උපුටා ගැනීම lankacnewsවෙබ් අඩවියෙනි.

ලෝකයේ ප‍්‍රමුඛතම කිරි අපනයන කරුවකු වන නවසීලන්තය තම කිරි නිෂ්පාදනයෙන් 95% ක්ම අපනයනය කරයි. එසේ අපනයනය කරන කිරි නිෂ්පාදන අතුරින් කිරි පිටි, දියර කිරි, බටර්/චීස්, සහ ප්‍රෝටීන නිෂ්පාදන ප‍්‍රධාන තැනක් ගනු ලැබේ. පසුගිය 2012 වසරේ ප‍්‍රකාශයට පත්වු දත්ත අනුව පුර්ණ යොදය සහිත කිරිපිටි මෙ.ටො 1,261,000 ක්, යොදය ඉවත් කළ කිරිපිටි මෙ.ටො.390,000 ක් බටර් මෙ.ටො.506,000 ක්, චීස් මෙ.ටො.306,000 ක්, දියර කිරි මෙ.ටො 96,000 ක්, වේ ප්‍රෝටීන් මෙ.ටො.34,000, කේසීන් ප්‍රෝටීන මෙ.ටො.81,000 ක් සහ අනෙකුත් කිරි ප්‍රෝටීන් සාන්ද්‍රන මෙ.ටො.89,000 ක් නවසීලන්තය විසින් අපනයනය කොට ඇත.
තව කියවන්න
උපුටා ගැනීම lankacnewsවෙබ් අඩවියෙනි.

වෙළඳ දැන්වීම් වලට රැවටී ශරීර සෞඛ්‍යයට අහිතකර ආහාරපාන මිළදී නොගන්නා ලෙස පාරිභෝගික හා ගොවි අයිතීන් සුරැකීමේ සන්ධානය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

මේ බව සඳහන් කරමින් එම සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

මේ වන විට රටේ ජනතාවට ලෙඩ රෝග ගණනාවක් උරුම කර දෙන ක්‍ෂණික ආහාර සංස්කෘතිය ප්‍රවර්ධනය කිරීම සඳහා බහු ජාතික කූට සමාගම් විසින් ප්‍රසිද්ධ චරිත වෙළඳ දැන්වීම් සඳහා යොදා ගැනීමට පෙළඹී ඇත. එමගින් ඔවුන් බලාපොරොත්තූ වනුයේ ජනතාව ආකර්ෂණය වන චරිත යොදා ගනිමින් තම භාණ්ඩ වැඩිපුර අලෙවි කර අධික ලාභ ලබාගැනීමය.
තව කියවන්න
ශ්‍රී ලංකාවේ ජනගහණය තුළ රෝගී වන ජනතාවගෙන් 60%ක් බෝ නොවෙන රෝග සඳහා ප්‍රතිකාර ගැනීමට පැමිණෙන බව සෞඛ්‍ය ඇමතිතුමා පසුගිය දිනක ප්‍රකාශ කළේය. රට තුළ පිළිකා රෝගය ඉතා ඉහළ අගයක් වාර්තා කරන අතර රුධිර නාල අවහිරතා සම්බන්ධ හෘද රෝග, අධිරුධිර පීඩනය හා මධුමේහය සෑම පුරවැසියෙකුගේම සෞඛ්‍යයට තර්ජනයක් වී ඇත. එය ශීඝ්‍රයෙන් වැඩිහිටි පරපුර තුළ ඉහළ යන අතර ළමා පරපුරද මේ සඳහා ශීඝ්‍රයෙන් ගොදුරු වෙමින් සිටියි. ශ්‍රී ලංකාව තුළ ළමා පිළිකා හා මධුමේහයද අසාමාන්‍ය ලෙස ඉහළ යමින් පවතී. මීට අමතරව වකුගඩු රෝගයද රටේ සමහර ප්‍රදේශ ජනශූන්‍ය වීම දක්වා ඉහළ යන තත්ත්වයක පවතින බව වාර්තා වේ.
තව කියවන්න
POSTED ON Monday, August 25, 2014| | Edit Post
ආසියානුවෙකුට මෙම ජගත් කිරුළ හිමි වූ පළමු අවස්ථාව මෙයයි...

මලයාසියාවේ ක්වාලාලාම්පුර් නුවර පැවති හැත්තෑ පස්වෙනි ටෝස්ට් මාස්ටර් ජාත්‍යන්තර ලෝක ශූරතා කථීක තරගාවලියේදී දක්ෂතම ඉංග්‍රීසි කථීකයාට හිමි ලෝක ශූර කිරුළ හිමි කරගත් ධනංජය හෙට්ටි ආරච්චි අද කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ප්‍රභූ පර්යන්තයෙන් දිවයිනට පැමිණියේය.

ආසියා ජාතිකයකු මෙම ජගත් ශූරතාවය හිමිකරගත් පළමු අවස්ථාව මෙයයි.
තව කියවන්න
- මව්බිම ලංකා පදනම ගරු සභාපති,
ආරියසීල වික්‍රමනායක මහතා.

අප රටේ ශිෂ්ටාචාරය අවුරුදු 2500 වඩා පැරණි වන අතර එහි ආරම්භක යුගයේ සිටම අප රටේ කිරි නිෂ්පාදන ආර්ථිකයක් පැවතිණ. ඒ ආරම්භක යුගයේදී අද අප රටට කිරි ආනයනය කරන රටවල් කිරි නිෂ්පාදනයේ තබා රටක් වශයෙන්වත් බිහිවී නොතිබිණි.
තව කියවන්න
POSTED ON | | Edit Post
ෆ්ලොටින් මාර්කට් Floating Market Pettah පිටකොටුවේ පාවෙන වෙළෙඳ සංකීර්ණය 

කොළඹ නගරයේ අලංකාරය ඉහළ නංවන අතරම දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ශනය දිනා ගනිමින් කොළඹ, පිටකොටුව බැස්ටියන් මාවතේ ඉදිකරන ලද පාවෙන වෙළෙඳ සංකීර්ණය (25) පස්වරුවේ දී ජනතා අයිතියට පත් කෙරේ.

තව කියවන්න
POSTED ON Sunday, August 24, 2014| | Edit Post
උපුටා ගැනීම silumina පුවත්පතෙනි.


  ----- Made in Sri Lanka -----
දිනෙන් දින ඉහළ යන ඉන්ධන මිල මෙරට වාහන හිමියන්ගේ ආර්ථිකයට අද දරාගත නොහැකි ප්‍රශ්නයක්ව තිබේ. අනෙක් අතට ඉන්ධන දහනයෙන් නිකුත් වන කාබන් ඩයොක්සයිඩ් වායුව මෙරට පරිසර දූෂණයට මහත් තර්ජනයක්ව පවතී. මේ ප්‍රශ්නවලට විකල්ප විසඳුම වන්නේ ආර්ථිකයටත් පරිසරයටත් ඔරොත්තු දෙන වාහනයක් අපම නිපදවා ගැනීමය.

ඒ අනුව යමින් විදුලි බලයෙන් පැයකට කිලෝමීටර් 40 ක වේගයෙන් ධාවනය කළ හැකි අලුත් මාදිලියේ මෝටර් රථයක් දැන් ශ්‍රී ලාංකික නව නිර්මාණකරුවකු විසින් නිපදවා ඇත.
තව කියවන්න
POSTED ON | | Edit Post
පිටකොටුවේ බැස්ටියන් මාවතේ ඉදිකරන ලද පාවෙන වෙළෙඳ සංකීර්ණය හෙට (25) පස්වරු 5.00ට විවෘත කරන බව රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

එම වෙළෙඳ සංකීර්ණය පසුගිය 22 වැනි දා විවෘත කිරීමට නියමිත ව තිබුණත් අයහපත් කාලගුණ තත්ත්වය නිසා විවෘත කිරීමේ දිනය වෙනස් විය.

රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ‍ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරාධනයෙන් සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රධාන අමුත්තා ලෙස උත්සවයට සහභාගීවීමට නියමිතය. රජයේ මැති ඇමතිවරුන් මෙන් ම පෞද්ගලික අංශයේ නිලධාරීන් රැසක් ද මේ සුවිශේෂී අවස්ථාවට සහභාගී වෙති.
තව කියවන්න
POSTED ON Wednesday, August 20, 2014| | Edit Post
 උපුටා ගැනීම ලක්බිම පුවත්පතෙනි.

ලයිට් බිලයි, වතුර බිලයි ගෙව්වාම පඩියෙන් බාගයක් ඉවරයි.” එසේ කියන මාස් පඩිකාරයන් කොතෙකුත් ඔබට හමුවී ඇතුවාට සැක නැත. එසේ නැතිනම් ඔබත් එසේ ලයිට් බිලට මාස් පඩිය පූජා කරන සේවකයකු වන්නට පුළුවන. රට්ටුන් එසේ ලයිට් බිල ගැන සංවේදී වන්නේ විදුලිය ඔවුන්ගේ ජීවිතයේ අත්‍යවශ්‍ය අංගයක් වන නිසාය.

මේ නිසා ආණ්ඩුව කොපමණ මිල වැඩි කළද බදු අය කළද රට්ටුන්ට දැන් සිද්ධ වී ඇත්තේ පඩියෙන් භාගයක් නොව මුළු පඩියම ගෙවා හෝ විදුලි බිල ගෙවා දැමීමටය.

කෙසේ නමුදු විදුලි බිල ගැන ළතවෙන රට්ටුන්ට ගිය සතියේ කෑගල්‍ලේ ගලිගමුවෙන් අසන්නට ලැබුණේ සුබ ආරංචියකි. ඒ ගෙවත්තේ තිබෙන ළිඳෙන් ජල විදුලිය නිපදවා ගන්නා පුවතකි. මේ අපූරු නිර්මාණකරුවා රූපසිංහ මල්ලව. ඔහු ගලිගමුවේ හරිගල පදිංචිකරුවෙකි. ඔහුට මේ අපූරු අදහස හිතට ආවේ තම ගෙවත්තේ ඇති ළිඳේ ජලය නිවසේ ඇති ජල ටැංකියට රැස්කරගෙන එම ජලය විවිධ කාර්යයන් සඳහා ප්‍රයෝජනයට ගන්නා අවස්ථාවේදීය. විදුලි බලය එසේ නිපදවා ගත හැකි බව ඔහු කල්පනා කළේය. මල්ලවට අනුව නම් ළිඳෙන් පමණක් නොව ඇළකින් දොළකින් නොව අඟලක තරම් වන කුඩා දිය පාරකින් වුවද කිලෝ වොට් දෙක තුනක විදුලියක් හෝ ඊට වැඩි විදුලි බලයක් අඩු වියදමකින් මෙයින් නිපදවා ගැනීමට හැකිය. ඔහු මෙසේ ජලයෙන් විදුලිය නිපදවා ගත්තේ ඔහු විසින් සොයා ගන්නා ලද විශේෂ යන්ත්‍රයකිනි. එම නිර්මාණය සඳහා පේටන්ට් බලපත්‍රයද ඔහු ලබාගෙන ඇත.
තව කියවන්න
අපේ සාම්ප්‍රදායික සහල් ආහරයට ගැනීමෙන් දියවඩියාව පාලනය කලහකිබව විද්‍යත්මව ඔප්පුකර පෙන්වයි.!

කාර්මික හා තක්ශණ පර්යෙශන අයතන්යේ පර්යේශන විද්‍යාඥ කාංචනා අබේසේකර මෙනවිය වසර 9ක් තිස්සේ දියවැඩියව වැනි බෝ නොවන පාලනය කිරීමට දේශිය සහල් වලට අති හැකියාව සම්බන්ධව කල පර්යෙශනයෙන් මේ බව ලොවටම හෙලි කරන්නේ බටහිර වෛද්‍ය විද්‍යාවෙන් මෙතෙක් සොයා නොගත් ගැටළුවකට ද පිළිතුරු සපයමිනි.
තව කියවන්න
POSTED ON Monday, August 18, 2014| | Edit Post
නව කළමනාකාරිත්වය යටතේ පොස්‌පේට්‌ රාජ්‍ය සමාගම පොහොර නිෂ්පාදනය දෙගුණ කර තිබෙනවා
- සාමාන්‍යාධිකාරි එච්. ආර්. යූ. ඩී. බණ්‌ඩාර

ලංකා පොස්‌පේට්‌ සමාගමේ සභාපති ජාලිය පී. කුලසේකර මහතා ඇතුළු නිලධාරීන් මාධ්‍ය හමුවට සහභාගි වූ අයුරුනව කළමනාකාරිත්වය යටතේ ලංකා පොස්‌පේට්‌ සමාගමට වසරක්‌ තුළ පොහොර නිෂ්පාදනය දෙගුණ කර ගැනීමට හැකියාව ලැබී ඇතැයි එම සමාගමේ සාමාන්‍යාධිකාරි එච්. ආර්. යූ. ඩී. බණ්‌ඩාර මහතා පැවැසීය.

තව කියවන්න
POSTED ON Sunday, August 17, 2014| | Edit Post
පසුගිය වසර කීපයක කාලය ලංකාවට එක්තර සුවිසේෂී කාලයක් වන්නේ ලංකාවේ අපනයන වෙළද පොලේහි ඇති වුනු වර්ධනය නිසයි. අපනයන වෙළදාම කෙරෙහි බොහෝ දෙනා ගේ නැඹුරුවක් දැකගත හැකි වුනු අතර කුඩා කොල්ලන් කුරුට්ටන් පවා මේ සදහා උන්නදු වීම විශේෂිතම සිදුවීමක් විය. වල්ල පට්ට, වල් කරපිංචා, කිඹුල් හූනන් , ට්‍රයිටන් වැනි විශාල පරාසයක පැවති දැන් මෙය රතු කෝමාරිකා දක්වාම පැමින ඇත. මෙයින් සමහර දෙනෙකු කීයක් හෝ අත මිට මොලවා ගනිද්දී සමහරුන් තිබුනු සේසතද නැති කරගත්තේ සමහරක් වංචාවන් පමනක්ම වුනු බැවිනි. නමුත් වල්ල පට්ටා වැනි නියම අපනයන වටිනාකමක් ඇති භෝග කෙරෙහි පසුව රජයේ අවධානය යොමු වීමෙන් ගුවන් තෙට්දී හොරෙන් ගෙන ගොස් හසුවන වල්ලා පට්ටා වල වටිනාකම හා රජය හරහා විකිණුම් කටයුතු කිරීමට යාමේදී වටිනාකමත් අතර වෙනස කැපී පෙනුනි.
තව කියවන්න
POSTED ON Saturday, August 16, 2014| | Edit Post
ලිපිය උපුටා ගැනීම http://lankacnews.com/sinhala/ වෙබ් අඩවියෙනි

ඩෙංගු පැතිරයාම පිළිබඳව බලධාරීන් මොනවා කිව්වත් අද වන විට එය වසංගත තත්ත්වයට ආසන්න වන බව අපේ හැගීමයි. ඩෙංගු උණ වැළඳී මිය යන ආදරණීයයන් වෙනුවෙන් කඳුළු සලන ඥාතීන්ද මිය යන්නන් නිසා අනාථ වන පවුලේ සාමාජිකයන්ද සමාජය තුළ බහුල වෙමින් පවතියි. මදුරු මර්දනය – ඩෙංගු මර්දනය, මැලේරියා මර්දනය ආදී වශයෙන් කොටස්වලට බෙදාගනිමින් තවත් දෙපාර්තමේන්තු පවත්වාගෙන යමින් ජනතා මුදල් නැති නාස්ති කිරීමට එහා ගිය ජාතික වැඩපිළිවෙළක අවශ්‍යතාවය සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රයේ බලධාරීන්ට නොදැනුණද රටේ සාමාන්‍ය ජනයාට දැනෙමින් පවතියි. මෙම ලිපිය ලියන ලේඛකයාද එවැනි හැගීමක් සහති වූවෙකි. මදුරු මර්දනය සම්බන්ධව වෙනත් ඇසකින් දැකීමට සමත් වූවෙකි. ඔහුගේ ලිපියේ ඇති කාලීන සහ තාක්‍ෂණික වැදගත්කම සලකා පළකරන්නෙමු.
තව කියවන්න
POSTED ON Thursday, August 14, 2014| | Edit Post
ඇමෙරිකානු ඩොලර් මිලියන 225 ක්‌ ආයෝජනය කරමින් ඩුබායිහිදී තරු පහේ හෝටලයක සාඩම්බර හිමිකරුවකු වීමට ශ්‍රී ලාංකිකයකු සමත්ව සිටියි. Marriott At Jaddat යනුවෙන් නම් කරන ලද මෙම සුපිරි හෝටලය ලෝ සුපතල Marriott වෙළෙඳ නාමය සමග ඒකාබද්ධ වූවකි. ලොව පුරා රටවල් 60 ක මෙම තරු පන්තියට අයත් හෝටල් 500 ක්‌ පමණ ක්‍රියාත්මක වේ.

විදේශයක මෙවන් සුවිශාල ආයෝජනයක්‌ කළ ප්‍රථම ශ්‍රී ලාංකිකයාද වන මොහු නමින් නන්දන ලොකුවිතාන සිලෝන් ස්‌ටීල් කෝපරේෂන් ලිමිටඩ්හි පූර්ණ හිමිකාරිත්වයද ඔහු සතුය.
තව කියවන්න
මෙය www.gossipbook.lk වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලද්දකි..

යුනිලීවර් ආයතනයේ නව නිෂ්පාදන සෑම සතොස ශාඛා අලෙවි සැලකම තිබිය යුතු බව පවසමින් ලංකා සතොස ආයතනය විශේෂ ප්‍රචාරණ වැඩසටහන් ක්‍රියාත්මක කොට ඇති බව වාර්තා වේ.

මේ අනුව අද දිනය වන විට සතොස තුල වැඩි වශයෙන් දැකිය හැක්කේ යුනිලීවර් සමාගමේ බහු ජාතික නිෂ්පාදනයන්ය. එය එක් අතකින් යුනිලීවර් භාණ්ඩ සහිත අලෙවිසලක් වන තරමටම තත්ත්වය දරුණු වී තිබේ. 
තව කියවන්න
මෙය www.gossipbook.lk වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලද්දකි..
ජනාධිපතිවරයා විසින් රුපියල් මිලියන 840 ක වියදමින් ගාල්ලේ ආරම්භ කරන ලද ලංකාවේ ප්‍රථම ටින් මාළු කම්හල මේ වනවිට වසා දමා ඇතයි වාර්තා වේ. 

මෙම කර්මාතශාලාව ආරම්භ කිරීමේදී ඒ පිළිබඳව ප්‍රකාශ වුනේ පිටරටින් ගෙන්වන මාළු ටින් එකකට වඩා රුපියල් 100ක්‌ පමණ අඩුවෙන් ගාල්ලේ නිපදවන මාළු ටින් එකක්‌ අලෙවිකළ හැකි බවය. 
තව කියවන්න
POSTED ON | | Edit Post
ශ්‍රී ලංකාව විදෙස්‌ රටවල මහාපරිමාණ ආයෝජකයන්ගේ කේන්ද්‍රස්‌ථානයක්‌ බවට පරිවර්තනය වී ඇති සමයක තමන්ගේ නිජබිම වෙනුවෙන් අතිශය දැවැන්ත ආයෝජනයක්‌ කර ඒ ආයෝජනයේ ඵල නෙළා ගැනීමට ඇති ඉඩ හසර බලහත්කාරයෙන්ම වළක්‌වාලනු ලැබීමේ අභාග්‍යයට මුහුණ දී හිඳින සැබෑ ශ්‍රී ලාංකිකයකුගේ අඬහැරයකි මේ...

ඔහු නමින් ජානක ප්‍රනාන්දුය. කොළඹ ආනන්ද විදුහලේ ආදි ශිෂ්‍යයකු වන ඔහු විදෙස්‌ අධ්‍යාපනය ද ලබා සැලකිය යුතු කාලයක්‌ විදෙස්‌ රටක සේවය ද කර තිබේ. තවදුරටත් එහිම සේවය කරමින් මුදල් ඉපයීමට
තව කියවන්න
POSTED ON Sunday, August 10, 2014| | Edit Post
 සිතන්න...>>

ඔබ දිනකට අන්තර්ජාලය භාවිතයට කොපමන කාලය වෙන් කරනවාද?
ඔබ සමාජ ජාලයන් තුල කොපමන කාලය ගත කරනවාද?
ඔබ නිකරුනේ කොපමන වෙබි අඩවි තුල සැරිසරනවාද?

ඔබට හැකියි එම කාලයෙන් විනාඩි 10ක පමන සුලු වේලාවක් වෙන් කර මෙම ක්‍රීඩාව සදහා යොමු වීමට. එයින් ඔබගේ බුද්ධි මට්ටම ඉහල නංවාගැනීමට මෙන්ම නොදන්නා කරුනු රාශියක් ඉගනීමට හැකියාව ඇත. අමතක නොකර මෙය ඔබගේ රුවාට, සහොදරයාට, සහෝදරියට හෝ වෙනත් දන්නා හදුණන පාසල් සිසුනට නිර්දේශ කිරීමට මතක තබා ගන්න. ඔබත් දැන්ම එකතුවන්න දැණුම මිණුම වැඩසටහන සමග.
www.HowToLanka.com 

තව කියවන්න
POSTED ON Thursday, August 7, 2014| | Edit Post
පිදුරුතලාගල කන්දෙන් ආරම්භ වී ගලාබසිනා උමා ඔයේ අතිරික්‌ත ජලය උපයෝගී කරගනිමින් ජල හිඟයකින් පෙළෙන මොණරාගල හම්බන්තොට දිස්‌ත්‍රික්‌කවල ජනතාවගේ ජල අවශ්‍යතා සපුරාලනු පිණිස මෙන්ම එම ජලයෙන් විදුලිය බලය උත්පාදනය කිරීමේ අරමුණ ඇතිව වාරිමාර්ග සහ ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශය යටතේ මෙසේ උමා ඔය හැරවුම, උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ලෙස ක්‍රියාවට නැගේ. 

නුවරඑළිය සහ බදුල්ල දිස්‌ත්‍රික්‌කවල ඉහළ කඳුකර නිම්නවලින් ආරම්භව පළමුව නැගෙනහිර දිශාවටද, ඉන්පසු උතුරු දෙසටද ගලායන උමා ඔය,
තව කියවන්න
POSTED ON | | Edit Post

නොලේජ් පාර්ක් සංකීර්ණය ජනාධිපතිගේ නිරීක්ෂණයට

     දැනුම පදනම් කරගත් කර්මාන්ත සිදු කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස ඉදිකෙරෙන පිටකොටුව, නොලේජ් පාර්ක් සංකීර්ණය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ඊයේ (06) ලක් කෙරිණි.
     මරදාන ආසන්නයේ පිහිටා ඇති අක්කර 25කින් සමන්විත ට්‍රිපෝලි මාර්කට් නැමැති පැරණි ගොඩනැඟිල්ල පිහිටි ස්ථානයේ මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කෙරෙන අතර එහි පළමු අදියර යටතේ මේ වන විට අක්කර 12ක ඉදිකිරීම් සිදු කර ඇත.
තව කියවන්න
POSTED ON Wednesday, August 6, 2014| | Edit Post
ඔබේ සිංහල බ්ලොග් අඩවියේ දැන්වීම් පළ කර මුදල් උපයන්න -  Bhasha වෙතින් දැන් AdLink - http://www.adlink.lk
-------------------

මීට වසර කීපයකට පෙර සිංහල බ්ලොග්කරුවන්ට විශාල ගැටළුවක් වූ පාඨක පරිගණක වල සිංහල නොපෙනීමේ ගැටළුව Bhasha SETTdeco සේවාව හරහා භාෂා ලංකා ශ්‍රී ලාංකීය මෘදුකාංග සමාගම විසින් විසඳූ බව ඔබට මතක ඇති. ඔවුන් විසින් නොමිලේ ලබා දුන් එම සේවාව තවමත් ඔබ ඔබේ වෙබ් අඩවියේ හෝ බ්ලොග් අඩවියේ භාවිතා කරනවා ඇති!

තව කියවන්න

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews