විදුලිබිල යනු අප සැවොම උනන්දු වෙන මාතෘකාවකි. මේ වනවිටත් විදුලි බිල අඩුකර ගැනීමට ඔබට හැකි සෑම උත්සාහයක්ම අරගෙන ඇති. LED විදුලි බුබුළු වලට මාරුවීම, ශීතකරණයට කිලර්වොට් සවිකිරීම ආදිය දැනටමත් ඔබ සිදුකර ඇති. 

නමුත් කොතෙක් වෙනස්කම් සිදුකලත්, ඔබ සිතන පරිදි මාසික විදුලිබිල අඩු නොවුවහොත් එය ඔබට නොවිසඳෙන ගැටළුවක්ම වෙයි. එවන් අවස්ථාවක එක් එක්  විදුලි උපකරණවලට වෙනවෙනම වැයවෙන විදුලි ප්‍රමණය මැන ගැනීමට උපකරණයක් තිබුණහොත් මෙම ගැටලුව පහසුවෙන් විසඳාගැනීමට ඔබට හැකියාව ලැබෙයි. තවද ඉහත පරිදි අනපේක්ෂිත විදුලි බිලකට තවත් ප්‍රධානතම හේතුවක් වන්නේ ව්දුලි උපකරණ වල විදුලි කාන්දුවයි. මෙය දැනගැනීමට උපකරණයක් තිබේනම් එයද ඉතා ප්‍රයෝජනවත් වෙයි.  
අප ඔබට හඳුන්වා දෙන්නට යන්නේ විදුලි උපකරණවල බල පරිභෝජනය මැනගත හැකි උපකරණයක් ගැනයි. ඉහත ගැටළු දෙකටම මෙම උපකරණයෙන් විසඳුම් ලබාදී තිබෙයි. ඕනෑම විදුලි උපකරණයකට වැයවෙන විදුලිබලය මැනගනීමටත්, විදුලි උපකරණවල විදුලි කාන්දුවක් තිබේනම් එසැනින් එය දැනගැනීමටත් මෙම උපකරණයට හැකියාව තිබෙනවා. EnergyVIEW  Pro  නමින් නම්කර ඇති මෙම උපකරනය නිර්මාණය කර තිබෙන්නේ "කිලර්වොට් " ඔබට හඳුන්වා දුන් බ්‍රාවෝ සොලූෂන්ස් දේශීය ආයතනයෙනි. එය දැන් වෙළඳපොළට නිකුත් කරමින් පවතී. 

විවිධ ආනයනික මීටර් වර්ග වෙළඳපොලේ තිබුනත්  ඒවායේ නිරවද්‍යතාවය ගැන කිසිඳු ප්‍රමිති සහතිකයක් නොමැත. තවද එවැනි බොහෝ උපකරණවල දත්ත ගබඩා කරතැබීමට අභ්‍යන්තරයේ බැටරි කිහිපයක් සවිකර තැබිය යුතුවෙයි. බැටරි ශ්‍රාවය වීමේ (Leak ) ගැටලුව පමනක්  නොව බැටරිය බැස  ගිය පසු එහි අඩංගු සියලු දත්ත මෙමරිය මැකී යයි. නමුත් බ්‍රාවෝ EnergyVIEW  Pro සඳහා කිසිඳු අභ්‍යන්තර බැටරියක් අවශ්‍ය නොවෙයි. එහි සියලු දත්ත ඔබ විසින් ඩිජිටල් මෙනුවක ආධාරයෙන් මකා  දමන තුරුම අභ්‍යන්තරයේ ගබඩා වී තිබේ.විදුලි බිදවැටීමකදී වුවද දත්ත පෙරසේම ලබාගත හැකිවෙයි.

බ්‍රාවෝ EnergyVIEW  Pro හි තවත් විශේෂත්වයක් වන්නේ, සම්බන්ධිත විදුලි උපකරණයට වැයවෙන ධාරාව (Current ), විභවය (Voltage ), බලය (Power ) සහ විදුලි ඒකක ප්‍රමාණය (Units in Kwh) යන දත්ත සියල්ලම විශාල LCD තිරය මත එකවර දර්ශනය වෙයි. නිල් පැහැති Backlight නිසා මෙම අගයන් ඉතා පහසුවෙන් දර්ශනය වෙයි.

මෙම උපකරණය භාවිතා වන ආකාරයක් උදාහරණ ගනිමු. ඔබගේ ශීතකරණයට මසකට වැයවෙන විදුලි ඒකක ගණන මැන බැලීමට අවශ්‍ය වී යැයි  සිතමු. මෙවිට ඔබ කලයුත්තේ, EnergyVIEW  Pro හි එනර්ජි මීටරය ශූන්‍ය කර (Reset), එය හරහා ශීතකරණය සම්බන්ධ කර තැබීමයි. මෙවිට ශීතකරණයේ දෛනික පරිභෝජනය පමණක් නොව සතියක, හෝ මසක පරිභෝජනය පවා ඔබට පහසුවෙන් දැනගත හැකිවෙයි.

වැඩිවිස්තර 0770884303 / 0717804303 / www.bravosl.com මගින් ලබාගත  හැකියි.

විදුලි උපකරණවලට වැයවෙන විදුලි ප්‍රමණය වෙනවෙනම නිවැරදිව මැන ගැනීමට සහ විදුලි උපකරණවල විදුලි කාන්දුවීම් මැනගැනීමට මෙය භාවිතා කල හැකිවෙයි. සියලු දත්තයන් අභ්‍යන්තර මෙමරියට ගබඩා කරගන්නා අතර ඒ සදහා කිසිඳු බැටරි සවිකිරීමක් අවශ්‍ය නොවෙයි.

සම්බන්ධිත උපකරණයට අදාළ සියලු දත්ත (Voltage, Current, Power, Energy) එකවර පුළුල් LCD තිරය මත දිස්වෙයි.

  

විශේෂාංග

  • බැටරි අනවශ්‍යයි
  • වෝල්ටීයතාව(Voltage), ධාරාව(Current), බලය(Power), විදුලි එකක ගණන(Units in Kwh) එකවර දර්ශනය වීම
  • අවශ්‍ය විට පහසුවෙන් අගයන් ශූන්‍ය කිරීමේ (Reset) හැකියාව
  • විදුලි බිඳ වැටීමකදී වුව දත්ත මෙමරියට ගබඩා වී තිබීම
  • පසුතල ආලෝකය (Back-light) සහිත පුළුල් LCD තිරය
  • පහසු සවිකිරීම සහ භාවිතය
  • ශ්‍රී ලංකාවේ විදුලි සැපයුමට අනුකූලව දේශීයව නිපදවා ඇති බැවින් ඉතා නිවැරදි මිනුම්
  • වසරක වගකීමක් සහ විශ්වාසනීය සේවයක්
  

මිල රු. 3,900

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Site Status


Total Pageviews