංගලෝදය මහා විද්‍යාලයේ ගුරුවරයකු වන ගාමිණී විඡේසිරි මහතා විසින් නිපදවා තිබේ. ඔහු එම විද්‍යාලයේ මෝටර් යාන්ත්‍රික විද්‍යා ගුරුවරයා ද වේ.

මුහුදු රළ මගින් ඇතිවන චලනය උපයෝගී කරගෙන තල බඹරයක්‌ කැරකීමට සලස්‌වා එමගින් විදුලි යන්ත්‍ර ක්‍රියාකරවා විදුලිය නිපදවීම මේ තුළින් සිදුකෙරේ. මෙම යන්ත්‍රය මුහුදු වෙරළේ සිට මීටර් දෙක තුනක්‌ පමණ මුහුදු ජලයේ පාවීමට තබා රළ උපයෝගී කරගෙන විදුලිය නිපදවීම සිදුකෙරේ. සාමාන්‍යයෙන් 4.5 ක වොල්ටීයතාවයකින් යුත් විදුලි බලයක්‌ මේ තුළින් ජනනය කළ හැකි වේ.
තව කියවන්න
POSTED ON | | Edit Post
හම්බන්තොට වරාය හෝ මත්තල ගුවන්තොටුපල තරම් නිශේධාත්මක විවේචන වලට ලක්වූ සංවර්ධන ව්‍යාපෘතියක් මෙතෙක් ශ‍්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක වී නැතැයි පැවසීම අතිශයෝක්තියක් නොවේ. එහෙත් ප‍්‍රසිද්ධියේ එම ව්‍යාපෘති වලට එරෙහිව එල්ල වූ අවලාද වලට සාධාරණ යයි පෙනෙන හේතු තිබෙන බවද පිළිගැනීමට සිදුවේ. එම ප‍්‍රසිද්ධ අවලාද වලට එරෙහිව පිළිගත හැකි මට්ටමේ පිළිතුරු රජයේ පැත්තෙන්ද ඉදිරිපත් නොවිනි. නමුත් රටේ අනාගතය පැත්තෙන් ගත් විට බරපතලම ගැටළුව වන්නේ එම ව්‍යාපෘති වලට එරෙහිව තිරය පිටුපස සිට දියත්වන ආර්ථික ඝාතක කුමන්ත‍්‍රණ එළිදරව් නොවීමය.

හම්බන්තොට වරාය සහ මත්තල ගුවන්තොටුපල එකිනෙක මත වානිජ වශයෙන් සෘජු බලපෑම් සහිතව ක‍්‍රියාත්මක විය යුතු ව්‍යාපෘති දෙකකි. ඇත්තවශයෙන්ම මත්තල ගුවන්තොටුපල ආර්ථික සහ භූ දේශපාලන උපායමාර්ගික වශයෙන් ඵලදායී වන්නේ වරාය එහි උපරිම ධාරිතාවෙන් ක‍්‍රියාත්මක වීම ආරම්භ කෙරෙන විටය. නමුත් වරාය පියවර කිහිපයකින් ක‍්‍රියාත්මක වන දිග් ගැසුනු ව්‍යාපෘතියක් බවට පත්වන තත්වයක් තුල තුවන්තොටුපල නොවැදගත් ආයෝජනයක් ලෙස විවේචනයට ලක් වේ. හම්බන්තොට වරාය එහි උපරිම විභවය අත්පත් කර ගතහොත් එය ලෝකයේ වැදගත්ම වරායවල් 10 ට අයත්වනවා පමණක් නොව කලාපයේ ප‍්‍රධානතම වරාය බවටද පත්වනු ඇත. ඊට අමතරව ඉදිරි වසර 50 කට පසුව බල ශක්ති අර්බුදයට මුහුණදීම සඳහා නිර්මාණය වන මහා පරිමාන නාවික යාත‍්‍රා ඇතුල්විය හැකි කලාපයේ එකම වරාය හම්බන්තොට බවට පත්වනු ඇත. එවිට ජාත්‍යන්තර නාවික මාර්ගයේ නාවික සැතපුම් 12 ක් ඈතින් පිහිටා ඇති පුංචි කොළඹ වරාය එම මාර්ගය ඇසට පෙනෙන දුර පිහිටි හම්බන්තොට යෝදයා අභියස අඟුටු මිට්ටකු බවට පත්වනු ඇත.

තව කියවන්න
POSTED ON Monday, November 11, 2013| | Edit Post
පොදු රාජ්‍ය මණ්ඩල උළෙල වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් නව ව්‍යාපෘති හතරක්  විවෘත කරන ලදී.
හම්බන්තොට සිරිබෝපුර ප්‍රදේශයේ අක්කර 28ක භූමියේ ඉදිකල රුහුණු මාගම්පුර අන්තර්ජාතික සම්මන්ත්‍රණ මධ්‍යස්ථානය ජනාධිපතිවරයා විසින් විවෘත කළේ තවත් ප්‍රභුන් රැසකගේ සහභාගීත්වයත් සමඟිනි.

එය ආසන 1,500කින් සමන්විත ප්‍රධාන ශාලාවකින්, ආසන 250කින් යුත් අනු ශාලා 3කින්. ඊට අමතරව කුඩා කමිටු ශාලා 10කින්ද සමන්විත වේ.

එකවර වාහන 800ක් ගාල් කල හැකි මෙහි හෙලිකොප්ටර් අංගනයක්ද ඉහිටුවා ඇත. මේ මස 10 වන දින සිට 14 වනදා දක්වා පොදු රාජ්‍ය මණ්ඩල තරුණ සමුළුව මෙහි පැවැත්වේ. සම්මන්ත්‍රණ ශාලාව විවෘත කිරීමෙන් පසු මාතර හම්බන්තොට වැල්ලවාය මාර්ගයේ සිරිබෝපුර මංසන්ධියේ ඉදි කළ නව ගුවන්පාලමක්ද ජනාධිපතිවරයා විසින් විවෘත කරන ලදී. ඒ සඳහා වැය කෙරුණු මුදල රු. කෝටි 267කි .
තව කියවන්න
POSTED ON | | Edit Post

පොදු රාජ්‍ය මණ්ඩල උළෙල වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් නව ව්‍යාපෘති හතරක්  විවෘත කරන ලදී.

හම්බන්තොට සිරිබෝපුර ප්‍රදේශයේ අක්කර 28ක භූමියේ ඉදිකල රුහුණු මාගම්පුර අන්තර්ජාතික සම්මන්ත්‍රණ මධ්‍යස්ථානය ජනාධිපතිවරයා විසින් විවෘත කළේ තවත් ප්‍රභුන් රැසකගේ සහභාගීත්වයත් සමඟිනි.

එය ආසන 1,500කින් සමන්විත ප්‍රධාන ශාලාවකින්, ආසන 250කින් යුත් අනු ශාලා 3කින්. ඊට අමතරව කුඩා කමිටු ශාලා 10කින්ද සමන්විත වේ.

එකවර වාහන 800ක් ගාල් කල හැකි මෙහි හෙලිකොප්ටර් අංගනයක්ද ඉහිටුවා ඇත. මේ මස 10 වන දින සිට 14 වනදා දක්වා පොදු රාජ්‍ය මණ්ඩල තරුණ සමුළුව මෙහි පැවැත්වේ. සම්මන්ත්‍රණ ශාලාව විවෘත කිරීමෙන් පසු මාතර හම්බන්තොට වැල්ලවාය මාර්ගයේ සිරිබෝපුර මංසන්ධියේ ඉදි කළ නව ගුවන්පාලමක්ද ජනාධිපතිවරයා විසින් විවෘත කරන ලදී. ඒ සඳහා වැය කෙරුණු මුදල රු. කෝටි 267කි .
තව කියවන්න
POSTED ON | | Edit Post

අහුංගල්ලේ පිටියගේ ජයසේන මහතා 1995 වසරේ සිට කළ පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස දියවැඩියාව, තරබාරුව, කොලෙස්ටරෝල් වැනි රෝග තත්ත්ව සඳහා කුරුඳු සහ මී පැණි මිශ්‍රණයෙන් බෙහෙත් පෙත්තක් නිෂ්පාදනය කර තිබේ.

ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය ද, එස්.එල්.එස්. සහතිකයද හිමිව ඇතැයි කියන එම බෙහෙත් පෙත්තේ විශ්කම්භය අඟල් 12කි. උස අඟල් 2 1/2කි. බර කිලෝ ග්‍රෑම් 4කි.

තව කියවන්න
POSTED ON Saturday, November 9, 2013| | Edit Post
මයික්‍රොසොෆ්ට් OEM ශ්‍රි ලංකා හවුල්කරු ඊ-විස් සමාගමේ ශ්‍රි ලංකාවේ ප්‍රථම පරිඝණක එකලස් කිරීමෙ කම්හල හම්බන්තොට, සූරියවැව දී 2103 නොවැම්බර් 8 දින ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් විවෘත්ත කලා. අපෙ මවුබිම තොරතුරු තාක්ෂණයේ කේන්ද්‍රථානයක් වීමට මෙය ආරම්භයක් වෙනු ඇත්..

ඊ-විස් සමාගමේ "අපට අපේ පරිඝණකයක්" වඩසටහන මෙහි තෙමාවයි.. ඇපි අපේ දේ අගය කරමු...

අපට අපේම රටේ නිශ්පාදිත පරිගනකයක් පාවිචි කිරීමට හැකිවන දිනය  වැඩි ඈතක නොවේ.නුදුරු අනාගතයේදීම අපට අපේම රටේ නිශ්පාදිත ලැප්ටොප්,ටැබ්ලට්,ෆෝන්,ඩෙස්ක්ටොප් පරිගනකයක් පාවිචි කිරීමට හැකිවනු ඇත.

අතුරු කතාවක් - (ඉංදියානු හීරෝ සමාගම හා ජපාන හොන්ඩා සමාගම එක්වී මෙයාකාරයෙන්ම හවුලේ මෙහෙයුම් කර අතර, ලොව දැවැන්ත හොන්ඩා සමාගමෙන් තාක්ශනික ඥානය ලබාගත් හීරෝ සමාගම අද තම මෙහෙයුම් තනිව සිදුකරයි..සෝනි එරික්සන් සමාගම් වල කතාන්දරයද මෙයට සමාන වේ.. - අපගේ මයික්‍රෝ කාර් සමගමද මේ ආකාරයෙන්  චීන ගීලී සමාගම සමග එක්වකටයුතු කරන අතර, එය අනාගතයේදී 100%  ලංකාවේ නිපදවන ලද වහනයක් දැකීමේ මූලාරම්බය වේ.(දැනට දායකත්වය 35% අමන වේ.)

මයික්‍රොසොෆ්ට් OEM ශ්‍රි ලංකා හවුල්කරු වන ඊ-විස් සමාගමද මේ මුල පුරන්නේ එවැනිම යෝද ගමනක් යාමේ මූලික පියවරයි... අපේ දේ අගයන ඔබ සැමගේම යුතුකම ඔවුන්ගේ ගමනට සහය දීමයි.
තව කියවන්න
POSTED ON | | Edit Post
යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී අනතුරට ලක්වූ අට හැවිරිදි පාසල් දැරියකගේ දකුණු පාදය වළලුකර ප්‍රදේශයෙන් වෙන්වී සමෙන් එල්ලෙමින් තිබියදී විස්මිත නහර බද්ධ කිරීමේ සැත්කමකින් පසු එම දැරියගේ පාදය යළි ප්‍රකෘති තත්ත්වයට පත්කිරීමට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වකුගඩු හා නහර බද්ධ කිරීම පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය රංජුක උබේසිරි මහතා ඇතුළු වෛද්‍යවරු කණ්ඩායමක් සමත් වූහ.

මේ දැරිය පාසලේ සිට තම මව හා සීයා සමඟ යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී දැරියට නින්ද යෑමෙන් ඇගේ දකුණු පාදය යතුරුපැදියේ පසුපස රෝදයට හසුවී තිබේ. පාදය පසුපස රෝදයට හිරවීම නිසා යතුරුපැදිය පැදවූ සීයා එය නතරකොට සොයා බැලීමේදී දැරියගේ වම් පාදය වළලුකර ප්‍රදේශයෙන් වෙන්වී සමෙන් එල්ලෙමින් තිබෙනු දැක ඇත.
තව කියවන්න
POSTED ON | | Edit Post
ශ්‍රී ලංකාවෙන් Android මෙහෙයුම් පද්ධති සහිත ජංගම දුරකථන සඳහා හඳුන්වාදෙන නවතම Mobile game එකක් තමයි Owy . මෙම game එක නොමිලයේ පරිශීලකයීන් හට ලබාගැනීමේ හැකියාව දැන් තියෙනවා . මෙම game එකේදී ඔබට හැසිරවීමට ලැබෙන්නේ Owy නම් කුඩා කුරුල්ලෙක්. මෙම game එකේ අරමුණ වන්නේ Owy ට සතුරු කුරුල්ලන් මගහැර හැකිතාක් දුර පියාසර කිරීමට සැලැස්වීමයි . මෙම game එක වයස් භේදයකින් තොරව ලොකු කුඩා සෑම අයෙකුටම එකසේ රස විඳියහැකි ආකාරයකින් නිපදවා ඇත . මෙහි ඇති තවත් විශේෂ පහසුකමක් වන්නේ ලොවටම පෙනෙන සේ තම ලකුණු පළ කළහැකි Leader Board එකක්ද ඇතුලත්ව තිබීමයි.

තව කියවන්න
POSTED ON Friday, November 8, 2013| | Edit Post
Guinness Wedding by Champi Siriwardana

එක් මනාලියකට සිටින වැඩිම දෙවැනි මනාලියන් ගණනකට හැඩගැන්වීමේ ලෝක වාර්තාවට අද දිනයේ දී හිමිකම් කීමෙන් පසුව රූපලාවන්‍ය ශිල්පිනී චම්පි සිරිවර්ධන මහත්මිය ගිනස් ලෝක වාර්තා සම්මානය ගිනස් වාර්තා කමිටු නිලධාරිනී සීඩා සුබාසි ජෙමිසි අතින් ලබාගත්තේය. ඇය මෙම ගිනස් වාර්තාව තැබුවේ නිසංසලා සහ නලින් මනාල යුවළගේ විවාහයේ දී යි. මෙහිදී චම්පි සිරිවර්ධන අතින් දෙවැනි මනාලියන් 126, දෙවන මනාලයන් 25, මල් කුමාරයන් 20ක්, මල් කුමාරියන් 23ක් හැඩගැන්විණ.
තව කියවන්න
POSTED ON Thursday, November 7, 2013| | Edit Post
අලුතෙන් ආරම්භ කල වෙබි අඩවිය සදහා නවක රචකයන් අවෂ්‍යව තිඛෙ.

මෙය කා සදහා ද?
01. බිලොග් අඩවියක් නැති,වෙබ් අඩවියක් නැති හැමොටම තමන්ගෙ නමින් ලිපි ලිවීමෙ හැකියාව....02. බිලොග් අඩවියක් ඇති,වෙබ් අඩවියක් ඇති හැමොටම තමන්ගේ ලිපි ප්‍රසිද්ද කරවා ගැනිමෙ හැකියාව....03. අවසානයේ කියවා දැනුම සොයන අය සදහා.......

ඔබට මෙමෙ  www.kopikade.info වෙබි අඩවිය තුල ඔබට පළ කර හැකි දෑ?
තව කියවන්න
ඔන්න ඔයාල ට මම පොරොන්දු උනාවගේ වැඩේ පටන් ගන්න මුල..පුරන්න හිතුන..මෙතැනදී මම ඔයාලට කියල දෙන්න යන්නේ කොහොමද මුල ඉදන්ම සරලව android app එකක් සංවර්ධනය කර ගන්න මුල පුරන්නේ කියල. මේ කියල දෙන පාඩම් ටිකත් එකක්ම ඔයාලට දිගටම රැදෙන්න පුළුවන් අපේ අනෙකුත් පාඩම් එක්කත් ඕනෑම වේලාවකදී ඇති වෙන ප්‍රශ්න මගෙන් විමසන්න කියලත් යහළු යෙහෙළියන්ගෙන් ඉල්ලා සිටිනවා.ගන්න දේශීය දේ පිටුව සමග එකතු වෙලා හිටියොත් දිගටම මේ දේවල් ඔයාලට දන ගන්න පුළුවන් ඉස්සරහට..
තව කියවන්න
අපිට කවදත් අපේම භාෂාවෙන් අලුත් දේවල් දෙන භාෂා ලංකා සමාගමට පසුගියදා දෙවසරක් සපිරුණා. ඒ නිමිත්තෙන් ඔවුන් නැවතත් අපිට අලුත් නිපැයුමක් තිලිණකර තිබෙනවා.

මෙතෙක් ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් සහ ඇපල් ඇප්ස් පමණක් අප වෙත තිලිණ කළ ඔවුන් දැන් අපේම භාෂාවෙන් සේවාවන් සපයන වෙබ් අඩවි නිර්මාණකරණයටත් පිවිසිලා. ඔවුන්ගෙ 2 වැනි උපන්දිනය වෙනුවෙන් තිලිණ කළ මේ නිර්මාණය එවැන්නක්. 

"Bhasha සිංහල - ඉංග්‍රීසි ශබ්දකෝෂය" ලෙස නම් කර ඇති මෙමඟින් ඉංග්‍රීසි වචන වල සිංහල තේරුම් මෙන්ම ඉංග්‍රීසි වචන වල සිංහල තේරුම් ද ලබාදෙනවා. උසස් නිමාවක් සහිතව ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිමවා ඇති මෙම ශබ්දකෝෂය අනෙකුත් සිංහල ඉංග්‍රීසි වෙබ් ශබ්දකෝෂ අභිබවමින් සුවිශේෂී සේවාවන් රැසක් සපයනවා.
තව කියවන්න
POSTED ON | | Edit Post
ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සඳහා සත්කාරක රට ලෙස සියළු කටයුතු සම්පාදනය කරමින් උත්කර්ෂවත් ලෙස එය පැවැත්වීමට මේ වන විට සියළු කටයුතු සිදුවෙමින් පවතී. මෙම අවස්ථාව ශ්‍රී ලංකාවට ලැබුනේ පළමු වතාවට වන අතර ආසියානු රටක් පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවක සත්කාරකත්වය දරන්නේ වසර 24 ක් වැනි දීර්ඝ කාලයකට පසුව වීම ද විශේෂත්වයකි. ශ්‍රී ලාංකිකයන් ලෙස අප මහත් සතුටට හා ආඩම්බරයට පත් විය යුතු අවස්ථාවක් වන මෙම සමුළුව වෙනුවෙන් විවිධ එළි දැක්වීම් මේ වන විටත් සිදුකර ඇති අතර ඉදිරියටත් සිදුකෙරනු ඇත. පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව උදෙසා තේමා ගීත, සමරු කලාප, පොත් පත්‍රිකා මුද්‍රණය ආදී කටයුතු සිදු කෙරෙමින් පවතින අතරතුරදී ඒ වෙනුවෙන් නිර්මාණය වුනු නවතම ආකාරයේ එළි දැක්වීමක් ගැන ඔබට කියන්නයි මේ සූදානම…
තව කියවන්න
දිනෙන් දින ඇති වෙන තාක්ෂණික විප්ලවයත් එක්ක අපේ රටත් තරග කාරී විදිහට ඉදිරියට යමින් ඉන්නවා.කවදත් අලුත් ම දෙයක් ඔයාලට ගෙන්න හදන ගන්න දේශීය දේ  කණ්ඩායම අලුත්ම වැඩකට අත ගහන්නයි සැරසෙන්නේ.මින් ඉදිරියට ඔයාලට අපි එක්ක එකතු වෙලා  රොබෝ තාක්ෂනය ගැන,Android ගැන,PIC Program ගැන , වගේම අලුතෙන්ම ලෝකෙට එන, ඇවිත් තියන දේවල් ගැන දැනුවත් වෙන්න ඉගෙන ගන්න කතා කරන්න පුළුවන්.ඔයාලට කරන්න තියන්නේ දිගටම අපි එක්ක එකතු වෙලා ඉන්න එක.මෙහිදී අපේ අරමුණ වෙන්නේ අපේ ශ්‍රීලංකාව තුල දේශීයත්වයට මුල් තැන දෙමින් රටට අඩුවක්ව පවතින නවමු නිර්මාණ කරැවන් බිහිකිරීමයි.

මේකට තියන ආරම්භක පියවරක් විදිහට මම ඔයාලට මෙන්න මේ ලිපි පෙළ ගෙන එන්නම්..

අරුම පුදුම මිනිස් රොබෝ අපේ යහළු Asimo.
තව කියවන්න
POSTED ON | | Edit Post
ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් ලංකාවේ නමගිය නිමි ඇඳුම් සාප්පු සංකීර්ණයක් වූ " හවුස් ඔෆ් ෆැෂන්" බොරැල්ලේ අලූත්ම ස්ථානයේ විවෘත කරනු ලැබුවා. දකුණු ආසියාවේ විශාලතම තනි පුද්ගල හිමිකම ඇති ඇඳුම් සාප්පුව ලෙස ලංකාවට ආඩම්බරය ඇති කර තිඛෙන හවුස් ඔෆ් ෆැෂන් ප්‍රීති ජයවර්ධන ව්‍යාපාරිකයාට හිමි තනි පුද්ගල ව්‍යාපාරයකි. වෘත්තියෙන් නාවිකයෙකුව සිටි ඔහු එම වෘත්තිය අතැර මුල්වරට මෙම සාප්පුව 1992 දී වැල්ලවත්ත ප්ලාසාහි වර්ගමීටර 400 ක කුඩා බිම් කඩක අරඹා තිබුණා. 
තව කියවන්න
POSTED ON Tuesday, November 5, 2013| | Edit Post
පොල්තෙල් යනු ශ්‍රී ලාංකිකයන්ගේ ආහාර සංස්කෘතියත් සමග එකට බැඳුනකි. එය දේශීය ආහාර හා ආහාර සැකසීමේදී දෙවැනි වනුයේ සහල් වලට පමණි. ආයුර්වේදයේදී ද බොහෝ තෙල් වර්ග සැකසීමේදී ප්‍රධාන වන්නේ පොල්තෙල්ය. නැතහොත් පොල් කිරිය. අපේ එදිනෙදා ආහාරයේදී, හොද්දට මාළුවට, බැදුමට, නියඹලාවට, මැල්ලුමට, සම්බෝලයට පොල් හෝ පොල් යහමින් භාවිතා කරයි. එමෙන්ම කිරි බතටද යොදන්නේ පොල්කිරිමය. ඒ හැරුණුකොට අපගේ ආහාර සංස්කෘතියේ සියලු අතුරුපස පාහේ පොල්තෙල්වලින් බදින ලද ආහාර වේ. ඒවා අතර කැවුම්, කොකිස්, මුං අලුවා, ආස්මි, දොදොල්, පැණි වළලුද යන අතුරුපස ප්‍රධාන තැනක් ගනී.

කුඩා කල ළදරුවන්ට උණු උණු කැකුළු බතට ලුණු හා පොල්තෙල් අනා කෑමට දීම අප කුඩා කල රස බැලූ මිහිරි අත්දැකීමකි. හදිසියේ සීරීමක්, තැල්මක් හෝ කුඩා සතෙකු (මී මැස්සෙකු, කූඹියෙකු, කඩියෙකු) කෑමෙන් හෝ දළඹුවෙකු වැදුනහොත් හෝ කහඹිලියා වැදීම නිසා එන පලු නැගීම හා කැසීම නැවතීමට ගාන්නේද පොල්තෙල්ය. මේ හැරුණුකොට හිසට පොල්තෙල් ගෑම අපගේ ස්වස්ථතා සංස්කෘතියේ හිස හා කොණ්ඩය ආරක්ෂා කිරීමේ ප්‍රබලම ඖෂධය වේ. පොල්තෙල් මගින් කෙස් වර්ධනය, ශක්තිය වැඩිකරන අතර හිස් කබලේ බොහෝ රෝග දුරලන මහෝෂධයක් වන්නේ පොල්තෙල්ය.
තව කියවන්න
මේ තරම් සියුමැලි ද කළුගල්....
සිතන්නටවත් බැරි නිසා....
මම ගියා අවුකන බුදුන්ටත්....
දෑස් දුන් මිනිසා සොයා....

මියුරස ගීතයක උපත....

අපි කාටත් ජීවිතේ කලින් කලට දුක් කම්කටොළු විඳින්න සිද්ධ වෙනවා. එක තමයි ජීවිතේ හැටි. 90 දශකයේ මුල් භාගයේ කොළඹ විශ්වවිද්‍යාලයේ ඉගෙන ගනිමින් හිටපු රජීටත් එහෙම කාලයක් ආවා. ඒ අත්දැකීමට මුහුණ දෙමින් ඉන්න අතරේ දවසක් රජීගේ කවි සිත අවදි වුණා. ඔහු කොළ කැබැල්ලක් අරගෙන ඒ අදහස් වචනවලට පෙරළුවා.
මොන විදියේ දුකක් දරාගෙන හිටියත්, අද අපට අහන්න සිදු වෙලා තියෙන විදියේ සින්දු විලාප, බයිලා අඳෝනා බවට පත් කරන්නේ නැතුව, ඉතා උසස් නිර්මාණයක් හැටියට ඒ වචන ටික පෙළගස්වන්න රජී සමත් වුණා. සංවේදී සිතක් තිබුණු නිසා, පොදුවේ කලාකරුවා මුහුණ දෙමින් සිටින ජීවන අත්දැකීමක් විදියට ඒ වේදනාව විඳ ගන්නත් රජීට පුළුවන්කම ලැබුනා.
තව කියවන්න
දුරකථනයෙන් වැඩ ගන්............................න
දුරකථන නිති කියවන්...............................න

ඔව් දැන් දු.ර.ක.ථ.න.යෙ.න්.ම කියවන්නන 
දුරකථන පාඨක ඔබත් අපත් යා කරන ඩිජිටල් පාලම 



පලමුව මෙම ගෘපයට ඇතුලු වන්න , නවතම විස්තර ඇසිල්ලකින් දැනගන්න 



අපි ජීවත් වෙන්නේ අධි තාක්ෂණික සමාජයක. ඉතින් වෙනස් වන ලෝකයේ අපිටත් ඒ වේගයෙන්ම වෙනස් වන්නට වෙලා තියෙනවා. ඒත් ප්‍රශ්ණෙකට තියෙන්නේ අළුත් වෙන තාක්ෂණය ගැන අපි දැන ගන්නේ ගොඩාක් පරක්කු වෙලා. ඇයි එහෙම වෙන්නේ ? හේතුව, අළුත් තොරතුරු සිංහලෙන් දැන ගැනීමට බැරිකම තමයි…
තව කියවන්න
‘‘මඟ සිටියොත් තෝ නසී. ගෙදර ගියොත් අඹු නසී” යන පැරණි කියමන නැවතත් අපට සිහිගන්වන සිදුවීම් මාලාවක් දැන් අප ඉදිරියේ දිස් වන්නට පටන් ගෙන ඇත. පසුගිය සති කීපය තුළ මා හා කතා කළ බොහෝ දෙනෙකුගේ වදන්වල ගැබ් වී තිබුණේ මෙම පැරණි කියමනට ගැළපෙන අදහසකි.

ඔවුන් බොහෝ දෙනෙක් ඇසුවේ ‘‘අපට දැන් බියක් සැකක් නො මැති ව කන්නට ඉතිරිව තිබෙන්නේ මොනවා ද?” යන ප‍්‍රශ්නයයි. මෙය සාධාරණ ප‍්‍රශ්නයකි. එසේ ම ‘හරිත විප්ලවය’ නම් වූ ඓතිහාසික ප්‍රෝඩාවේ තවත් මහඟු ඵලයකි. රසායන යෙදවුම් යෙදූ අප කන සහල්වලත්, එළවළුවලත් රසායනික ශේෂයන් නිසා නොයෙකුත් රෝගාබාධවලට ගොදුරු වන බව නවීන යැයි කියාගන්නා විද්‍යාව විසින් ම ඔප්පු කර ඇත. පාන් පිටි ආහාර නිසා දියවැඩියාව, අධික තරබාරුව වැනි ආබාධ ඇති වන බව පෝෂණ විද්‍යාඥයෝ ම කියති.

ඞීසීඞී (DCD) යනු නවසීලන්තයේ තණබිම්වලට යොදන හෝ කිරිවලට ඍජුව ම එක් කරන රසායනික ප‍්‍රතිකාරයකි. සකලවිධ පෝෂණ ගුණයන්ගෙන් යුතු යැයි වාණිජ ව්‍යාපාර විසින් ප‍්‍රචාරණය කරනු ලබන ඇතැම් සමාගම්වල කිරි ආශ‍්‍රිත නිෂ්පාදනවල ඞීසීඞී නමැති අහිතකර රසායනය අඩංගු වී ඇති නිසා ඒවා පරිභෝජනය නො කළ යුතු යයි රජය විසින් ම මෑතක දී නිවේදනය කරන ලදී.
තව කියවන්න
POSTED ON | | Edit Post
මැලේසියාවේ ක්වාලාලාමුපුර් හි පැවැති 17 වන ආසියානු පැසිපික් කොණ්ඩා මෝස්තර ඔලිම්පික් තරගාවලියේ දී රටවල් 22 කින් ඉදිරිපත් වු 58 දෙනකු පරදවා අනුශූරතාව දිනා ගැනීමට පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ඔෂිනි අනුත්තර පුංචිහේවා සිසුවිය සමත් වුවාය. සැඳෑසමයට දර්ශනීය කොණ්ඩා මෝස්තරයක් ඉදිරිපත් කළ ඇයගේ ජයග්‍රහණය වෙනුවෙන් ඇමරිකා ඩොලර් 750ක් හිමි විය.
තව කියවන්න

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews