POSTED ON Sunday, April 26, 2015| | Edit Post
ශ්‍රි ලාන්කික දක්ශයකුගෙ අදහසක් හා නිර්මානයක් වන මෙහි විශේශත්වය වන්නේ සේවා සපයන්නාගෙන් කලින් සේවාව ලබාගත් අයට ඔහු හෝ එම ආයතනය ගැන තමන්ගේ අදහස මෙහි පල කල හැකි විමයි.
එමගින් ඉන් පසු පැමිනෙන අයට අවැසි සේවාව ලබා ගැනිමට සුදුසුම කෙනා හෝ ආයතනය තෝරගැනිමට හැකි වෙනු ඇත.
තව කියවන්න
POSTED ON | | Edit Post

ශ්‍රී ලංකා වෛද්‍යාධාර කණ්ඩායම නේපාලයට

නේපාල භූමිකම්පාවෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ හා ගුවන් හමුදාවේ වෛද්‍යවරුන් හා වෛද්‍ය සහායකයින්ගේ කණ්ඩායම අද (26දා) පෙ.ව. 10.30ට නේපාලයේ කත්මණ්ඩු නුවරට ළගාවූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.
තව කියවන්න
POSTED ON Thursday, April 23, 2015| | Edit Post
SL App Store අලුත් ලොව අපේ දේ එකම තැනකින්.... 

sl app store යනු ලංකාවේ දක්ෂයින් විසින් නිපදවනු ලබන සියලුම ආකාරයේ ඇප්ස්, මෘදුකාංග,ගේම් සහ යෙදවුම් ලබා ගැනීමට හැකි ලංකාවේ ඇති එකම වෙබ් අඩවියයි .මෙහිදී ඔබට ප්‍රදානම මෙහෙයුම පද්දති (OS) වන ඇන්රෝයිඩ්,ඇපල්,වින්ඩොව්ස් for PC, වින්ඩොව්ස් for phone ,ජාවා යෙදවුම් සහ ubuntu(Linux) යන ඕනෑම මෙහෙයුම පද්දතියකට අදාළ යෙදවුම් ලබාගත හැකිය .
තව කියවන්න
POSTED ON Wednesday, April 22, 2015| | Edit Post
කිසිදු සිංහල බෞද්ධ දරුවකු නොමැති
ලංකාවේ එකම දහම් පාසල මහින්දාලංකාරය


ඡේ. ඒ. ජයකොඩි - මනම්පිටිය


නැගෙනහිර පළාතේ වාලච්ෙච්න මයිලන්කරච්චි ගම්මානයේ සිටින මුස්‌ලිම්, දමිළ ජනතාවගෙන් වටවී ඇති එකම කුඩා පන්සල වන ශ්‍රී බෝධිරාජාරාම විහාරස්‌ථානය වසර ගණනාවක සිට පැවත එන බෞද්ධ පන්සලයි.

එහෙත් කිසිදු ස්‌වාමීන් වහන්සේ නමක්‌ වැඩසිට නොමැති මෙම බෝධිරාජාරාමයට 2013 වසරේ වැඩම කළ කටුගස්‌තොට මහින්දාලංකාර හිමියන්ගෙන් ආරම්භ කළ මහින්දාලංකාර නමින් දහම් පාසලක්‌ ආරම්භ කළේ උන්වහන්සේගේ තිබූ උත්සාහයෙනි.
තව කියවන්න
තමිල්නාඩු ප‍්‍රාන්ත රජය විසින් හින්දුස්ථාන් කොකා කෝලා බෙවරේජ්ස් සමාගමට බීම වර්ග නිෂ්පාදනය සඳහා ඉඩම් පවරා දීම වහාම අත්හිටුවා තිබේ.
තමිල්නාඩු ප‍්‍රාන්ත රජයේ කර්මාන්ත ප‍්‍රවර්ධන සංස්ථාව විසින් පෙරුන්දූර් හා චෙන්නමාලයි ප‍්‍රදේශයේ අක්කර 71ක පමණ භූමි ප‍්‍රමාණයක් මෙසේ අදාළ බීම කම්හලට ලබා දී තිබුණි.
තව කියවන්න

දකුණු ආසියාවේ ආදිතම ප්‍රාග් ඓතිහාසික මානව අවශේෂ හමුවූ බුලත්සිංහල පාහියන්ගල ඉදිකරමින් තිබූ ප්‍රාග් ඓතිහාසික ස්වභාවික කෞතුකාගාරයේ කටයුතු නව රජය බලයට පත්වීමෙන් පසු නතර කර දමා ඇතැයි පාහියන්ගල විහාරාධිපති පුරාවිද්‍යා ගෞරව ශාස්ත්‍රවේදී පාහියන්ගල ආනන්ද සාගර හිමියෝ පැවසූහ.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව 1986 සිට 2012 වර්ෂය දක්වා සිදු කළ කැණීම්වලින් දකුණු ආසියාවේ පැරණිතම මානව අවශේෂ පිළිබඳ තොරතුරු පාහියන්ගලින් සොයාගෙන ඇත. අවසන් වරට 2012 වසරේ සිදු කළ කැණීම්වලදී සොයාගත් ඇටසැකිල්ල අදින් වසර 10,000කට පෙර මියගිය අවුරුදු 18ත් 22ත් අතර වයස ඇති අඩි පහකට වඩා උසැති තරුණියකගේ බවට තහවුරු වී ඇත.
තව කියවන්න
POSTED ON Tuesday, April 21, 2015| | Edit Post
ටැක්ටර් 40 ක් සිය ඇඟ මතින් ධාවනය වෙන්නට සළස්වා පොළොන්නරුවේ ශාන්තිපුර තරුණයෙක් අද ලෝක වාර්තාවක් තැබීමට කටයුතු කළේය.

වයස අවුරුදු 26 ක් වන මෙම තරුණයා සිදු කළ මෙම ක්‍රියාව පටිගත කර ලෝක ගිනස් කමිටුව වෙත ඉදිරිපත් කිරීමටද පියවර ගෙන තිබුණි.
තව කියවන්න
POSTED ON Saturday, April 18, 2015| | Edit Post
ඒ ඉකුත් (08 දා) හිමිදිරියයි. කරාපිටිය රෝහලේ හෘද හා උරස් ශල්‍ය වෛද්‍ය ඒකකය වෙනදා මෙන් රෝගීනගේ හිත සුව සඳහා ක්‍රියාත්මක වෙමින් තිබිණ. මොර සූරන මහ ධාරානිපාත වර්ෂාවක් ගාල්ල හා කරාපිටිය හබරාදුව මතු නොව මාතර පුරවරයට ද වේගයෙන් ඇදහැලෙන්නට විය. දිවයිනේ වෙනත් ප්‍රදේශ ද මේ මහ වැස්සෙන් තෙතබරිත වී ගිය බව පසුව දැනගන්නට ලැබිණ. විටින් විට අහසේ නැගුණු රිදී එළි හා ගොරබිරම් හඩ සමග බක් මහ අකුණු දස අත නැ‍ගෙන්නට වීය. රෝහල අසල ට්‍රාන්ස්ෆෝමරය ද රෝහලේ ජෙනරේටර් ද මේ අකුණු පහරින් මුළුමනින්ම අක්‍රීය විය. හෙණ හඩ නගන අකුණු ශල්‍ය වෛද්‍ය ඒකකය ඉස්මත්තේ ද පුපුරන්නට වීය.

කීර්තිමත් හෘද හා උරස් ශල්‍ය වෛද්‍ය නාමල් ගමගේ මහතා එදා උදෑසන වැඩ ආරම්භ කළේ පාන්දර 3 ට පමණය. ඒ වන විටත් එතුමා හෘද රෝගියකු වෙනුවෙන් මහත් කැපවීමක් කරමින් සිටියේය. රෝගියා මුස්ලිම් ජාතික මහතෙකි. අවුරුදු 55 ක් පමණ වයසය. ඔහුගේ උරහිස පලා දෙපැත්තට වන්නට කපා තිබුණු මොහොතක විදුලිය විසන්ධි වී ශල්‍ය වෛද්‍ය ඒකකය ද අඳුරේ ගිලුණේය. ඒත් හීපොක්‍රටීස් ප්‍රතිඥාව අනුව නියම ජීවකයා තමා වෙත ආ රෝගියා අත්හරින්නේ නැත. මිනීමරුවකු වුව පොලීසියටවත් තමා 
තව කියවන්න
POSTED ON | | Edit Post
එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ  අබුඩාබි  නැෂනල් හොටෙල් කොම්පාස් සමූහයේ  ශ්‍රිලාංකික සූපවේදියකු  ලෝකයේ  රටවල් 58 ක්  සමඟ තරග කොට ප්‍රථම ස්ථානය ලබාගෙන තිබේ.
කොම්පාස් කැමියට් ප්‍රධාන සූපවේදී ශූරතා තරඟයේදී  2014 මහා සූපවේදී සම්මානය දිනාගත් ශ්‍රී ලංකාවේ ඉන්දික මංචනායකය.
තව කියවන්න
​නෙස්ලේ සමාගම විසින් වසර 30කට පෙර කල් ඉකුත් වූ බලපත‍්‍රයක් භාවිතයෙන් කැලිෆෝනියාවේ ජාතික වනාන්තරයක් හරහා ජලය රැගෙන ගොස් ඇතැයි අනාවරණය වී තිබේ.

පාම් ස්ප‍්‍රින්ග්ස්හි පළවන ඩෙසර්ට් සන් පුවත්පත විසින් මේ පිළිබඳව කරුණු හෙළිදරව් කිරීමෙන් පසු වහාම පරීක්‍ෂණයක් සිදුකිරීමට පියවර ගත් බව ඇමරිකානු වනාන්තර සේවාව නිවේදනය කර ඇත.
තව කියවන්න
POSTED ON Wednesday, April 15, 2015| | Edit Post
මෙරට සංචාරක කටයුතු ප්‍රවර්ධනය කිරීම ඉලක්ක කර ගත් දිවයිනේ ප්‍රථම එළිමහන් සත්වෝද්‍යානය වන පින්නවල එළිමහන් සත්වෝද්‍යානය අප්‍රේල් 17දා විවෘත කිරීමට නියමිතය.

පින්නවල – අලි අනාථාගාරයට යාබදව අක්කර 44ක භූමි භාගයක ඉදිකර ඇති මෙම සත්වෝද්‍යානය මෙරට ට ආවේණික සතුන් සඳහා වෙන් කෙරෙනු ඇත.
තව කියවන්න

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews