POSTED ON Thursday, September 19, 2013| | Edit Post

පිටසක්වල ජීවීන් සීගිරියට ආවද? ඒක දැනගන්න බලන්න මේ වීඩියෝ එක...

වීඩියෝ කතා කියන්නෙ ලංකාවේ අපේ කෙනෙක් කරන අධ්‍යාපණික යූටියුබ් චැනල් 1ක්. ඒක කරන්නෙ සම්පත් කියල කෙනෙක්. ඔහු ඒකෙන් තාක්ෂණික, විද්‍යාත්මක,සමාජීය සහ කලාත්මක දේවල් සරලව කතා කරනවා. අපි ලංකාවට වැදගත් යමක් එකතු කරන තරුණයින්ගේ වැඩ අගය කරන නිසා, ඔහු වෙනුවෙන් අපෙන් පිටුවක් වෙන් කරන්න අපිත් හිතුවා. බලන්න පහල තියෙන වීඩියෝ. ලංකාව තුල මේ වගේ අධ්‍යාපණික වීඩියෝ චැනල් කෙරෙනවා අඩු නිසා, මේ මාධ්‍ය දියුණු කරන්න ඔයාලත් මේ වීඩියෝ යාලුවන් සමග ශෙයා කරන්න. 
තව කියවන්න
POSTED ON | | Edit Post


Photoshop Tutorial 3 - ඇඟ හදාගන්න Liquify Effect


වීඩියෝ කතා කියන්නෙ ලංකාවේ අපේ කෙනෙක් කරන අධ්‍යාපණික යූටියුබ් චැනල් 1ක්. ඒක කරන්නෙ සම්පත් කියල කෙනෙක්. ඔහු ඒකෙන් තාක්ෂණික, විද්‍යාත්මක,සමාජීය සහ කලාත්මක දේවල් සරලව කතා කරනවා. අපි ලංකාවට වැදගත් යමක් එකතු කරන තරුණයින්ගේ වැඩ අගය කරන නිසා, ඔහු වෙනුවෙන් අපෙන් පිටුවක් වෙන් කරන්න අපිත් හිතුවා. බලන්න පහල තියෙන වීඩියෝ. ලංකාව තුල මේ වගේ අධ්‍යාපණික වීඩියෝ චැනල් කෙරෙනවා අඩු නිසා, මේ මාධ්‍ය දියුණු කරන්න ඔයාලත් මේ වීඩියෝ යාලුවන් සමග ශෙයා කරන්න. 
තව කියවන්න
POSTED ON | | Edit Post


නොමිලේම ෆොටෝෂොප් ඉගෙනගනිමු. ෆොටෝෂොප් පාඩම් මාලාවේ පළමු කොටස. 
ෆොටෝෂොප් ආරම්භය ,එහි ප්‍රධාන ටූල්ස් පැනල් එක අලුතෙන් file එකක් open කරන්නේ කොහොමද?,Layers වලින් වැඩ ගන්නේ කොහොමද?
බලන්න මේ විඩියෝ එක.
තව කියවන්න
POSTED ON | | Edit Post


නොමිලේම ෆොටෝෂොප් ඉගෙනගනිමු. 
ෆොටෝෂොප් ආරම්භය .ෆොටෝෂොප් පාඩම් මාලාවේ දෙවන කොටස. 
මේකෙදී ප්‍රධාන වශයෙන්ම ෆොටෝ එකක් කළු සුදු කරන්නේ කොහොමද කියල බලනවා.බලන්න මේ විඩියෝ එක එහි ප්‍රධාන ටූල්ස් පැනල් එක.අලුතෙන් file එකක් open කරන්නේ කොහොමද?
Layers වලින් වැඩ ගන්නේ කොහොමද?
ෆොටෝ එකක් කළු සුදු කරන්නේ කොහොමද?

බලන්න මේ විඩියෝ එක.
තව කියවන්න
POSTED ON | | Edit Post


මේත් වීඩියෝ කතා වගේම, ඡායාරූපකරණය ගැන ඉතා වැදගත් ලිපි මාලාවක් ගෙන එන තරුණයෙක්.මොහු සියල්ලක්ම නොමිලේ කියා දෙනවා...ඒ නිසා අනිවාර්යෙන්ම ඔබට වැදගත් වේවි යැයි අපි සිතනවා..

ලෙන්ස් වල ඇති විවිධ අගයන් සහ ලෙන්ස් වර්ග ගැන කල විස්තරයක් මෙම එපිසෝඩ් එකෙන් කළා. Posted by Kapila Sudesh

ඔබගේ කොමෙන්ට්ස්, ගුණ දොස් හැමදෙයක්ම සාදරයෙන් පිළිගනිමු. ස්තුතියි. 
තව කියවන්න
POSTED ON | | Edit Post
විෂක්‌ ශරීරගත වෙලා , ටියුෂන් යද්දී අසාධ්‍ය වූ දුව ,අවුරුද්දක්‌ තිස්‌සේ එක තැන
මාසෙකට රු. 50000 ක්‌ විතර වැය වෙනවා
උපකාර කරනවා නම් ලොකු පිනක්‌
- දෙමාපියෝ කියති

"උදේ උපකාරක පන්තියකට යැමට ගෙදරින් පිටවූ දුව ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් අසල්වැසි නිවසක සිටින බව අපට දහවල් ආරංචියක්‌ ලැබුණා. අප යනවිටත් දුව සිහි නැතිව සිටියේ. එදා සිට මේ වනතුරු දුව වචනයක්‌වත් කතා කළේ නෑ. වෛද්‍යවරුන් කීවේ දුව වස පානය කර ඇති බවයි. වස බොන්න තරම් හේතුවක්‌ දුවට තිබුණේ නෑ. මොනවා වුණාද දන්නේ නෑ."
තව කියවන්න
POSTED ON | | Edit Post
Centre for Agribusiness Development (CAD) is organizing Diyawanna Family Fair every Wednesday at Diyatha Uyana, Battaramiulla. The main objective of the  Family Fair is to develop a direct market platform for food and other products demanded by urban consumers where they can purchase quality products at best price from reliable local suppliers.
CAD has selected all vendors through a careful selection process from small and medium organizations as well as corporate sector to ensure the quality and reliability of the products to ensure that consumers will have “Quality, Reliable Products at the Best Price” at Family Fair.
Centre for Agribusiness Development (CAD) is a organization working with the objective of developing Agribusiness Sector in Sri Lanka by assisting agro entrepreneurs and companies to develop their quality, productivity and efficiency to become more commercial oriented while protecting the environment.
තව කියවන්න
නළු නිළියන් කිරි පොවන්නට හදන ක්‍රීඩකයන් සොසේජස් කවන්නට හදන අපේ ඊනියා වෙළඳ දැන්වීම්..

එක්තරා වෛද්‍යරයෙකු වරක් සුපිරි තරුවකට කතා කරලා තියනවා " ඔයා අරපෙනී සිටින වෙලද දැන්වීමෙන් දෙන උපදෙස් දෝශ සහිතයි.ඒනිසා ඒකට පෙනී සිටින්න එපා " ඔහු සුපිරි තරුවෙන් ඉල්ලීමක් කලා.එවිට සුපිරි තරුව කීවාලු "ඔයාගෙ වැඩක් බලාගන්න කියල".ෆුල් ටයිම් බඩු විකුනන පාර්ට් ටයිම් රගපාන, ක්‍රීඩා කරන  අපේ අයියලා සල්ලි දෙනව නම් ගොම රොටි උනත් කන්න හොදයි කියලා දැන්වීමකින් කියාවි. ඒකයි යාථාර්තය.
තව කියවන්න
POSTED ON Wednesday, September 18, 2013| | Edit Post
දුම්වැටි ඇසුරුම්වල 80%ක ප්‍රමාණයක ඉන් සිදුවන ජීවිත හානිය ගැන රූපමය අවවාද ඇතුළත් කිරීමට සෞඛ්‍ය ඇමති මෛත්‍රිපාල සිරිසේන මහතා ගෙන ආ යෝජනාව දුම්කොළ සමාගම විසින් මග හැර ඇතැයි කියමින් (17දා) කොළඹ කොටුව දුම්රිය‍ නැවතුම්පළ ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්විණ. දුම්වැටියෙන් නිදහස් දේශයක් උදෙසා ජාතික සංවිධාන එකමුතුව විසින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණි.
තව කියවන්න
 මෙම මස 14 දින සිට 22 වන දින දක්වා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවැත්වෙන කොළඔ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය වෙනුවෙන් ඉතා වටිනා සුවිශේෂි මෘදුකාංගයක් මොරටුව විශ්ව විද්‍යාලයේ විද්‍යුත් හා විදුලි සංදේශ ඉංජිනේරු දෙපාර්තමේන්තූවේ සිසුන් පිරිසක් නිර්මාණය කර තිබේ. 

ඩයලොග් සමාගම සහ ශි‍්‍ර ලංකා පොත් ප‍්‍රකාශකයන්ගේ සංගමය මේ සදහා සහයෝගය ලබා දේ. 

Book Seeker නමින් හදුන්වන මෙම මෘදුකාංගය නිර්මාණය කළ සිසුන් කණ්ඩායමේ සාමාජිකයෙකූ වන සුබෝධ චාල්ස් මේ පිළිබඳව පවසන්නේ මෙවැන්නක්. Facebook page -  Bookseeker
තව කියවන්න
POSTED ON Tuesday, September 17, 2013| | Edit Post
මේක අපි අලුතෙන්ම හදපු android ගේම් එකක්.ගේම් එකේ නම Hungry Squirrels. අහිංසක ලේනේක්ගේ පලිගැනීමක් ගැන කතාවක් තමය් ගේම් එකට පාදක වෙලා තියෙන්නේ. ඉතාම ලස්සන කතාවක් එක්ක අභියෝගාත්මක ගේම් play එකක් දෙන්න අපි මහන්සි උනා. එක කොච්චර සාර්ථක වෙලාද කියල තීරණය කරන්න පුළුවන් ඕගොල්ලොන්ට. Play Store එකේ Casual ගේම් කාණ්ඩය යටතේ මේ ගේම් එක download කරන්න පුළුවන්. New versions වල දැනට රෑන්ක් එක 200 වගේ මේ ගේම් එක තියනවා.
තව කියවන්න
ලංකාවෙ ජනපී්‍රයම ගීත එකතුව විකාශය කිරීම හා ජනපී්‍රය තරු නිර්මානය කරන්නාවූ ගිත මුලින්ම විකාශය කිරීම.. සජීවීව ජනපී්‍රය ගීත වීකාශය කිරීමෙ, වැනි වැඩසටහන් විකාශය වන අතර. නිරමාන කරුවන්හට අතහිතදීමෙ වැඩසටහනක් දියත් කර ඇත.

ඔබගේ ගීත අපගේ රෙඩියොවෙහි විකාශය කරගැනීමට- music@cooliradio.com යොමුකරන්න. 
ඔබගේ DJ  නිරමාන එක් වරක් මනක් නිරමාන කරුගේ නම සදහන් වන පරිදි සකසා-  dj@cooliradio.com වෙත යොමුකරන්න.
ඔබගේ වෙබි අඩවියට රෙඩියොව ඇතුලත් කරගැනීමෙ කේතයන් ලබාගැනීමට-  admin@cooliradio.com විමසන්න.නැතිනම් අපව සම්බන්ද කරගන්න...
තව කියවන්න
මචන්ස්ලා.....කට්ටියටම සුබ උදැසනක්....අද මම කියන්ඩ හදන්නේ Robotics and AutoMation ගැන පොඩි දේවල් ටිකක්.....කවුරුත් ආසයිනේ රෝබෝලට.........:D:D:D

1) මුලින්ම අපි බලමු robo කෙනෙක් කියන්නේ කව්ද කියල.......?

robo කෙනෙක් කියන්නේ electro-mechanical මැෂින් එකකට....ඒ කියන්නේ විද්*යුත් හා විදුලි ඉංජිනේරු විද්*යාව සහ යාන්ත්‍රික ඉංජිනේරු විද්*යාව යන දෙකේ එකතුවෙන් හැදෙන දෙයක්....මිනිස්සු මුලින්ම robo පිලිබඳ සංකල්පය ඇති කරගත්තේ මීට අවුරුදු සිය දහස් ගානකට උඩදී....තමන්ගේ වැඩ පහසු කරගන්ඩ හදාගන්න යන්තරයක්නේ ඉතින් ඇත්තටම ඔය robo කෙනෙක් කියන්නේ.හැබැයි ඇ කාලේ ඕක electro-mechanical නෙමේ mechanical විතරයි....මොකද ඇ වෙනකොට විදුලිය හොයාගෙන තිබ්බේ නෑ.....එක නිසා ඒවා fully Automated විදියට වැඩ කලේ නෑ....
තව කියවන්න
POSTED ON | | Edit Post
මේ ප්‍රදේශයේ තිබෙන රෝහල් අතුරින් අම්බලන්ගොඩ දිසා ‍රෝහල දෙවැනි වන්නේ බලපිටිය මූලික රෝහලට පමණි. මෙයට වසර දහයකට පහළොවකට පෙර නේවාසික රෝගීන්ගෙන් මෙම රෝහල පිරී ඉතිරී ගියත් අද වන විට එවැනි තත්ත්වයක් නැත. එසේ වුවද බාහිර අංශයෙන් ප්‍රතිකාර ලබාගැනීමට දිනපතා පැමිණෙන රෝගීන්ගේ සංඛ්‍යාවේ අඩුවක් නම් දකින්නට නැත.

ප්‍රදේශයේ දානපතියකු විසින් පරිත්‍යාග කරන ලද විශාල ඉඩමක මෙම රෝහලට අවශ්‍ය ගොඩනැඟිලි ඉදිකර තිබෙන්නේ ප්‍රදේශයේ දානපතියන්ගේ ධන පරිත්‍යාගයෙනි. ඒ මෙයට වසර හතළිස්පහකට පමණ ඉහතදීය.
තව කියවන්න
POSTED ON Monday, September 16, 2013| | Edit Post
කටාර් රාජ්‍යයෙහි  දෝහා නුවර සාප්පු සංකිර්ණයක රිය ගාලක  තිබී අහුලාගත් කටාර් රියාල් අනුදාහක් රුපියල් තිස්තුන්ලක්ෂයක් අහුලා බාර දුන්  ශ්‍රී ලාංකිකයකුට ශ්‍රී ලාංකිකයින්ගේ අවංක කම ගැන දෝහා පොලීසිය ප්‍රණාමය පුද කරයි.

මොහොමඩ් නිබ්‍රාස් නැමති මෙම ශ්‍රී ලාංකිකයාගේ ගුණ අගයමින් එරට අභ්‍යන්තර අමාත්‍යංශ ට්විටර්  හා ෆේස් බුක් සමාජ වෙඩ් අඩවි වල පැසසුමට ලක් කැර ඇත.
ශ්‍රී ලංකාවේ ගෙයක් ගැනීමට තරම් වු ඒ මුදල හිමිකරුට භාර දීම ගැන එරට ශ්‍රී ලාංකිකයෝ සතුට පළ කළහ.
තව කියවන්න
""දැන් "CommentME"  PhotoComment වලට විතරක් නෙමෙයි..
ඕනෙම Size එකක ෆොටෝ එකක් හදා ගන්න පුලුවන්.""

*Name/Category/#Tags වලින් ෆොටෝ කොමෙන්ට් Save
 කරන්න පුලුවන් නිසා PhotoComments 200ක් 300ක් අස්සෙ තමන්ට
 ඕනෙ අයිඩියා එක ඉක්මනින් හොයා ගන්න 'CommentME'Software 
 එකෙන් පුලුවන්
*හොයා ගත්ත PhotoComment එක Click 2කින් Facebook
 එකට ඇඩ් කරන්න පුලුවන්.
තව කියවන්න
POSTED ON | | Edit Post
ඊස්ටර් අයිලන්ඩ් දූපත ලොව පුරා ප්‍රසිද්ධ වූයේ වසර දහස් ගණනකට පෙර නිර්මානය කළ ගුප්ත මිනිස් මුහුණු සහිත ශෛලමය මූර්ති නිසාය. ඒවා කවරෙකු විසින් කවර අරමුණක් සඳහා නිර්මාණය කලාදැයි තවමත් කිසිවෙකුත් නොදනී.

එබැවින් ඒ පිළිබඳව මත රාශියක් තිබේ. ඈත අහස දෙස ඒවායේ මුහුණු හරවා තිබෙන්නේ පිටසක්වල පැමිණෙන පිරිසක් බලාපොරොත්තුවෙන් බවටද මතයක් පවතී.

මේ අතර හල්දුම්මුල්ල කළුපහන නිදන්ගොඩ කන්දේ හුදකලාව පැවති ගලපිටගල පාෂාන සැකැස්මද මීට වසර දහස් ගණනකට පෙර දඩයම් යුගයේ මිනිසුන් විසින් මිනිස් හිසක් සහිත මූර්තියක් නිර්මාණය කිරීමට ගත් උත්සාහයක් බවට නවතම මතයක් ඉදිරිපත්වී තිබේ.
තව කියවන්න
පිටිකිරි විස සහිත බවට ලංකාවේ පැවති සංවාදය දැන් අතුරුදන්ය.කඩේට ගිහාම හොඳ නෑ කියූ පිටි පැකටුත් ලස්සණට විකුණන්නට දමා තිබේ. අර්බුදය පැවති කාලයේ සමහර පාරිභෝගිකයින් බ්‍රෑන්ඩ් වෙනස් කරගත් නමුත් මුදල්දී ප්‍රශ්නය විසඳාගත් බවට පැතිරෙන රාවයන් හමුවේ කොයි කොයි පිටිත් දැන් විකිණෙයි.නමුත් මේ පිටිකිරි සියල්ලම හොඳ නැති බව විද්වතුන්ගේ මතයයි.
විශේෂයෙන්ම ළමයින්ට කිරි දීමේදී මේ ගැන අවධානය වැදගත්ය. වෙළෙඳ ප්‍රචාරණයන්ට මුළාවී පිටිකිරි මිලට නොගන්නා ලෙස ළමා රෝග පිළිබඳ විශේෂඳ වෛද්‍ය මහාචාර්ය නාරද වර්ණසූරිය පසුගියදා දැක්වූ අදහස් පහත පළෙවි.

තව කියවන්න
POSTED ON Sunday, September 15, 2013| | Edit Post
ලොව අන් සැම රටක්ම ඔවුන්ගේ සංස්කෘතික අගනාකම් - ඔවුන්ගේ දේ සංචාරක කර්මාන්තය තුලින් පිළිඹිමු කලද , අපි අපේ සංචාරක කර්මාන්තය තුලින් සුද්දගේ රටේ දේ ඔවුනට කියාදීමට ක්‍රියාකරන ලදී.කෙසේ වෙතත් එවැනි කර්මාන්තයක උඩුගම් බලා පිහිනු පුත්ගලයෙකුගේ උත්සාහයේ අවසන් ප්‍රතිපලය අද (13) අනුරාධපුරයේ දී ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා අතින් විවෘත කෙරේ.

Forest Rock Garden Hotel Andarawewa නම් මෙමෙ හෝටලයේ හිමිකරු සහ නිර්මාණකරු වන්නේද පී. චන්ද්‍රසිරි නමැති ගෘහ නිර්මාණ ශිල්පියාය. රුපියල් මිලියන 625 ක ආයෝජනයෙන් ඉදිකර ඇති අක්‌කර 50 ක වන උයනකින් පොහොසත් මෙම හෝටලය පැරැණි අනුරාධපුර රාජධානියේ සිරි මවයි.
තව කියවන්න
POSTED ON | | Edit Post
ලාෆ් සමුහ ව්‍යාපාරයට වාණිජ බැංකු ක්ෂේත්‍රයට පිවිසීමට ඇති හැකියාව පිළිඹඳව මේදිනවල එහි ඉහල කළමනාකාරිත්වය සාකච්ජා කරමින් සිටියි.

දැනට මුල්‍ය වෙළඳපොලට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින කාගිල්ස් බැංකුවට බලපත්‍ර ලබාදුන් සැනින් එම කරුණ පදනම් කරගෙන ඔවුන්ටද බලපත්‍ර ලබදෙනමෙන් අදාල බලධාරීන්ගෙන් ඉල්ලා සිටීමට ඔවුන් බලාපොරොත්තුවේ.
තව කියවන්න
POSTED ON | | Edit Post
ඔබත් නව නිපැයුම්කරුවෙක් නම් මේ ඔබට ආදර්ශයට ගතහැකි චරිත කිහිපයකි...
ලෝකයේ ඇතැම් වැදගත් නව නිපැයුම් බිහිකළ මිනිසුන් මියගොස් තිබෙන්නේ ද එම නව නිපැයුම් හේතුවෙන් ම ය. පහත දැක්වෙන්නේ එවැනි දස දෙනෙක් පිළිබඳ විස්තරයකි.

1. හෙන්රි ස්මෝලින්ක්සි 1973 වසරේදී මියගියේ තමන් විසින් ම සොයාගත් මිසාර් නමැති පියාඹන මෝටර් රථය හේතුවෙනි. පියාසැරියක් අතරතුරදී එම මෝටර් රථ ගුවන්යානයේ දකුණු තටුව ගැළවී ගිය අතර, එය කඩාවැටීමෙන් ඔහු මිය ගියේ ය.
තව කියවන්න
POSTED ON Thursday, September 12, 2013| | Edit Post
Lanka Electricity Bill (Ruhaim Izmeth )
Description
This app attempts to identify the real problem by citing the exact amount the bill will increase.
Just input the amount of units you per month and let the app do the work!!!!
Feature list-
1-Updated to the latest approved revision on 9th May 2013
2-Calculate for Domestic usage and religious purpose usage
3- in depth breakdown of the bill computation (Fixed Charge / Charge for units / FAC charge)
4-Compare tariffs
a) Using the old tariff vs tariff approved 9 May 2013
b) Using the old tariff vs tariff proposed 12 Apr 2013
c) Using the tariff proposed 12 Apr 2013 Vs tariff approved 9 May 2013
5-Compare by
a)Difference in Rs.
b)Difference as a percentage(%)
More Features on the way...
Please rate and review the app, we are are always listening to your comments!!
This is an **AD-SUPPORTED** app, hence needs permission to access the internet.
Ads allow to make more apps like this posssible.

Download here - Google play 

තව කියවන්න
✰ ශාරුක් ඛාන් අවුරුදු ගණනක් වේටර් කෙනෙක් විදියට ආපන ශාලාවක වැඩකරපු කෙනෙක්. ඒ වගේමයි දමිල සිනමාවේ සක්විති රැජිනි කාන්ත් අවුරුදු විසි පහේදී බස් කොන්දොස්තර කෙනෙක්....

✰ සින්දු කියන්න අසාවෙන් හිටපු තරුණයෙක් හිටියා ඔහු අවුරුදු ගණනක් වේදිකාවල මුදලක් නොගෙන ගීත ගායනා කළා. සමහරු ඔහුට හූ තිබබා. ඔහු ගීත ගායනා කල මුල්ම චිත්‍රපට ගීතයත් නිෂ්පාදක කපල ඉවත් කලා. චිත්‍රපට නිෂ්පාදකයා බැන වැදුනේ ඔහුට සිනමාවට ගැලපෙන කටහඬක් නැහැයි කියලා. එහෙත් ඔහු උත්සාහය අත්හැරියේ නැහැ. ඒ තමා අපි කව්රුත් හඳුනන එච්. ආර්. ජෝතිපාල ජනප්‍රිය ගායන ශිල්පියා....

✰ අවුරුදු 7 වන විටත් වචනයක් වත් කියවගන්න බැරි කොලු ගැටයෙක් හිටියා. ඔහු පන්තියේ හැමදාමත් අන්තිමයා වුනේ. කව්රුත් ඔහුව ගණන් ගත්තේ නැහැ. දෙමව්පියෝ හිතුවේ ඔහු මානසික රෝගියෙක් කියලා. ඒ තමා ලෝකයම දිනපු ප්‍රසිද්ධ විද්වතා
තව කියවන්න
POSTED ON Wednesday, September 11, 2013| | Edit Post
 මේ ඇප් එකේ නිර්මාණකරු මෙවන් ලියනගේ.මේ ඔහුගේ වදනින්ම ඇප් එක ගැන විස්තරයකි.මගේ අලුත් ම App එක.. Electricity Bill Calc.

මිටර් එකේ යුනිට් ගාන දුන්නම දවස් ගානත් එක්ක.. බිල් එක Calculate වෙනවා.තව වැඩි දියුණු කරන්න ගල් මුල් .. කැපිලි කෙටෙලි බාරගනු ලැබේ.. පොඩි Review පරක් දාන්නත් අමතක් කරන්න එපා...

Download මෙතනින් :- 
තව කියවන්න
මෙන්න ඔබ පුදුම කරවන මැජික් එකක්.. මේක කොහොමද කරන්නේ..??  MIND MAGIC 1.0 Google Play Store

ඔන්න කට්ටියටම අපි කරපු සරල app එකක් බලන්න දෙන්නයි යන්නේ..මුලින්ම ඔයාලට කරන්න තියෙන්න අපේ app එකේ තියන පලවෙනි කොටසෙන් කැමති අංකයක් මතක තියා ගන්න එක..ඊට පස්සේ පුළුවන් ඊලග පියවරට යන්න.එකේ තියනව නැවත වරක් ඔයාල මතක තියාගත්ත අංකය සහිත ගොඩ තෝරන්න..අවසානයේ ඔයාලට ඔයාල හිතේ තියන් හිටපු අංකය ඔයාල හමුවේ ගෙන එනවා.. බොහොම සරල ලස්සන වැඩක් තමයි මේකේ අන්තර ගත..අපේ යාලුවෝ ඔයාලගේ android දුරකතනයට මේක දමාගෙන බල්ලනකෝ..
තව කියවන්න
POSTED ON Sunday, September 8, 2013| | Edit Post

◄ ඔබේ නැගණිය, ඔබේ සොයුරිය, ඔබේ පෙම්වතිය අන්තර්ජාලයේ සැරිසරන උම්මත්තකයිනගෙන් බේරාගන්න... ඔබට හිතන්නට කාලයයි... ►


"මොකද උඹ මගේ මූණ දිහා පුදුම වෙලා බලාගෙන ඉන්නේ. මම කියන්නේ බොරු නෙමේ. එයාගේ නම දූලීෂා. එයා වැඩ කලේ.... ඔෆිස් එකේ. ඒකේ කම්පියුටර් ඉන්ජිනියර් මගේ හොඳම යාළුවෙක්. ඌ තමා මට ඔය නේකඩ් පික්චර්ස් ටික දුන්නේ. උන් එයාව බැලැක් මේල් කළා. මම හිතන්නේ එයාට කීප දෙනෙක් එක්ක යන්න සිද්ධ වුණා. අන්තිමට පවුල් ජීවිතෙත් නැති වුණා. ජොබ් එකත් නැති වුණා. දැන් පොඩි බබත් එක්ක අම්මලගේ ගෙදර ඇවිත් ඉන්නේ."
තව කියවන්න
මේ සයිට් එක(Singlish For Mobile.) හදල තියෙන්නෙ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සහිත නවීන පන්නයේ දුරකථන පාවිච්චි කරන අයට නෙවෙයි. ඒ අයට අපේ සයිට් එක නැතුවට, ඕන තරම් පහසු ක්‍රම තියෙනව.

මේ සයිට් එක Singlish For Mobile. විශේෂයෙන් ඉලක්ක කරල තියෙන්නෙ එතරම් ප්‍රබල වෙබ් බ්‍රව්සරයක් නැති සාමාන්‍ය ෆෝන් වලින් ඔපෙරාමිනි පාච්චි කරල ඉන්ටර්නෙට් එන අයට. උදාහරණ ලෙස Sony Ericsson, Nokia වැනි Java (j2me) පමණක් සහය දක්වන පැරණි ඒව දැක්විය හැකිය.

තව කියවන්න
POSTED ON Saturday, September 7, 2013| | Edit Post
ශි‍්‍ර ලංකාව කිරි නිෂ්පාදනයෙන් වසර 2016 වනවිට ස්වයංපෝෂිත කිරීමේ වැඩසටහන සදහා දිවයින පුරා මහා පරිමාණ කිරි ගොවිපවල් දහසක් සංවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් ක‍්‍රියාත්මක කරනු ලබන මහා පරිමාණ කිරි නිෂ්පාදන සංවර්ධන ණය යෝජනා ක‍්‍රමයක් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඉකුත්දා ඇරඹිණි.
තව කියවන්න
POSTED ON Friday, September 6, 2013| | Edit Post
SMP3 Version 1.1 / Suraz MP3 Audio Player
මෙහෙම කිව්වම මේ ඕඩියෝ ප්ලේයර් එකේ මුල්ම සංස්කරණය පාවිච්චි කරපු අය දන්නවා ඇති. දැන් එකේ 1.1 වැනි සංස්කරණය තියෙනවා. ඒකේ වෙබ් අඩවියෙන් නොමිලේම ගන්න පුළුවන්. කලින් එකට වැඩියේ ගොඩක් වටිනා වැඩ මේකේ තියෙනවා. 
මේ පහල තියෙන පිටුවට ගිහින් SMP3 එකේ වෙබ් අඩවියට ගිහින් Dowload කරගන්න.

Facebook page - SMP3
download - http://smp3.6te.net/

තව කියවන්න
Halakuru 2.0 launched with Intelligent Sinhala Input revolutionizing the Digital Sinhala Typing
---

We are so glad to announce you that Today we launched Helakuru 2.0 - The Intelligent Sinhala Input, revolutionizing the digital Sinhala typing.

Helakuru is a Mobile Sinhala Keyboard Input for SmartPhones which we launched on December 2011 & which was the First ever mobile Sinhala phonetic keyboard to type in Sinhala on smart screens. We even won National Best e-Content Award e-Swabhimani 2012 for this innovation & it is used by Sinhalese mobile phone users all over the world to type in their mother-tongue.

Now with more advanced & innovative features Today we launched a major update for Helakuru versioning as Helakuru 2.0 as the ever made Intelligent Sinhala Input method.
තව කියවන්න
 පොල් ලෙලි යොදා ගනිමින් පරිසර හිතකාමී නිමි භාණ්ඩ නිෂ්පාදනය කරමින් අමෙරිකා එක්සත් ජනපදය ඇතුළු ලෝකයේ රටවල් 30ක සාඩම්බර අපනයනකරුවෙකු බවට පත්වු රියෝකොකෝ ලංකා පුද්ගලික සමාගම නිරික්‍ෂණය කිරීම සඳහා ශ‍්‍රි ලංකාවේ සිටින අමෙරිකානු තානාපතිනි මිචෙල් ජේ සිසොන් මහත්මිය පසුගිය 2013 සැප්තැම්බර් 03 වනදා එම සමාගමේ කර්මාන්ත ශාලාවේ නිරික්‍ෂණ චාරිකාවක නිරත වුණා.
තව කියවන්න
නව නිර්මාණ කරුවන්ගේ නිර්මාණ හැකියාව සහ උනන්දුව ඉහල නැංවීම උදෙසා Neucly NewEra තාක්ෂණික පුවත් වෙබ් අඩවියෙන් නවතම වැඩසටහනක් අරඹා තිබේ.

ඒ ඔබගේ නවතම නිර්මාණ පිළිබද තොරතුරු අපගේ Neucly NewEra තාක්ෂණික පුවත් වෙබ් අඩවියේ පුවත් ලෙස පළකිරීමයි.
එමගින් ඔබගේ නිර්මාණ වලට වෙළදපොලක් හා වටිනාකමක් ලැබේ යයි අපි බලාපොරොත්තු වෙමු.

ඔබගේ නිර්මාණ පිළිබද තොරතුරු පහත පරිදි අප වෙත යොමු කරන්න.
තව කියවන්න
POSTED ON | | Edit Post
බලන්ගොඩ හෝනමුල්ල නම් දුෂ්කර ගම්මානයේ මැන්තලාව නිවසේ විසූ ජී. පී. කරෝලිස්‌ මහතා හා ටී. එල්. මැංගිනෝනා මාතාව ඉතා දුෂ්කර වුවත් ධෛර්යවත් දිවිපෙවෙතක්‌ ගත කළහ. මේ යුවළට දරුවන් දස දෙනෙකි. බාලම දරුවා ඉපිද වසර තුනකින් පියා මෙලොවින් සමුගත්තේය.


මැංගිනෝනා දිරිය මාතාවකි. පියා නැති අඩුව දරුවන්ට දැනෙන්නට ඇය ඉඩ තැබුවේ නැත. හිමිදිරියේ නැඟිට දරුවන්ට උදේ ආහාරය පිළියෙළ කොට ලහිලහියේ තේ වත්තේ වැඩට පියමං කරයි. ඇගේ මේ පරිශ්‍රමය පියා නැති අඩුව සපුරාලමින් පනම් හතරක්‌ සොයා ගන්නටය. වත්තේ වැඩ කළත් වත්තේ දොළහේ කණිසමට නලාව හඬවන විටම ඇය ගෙදර දුව යන්නේ දරු පැටවුන්ට දිවා ආහාරය දීමටය.

පතපොතේ ඉහළ දැනුමක්‌ නැතත් පන්සලේ හාමුදුරුවන්ගෙන් බණ දහම් අසා පුරුදු ඇයට අපූරු සිතිවිල්ලක්‌ සිතේ නලියන්නට විය. "වෙස්‌සන්තර රඡ්ජුරුවන් දරු දෙදෙනා ජූජක බමුණාට දන් දුන්නේ බැළ මෙහෙවර කිරීමටය. මම දරුවන් දන් දෙන්නේ බුද්ධ ශාසනයේ පැවැත්මටයි" යෑයි ඇය සිතුවාය.
තව කියවන්න
POSTED ON | | Edit Post
ශ්‍රී ලංකාව චීනයේ දී විශාල සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් සාර්ථකව නිම කරයි. එය “Sri Lanka Shines In Beijing” යනුවෙන් නම් කොට තිබුණි. බීජිං හි පවත්වන ලද මෙම සංචාරක ප්‍රවර්ධන වැඩසටහන රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයේ ප්‍රධාන ආයතන සහ සංවිධාන 45 ක් එක්වී සංවිධනය කර තිබුණි. ජනාධිපතිතුමාග් උපදෙස් යටතේ ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ මහතාගේ මගපෙන්වීම අනුව එය චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සහභාගිත්වය ඇතිව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්ය්‍යංශය විසින් පවත්වන ලදී.
තව කියවන්න
POSTED ON Wednesday, September 4, 2013| | Edit Post
DCD රසායනිකය අඩංගු බවට සැක කෙරෙව කිරිපිටි පැකට් මිලියක 200ක් වෙළද පොළට නිකුත් කර තිබුණත්, ඉන් ඉවත් කර තිබෙන්නේ කිරිපිටි පැකට් 252ක් පමණක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරයි.

සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා සදහන් කරන්නේ DCD නැමති විෂකාරකය අඩංගු බවට අයි.ටී.අයි ආයතනය ප‍්‍රකාශ කර සිටියදීත්, ඒ පිළිබදව කටයුතු නොකර, සෞඛ්‍ය අමාත්‍යංශය නිද්‍රාශීලීව කටයුතු කිරීමේ තරම මේ තුළින් පෙන්නුම් කරන බවයි.

කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡවකදී මේ බව සදහන් කළ සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ, DCD ප‍්‍රශ්නයේදී නිද්‍රාශීලීව කටයුතු කළ සෞඛ්‍ය අමාත්‍යංශය ජූලි පළමුවැනිදා සිට වෙළද පොළට නිකුත් කළ කිරිපිටි වල DCD නොමැති බවට ප‍්‍රකාශ කරන්නට නම් පුළුල් ප‍්‍රචාරයක් ගෙනගිය බවයි.

තව කියවන්න
මෙලමයින්, ඞී.සී.ඞී, නයිට්රේට්, සත්ත්ව තෙල් හා ෆාම් තෙල් වලට අමතරව පල්දෝරුවට යැවිය යුතු  “Permeate” ද ෆොන්ටෙරා කිරිපිටිවල ඇත

ෆොන්ටෙරා සමාගම මගින් නිපදවන පිටිකිරි ලොවේ අංක එකේ නැවුම් එලකිරි ලෙස වියළා සකසාගත් කිරිපිටි බවට මාධ්‍ය ඔස්සේ පවසා මුළු ලෝකයම අල්ලා ගත්තද අදවන විට ඔවුන් විසින් නිපදවන කිරිපිටි නොවන කිරිපිටි ගැන ලෝකයාට එලිදරව් වීමට පටන්ගෙන ඇත.

මෙතෙක් කල් අප විසින් පෙන්වාදුන් පරිදි ෆොන්ටෙරා සමාගම විසින් ඔවුන්ගේ කිරිපිටිවලට මෙලමයින්, ඞී.සී.ඞී., නයිට්රේට් හා වෙනත් තෙල් වර්ග මිශ‍්‍ර කරන බව අදවන විට ඔප්පු වී ඇත.  එමෙන්ම එය පිළිගැනීමට ද ෆොන්ටෙරා සමාගමට සිදුවී ඇත. මෙම ද්‍රව්‍ය වලට අමතරව Fonterra සමාගම මගින් මහා පරිමාණ වශයෙන් නිපදවන චීස් හා Whey Protein වල අපද්‍රව්‍යයක් වන Permeate ැ නැමැති කොටස ද වියළා මෙම කිරිපිටිවලට කලවම්කර ඇත.  ඒ ගැන නවසීලන්තයේ මාධ්‍ය මගින් ද මේ බව ප‍්‍රසිද්ධ කර ඇත.

මොනවද මේ අපි නොදන්නා  “Permeate”
තව කියවන්න
POSTED ON | | Edit Post
ප්‍රසන්න විතානගේ ගේ "ඔබ නැතුව ඔබ එක්ක"චිත්‍රපටය තවත් ජාත්‍යන්තර සම්මානයක් දිනාගනු ලැබීය.ඒ පසුගිය අගෝස්තු මස 23දා සිට 30දා තෙක් රුසියාවේ පැවැති 3 වැනි අන්තර්ජාතික සකාලීන් චිත්‍රපට උළෙලේදී හොඳම චිත්‍රපටය ලෙස රුසියානු විචාරක සංසදයෙන් පිරිනැමෙන සම්මානයයි.
තව කියවන්න
POSTED ON | | Edit Post
ලංකාන්ඩුවෙන් අලුතින් අධිවේගි මාර්ගයක් හදල කොළඹ ඉඳලා කටුනායකට යන්න. මම පුද්ගලිකව හිතන විදියට හරිනම් ඕක තමයි කලින්ම හැදෙන්න ඔන එක්ස්ප්‍රස් හයි වේ එක. අපි හොඳ වෙලාවට දඩ ගහන්න කලියෙං ඒක ඇතුලට ගිහිං බලල ආව. දැන්නං ඇතුල්වෙන අයට දඩ ගහනවාය. ඒ නව අධිවේග මාර්ගයට ඇතුල්වුනොත් දඩය රුපියල් ලක්ෂයක්ය කියලා වෙබ් අඩවි නිවුස් වල තිබුනා. දැන් ලක්ෂයක් ඇති මිනිහෙක් ඇරෙන්න ඕකට කවුරුත් යන එකක් නැහැ.අපිනං පූරුවෙ පිනකට වගේ කලිං ගිහිං ආවා.
තව කියවන්න
බ්‍රිටිෂ් ඇමරිකන් ටුබැකෝ සමාගමට සියයට 84 ක කොටස් හිමි ලංකා දුම්කොළ සමාගමේ සාමාන්‍ය වාර්ෂික ආදායම රුපියල් බිලියන 80 ක් පමණ වේ.

මෙය ආසන්න අගයක් වන අතර කාර්තුවකට රුපියල් බිලියන 20 ක පමණ ආදායමක් උපයනවා යැයි උපකල්පනය කර මෙම අගය ලබාගන්නා ලදී.

එනම්, 2012 වසරේ ජුනි කාර්තුවේදී සමාගම රුපියල් බිලියන 20.8 ක ආදායමක්ද, 2011 ජුනි කාර්තුවේදී රුපියල් බිලියන 19.1 ක ආදායමක්ද, 2013 ජුනි දක්වා මාස හයක කාලයේදී රුපියල් බිලියන 42.8 ක ආදායමක්ද ලබාගෙන තිබේ.
තව කියවන්න
POSTED ON | | Edit Post
What's common between buying sanitary napkins and condoms?

මුලින්ම කියන්න ඕන මේක ලංකාවේ කෙනෙක්ගෙ දෙයක් නෙවෙයි.ඒත් මේ කතාවෙන් අපේ නැගී එන නව නිර්මාණකරුවන්ට හොද පාඩමක් ගන්න පුලුවන්.ඔබ ඇපල් සමාගමේ නිර්මාතෘ "ස්ටීව් ජොබ්ස්"ගෙ ඉතාමත් වටිනා දේශනය අසා ඇති.මෙයත් එවැනි ඉතාමත් වටිනා කතාවක්.ඔබ අසා තීරනය කරන්න...

මෙය කාන්තාවන්ට පමණක් අදාල සනීපාරකක්‍ෂක තුවා ගැන කතන්දරයකි. කාන්තා සහ පිරිමි දෙපාර්ශවයටම වැදගත් කෙන්ඩොම් ගැන ද ඉතා වැදගත් සඳහනක් ඇත! 

සේවා ස්ථානයේ දී විවේක වේවාවල කැරම් ගසමින් විනෝදවෙන අතරතුර දී ග්‍රොසරියේ රසකතා අප හා පැවසීම මාවලස් මහතා නිතිපතා කළ කාර්යයකි.ඔහු රසකරමින් පැවසූ එක් කතාවක් වූයේ ග්‍රොසරියට බඩු ගන්නට එන කාන්තාවන් එවකට කෝටෙක්ස් නම් වූ වෙළඳනාමයෙන් පොදුවේ හැඳින්වූ සනීපාරක්‍ෂක තුවා ඉල්ලන ආකාරයයි.
තව කියවන්න
දිවි නසා ගන්නට ඕන නම්...
නවසීලන්ත කිරිපිටි බිව්වට කමක්‌ නෑ!

වෛද්‍ය පාලිත සමන් ජයකොඩි ලියයි..

අපේ ශරීරයට අවශ්‍ය විවිධ පෝෂණ පදාර්ථ ලබාගැනීමට කිරිපිටි බීම අත්‍යාවශ්‍යයි කියල මතයක්‌ සමාජයේ පැතිරිල තියෙනව නේද?

මේක කිරිපිටි සහ කිරි නිෂ්පාදනය කරල බෙදා හැරල සාමාන්‍ය මහජනතාවගෙන් අයුක්‌තිසහගත ලෙස මුදල් හූරගෙන කන බහුජාතික සමාගම් මේ රටේ ඇතිකරපු මතයක්‌. අපේ ශරීරයට වෙනත් කිසිම ආහාරයකින් ලබා ගන්නට බැරි බව අඟවමින් කිරි බීමෙන් පමණක්‌ ලබාගත හැකි යෑයි කියන ප්‍රධාන සංඝටක දෙකක්‌ ගැන මේ සමාගම් ජනතාවට කියනව. ඒ තමයි ප්‍රෝටීන් සහ කැල්සියම්.

තව කියවන්න
POSTED ON Monday, September 2, 2013| | Edit Post
L.T.T E.ත්‍රස්තවාදයට බොලිවුඩ් පිළිතුර ලංකාවේ රුපගතකරන ලද සුපිරි බොලිවුඩ් නළු '' ජෝන් එබ්‍රහිම් '' රගන MADRAS CAFE ''චිත්‍රපටය ..  

  • තමිල්නාඩුවේ තිරගත කිරීම අත් හිටවයි

ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්ණය හා ඉන්දීය අගමැති රජීව් ගාන්ධි ඝාතනය පසුබිම් කර ගත් මැඩ්ඩ්‍රාස් කැ‍‍පේ චිත්‍රපටය, තමිල්නාඩුවේ ප්‍රදර්ශනය තහනම් කිරීමට, තමිල්නාඩු

එල්.ටී.ටී. ඊ.  හිතවාදී පක්ෂ ගත් උත්සාහය සාර්ථක වි තිෙබ්.තමිල්නාඩුව හැර ඉන්දියාව පුරා ප්‍රදර්ශනය වන මෙම චිත්‍රපටය, බැලිය යුතු චිත්‍රපටයක් ලෙසට හින්දුස්ථාන් ටෛයිම්ස් පුවත්පත හඳුන්වාදී තිබේ.
තව කියවන්න
POSTED ON Sunday, September 1, 2013| | Edit Post
පාප්වහන්සේ සමඟ ආහාර ගැනීමට හැකිවූ ලංකාවේ තරුණයෙකු පිළිබඳව පසුගිය මාසයේ වාර්තා වුණා. Jenukshan Colombas නම්වූ ඔහු වවුනියාවේ දෙමළ මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලද 20 හැවිරිදි තරුණයෙකි. 

පසුගිය ජූලි මාසයේ බ්‍රසීලයේ පැවති ලෝක තරුණ දිනය වෙනුවෙන් ආසියාව නියෝජනය කරමින් ඔහු පිටත්ව ගොස් ඇති අතර එහිදී පාප්වහන්සේ සමඟ ආහාර ගැනීමට තෝරාගත් 12 දෙනා අතරට ඔහුද ඇතුලත් වුණා.

එම අවස්ථාවේ ජායාරූප කිහිපයක් පහතින්.
තව කියවන්න
❦.. ජනාධිපතිතුමා අයවැය කියන්න ගියේ මගේ ආයතනයේ හදපු පෙට්‍රල් වලින් දුවන,අපේ රටේ මයික්‍රෝ කාර් එකකින් ..❦

තමන්ගේ දේ රැක ගැනීම ලොව බොහෝ රටවල සිරිතය. ඉන්දියාවට ගියත්, ජපානයට ගියත්, චීනයට, කොරියාවට ගියත්, යුරෝපා රටවලට ගියත් එය එසේමය. මේ න්‍යාය කිසියම් රටකට පමණක් පොදු වුවක් නොවේ. පුද්ගලයන් ගත්තද, පවුලක් ගත්තද, තමන්ගේ දේ රැක නොගතහොත් වෙන්නෙ අනුන්ගෙන් එය ලබා ගැනීමටය. එය මිලට ගැනීමක් විය හැකිය. ණයට හෝ නොමිලයේ ලබා ගැනීමක් විය හැකිය.කෙසේ වෙතත් අනුන්ගෙන් යමක් යමක් ගැනීමට වඩා තමන්ගේ දේ රැක ගන්නේ නම්, එහි වටිනාකම්, වැදගත්කම්, තමන්ගේකම් බොහෝ රැඳී තිබේ.

ආරියශීල වික්‍රමනායක යනු ඒ උත්තරීතර අරමුණ කරා රට ගෙන යන දේශීය ආයතන ගණනාවක සභාපතිවරයෙකි. ඔහුගේ ඉලක්කය දේශීය ආයතන රැක ගෙන පිටරටින් ගෙන්වනදේ සීමා කරවීමය. අද ජීවන ගමනින් ඔහුගේ කතාවට සවන් දෙමු. පැලවත්ත සීනි සමාගමේ හිටපු සභාපතිවරයා වන වික්‍රමනායක මහතා දැනට මාස්ටර් ඩයිවර්ස් හා පැලවත්ත කිරි සමාගම්හි සභාපතිවරයා ද වෙයි. එසේම “සූර්ය සිංහ” (ගන්න අපේ දේ ) ලාංඡනය සහිත මව්බිම ලංකා පදනමේ සභාපතිවරයා හැටියට ද කටයුතු කරයි.
තව කියවන්න
POSTED ON | | Edit Post
සියදිවි නසා ගැනීමට කලපුවට පැනපු දෙමළ කාන්තාව බේරාගත් සිංහල පොලිස්‌ නිලධාරීන් දෙදෙනකුට පෙරේදා (31 දා) මඩකපුව දෙමළ ජනතාව සම්මාන පුදණු ලැබූහ.

පසුගිය අගෝස්‌තු 15 වැනි දින මඩකලපු කලපුවේ නාලංගුඩා දෙමළ කාන්තාවක්‌ දිවි නසාගැනීමට තැත් කළ විට කල්ලඩි පාලමේ සිටි මඩකලපු මූලස්‌ථාන පොලිසියේ ඒ. පී. ජයසිංහ (75821) හා කේ. එම්. එස්‌ බණ්‌ඩාර (77650) යන පොලිස්‌ නිලධාරීන් කලපුවට පැන එම කාන්තාව බේරා ගෙන ඇත.
තව කියවන්න
මම HideME , SmartKatha , අවුරුදු blindfold  Game ,
ඩිවලොප් කරපු දිලීප ජයවර්ධන . සමහර විට මතක ඇති ඕගොල්ලො ඒව ශෙයා කරල තිබ්බ.
'CommentME' මේ මගෙ අලුත් සොෆ්ට්වෙයා එක.

ෆේස්බුක් එකේ ෆොටෝ කොමෙන්ට් ස්ටෝර් කරගෙන ඉක්මනට හොයල ගන්නත්/ඉක්මනට ෆොටෝ කොමෙන්ට් එකක් හදා ගන්නත් මේකෙන් පුලුවන්.

ෆොටෝ කොමෙන්ට් 200ක් 300ක් අස්සෙ ඉක්මනින් තමන්ට ඕනෙ අයිඩියා එක හොයා ගන්න හෝ තමන්ගෙ ෆොටෝ කොමෙන්ට් එක තප්පට කීපයක් ඇතුලත හදා ගන්න 'CommentME'වලින් පුලුවන්.
මෘදුකාන්ගය ලබා ගැනීමේදී මේ දිනවල ෆේස්බුක් වෙබ් අඩවියෙක් බහුලව භාවිතා වන ෆොටෝ කොමෙන්ට් 300 ක් පමන ඇතුලත් කර තියනව. තමන් ගාව තියන ඒවත් මේ ස්ටෝර් එකට ඇඩ් කර ගන්න පුලුවන්. ස්ටෝර් එකේ නමින්/කැටගරි එකෙන්/ වගේම #Tags භාවිතා කරල ඉක්මනින් හොයා ගන්න පුලුවන් තමන්ට ඕනෙ ෆොටෝ කොමෙන්ට් එක. හොයා ගන්න ෆොටෝ කොමෙන්ට් එක Click 2කින් තමන්ට අවශ්‍ය තැනට කොමෙන්ට් කරන්න පුලුවන්.

තමන්ටම කියල ෆොටෝ කොමෙන්ට් එකක් හදා ගන්නවනම් මේ සමගම ලබාදෙන කොමෙන්ට් එඩිටර් එක භාවිතා කරන්න පුලුවන්. 
එහි ඉමේජ් ඇඩ් කරන්න/ පෙන් ටූල් එකෙන් අඳින්න/ටයිප් කරන්න(සිංහල/English)/ වගේම ඔබේ පහසුවට Meme Templates 350ක් පමන ඇතුලත් කර තියනව.

"නිර්මාණශීලී ලෙස කොමෙන්ට් කරන්න!"

Download Free 1.2v (29MB) : -
තව කියවන්න
POSTED ON | | Edit Post

මේත් වීඩියෝ කතා වගේම, ඡායාරූපකරණය ගැන ඉතා වැදගත් ලිපි මාලාවක් ගෙන එන තරුණයෙක්.මොහු සියල්ලක්ම නොමිලේ කියා දෙනවා...ඒ නිසා අනිවාර්යෙන්ම ඔබට වැදගත් වේවි යැයි අපි සිතනවා..

 ආයුබෝවන් කියනවා හැමදෙනාටම. අලුතින් කැමරාවක් ගන්න ගියාම ගොඩක් අයට ප්‍රශ්න ගොඩයි. ඒ ගැන විස්තර ඇතිව කතා කරමු. ප්‍රශ්න ගොඩක් නිරාකරණය කරගෙන නිවැරදි කැමරාවක් මිලදී ගන්න සිංහලෙන් කරන මග පෙන්වීමක්.
තව කියවන්න

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews