POSTED ON Monday, March 31, 2014| | Edit Post
වයසින් මුහුකුරා ගියද හිතින් තරුණයින්ටත් වඩා තරුණ අතිවිශිෂ්ට සංගීතඥයෙක් ලංකාවේ සිටිනවානම් ඒ අමරදේව මාස්ටර් පමණක්ම විය යුතුය. 
ඇතැම් ප‍්‍රවීන කලාකරුවන් තරුණයින් තමන්ගේ ගීත තරුණයින් ගායනා කරනවා යැයි නඩුමගටද බසින කාලයේ අමරදේවයන් තමන්ගේ ගීත තරුණයින් විකෘති කර ගායනා කිරීම පිළිබදව කතාකරන්නේ සිනාමුසුවය. ඒ ඔහුගේ පරිණතභාවය විය යුතුය. අප මේ කියන්නට හදන්නේ එක්තරා සංගීත ප‍්‍රසංගයක් අතරතුර "පෙරදිනයක මා පෙම්කල යුවතිය" නම් අමරදේවයන්ගේ ජනප‍්‍රිය ගීතය පිළිබදව ඔහු තැබූ පෙරවදනක් සම්භන්ධයෙන්ය. 
පේරාදෙණිය විශ්ව විද්‍යාල සිසුන් එම ගීතයට ඔවුන්ගේ වචන යොදා වෙනස් කර සාදා තිබූ නව නිර්මාණයක් මාස්ටර්ටද අසන්නට ලැබුණාලු. ඊට අමතරව එම ගීතයම කැළණිය විශ්ව විද්‍යාල සිසුන්ද වෙනස් කර ගායනා කලාලු. 
තව කියවන්න
POSTED ON Saturday, March 29, 2014| | Edit Post
දවසේ එදිනෙදා සිදුවන සිදුවීම් ඔබේ ජීවිතයට කෙසේ බලපාන්නේද? හොද හෝ නරක සියලු දේ තුලින් ඔබ යමක් ඉගෙන ගන්නේද? වරක් කරපු වැරැද්දක් නැවතත් කරන්නේද? ජීවිතේ සිදුවන සිදුවීම් නිසා ඔබ ඉන්නේ පීඩනයකින්ද? මේ සියලු දේ එකම තැනකින් බලාගැනීමට මෙන්ම. ජීවිතේ උගත් පාඩම් තුලින් අනාගතය සාර්ථක කරගැනීමට පහසු විදියක් තිබේද?

කොටින්ම කිවහොත් ජීවිතය සමබරව තබාගැනීමට පහසු විදියක් ගැන සිතීමට කාලය ඇවිත්. එදිනෙදා ජීවිතයේ සිදුවන වෙනස්වීම් පහසුවෙන් නිරීශණය කල හැකි ඇප් එකකි LiveZen. පහසුවෙන් තමුන්ගේ feeling changes බලා ගැනීමට මෙන්ම සමස්තයක් වශයෙන් දවස සාර්ථකද අසාර්ථකද යන්න බැලීමට හැකි දිනපොතක් ලෙසද මෙය භාවිතා කල හැක.


දවසේ feelings වල වෙනස්වීම් monitor කිරීමට හැකි app එකකි. දැනට Windows Phone සහ Windows 8.1 apps නිකුත් කර තිබේ. reviews 250කට අධික ගනනකින් rating 5න් 4.5ක් ලැබී ඇත.

Windows Phone App Url:
තව කියවන්න
POSTED ON Friday, March 28, 2014| | Edit Post
පුද්ගලයන් 239 දෙනෙකු සමග මීට සති තුනකට පෙර අතුරුදන් වූ මැලේසියානු ගුවන් සේවයට අයත් MH370 යානය මුහුදු පතුලේ සැඟවී ඇති ස්ථානය ජාත්‍යන්තරයට සලකුණු කර පෙන්වීම ශ්‍රී ලාංකීය සාගර විද්‍යාඥයෙකු වන මහාචාර්ය චරිත පට්ටිආරච්චි මහතාසමත්ව සිටියි. මහාචාර්යවරයාගේ අදහසට අනුව යමින් ලෝකයේ රටවල් රැසක පිරිස් මේවනවිට යානය සෙවීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටිති.
තව කියවන්න
POSTED ON Wednesday, March 26, 2014| | Edit Post
වයඹ පළාතේ පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටි කල්පිටිය අර්ධද්වීපය මහ සයුරිනුත් කලපුවෙනුත් වට වී තිබේ. දිගින් කිලෝමීටර හතළිහකින් සහ පළලින් කිලෝමීටර දෙකකින් යුතු මෙම අපූරු අර්ධද්වීපය නිර්මාණය වී ඇත්තේ අවසාධිත හුණු ගල් තට්ටුවක් මත රෙගසෝල්ට් මිශ්‍ර වැලි තැන්පත්වීමෙනි. මෙහි ජල මට්ටම, පොළොවේ සිට මීටරයකට නුදුරින් පිහිටා ඇත. වසර පුරාම දැඩි හිරු කිරණින් යුතු දේශගුණයක් පවතින කල්පිටියේ වැලි පොළොවට අවශ්‍ය සාධක සැපයූ විට නොවැඩෙන බෝගයක් නොමැත.
තව කියවන්න
POSTED ON Friday, March 21, 2014| | Edit Post
මොරටුව විශ්ව විද්‍යාලය නියමුවන් රහිත තවත් ගුවන් යානයක් අත්හදා බලයි. රාවන් ලෙස නම්කර ඇති මෙම යානය ගුවන්ගත කිරීමේ බලපත‍්‍රය ලබාගැනීම සඳහා අයදුම්කර තිබේ. සිවිල් ආරක්ෂක අමාත්‍යාංශයෙන් හා ගුවන් හමුදාවෙන් බලපත‍්‍රය ලැබූ වහාම රාවන් යොදා ගුවනේ සිට දත්ත ලබාගැනීම් ආරම්භ කරන බව මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ මහාචාර්ය සුදත් රෝහණ මුණසිංහ මහතා පවසයි.
තව කියවන්න
POSTED ON Monday, March 17, 2014| | Edit Post
උපුටා ගැනීම- SLTB buses - ශ්‍රී ලංගම බස්

Ceylon Transport Board (CTB / now SLTB) Central Workshop, Werahara in 1960's (The photo is copyright to the respective photographer) -- වේරහැර පිහිටි ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලංගම / වත්මන් ශ්‍රී ලංගම) මධ්‍යම වැඩපොළේ බඳ සැකසුම් අංශයේ, 1960 දශයේ මැද භාගයේ ලබාගන්නා ලද ඡායාරූපයකි. 


තව කියවන්න
POSTED ON | | Edit Post
ඔබගේ විවිධ කටයතු සදහා හිරු උදාවන හා බැසයන වේලාවන් උවමනා වන අවස්ථා තිබෙනවා. මෙම මෘදුකාංගය මගින්  ලංකාවේ හිරු උදාවන හා බැසයන වේලාවන් ඕනෑම දිනයක් සදහා බලා ගත හැකියි. 
මේ App එක Install කිරීමකින් තොරවම open කර ගත හැකියි. ඉතාම කුඩා App එකකි. ඩබල් ක්ලික් කලාම open වෙනවා. සිංහල මෘදුකාංගයකි. Download Link
තව කියවන්න
POSTED ON Saturday, March 15, 2014| | Edit Post
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල සිට මාතර දක්වා කොටස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් අද (15) පස්වරුවේ විවෘත කෙරුණා. පින්නදූව පිවිසුමේ පැවති සර්ව ආගමික වතාවත් වලින් අනතුරුව ජනාධිපතිවරයා විසින් අධිවේගී මාර්ගය විවෘත කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. ජනාධිපතිවරයා අධිවේගී මාර්ගය විවෘත කරමින් මෝටර් රථයක නැගී පින්නදූව පිවිසුමේ සිට මාතර - ගොඩගම දෙසට ගමන් කළා. 
තව කියවන්න
POSTED ON | | Edit Post
“රූ පරිගණක” සඟරාව යනු, මුද්‍රිත පොතක් සහ DVD තැටියක් සමගින් පළ කෙරෙන ලංකාවේ එකම තොරතුරු තාක්ෂණ සඟරාවයි. බහුමාධ්‍ය අන්තර්ගතයක් සහිතව, දැවැන්ත තොරතුරැ සමුදායක් සමගින්, පරිගණක, සන්නිවේදන, විද්‍යා හා තාක්ෂණ යන ඉතා පුළුල් විශයය පරාසයක් ඔස්සේ සෑම මසකම රූ පරිගණක සඟරාව පාඨකයා අතට පත්වෙයි. 2007 වසරේ ජූලි මස නිකුත් කරන ලද මංගල කලාපයේ සිට මේ දක්වාම අඛණ්ඩවම පාඨකයින් අතරට පත්වූ රූ පරිගණක සඟරාව 2014 මාර්තු වන විට කලාප 81 ක් නිකුත් කර තිබේ.
තව කියවන්න
POSTED ON Tuesday, March 11, 2014| | Edit Post
මෙම මෘදුකාංගය Install නොකර භාවිතා කල හැකිය,මෙය මගින් ලෝකයේ රටවල් වල අගනුවර වල් සොයා ගත හැකිය.මෙහි Screen Shot පහත දැක්වේ.මෙහි සිංහල අකුරු පෙන්වන්නේ නැත්නම් මෙය සමග ඇති FONT ටික  Install කර ගන්න.  
තව කියවන්න
POSTED ON Friday, March 7, 2014| | Edit Post
ලංකාවේ තුන්වැනි අධිවේගී මාර්ගය වන කොළඹ පිටත වට රවුම් මාර්ගයේ 1 අදියර වන ලබන සෙනසුරාදා (8) විවෘත කිරීමට නියමිතය. එලෙස කොට්ටාව සිට කඩුවෙල දක්වා විවෘත කිරීමත් සමඟ දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිට කඩුවෙල දක්වාම පැමිණීමට හැකිය. 2015 වන විට මෙම මාර්ගය කඩවත දක්වාත්, 2016 වන විට කොළඹ - කටුනායක අධිවේගී මඟට සම්බන්ධ වී කෙරවළපිටිය දක්වාත් පැමිණිය හැකිය. විවෘත කිරීමට නියමිත මාර්ගයේ ජායාරූප එකතුවක් පහතින්
තව කියවන්න
POSTED ON | | Edit Post
උතුරු දුම්රිය මාර්ගයේ තවත් ප්‍රධාන සන්ධිස්ථානක් වූ පලෙයි දුම්රිය ස්ථානයට අද (04දා) ප්‍රථම වතාවට කිලිනොච්චියේ සිට යාල්දේවි දුම්රිය ගමන් කරවිය.
ඒ අනුව පරන්තන් අලිමංකඩ හා පලෙයි දුම්රිය ස්ථාන ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.
කිලිනොච්චිය දුම්රිය ස්ථානය පසුගිය සැප්තම්බර් මස 14 වැනිදා ජනාධිපතිවරයා විසින් විවෘත කරමින් කියා සිටියේ, එලඹෙන සිංහල දෙමළ අලුත් අවුරුද්ද වන විට යාපනය දක්වා යාල්දේවි දුම්රිය ගමන් කරවන බවයි.
තව කියවන්න
POSTED ON Wednesday, March 5, 2014| | Edit Post
ලෝකයේ උසම උද්‍යානය සහිත ගොඩනැඟිල්ල 2015 අවසානයේදී ලංකාවේ විවෘත කිරීමට නියමිතය.

Clearpoint Tower ලෙස හඳුන්වන එය මහල් 46කින් සමන්විත වන අතර කොට්ටාව, රාජගිරිය මායිමේ මේ වනවිට ඉදිවෙමින් පවති.

මීට පෙර World's tallest vertical garden ලෙස එම වාර්තාවට උරුමකම් කියනු ලැබූවේ මහල් 26කින් යුත් Milan හි පිහිටි Bosco Verticaleගොඩනැඟිල්ලයි.


රාජගිරියේ ඉදිවන මෙම ගොඩනැඟිල්ලේ ඇති විශේෂත්වය වන්නේ වීදුරු වලින් තොරව හිරු එළිය හා සුළඟ ඇතුලට එන ස්වභාවික ආකාරයෙන් බැල්කනි, ඉස්තෝප්පුව හා මුළුතැන්ගෙය ඉදිකර තිබීමයි.

තව කියවන්න
POSTED ON Saturday, March 1, 2014| | Edit Post
රියදුරන් නොමැතිව ද දුම්රියක්‌ ඉබේ ධාවනය වූ අපූරු පුවතක්‌ ගැන පසුගිය දිනක අසන්නට ලැබිණි. එහෙත් එය එදින මැදියම් රැයේ එසේ ධාවනය වී තිබීම නිසා කිසිත් අනතුරක්‌ ගැන වාර්තා වීමක්‌ සිදු නොවීය.

ජංගම දුරකථනයක්‌ ක්‍රියාත්මක කොට දුම්රිය හරස්‌ මාර්ගවල ඇති දුම්රිය ගේට්‌ටු දුම්රිය ගමනය සඳහා විවෘත කිරීම හා නැවත ඒවා වැසීමට හැකි සරල උපකරණයක්‌ හදා රන් පදක්‌කමක්‌ දිනාගත් දක්‍ෂ සිසුවකු ගැන උඩදුම්බර නවෝද්‍ය පාසලෙන් වාර්තා වී තිබේ.


එම විද්‍යාලයේ 13 වැනි ශේ්‍රණියේ ඉගෙනුම ලබන මොරගහමඩිත්තේ වලව්වේ හර්ෂ ගයාන් විජයරත්න සිසුවායි ඔහු.

ඔහුගේ මෙම සරල නිර්මාණය "ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ සංගමය" වෙත ඉදිරිපත් කොට තාරකා පිළිබඳ විද්‍යාඥ චන්දන ජයරත්න මහතා අතින් ඔහු මෙසේa රන් පදක්‌කම හා වටිනා සහතික දිනා ගෙන ඇත. මෙම සමස්‌ත ලංකා තරගය 2013. 12.04 සහ 05 යන දිනවල කැලණිය විශ්වවිද්‍යාලයේදී පැවැත්විණ.

තව කියවන්න

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews