POSTED ON Wednesday, October 30, 2013| | Edit Post
බිත්තර කන්න ගොඩක් අය බයයි. බිත්තර දෙකක් දවසකට කන්න එපායි කියලත් මතයක් තිබෙනවා. ඒකට ප්‍රධාන හේතුව බිත්තරවල කොලෙස්ටරෝල් තිබෙනවයි කියලා අපේ ජනතාව බය වෙලා තිබීමයි. එහෙත් බිත්තර ගුණ කෑමක්.

ඔන්න ඔය වගේ විවිධ කතාබහ නිසාම දැන් අපේ කාර්මික තාක්ෂණ ආයතනයේ ආහාර තාක්ෂණ අංශයේ විද්‍යාඥයන් පිරිසකගේ මෙහෙයවීම යටතේ ශරීරයට අහිතකර කොලෙස්ටරෝල් අඩුකරන ශරීරයට අත්‍යවශ්‍ය මේද අම්ල ලබාදෙන මොළයේ වර්ධනය හා ස්නායුවල ක්‍රියාකාරිත්වය වැඩි කරන පෝෂණ ගුණයෙන් වැඩි බිත්තරයක් රටටම හඳුන්වා දී තිබෙනවා.

මේ පිළිබඳව අපට කරුණු පැහැදිලි කළේ කාර්මික තාක්ෂණ ආයතනයේ ආහාර තාක්ෂණ අංශයේ පර්යේෂණ විද්‍යාඥ සමන්ත මැදගේ මහත්මය
තව කියවන්න
ඔන්න ඉතින් ටික කලයක කලින් හදපු වෙබ් බ්‍රොව්සෙ එක පලමු version එකෙ දෑම්ම චෙක් කරන. ටිකත් වෑඩත් වෑඩි නිසා මෙක හදල ගොඩක් කල් වෙනව නමුත් කො වෙලවක්. මෙකෙ ගොඩක් අඩුපඩු තියන්ව දන්නවනෙ ඉතින් ඔනා දෙක පුන්චිම දෙකින් පටන් ගන්නකොට ගොඩක් error තියනව කියල මෙකෙ තියන එක වාසියක් තමයි මොන වෙබ් එකට ගියත් history එකක් තිය ගන්න නෑති එක එක නම් ඉතින් ලොල් ලොල් නෙද fishifox 1.0 version එක තමයි ට්‍රය් කරල පුලුවන්නම් ඔයගෙ අදහස් යොජනා චොදන එවන්නකො මට,

www.fishifox.com
තව කියවන්න
POSTED ON | | Edit Post
ලාංකිකයො විදියට දුක් වෙන්න ඕන ෆොටෝ එකක් තමයි මේ තියෙන්නෙ.මේ තියෙන්නෙ සිංගප්පූරු වරාය ඉදිවීමට පෙර කාර්යබහුල ලංකා වරායේ ඡායාරූපයක් හා සිංගප්පූරු වරාය ඉදිවීමෙන් අනතුරුව වර්තමානයේ අධික කාර්යබහුලත්වයෙන් යුත් සිංගප්පූරු වරායේ ඡායාරූපයක්.අපේ රටට අත්වීමට තිබුනු සංවර්ධනය සිංගප්පූරුව විසින් උදුරාගැනීමට මුල් උන ප්‍රධාන සාධකයක් ලෙස මෙය හදුන්වන්න පුලුවන්.සිංගප්පූරුව දැවැන්ත සංවර්ධනයක් සහිතව නැගී හිටියෙ ඔවුන් ගුවන් හා නාවුක ගමන් මාර්ගයේ සංධිස්තානයක් වුනු නිසයි .විශේෂයෙන්ම නාවුක කේන්ද්‍රස්තානයක් වුන නිසයි.ඊටපෙර එය අයිතිව තිබුනේ අපේ රටටයි..
තව කියවන්න
POSTED ON Tuesday, October 29, 2013| | Edit Post

මෙය attanagalla.com හි පලවූ ලිපියකි...

මිල Rs.3850/- 

 විදුලි බිල තවමත් ආන්දෝලනාත්මක මාතෘකාවකි. මීට මාස 8 කට පෙර attanagalla.com වෙබ් අඩවිය තුලින් ඔබට හඳුන්වා දුන් අත්තනගලු තරුණ ඉන්ජිනේරුවා හමුවී ඔහුගේ ගෘහස්ත විදුලි පරිභෝජනය පහත දමන නිර්මාණය අද ඇති තත්වය විමසා බැලීමට අප යලිත් වරක් ඔහු සොයා ගියෙමු. අප මවිත වන ආකාරයෙන් ඔහු වෙළඳපොල ජයගෙන කිලර්වොට් උපකරණය නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියේ නිරතව සිටියි. රැකියා විරහිත තරුණ තරුණියන් 4 දෙනෙකුට පමණ රැකියාවන්ද සපයමින් ඉහල පාරිභෝගික ප්‍රතිචාර මැද දිගු ඉදිරි ගමනක් යාමට මුල පුරමින් සිටියි.

දැන් මෙම උපකරණය තවදුරටත් වැඩිදියුණු කර ගම්පහ, නුවර, නාවින්න, හයිඩ් පාර්ක් කෝනර් ඇතුළු ආර්පිකෝ සුපිරි වෙළඳ ජාලය හරහා බෙදාහැරීමටද කරයුතු යොදා තිබේ. ඔහු පවසන පරිදි, කිලර්වොට් හි ඇති වැදගත්ම කොටස පවර් සෙන්සර් පරිපථයයි. සම්බන්ධක ශීතකරණයට සපයන විදුලි බලය නිරතුරුවම මැනීම එයින් සිදුකරයි. එය දැන් අලුතින්ම ප්‍රතිනිර්මාණය කර තිබේ. බොහෝ දෙනෙක් මෙය හුදෙක් ටයිමරයක් පමණක් ලෙස වැරදි ලෙස අවබෝධ කරගෙන තිබෙන බව ඔහු අප සමග පවසා සිටියා. එවැනි සරල ටයිමරයක් භාවිතා කළහොත් උපකරණ වලට හානි සිදුවෙන ආකාරයත්, පවර් සෙන්සර් පරිපථයේ ඇති වැදගත්කමද ඔහු අපට පැහැදිලි කර සිටියා.


  ගෘහස්ත විදුලිබිල සැලකිය යුතු ලෙස පහත දැමීමේ කිලර්වොට් සතු හැකියාව ගැන ඔහු තවදුරටත් මෙසේ විස්තර කළේය.
තව කියවන්න
2011 වසරට පෙර නවසීලන්තයේ ෆොන්ටෙරා සමාගම විසින් පරීක්ෂා කරන ලද කිරිපිටි සාම්පලවල DCD නැමැති රසායනය තිබුණු බවට එහි රැකියාව කරන අය විසින් ලබාදුන් තොරතුරු මත නවසීලන්ත හරිත පක්ෂය විසින් මුල්වරට මෙය නවසීලන්ත ජනතාවට එළිදරවුකරන ලදී. මෙයට සමගාමීව යුරෝපයේ භාවිතා කරන සමහර කිරි ආහාරවල DCD තිබුණු බවටද වාර්තා විය.

එම කිරි ආහාර නවසීලන්තයෙන් ආනයනය කළ කිරි ආහාර බවටද වාර්තා විය. එතැන් පටන් එය වසං කිරීමට ෆොන්ටෙරා සමාගම හා නවසීලන්ත ප්‍රාථමික කර්මාන්ත පිළිබඳ අමාත්‍යාංශය උත්සාහ කළද එය අභ්‍යන්තර දේශපාලනික ප්‍රශ්නයක් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් නවසීලන්ත කිරි නිෂ්පාදන වලට විශාල කළු පැල්ලමක් ඇති කළ හැකි බැවින් මෙම ප්‍රශ්නයේදී වරද පිළිගෙන වරද නිවැරදි කිරීමේ මහත්මා පිළිවෙතට තමන් ක්‍රියාකරන බව පෙන්වීමට ෆොන්ටෙරා සමාගමත්, නවසීලන්ත ප්‍රාථමික කර්මාන්ත පිළිබඳ අමාත්‍යාංශයත් කටයුතු කරන ලදී. ඒ අනුව මෙම අවුරුද්දේ ජනවාරි මස මුල් භාගයේ ඉන්දියාවේ නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලය හරහා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය අමතා මේ ගැන පැහැදිලි කිරීමක් කළ බවට වාර්තා විය. එමෙන්ම 2013 ජනවාරි විසිහතරවන දින නවසීලන්තයේ  පොහොර සමාගම් විසින් එම රටේ පොහොර  වෙළඳපොලින් DCD ස්වේච්ඡාවෙන් ඉවත්කර ගත් බවට ද ප්‍රවෘත්තියක් ලොව පුරා ප්‍රචාරය කරන ලදී. ඉන්පසු ජනවාරි 25 වනදා Wall Street Journal විසින් ෆොන්ටෙරා කිරි නිෂ්පාදන සෞඛ්‍යාරක්ෂිත ද යන්න විමසා ප්‍රවෘත්තියක් පළකරන ලදී. 2013 ජනවාරි  26 වන දින ෆොන්ටෙරා සමාගම මගින් මේ පිළිබඳව ලොව පුරා ජනතාව දැනුවත් කරමින් ඔවුන්ගේ කිරිපිටි සාම්පලවල DCD තිබුණු බවත් DCD යනු කිසිම සෞඛ්‍ය ප්‍රශ්නයක් ඇති නොවන රසායනිකයක් බවත් ප්‍රකාශ කළේය.  DCD යනු පොහොර වශයෙන් තණකොලවලට යොදන ලද රසායනිකයක් බවත් එය ඉතා ඉක්මණින් පරිසරයෙන් ඉවත්වන බවද ප්‍රකාශ කළේය. එමෙන්ම නවසීලන්ත පොහොර සමාගම් විසින් ස්වේච්ඡාවෙන් මෙම DCD විකිණීම 2012 සැප්තැම්බර් සිට නවතා ඇති හෙයින් ඔවුන් නිෂ්පාදනය කරන කිරිවල DCD නොමැති බව දක්වමින් ඉතා සැලසුම් සහගත ලෙස මෙම ප්‍රශ්නයෙන් සාර්ථක ලෙස ගැලවීමට කරුණු කාරණා පෙළගස්වා ඉදිරිපත් කරන ලදී. අද වන විට තමන්ගේ නැංගුරම ලකුණ කිරි 100% ක් සෞඛ්‍යාරක්ෂිත යයි කියමින් ශ්‍රී ලංකාව තුළ නව වෙළඳ දැන්වීම් ප්‍රමාණයක්ද ප්‍රචාරය කරමින් පවතියි.
තව කියවන්න
POSTED ON Monday, October 28, 2013| | Edit Post
රංගන තරුවකට හෝ ගීත තරුවකට එවන් තෑගි බෝග කන්දරාවකින් දෝත පුරවද්දී ලෝකයේ ”නාසා” ආයතනයේ ”කපුගේ තරුව” නමින් ඓතිහාසික ජාත්‍යන්තර තරුවක් ස්ථාපනය කොට පැමිණි මේ අපේ ”කපුගේ තරුවට” හෙවත් කපුගේ දරුවාට පිදිය යුතු ගරු බුහුමනින් හෝ පුදනු ලැබීද? මුළු මහත් ලෝකයේ එම වයසේ සුපිරි මොළකාරයන් 1,500ක් දෙනා පරදවා මව්බිමට පැමිණි ඔහු ඇමෙරිකාවේදී ලැබුණ ඩොලර් 3500 ක මුදල් සහ ඉන්දියාවෙන් ලැබුණ ඩොලර් 500 ක මුදල සමග උපන් බිමෙන් ලැබුණ ලක්ෂ දෙක තුනක මුදල බැංකුවක දමා ඒ මුදලට ලැබෙන පොළිය ලබාගෙන අනුරාධපුරයේ පුංචි කාමරයක් කුලියට ගෙන උපකාරක පන්තිවලට යමින් හෙතෙම වැඩිදුර අධ්‍යාපනය ලබයි. හිස් මුදුනින් තබා පිළිගතයුතු මෙබඳු ජාතියේ සුපිරි දරුවෙකුගේ අධ්‍යාපනය ශක්තිමත් කරගන්නට මීට වඩා සමීප හා උත්තම රැුකවරණයක් සමග අත්උදව් දෙන්නට බැරිද?
තව කියවන්න
POSTED ON Sunday, October 27, 2013| | Edit Post

"සතු‍ටු වැස්ස"  www.sathutu.com සිංහල භාෂාවෙන්ම නිමවුණු සමාජ ජාල වෙබ් අඩවිය

සතු‍ටු වැස්ස කියන්නේ ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන්ම නිර්මාණය කරන ලද සිංහල සමාජ ජාල වෙබ් අඩවියක්. අලුත් මිතුරු මිතුරියන් හඳුනාගන්න, ඔවුන් සමඟ කතා කරන්න, පින්තූර, වීඩියෝ ආදී දේවල් හුවමාරු කරගන්න වැනි විශේෂාංග රාශියකින් සතු‍ටු වැස්ස සමන්විතයි. ඒ වගේම දැනුම බෙදාගන්න, එදිනෙදා ජීවිතයේදී ඇති වෙන ගැටලු සාකච්ඡා කරන්න විශේෂ පහසුකම් ලබා දී තිබෙනවා.
තව කියවන්න
POSTED ON Saturday, October 26, 2013| | Edit Post
l. මෙරට ඉදිවූ දෙවැනි අධිවේගී මාර්ගය වන කටුනායක අධිවේගී මාර්ගය හෙට (27) ජනතා අයිතියට පත්වෙනවා. මෙයින් ලැබෙන ප්‍රතිලාභ මොනවාද?

මෙහි ප්‍රතිලාභය ජනතාවට වඩාත් කාර්යක්ෂමව තම කටයුතු ඉටු කර ගැනීමට පහසුවන ලෙස කාලය ඉතිරිවීමයි. පිටරටක සිට අපේ රටට ඉතා ‍කෙටි කාලයකින් පැමිණි ශ්‍රී ලාංකිකයෙක් හෝ විදේශිකයෙක් කටුනායක සිට කොළඹට එන්න පැය 1 ½ක පමණ කාලයක් ගත වෙනවා.

වාහන තදබදය වැඩිනම් මීටත් වඩා වෙලාව යන්න පුළුවන්. මෙම අධිවේගී මාර්ගය භාවිතා කර විනාඩි 20න් කොළඹට එන්න හැකිවෙනවා වගේම මින් බොහෝ කාලයක් ඉතිරි වෙනවා. කඩිනම් ප්‍රවාහන පද්ධතියක් ඇතිවීමත් කොළඹින් පිටත ප්‍රදේශවලට ජනතාව වාසය සඳහා යොමු කරවීමත් සිදුවෙනවා. කොළඹ කියන්නේ තදබදය පිරුණ නගරයක්. කොළඹ තදබදය අඩු කරන්න නම් හැකිතරම් මාර්ග පද්ධතිය දියුණු කරන්න ඕන.

සංචාරක කර්මාන්තය නංවාලීමත් ඈත ප්‍රදේශවල තිබෙන කර්මාන්තශාලාවල නිෂ්පාදන පහසුවෙන් කොළඹට ගෙන ඒමටත් අධිවේගී මාර්ගය ප්‍රයෝජනවත් වෙනවා. මොකද කටුනායක - කොළඹ අතර තමයි විශාල මාර්ග තදබදයක් තිබෙන්නේ.
තව කියවන්න
POSTED ON | | Edit Post
මෙන්න අපේ රටේ ම්නිස්සුන්ගෙ වටිනාකම..වෙන කොහේද මෙහෙම මිනිස්සු ඉන්නෙ..?
ශ්‍රී ලංකාවට පැමිණ සංචාරයේ යෙදෙමින් සිටිද්දි දඹුල්ල නගරයේ වෙළෙඳසලක අමතක වී ගිය රුපියල් කෝටියක් පමණ වටිනා මුදල් පසුම්බියක් එම මෙක්සිකෝ ජාතික විදේශිකයා සොයා ආපසු බාරදුන් දඹුල්ල නගරයේ ව්‍යාපාරිකයකු වන ආර්.බී.කේ. උදයකුමාරට සහ ඔහුගේ බිරිය නිලන්ති චානක මහත්මියට ඉකුත් 4දා පෙරවරුවේ ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී රතනපාල බුද්ධරක්ඛිත හිමියන් විසින් තම විහාරස්ථානයට කැඳවනු ලැබ සිදු කළ සද්ක්‍රියාව අගයමින් ප්‍රශංසාවට ලක් කළේය.
තව කියවන්න
POSTED ON | | Edit Post

ලබන 27වැනිදා විවෘත වන කොළඹ කටුනායක අධිවේගී මාර්ගය ඔක්තෝබර් 22 සිට 24 දක්වා ජනතාව සදහා තෙදිනක් විවෘත විය. එම දින තුන වෙනුවෙන් ජනතාවගේ සහභාගිත්වයෙන් සංස්කෘතික අංගයන් සහ ජනක්‍රීඩා පැවැත්විය.

කොළඹ සිට කටුනායක දක්වා දිවෙන කිලෝමීටර් 26කින් යුත් අධිවේගී මාර්ගයේ වැඩ කටයුතු නීරික්ෂණය කිරීමට වාර ගණනාවක් එහි ගිය ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අවසාන වශයෙන් එහි ගොස් අදාල නිළධාරින්ට අවශ්‍ය කටයුතු සදහා උපදෙස් දෙනු ලැබීය. මෙම අධිවේගී මාර්ගය වසර 40කට ආසන්න කාලයක් විවිධ රජයන් මගින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කලද එය ක්‍රියාත්මක නොවූ අතර අවසානයේදී වසර 2008දී ආරම්භ කර වසර 05ක් ඇතුළත නිම කරන ලදී.
තව කියවන්න
POSTED ON Friday, October 25, 2013| | Edit Post
ආර්ථික අපහසුතා නිසා ලෝක වූෂූ තරඟාවලියට සහභාගී වීමට අවස්ථාවක් සොයමින් සිටි තමන්ට "මව්බිම ලංකා පදනම" එම අවස්ථාව උදා කරදුන් බවත්, තමන්ගේ හැකියාවන් රටටම පෙන්වා දුන් "අද" පුවත්පතේ ලිපිය තමන්ට මෙම අවස්ථාව හිමිවීමට මහෝපකාරී වූ බවත්, ජාතික වූෂූ ශූර එන්.අයි.ඩී. අබේරත්න පැවසීය.

තව කියවන්න
POSTED ON Sunday, October 20, 2013| | Edit Post
මෙරට රජයේ රෝහල් වලට අවශ්‍ය ඖෂධ මෙරටදීම නිෂ්පාදනය කිරීම සදහා ලබන සතියේදී කැබිනට් පති‍්‍රකාවක් ඉදිරිපත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත.

මේ වනවිට රජයේ රෝහල් වලට ඖෂධ වර්ග 900ක් විදේශීය රට වලින් මිලදී ගන්නා අතර එම ප‍්‍රමාණයෙන් 100ක් මුල් වටයේදී දේශීය නිෂ්පාදනකරුවන්ගෙන් මිලදී ගැනීමට කටයුතු කරන බව ජාතික ඖෂධ අධිකාරියේ අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත බෙනරගම මහතා සදහන් කළේය.

තව කියවන්න
එපමණක් ද නොව ව්‍යාපාරිකයකු වශයෙන් නොව සිංහලයකු වශයෙන් ද ඔහු උතුරේ යුද්ධයට ලබා දෙන්නේ ද සුවිශේෂී දායකත්වයකි. හැකි සෑම අවස්ථාවකදීම මම යුද්ධය වෙනුවෙන් රජයට සහයෝගය දුන්නා. යාපනය බේර ගන්න මල්ටි බැරල් අවි ගෙනල්ලා වරායේ ගොඩබාලා තිබුණා. ඒත් ඒවා යාපනයට ගෙනියන්න නැවක් තිබුණේ නැහැ. ඒකට හේතුව මේ අවි ඔසවා තබන්න තරම් ශක්තිමත් දොඹකර සහිත නැව් හිඟ වීමයි. මම ඒ වෙනුවෙන් මගේ රුහුණුපුර නැව දුන්නා. අවි අරගෙන කන්කසන්තුරේ යනකොට කීප සැරයක්ම නැවේ නම වෙනස් කළා. ත්‍රස්තවාදීන් මුලා කරන්න. මගේ ප්‍රයිඩ් ඔෆ් ද සවුත් කියන නැව වසර ගණනක් තිස්සේම ත්‍රිකුණාමලය - යාපනය අතර සෙබළුන් ප්‍රවාහනය කළා. මගේ නැව් මඟින් ප්‍රවාහනය කෙරුණු තෙල් තමයි යුද්ධයට යොදා ගත් හැම වාහනයකටම, මැෂින් එකකටම යොදා ගත්තේ. මේ දේවල් නිසාම මම කාලයක් තිස්සේ ත්‍රස්තවාදීන්ගේ මුල් පෙළේ ඉලක්කයක් බවට පත්වෙලා තිබුණා. එසේ වුවද ආරියශීල මේ සියල්ල සලකන්නෙ රට වෙනුවෙන් තමා ගෙන් විය යුතු සේවයක් හැටියටය. ඔහු හැම මොහොතකම සිතුවේ තමන් උපන් රටට සේවය කිරීමට උපරීමයෙන් කැප විය යුතු බවයි.

 ගන්න අපේ දේ සංකල්පයේ නිර්මාතෘ, මව්බිම ලංකා පදනම, පැල්වත්ත කිරි සමාගම සහ මාස්ටර් ඩයිවර්ස් ගරු සභාපති ආරියශීල වික්‍රමනායක.
තව කියවන්න
POSTED ON Saturday, October 19, 2013| | Edit Post
නව ලොව ජයගන්න, ලංකාවේ විශිෂ්ඨතම ආයතනයෙන් රොබෝ තාක්ශණය ඉගෙනගන්න ... 

ඔබත් අපගේ එක්දින වැඩමුලුවට පැමිනෙන්න.වෙනස වටහාගන්න. සම්පූර්ණයෙන්ම නොමිලේ...  

රොබෝලව හදන්න ආසද..? රොබෝ තාක්ශනය ඉගෙන ගන්න ආසද..? මිතුරන් අතර වීරයෙක් වෙන්න ආසද..? නැත්නම් ඔබේ කර්මාන්තශාලාවට, ව්‍යාපාරයට අවශ්‍ය රොබෝ යන්ත්‍රයක් නිශ්පාදනය කරගැනීම ගැන සිතමින් පසු වනවාද...? මෙන්න ඒ සදහා මුල් පියවර තබන්න ඔබට ලැබෙන නියමම අවස්ථාව..

2013.10.27 දින උදෑසන 9ට මහරගම  Academy Of Variant  හිදී. (22/26 Railway avenue, Nawinna, Maharagama )

මෙයට සහභාගී වීමට ආසනයක් වෙන්කර ගතයුතු වේ.ඒ සදහා පහත එක් ක්‍රමයකින් ඔබගේ ආසනය වෙන්කරවා ගන්න.


1) මෙම ලින්ක් එකට පිවිස ෆේස්බුක් මැසේජයක් ගයාන් ට යොමු කරන්න - https://www.facebook.com/gayan.nadeera.71
2) ඊ-මේල් කරන්න - gayan@variantbiz.com
3) අමතන්න - 0114349369
තව කියවන්න
POSTED ON Tuesday, October 15, 2013| | Edit Post
තම ජීවිතයද,තම සතුටද,තම අනාගතයද පරදුවට තබා රට වෙනුවෙන් යුදවැදි රටක් වටිනා විරුවෙක් හා .. මවුබිම රකින්නට ගොස් අබාධිත වෙද්දී පෙම්වතිය හැර ගියද...ඒ ආබාධිත රණවිරුවා කෙරෙහි උපන් ආලයෙන් එම ආබාධිත බව අමතක කර යුගදිවියට පිවිසි රටක් වටින යුවතියක්...මේ ඔවුන්ගේ කථාන්දරයයි..

වසර 30ක් පුරා පැවැති ත‍්‍රස්තවාදීන්ට පරාජය කිරීමේ මෙහෙයුමේ දී ඇසක් හා එක් පාදයක් අහිමි වූ රාගම රණවිරු සෙවණේ ආබාධිත රණවිරු ලාන්ස් කෝප‍්‍රල් එල්.යූ. ඉන්ද්‍රජිත් මහතා පෙර පාසල් ගුරුවරියක වන එච්.කේ. තිළිණි ප‍්‍රියදර්ශනී මෙනවිය සමඟ ගම්පහ, බැලූම්මහර දී සුබ මොහොතින් අද විවාහ දිවියට පා තැබී ය. සුදු සැරයටි දිනය යෙදී ඇති 15 දා දිනයේ දී මෙම විවාහ මංගල්‍යය යෙදී තිබීම ද විශේෂත්වයකි. ‘සියනෑවේ අපි’ සංවිධානය විසින් මේ සඳහා පූර්ණ අනුග‍්‍රාහකත්වය ලබාදී තිබිණ.
තව කියවන්න
දුම්වැටි ඇසුරුම් මත 80% ක් ආවරණය වන සේ සෞඛ්‍ය අවවාදමය රූප ඇතුළත් කිරීමේ ගැසට් නිවේදනය පසුගිය කාලේ බොහෝ ආන්දෝලනයට ලක්වූ මාතෘකාවකි.

පසුගිය කාලයේදී දුම්කොළ විරෝධී ජගත් විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලද මෛත්‍රිපාල සිරිසේන මහතා පොළොන්නරුවේ පැවති උත්සවයකදී කියා සිටියේ එම ගැසට් නිවේදනය ගෙන ඒමට ප්‍රථම දුම්කොළ සමාගම් තමාට මුදල් අල්ලස් ලබාදීමට උත්සාහ කල බවයි.

තව කියවන්න
POSTED ON | | Edit Post
පස් හැවිරිදි පිරිමි දරුවකුගේ හිසමතට ‍පොල් ගෙඩියක් වැටීම හේතුවෙන් එම දරුවාගේ හිස් කබල අටපළකට බිඳී දරුවාගේ ජීවිතය දැඩි අවදානමක තිබියදී එම දරුවාගේ හිසට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහ‍ලේ ස්නායු ශල්‍ය වෛද්‍ය ඒකකයේ වෛද්‍ය කණ්ඩායමක් විසින් සිදු කරනු ලැබූ විස්මිත සැත්කමක් හේතුවෙන් එම දරුවාට ජීවත් වීමට වාසනාව උදා වී තිබේ.

මෙකී දරුවා තවත් දරුවන් පිරිසක් සමග සෙල්ලම් කරමින් සිටියදී වඳුරකු විසින් කඩා දැමූ ‍පොල් ගෙඩියක් දරුවාගේ හිස මතට වැටීම හේතුවෙන් මෙම අනතුරට පත් වී තිබේ. මෙසේ අනතුරට ලක් වූයේ දෙනිපිටිය කජුවත්තේ පදිංචි එම්. අසාද් (05) නමැති දරුවායි.

තව කියවන්න
POSTED ON Monday, October 14, 2013| | Edit Post
ඇස පසාරු කරමින් මොළය තෙක් ගිය පිහි තුඩක් එළියට ගනී .පිහිය ඇසෙන් ඇතුලු වෙයි .කරාපිටියේදී ඉවත් කරයි

අවුරුදු දෙකහමාරක් වයසැති දැරියකගේ ඇස් කුහරයෙන් ඇතුළට කා වැදුණු තියුණු පිහියක් පැය කිහිපයක ශල්‍යකර්මයකින් සාර්ථකව ඉවත් කළ බව කරාපිටිය රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය දීපාල් අත්තනායක මහතා පවසයි.

තව කියවන්න
POSTED ON Sunday, October 13, 2013| | Edit Post
කැලණි ගඟ හරහා මංතීරු හයකින් සමන්විත පාලමක් ඉදිකරමින් දැනට පවතින නව කැලණි පාලමේ වාහන තදබදය අඩුකරමින් ඒ අවට ගමනාගමනය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබේ.

තව කියවන්න
POSTED ON Saturday, October 12, 2013| | Edit Post
අපේ දක්ශයෙක් සෑදූ යූ-ටියුබ් වීඩියෝ වෙබ් අඩවිය.. ඔබත් නරඹන්න

Hey Friends... Watch many online videos... ජෝක්ස්, වාහන වල වැඩ , බයික් වල වැඩ, අලුත් ගේම් වල විදෙඔස්.. ඕනේ දෙයක්... බලන්න එන්න... ඔයාල අකෞන්ට් එකක් හදාගෙන වීඩියෝ දාන්න.. චැට් කරන්න .. එන්න ඉක්මනට....
තව කියවන්න
කීර්ති නාමය කෙලෙසුවොත් එරෙහිව ක්‍රියා මාර්ග ගන්නා බවට අනතුරු හැඟවීමක්
මෙරට දුම්කොළ කර්මාන්තයට සම්බන්ධ පිරිස් සිගරැට් පැකට්වල රූපමය අවවාද ඉදිරිපත් කිරීම නතර කිරීමට තමාට අල්ලස් ලබාදීමට උත්සාහ කළා යැයි සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතා සිදුකර ඇතැයි කියන ප්‍රකාශය ලංකා දුම්කොළ සමාගම විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
ලංකා දුම්කොළ සමාගම විසින් සිය කොටස් කරුවන් වෙත යවා තිබෙන චක්‍රලේඛයක් මගින් මේ බව ප්‍රතික්ෂේප කර තිබෙන අතර අදාළ චක්‍රලේඛය කොළඹ කොටස් වෙළඳ පොළ වෙතද ඉදිරිපත් කර ඇත.
තව කියවන්න
මේක සෑදුවේ Tanushka Sajith Balasooriya  සොයුර.

Description
Google Currency Converter is an android app for convert real time currency in the world.
The Application is designed to fully utilize the currency conversion web serviced offered by google. The results of the conversions are up to date,minute,and seconds. and there is no need to worry whether the results are the latest one.
තව කියවන්න
POSTED ON | | Edit Post
ලුතිනන් කර්නල් (එවකට මේජර්)නිලන්ත ජයවීර සිටියේ සටන් භූමියේ අණ දෙමින්ය.වීරෝදාර හමුදාව, අසරණ දෙමළ ජනතාව ගලවා ගැනීමේ ඒකායන අරමුණින් ගිනිඅවිය පසෙක තබා අසරණයන් කෙරේ සැබෑ මිනිස්කම පතුරවමින් අසරණයන්ට සැගවී එන වෙඩි උණ්ඩයට පවා මුහුණ දෙමින් සිටියෝ ය.

ඒ අතර කර්නල් නිලන්ත විසින් ත්රස්තයන් විසින් ගිනිබත් කල කූඩාරමක බරපතල තත්වයේ හුන් කුඩා බිළිදෙකු බේරා ගැනීමට තම දිවි නොතකා සතුරන් අතරට දිව ගියේය.එය ජනතාව අතර සැගව සිටි ත්රස්තයන් පවා බලාපොරොත්තු නොවූ දෙයක් විය.

ක්ෂනිකව දරැවා බේරා ගත් කර්නල් නිලන්ත දරැවා පසුපසට ගෙන ආවෙ ඉක්මන් ප්රතිකාරයක් බලාපොරොත්තුවෙනි.

නමුත් කුඩා බිළිදා ඒ වන විටත් දැඩි අසාධ්ය තත්වයේ විය.

නමුත් නිලන්තගේ දරැ සෙනෙහසට කල නොහැක්කක් නොමැති විය.මාස ගණනකින් නොදුටු තම දරැවාට දක්වන්නා වූ ආදරය හා සමාන ආදරයක් සෙසු රණවිරැවන්ට මෙන්ම නිලන්තටද විය.

දරැවාගෙ වගකීම තමන්ම බාර ගත් නිලන්ත තුවාල ලැබූ සෙබලුන් ගෙන යාමට ආ හෙලිකොප්ටරයක උදව්වෙන් නන්නාදුනන බිලිදාව රෝහල් ගත කර අවසාන මොහොතේ බේරා ගත්තේය.ඔහු නැවතත් එවේලේම යුද බිමට වාර්තා කලේ තවත් දහසක් ගලවා ගැනීමේ බලාපොරොත්තුවෙනි.

ඒ සටනේ අවසන් දින කිහිපය විය.රණවිරැවන් දිවා රෑ නොබලා අසරණයන් ගලවා ගනිමින් සිටියෝය.

ලුතිනන් කර්නල් නිලන්තට තම නිවසින් පැමිනියේ සතුටුදායක ආරංචියක් නොවේ.තම ආදරනීය පුතුට ඩෙංගු රෝගය වැලදී රෝහල් ගත කර ඇත.වය්ද්යවරැ දරැවගේ පියාගේ පැමිනීම බලාපොරොත්තු විය.ඒ දරුවා සතුටුදායක තත්වයක නොසිටි බැවිනි.

නමුත් ක්රියාන්විත තත්ව යටතේ නිලන්තගේ අණ සටනට අවශ්යම විය.සටන ඒ තරම් ම දරැණුවියැ.

ඔහුට කෙටි නිවාඩුව ලැබුනේ තුන්වන දිනයේදී ය.ඔහු ඒ මොහොතේම තම දරැවා දැකීමට කෙලින්ම ගියේ රෝහලටය්.

දින දෙකක් ප්රමාද වී පැමිනීම ගැන රෝහලේ වය්ද්යවරැ ලුතිනන් කර්නල් නිලන්තට මෙසේ පැවැසීය.
"ඔයාලට දරැවන් ගැන කිසිම අදහසක් නෑ.ඔයාල දන්නෙ මිනිස්සු මරන්න විතරය්.තමන්ගෙ දරැවන් ගැනවත් හරියට හිතන්නැති මිනිස්සු කොහොමද අනිත් මිනිස්සු ගැන හිතන්නෙ...අනේ මන්ද මේ මිනිස්සු කොහොම යුද්ධ කරනවද කියලා..." 


නිලන්තට තරහ නොආවෙය.පැමිනි ඒ සිතුවිලි ධාරාව ඔහු අකුරැ වලට පෙරැලීය.....

"ඔබට මේ ඇසෙන්නේ එ අකුරු බවට පත්වූ, ලුතිනන් කර්නල් නිලන්ත ජයවීර රණවිරැ පියාගේ ඒ මොහොතේ වූ සිතුවිලි දහරය්...හොදින් ඇහුම්කන් දෙන්න.ඔහුගේ හදවතට.හෙළැ රණවිරැවන්ගේ හද ගැස්ම ඒ තුල වේ"
තව කියවන්න
NATURAL LATEX FOAM ENTERPRISES
…..Nature, Our comforter

100% Sri Lankan latex mattress and pillows in Sri Lanka.

·        The One & Only NATURAL LATEX FOAM ENTERPRISES caters you with natural latex mattress and pillows in & from Sri Lanka

·        For amazing, healthy & truly comfortable sleep.

·        100% Natural Eco-Friendly.

·        Taylor-made mattresses as customer requirement.
තව කියවන්න
POSTED ON Thursday, October 10, 2013| | Edit Post
Description

Sri Lanka domestic electricity cost calculator.
This application allows you to calculate your monthly electricity bill for a given period of time. Calculations will be done in three ways, i.e. :
a) Using the old tariff
b) Using the proposed tariff 2013
c) Using the approved tariff 2013
This application illustrates how much is your monthly bill on all tariffs.
All the tariff details obtained from Public Utilities Commission of Sri Lanka.
තව කියවන්න
කිරිපිටි වල ප්‍රොටීන් කොටස් ඉවත් කර මෙලමයින් හෝ ඩයසයන් ඩයමයිඩ් රසායනය එක්කර පෝෂණය සමබර කොට වෙළෙඳපළට නිකුත් කිරීම සදාචාරාත්මක නොවන බව සත්‍යයක් වුවද වර්තමාන වෙළෙඳ පළ ක්‍රමය තුළ එය ප්‍රශ්න කිරීමකට ලක් කළ නොහැකි තත්ත්වයට පත් කර ඇත. වෙසෙසින්ම  විදේශවලින් යැපෙන ලංකාව වැනි රටක් එවැනි සමාගම් වලට එරෙහිව කටයුතු කිරීමේ දී නීතිය සැමට එක සමානයි යන සම්මතය යතාර්ථයක් බවට පත් නොවේ. මේ නිසා ජනතාවගේ සෞඛ්‍ය කෙරෙහි ඇති වන අවදානම තව දුරටත් වැඩි වර්ධනය වන බව අත් දැකීමයි.
තව කියවන්න
Lanka Net Downloader (මගේ දෙවෙනි Software එක.)
මෙය සෑදුවේ Kasun Madawa සොයුරා විසින්. මේ ඔහුගේම හඩින් ඒ ගැන කරන විස්තරයක්.
හරි ඔන්න දැන් කියන්න යන්නේ මගේ අලුත්ම Software එක.
මොකක්ද මේ අලුත් Software eka එක ?
මේකේ නම : Lanka Net Downloader
මේකෙන් කරන්න පුලුවුං මොනාද?
මේකන් ඔයාල ඕනිම දෙයක් Download කර ගන්න පුළුවන්. කිසි ප්‍රස්නයක් නැ. අද වන කොට ලෝකයේ අන්නතවත් Downloaders තියනවා. ඒවා එක්ක බලද්දී මේක වැඩක් නැ කියල හිතේවි . එත මේක මගේම වැඩක්. එක නිසා මටනම් ගොඩක් වටිනවා. මම හිතනවා මගේ මේ Soft එක ඔයාලටත් ගොඩක් වටිනවා කියල. 
තව කියවන්න
මෙය සෑදුවේ Kasun Madawa සොයුරා විසින්. මේ ඔහුගේම හඩින් ඒ ගැන කරන විස්තරයක්.

hy friends.. කොහොමද ඔයාලට..

ඔන්න මම මේ කියන්න යන්නේ පොඩි දේයක් ගැන... ඔයාල කැමති ඇතිනේ ඔයාලගේ nic (ජාතික හැදුනුම් පත ) එකේන් ඔයාලගේ උපන් දිනය., ගැහැණු, පිරිමි බව දන ගන්න. ඔන්න මම එකට පොඩි software එකක් හැදුවා.. හිතට පොඩි සතුටකුත් දැනේනවා ඉතින්... මට පොඩි ආසාවක් තිබුන මගේම කියල software එකක් සහ web එකක් කරන්න.. ඉතින් මගේ ඒ ආසාව අද සපල කර ගත්ත...
තව කියවන්න
POSTED ON | | Edit Post
මිනිසා වනාන්තරයෙන් එළියට පැමිණ රාජධානි ගොඩනගා ගැනීමෙන් පසු සතුන් හා මිනිසුන් අතර වූ සහජීවනය කෙමෙන් කෙමෙන් දුරස් වන්නට විය. වනාන්තර එළිවෙමින් නගර නිර්මාණය වෙද්දී වනසතුන් උදෙසා සත්වෝද්‍යාන නිර්මාණය වන්නට විය. ඒ සතුන් උදෙසාම නොව මිනිසුන්ගේ විනෝදාස්වාදය උදෙසාය.

වර්තමානය වනවිට යළිත් කූඩු කළ සතුන් උදෙසා නිදහස් භූමි ලබාදීමේ සැලසුම් ලෝක මට්ටමෙන් ක්‍රියාත්මක වෙමින් පවතී. ලාංකේය අපට නිදහස් සත්වෝද්‍යාන නැතහොත් සෆාරි පාක් යනු අලූත් අත්දැකීමකි.
තව කියවන්න
POSTED ON | | Edit Post
“පොළව පලා ගලක් දුටින් එගල පලා රිදී දුටින් රිදී ළිඳේ දියත් දුටින්....”
එසේ කුඩා ළමුන්ගේ තේරවිලි වලටද පාදක වූ, පොල් වතුර කුරුම්බා වතුර, අනාදිමත් කලෙක සිට ලෝකයේ විවිධ රටවල රෝග සුව කිරීම සඳහාද භාවිතයට ගෙන තිබේ. සමකාසන්නයේ රටවල වැවෙන පොල් පිලිබඳ බටහිර ජාතීන් නොදැන සිටි නිසාවෙන්, මෙම ශාකයේ ඖෂධීය වටිනාකම පිළිබඳවද මේ මෑතක් වනතුරු සුදු ජාතීන්ගේ අවධානය යොමු වුයේ නැත. අනෙක් අතට ඔවුන්ගේ ඉරිඟු සෝයා එළවලු තෙල් සහ මාගරින් වර්ග විකුණා ගැනීමේ අරමුණු වෙනුවෙන් පොල්තෙල්, පොල් මදයේ සහ පොල් වතුරෙහි ඇති විස්මිත ගුණය හිතාමතාම වසන් කළ නිසාවෙන්, ඔවුන් පොල් සැලකුවේ සෞඛ්‍යයට අහිතකර හදවත් රෝගවලට තුඩු දෙන ආහාරයක් ලෙසය.
තව කියවන්න
තුන්වේල බත් කෑ රට පාන් නැතුවම බැරි රටක් බවට පත්වී ඇත. ඇමෙරිකන්කාරයාගේ පාන් පිටි ණයට දෙන්නට ගත්කල සිට අපගේ කොළ, නිල්, රතු සියලු දේශපාලකයන් පාන් වෙනුවෙන් පෙනී සිටියේය. බත් අමතක කෙරුවේය. බත්ගස මරා රටේ කෘෂි ආර්ථිකය මරා ඇමෙරිකන්කාරයාගේ පා ලෙවකා කුස පුරවන්නට අවශ්‍ය වටපිටාව සැකසීමට මෙතෙක්කල් රජ කළ සියලු දේශපාලන පක්ෂ වගකිව යුතුය. ඔවුන්ගේ ආශිර්වාදයෙන් බත්ගස මරා රටේ දේශපාලනය අතට ගත් පාන් හා ඇමෙරිකන් පිටි අදටත් රජුන් හදන දේශපාලනයේ ආර්ථිකය බවට පත්වී ඇත. එය හෙටත් ඒ ආකාරයෙන්ම වන්නේය යන්න සක්සුදක් සේ පැහැදිලිය.
තව කියවන්න

ලංකාවේ ප්‍රබලතම අලෙවි ආයතනය ලෙස කියාගන්නා Ogilvy Media ආයතනය කරන ලද පහත් පෙලේ වැඩක් පිළිබඳව තිස්තුන්දාහට වාර්තාවේ.

කිරි පිටි කියා රටම රවටා රටටම විස පෙවූ ඇන්කර් ආයතනයේ නිෂ්පාදන මිට මාස කිහිපයකට පෙර ලංකාව තුල තහනම් වූ අතර ඔවුන්ට එරෙහිව නැගී ආ විරෝධය හමුවේ සේවක ආරක්ෂාව තහවුරු කිරීමට නොහැකිව ශ්‍රී ලංකාවේ ශාඛාවද කලකට වසා දමන ලදී.

තව කියවන්න
POSTED ON Tuesday, October 8, 2013| | Edit Post
දැනටවසර දෙකකට පෙර දක්ෂිණ අධිවේගී මාර්ගය විවෘත කළ දින සිට මේ දක්වා ගත වු කාලයේදි එම මාර්ගයේ වාහන 68,76,056 ක්ගමන් කර ඇතැයි, වරාය හා මහා මාර්ග අමාත්‍යංශය පවසයි.

මෙම වාහන වලින් ලැබී ඇති මුළු ආදායම රුපියල් කෝටි 204 ක් පමණ යැයි අමාත්‍ය නිර්මල කොතලාවල මහතා පවසයි.

මෙම වසරේ ගත වු මාස 9 තුළ අධිවේගී මාර්ගයෙන් ලැබී ඇති ආදායම රුපියල් කෝටි 92 ක් වන අතර, වාහන 31,05,691 ක් ගමන් කර ඇත.

තව කියවන්න
POSTED ON | | Edit Post
ලබන 28 වන දි විවෘත කිරීමට නියමිත කොළඹ-කටුනායක අධිවේගී මාර්ගය මහජනතාවට දින තුනක් නොමිලේ භාවිතා කිරීමට ඉඩලබාදෙන බව වරාය හා මහාමාර්ග ව්‍යාපෘති සේවා ඇමති නිර්මල කොතලාවල මහතා පවසයි.

ඒ අනුව මෙම මස 22, 23, 24 යන දිනවල මාර්ගය ජනතාව වෙනුවෙන් විවෘත කර තබන අතරල එම දිනවලදී මාර්ගය ආශ‍්‍රිතව ක‍්‍රීඩා සහ සංස්කෘතික උත්සව ද පැවැත්න්නේ යයි අමාත්‍යවරයා සඳහන් කළේ එම මාර්ගයේ කළ නිරීක්ෂණ සංචාරයකදී ය.

තව කියවන්න
POSTED ON | | Edit Post
වලවේ ගග හා කිරිදි ගග මිටියාවත් අතර පිහිටි අම්බලන්තොට, සූරියවැව, හම්බන්තොට, ලූණුගම්වෙහෙර හා තිස්සමහාරාම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට අයත් ජල පෝෂක ප‍්‍රදේශ රැසකට වැසි ඵල වැඩි වීමත් සමඟ මහා විද්‍යාඥ ආතර් සී ක්ලාක් මහතාගේ එක් අනාවැකියක් සඵල කරමින් හම්බන්තොට අද වන විට තෙත් කලාපයක් බවට පත්ව ඇතැයි හම්බන්තොට දිස්ති‍්‍රක් ලේකම් ආර්.සී ද සොයිසා මහතා පවසයි.

මවුආර ව්‍යාපාර හා වෙහෙරගල ව්‍යාපාර මගින් නිරන්තර ජල පහසුකම් ලැබීමත් පවතින බවත අනාදිමත් කාලයක සිට අර්ධ ශුෂ්ක ප‍්‍රදේශයේ පැවති මෙම කලාපයේ ප‍්‍රධාන නිෂ්පාදනය කළ හම්බන්තොට මහලේවායේ ලූණු නිෂ්පාදනය අඩු වෙමින් පවතින්නේ වර්ෂය පුරා වැසි ලැබෙන දින ගණන් වැඩිවීම නිසා යයිද ඔහු සඳහන් කරයි.
තව කියවන්න
POSTED ON | | Edit Post
මෑතකදී විවෘත කරන ලද හම්බන්තොට නව වරාය පරිශ‍්‍රයේ මෙරටට වාහන ආනයනය කිරීම ඉහල යාම හේතුවෙන් ඉඩකඩ ඇහිරී යාම නිසා නව ගුදම් ඉදිකරන ලෙස වාහන ආනයනකරුවෝ වරාය අධිකාරියෙන් ඉල්ලා ඇත.

මේ වන විට වාහන ආනයනය කරන ලද නැවු පහක් පමණ වරායේ ඉඩකඩ මදිවීම නිසා වරාය ආසන්න මුහුදේ නැංගුරම් ලා තිබේ.
තව කියවන්න
POSTED ON | | Edit Post
සැත්කමට පැය 12යි : වෛද්‍යවරු 9යි

පුත්තලම 27 හැවිරිදි එක්දරු පියකුගේ කැපී ගිය ජනනේන්ද්‍රිය පැය 12ක සැත්කමකින් පසු බද්ධ කිරීමට කොළඹ ජාතික රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරු පිරිසක් සමත් වූහ.මෙවැනි සැත්කමක් ලෝකයේ සිදු කළ මුල් අවස්ථාව මෙය බව වෛද්‍ය මතයයි.
බ්ලොග්ගල් නිෂ්පාදකයකු වන ඔහුගේ ජනනේන්ද්‍රියට වක් පිහියකින් මේ අනතුර සිදුව ඇත.

තව කියවන්න
කිරිපිටි සමාගම් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල්තුමාගේ චක‍්‍රලේඛය උල්ලංඝනය කර ඇතැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම ව්‍යාපාරය පවසන්නේ ඒ මගින් අදාල සමාගම් ආහාර පනත උල්ලංඝණය කර ඇති බවයි.

නිවේදනයේ මෙසේද දැක්වේ
තව කියවන්න
POSTED ON | | Edit Post


 http://www.phonebloks.com/

ඔබත් අදම මෙයට දායක වී ලෝකය බේරාගන්න එකතුවන්න.

ඔබේ ෆෝන් එකේ එක කොටසක් පමනක් කැඩුනුවිට එය සම්පුර්නෙන් ඉවත්කරන්න වෙනවා නේද.නැතිනම් අපේ ෆෝන් එකේ මොකක් හරි අඩුවක් දැනුනොත් එය මාරුකරන්න හිතෙනවා නේද.අලුත් එකක් ආවමත් තියන එක විසිකරන්න හිතෙනවා නේද.. මේ හැම දෙයකින්ම වෙන්නෙ අප පරිසරයට ඉතාමත් විශ සහිත ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එකතු වීමයි. ඉතින් අපට මෙය නවත්වන්න බැරිද..? 
තව කියවන්න
POSTED ON | | Edit Post

අධිවේගිය ගොඩගම සිට හම්බන්තොටට හදන හැටි

දකුණු අධිවේගී මාර්ගයේ මාතර ගොඩගම සිට හම්බන්තොට දක්වා කිලෝ මීටර් 92 ක් වන කොටසේ ඉදිකිරීම් චීන ණය මත ගොඩනැගීම ලබන ජනවාරි මාසයේ සිට ආරම්භ කරන බව මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයා කියයි.

තව කියවන්න
POSTED ON | | Edit Post
විවෘත කිරීමට පෙර දින 3ක් නොමිලේ යන්න අවස්ථාව ..

අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය මත මහින්ද චින්තන කඩිනම් මාර්ග සංවර්ධන වැඩසටහන යටතේ ක‍්‍රියාත්මක වූ  කොළඹ  - කටුනායක අධිෙව්ගී මාර්ගය මේ මස 27 වන දා  අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කරන බව වරාය හා මහාමාර්ග අමාත්‍යාංශය සඳහන් කරයි.

අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ මෙරට මාර්ග සංවර්ධන ක්ෂේත‍්‍රයේ විප්ලවීය පරිවර්තනයක් සිදුවන මෙම අවධියේ ජනතා පරිහරණයට පත් කරන දෙවනි අධිවේගී මාර්ගය ලෙස කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය මෙරට මාර්ග ඉතිහාසයට එක් වේ. අධිවේගී මාර්ග නිර්මාණය අභියෝගයක්ව පැවති වකවානුවක එය අත්‍යවශ්‍ය සංවර්ධන ව්‍යාපෘතියක් සේ සලකා ක‍්‍රියාත්මක කිරීමේ අවශ්‍ය පසුබිම, විෂය භාර  අමාත්‍යවරයා හා රටේ නායකයා ලෙස අතිගරු ජනාධිපතිතුමා උපදෙස් ලබා දෙමින් ඊට අවශ්‍ය නායකත්වය දීම තුල මෙම ව්‍යාපෘතිය සාර්ථකව නිම කර ගැනීමට හැකි වූ බව  වරාය හා මහාමාර්ග ව්‍යාපෘති අමාත්‍ය ගරු නිර්මල කොතලාවල මැතිතුමා ප‍්‍රකාශ කරයි.
තව කියවන්න
POSTED ON | | Edit Post
සුප්‍රකට ගූගල් සමාගම විසින් ඉංග්‍රීසි භාෂාව සිංහලටත් සිංහල භාෂාව ඉංග්‍රීසියටත් පරිවර්තනය කිරීමේ පහසුකම සිය වෙබ් අඩවිය මගින් ලබාදීමට සූදානම් වේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් ගූගල් සමාගමේ මෙරට උපදේශක රොහාන් ජයවීර මහතා පැවසුවේ මෙම පහසුකම ලබාදීම සඳහා මේ වනවිට කටයුතු කරමින් සිටින බවයි.

මේ අනුව, නොබෝ දිනකින්ම මෙම පහසුකම ස්ථාපිත කළ හැකියැයි හෙතෙම විශ්වාසය පළ කළේය.

මේ වනවිට, ගූගල් පරිවර්තකය මගින් භාෂා 20 කට වැඩි ප්‍රමාණයක් පරිවර්තනය කළ හැකිය.
තව කියවන්න
POSTED ON Friday, October 4, 2013| | Edit Post
abc 7 රූපවාහිනී නාලිකාව මඟින් ලොව වටා රටවලට ආවේනික කෑම පිළිබඳව විස්තර ඉදිරිපත් කරන වැඩසටහනකින් පසුගියදා තෝරගන තිබුනේ ලංකාවේ කොත්තු රොටී පිළිබඳවයි.

Eyewitness News නම් වූ එමඟින් ඇමරිකාවේ නිව්යෝක් නගරයේ Staten Island ප්‍රදේශයේ පිහිටි "සන්රස" අවන්හල ඒ සඳහා තෝරාගන තිබුණා.

තව කියවන්න
ඕනම සින්දුවක් පහසුවෙන් Download කරගන්න පුළුවන් Software එකක් Ubuntu වලට නිර්මාණය කිරීමට Cylon Linux Operating System Developer සමත්වී තිබෙනවා.


තව කියවන්න
Running Bugi Live Wall Paper 

මෙන්න තවත් අගනා විනෝදජනක live wallpaper එකක් ඔබගේ android smart phone එක සඳහා.ඔබගේ screenය මත විස්කම් පාන Running Bugi . ඔබගේ තනි නොතනියට ලගම ඉන්න. කාලය අනුව වෙනස් වන Live wall paper එක,ඔබගේ දුරකතනය එහා මෙහා ගෙනයාමේදී එහා මෙහා යන සුරතල් bugi ඔබගේ විනෝදාස්වාදය සඳහාම .එක්වරක් දුරකතනයට දමාගෙන බලන්න.විනෝදය නොමිලේ. variant හි පළමුවන ආකර්ශනීය live wall paper නිර්මාණය.ප්‍රථම විනෝදාත්මක ශ්‍රී ලාංකේය Live Wallpaper ය. නිර්මාණය Gayan Nadeera විසිනි.
තව කියවන්න

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews