POSTED ON Sunday, July 5, 2015| | Edit Post


කළු ඉංගිරියාව සුදෙන් වැසීයාමේ රෝගය ඇස්‌ රෝග අතරින් ප්‍රමුඛස්‌ථානයට පත්ව ඇත. කොළඹ ඇස්‌ රෝහලෙන් හා විවිධ ප්‍රදේශවල සිටින අක්‍ෂි වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණෙන රෝගීන්ගේ සංඛ්‍යාව දෙස බලනවිට මේ බැව් පෙනීයයි.


මේ ලිපියෙන් මා පෙන්වා දෙන්නේ දේශීය වෛද්‍යක්‍රමය අනුව ඉපැරණි වට්‌ටෝරුවක්‌ අනුව ඇස්‌වල මතුවන සුද සම්පූර්ණයෙන් නැති කිරීම සඳහා ඖෂධයක්‌ සොයාගත් අප්‍රකට දේශීය වෛද්‍යවරයෙකු පිළිබඳ කෙටි හැඳින්වීමකි. හොරණ උතුරු උඩුව ගම්මානයෙහි පදිංචි පරම්පරාගත අක්‍ෂි වෛද්‍ය බන්දු ලන්දේ ගෙදර (50) මහතා මෙම වෛද්‍යවරයාය. ඔහු තම වෛද්‍ය පරම්පරාවේ තෙවැනි වෛද්‍යවරයා වේ.

වෙනත් වෛද්‍යවරුන් මෙන් සුදෙන් වැසුන ඇසට බෙහෙත් දැමීමක්‌ හෝ වෙනත් කිසිදු ප්‍රතිකාරයක්‌ නොකරන ලද්දේ ගෙදර මහතා රෝගීන් සුවපත් කරන ආකාරය විශ්මය ජනකය. නොබෝදා උතුරුඋඩුව ගම්මානයට ගිය අපට මෙම අප්‍රකට වෛද්‍යවරයා පැවසුවේ මෙවැනි කතාවකි.


බන්දු ලන්දේ ගෙදර වෙද මහතා 

මාස ගණන් බටහිර ප්‍රතිකාර කර ඇස්‌වල සුද සම්පූර්ණයෙන් ඉවත්කර ගැනීමට නොහැකි වූ රෝගීන් තමයි පැඩිපුර මා වෙත පැමිණෙන්නේ. අප සතු පරම්පරාගත බෙහෙත් වට්‌ටෝරුව අනුව හදන ඖෂධයකින් තමයි අපි රෝගීන් සුව කරන්නේ. මා අපේ වෙද පරම්පරාවේ තෙවැනියායි. අප සතු ඖෂධ අක්‍ෂි රෝගියා රාත්‍රියේ නින්දට යැමට පෙර ඔහුගේ දකුණු අතේ මාපට ඇඟිල්ලේ නිය පොත්ත උඩ බඳිනවා. මේ කාර්යය දින පහක්‌ කරනවා. දින දෙකක්‌ ගතවන විට බොඳවෙලා වගේ පෙනෙන ඇස්‌ දෙක ටිකක්‌ පෙනෙන්න පටන් ගන්නවා. දින පහක්‌ ගතවන විට සුද සම්පූර්ණයෙන් නැතිව ගොස්‌ දෙනෙතට පෙනීම ලැබෙනවා.

බන්දු ලන්දෙගෙදර මහතා තම වෛද්‍ය සේවා කටයුතු කරන්නේ සමාජ සේවාවක්‌ වශයෙන් එයට ප්‍රමුඛස්‌ථානය දෙමිනි. දුරකථනය 0711413348

සාමාන්‍යය දැනුම ඔන්ලයින් පේපර් එකක් කරලාම යමු.
අඩවියට විත් "IQ Exam" තොරා,
එහි ඇති පේපර් 10න් එකක් තෝරගෙන, 
දැන් "Start" බටනය ඔබන්න.. 
දැන් පිළිතුරැ සපයා නිවරදිද යන්න ඔබම බලාගන්න.
මෙතනින් වෙබ් එකට එන්න>> www.HowToLanka.lk

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews